ඇමැතිගේ ආරක්‍ෂක රිය පෙරළී 7 දෙනකුට තුවාල

තුෂාරී කළුබෝවිල

ඇමැති රිෂාද් බදුදීන් මහතාගේ ආරක්‍ෂාවට ගමන්ගත් ඩිෆෙන්ඩර් රථයක්‌ ඊයේ (08 වැනිදා) පෙරවරුවේ 8.30 ට පමණ අනුරාධපුරයේ දී පෙරළීයැමෙන් එහි රියෑදුරු ඇතුළු හත්දෙනෙකු තුවාල ලබා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත.

වව්නියාව සුභ සාධක කඳවුරේ සිට ඇමැතිවරයා ප්‍රමුඛ පිරිස කොළඹ බලා එමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇත.

තුවාල ලැබූ ඩිෆෙන්ඩර් රථයේ රියෑදුරාට ශල්‍යකර්මයක්‌ කළ බව රෝහල් ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

වේගය පාලනය කරගත නොහැකිව රථය පෙරළීයැමෙන් අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v