තම පක්‍ෂය සැමවිටම දිනන අපේක්‌ෂකයාට
සහාය පළකරනවා

ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති

අකිත පෙරේරා

තම පක්‍ෂය සැමවිටම සහාය පළකරනුයේ දිනන අපේක්‌ෂකයාට බව ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති හා නියෝජ්‍ය ඇමැති පී. මුත්තු සිවලිංගම් මහතා පැවසීය.

දමිළ ජනතාවගේ උරුමය ආරක්‌ෂා කර දීමටත් එම ජනතාවට සහන ලබාදීමටත් වත්මන් ජනාධිපතිවරයා කටයුතු කර ඇති අතර ඔහු නැවත පත්වූ පසු තමන්ට ඇති ප්‍රශ්න සාකච්ඡා කරගත හැකි බව ද මුත්තු සිවලිංගම් මහතා සඳහන් කර සිටියේය.

හෙතෙම මේ බව සඳහන් කර සිටියේ ඊයේ (08 වැනිදා) තොණ්‌ඩමන් කේන්ද්‍රයේදී පැවැති මාධ්‍ය හමුව අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේ ද කියා සිටියේය.

ඉදිරි මැතිවරණයේදී කොන්දේසි විරහිතව වත්මන් ජනාධිපතිවරයාට සහාය ලබා දීමට ලංකා කම්කරු කොංග්‍රසය පොරොන්දු වුණා. ඒ පිළිබඳව ඇතැම් වෘත්තීය සමිති විවිධ අදහස්‌ පළ කර තිබෙනවා.

එහෙත් අපගේ ප්‍රශ්න විස¹ ගැනීමට නම් මහින්ද රාජපක්‍ෂ මහතා ජයග්‍රහණය කරවිය යුතුයි. ඒ සඳහා අපි අපේ පළාතට ගොස්‌ වතු නායකයන් සමඟ මහන්සි වී වැඩ කරනවා. පළාතේ ඡන්ද සියයට සියයක්‌ම එතුමාට ලබාදීමට කටයුතු කරනවා.

මේ වනවිට අපේ පළාතේ මාර්ග, පාසල් සංවර්ධනය කර තිබෙනවා. වතු ජනතාවට අලුතින් නිවාස සාදා දී තිබෙනවා. ඒ සඳහා නිවාස ණය ද ලබා දුන්නා.

අපි සුළු ජාතියක්‌ වගේම අපේ පක්‍ෂය සුළු පක්‍ෂයක්‌. අපට ජනාධිපති ධුරයට පත්වීමට ඉඩ ලැබෙන්නේ නැහැ. ඒ වගේම අපේ කියා ආණ්‌ඩුවක්‌ පිහිටුවන්නත් බැහැ. ඒ නිසා අපි පළාත් සභාවට සහ පාර්ලිමේන්තුවට තරග කර තේරී පත්වී ජනතාවට සේවය කරනවා.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v