නිවසේ සිට දුම්රිය ආසන වෙන්කරවා
ගැනීමේ පහසුකම් අද සිට ක්‍රියාත්මකයි


ශිරාන් රණසිංහ

නිවසේ සිටම දුම්රිය ආසන වෙන්කර ගැනීමේ පහසුකම් අද (09 වැනිදා) සිට මගී ජනතාවට ලබා දෙන බව ප්‍රවාහන ඇමැති ඩලස්‌ අලහප්පෙරුම මහතා පවසයි.

මෙහි මුල් අදියර යටතේ කොටුව, මහනුවර, නගරාන්තර දුම්රියෙන් මෙම නව වැඩසටහන අද පෙරවරු 11.00 ට කොටුව දුම්රියපොළ ආසන වෙන්කරන පරිශ්‍රයේදී ආරම්භ කිරීමට නියමිතව ඇත.

දෙවන අදියර යටතේ සෙසු දුම්රිය සියල්ල වෙතට මෙම පහසුකම ලබාදීමට සැලසුම් කර ඇතැයි ද ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

දුරකථන අංක 365 ඇමතීමෙන් මෙම පහසුකම ලබාගැනීමට මගීන්ට ඉඩ ලැබෙන අතර කිසිවකු ආසන වෙන්කර නියමිත වේලාවට නොපැමිණියහොත් හෝ හිතාමතාම මගහැර ගියහොත් අදාළ ගාස්‌තුව දුරකථන ගාස්‌තුවෙන් අයකර ගැනීම කෙරෙහි අවධානය යොමු වී ඇත.

මගී ජනතාවගේ පහසුව තකා මෙය ක්‍රියාවට නංවා තිබේ.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v