මව්බිම දිනාගත් ඔර්ජිනල් වීරයා
සරත් ෆොන්සේකායි

ලක්‍ෂ්මන් සෙනෙවිරත්න (එජාප)

සෝදාපාළුවට ගිය පක්‍ෂයකට නායකත්වය දීම
ජනතාව පිළිකුල් කරනවා

ඇමැති නිමල් සිරිපාල

භික්‌ෂූන් ඝාතනය කළ කොටි නායකයන්ට අද
ශ්‍රීලනිපයේ තනතුරු දීලා

විජිත හේරත් - ජ. වි. පෙ.

ප්‍රභාකරන් පරාජය කළාට
එල්. ටී. ටී. ඊ. මතවාද තාමත් ක්‍රියාත්මකයි

එල්ලාවල මේධානන්ද (හෙ. උ)

අලි කොටි නරි හවුලට
අද තවත් පිරිසක්‌ එකතු වෙලා

විමල් වීරවංශ (ජා. නි. පෙ)

ත්‍රස්‌තවාදයේ අඳුරු වළාකුළු
යළි එක්‌රැස්‌වීමට ඉඩ නොදෙමු
අගමැති රත්නසිරි වික්‍රමනායක

කුෂාන් සුබසිංහ - අජිත් අලහකෝන්

බාහිර බලවේග විසින් සිදු කෙරෙන බලපෑම් නතර කිරීමට සූදානම් නොවූවොත් නැවත වතාවක්‌ මාතෘභූමියේ අහස වසා ත්‍රස්‌තවාදයේ අඳුරු වළාකුළු එක්‌ රැස්‌වනු ඇතැයි අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා ඊයේ (08 දා) හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී පැවැසීය.

වේත්‍රධාරී අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සංකෝලය තැන්පත් කළ පසුව කථානායක වි. ජ. මු. ලොකුබණ්‌ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්‌විණි.

නිවේදන, වාර්තා සහ පෙත්සම් ඉදිරිපත් කළ පසුව මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්‍ෂිත ප්‍රශ්නවලට අදාළ ඇමැතිවරු පිළිතුරු දුන්හ.

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා එසේ පැවැසීය.

එක දිගට වැහැපු මහ වර්ෂාවකින් පසුව වුවත් යළි වැසි වසින්නට ඉඩ තිබෙනවා. හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාවට අප සහාය දිය යුත්තේ එවැනි අවබෝධයකින් යුතුවයි. ත්‍රස්‌තවාදය පිටුදැකලා මේ වන විට මාස කිහිපයක්‌ ගත වී තිබෙන බව සත්‍යයක්‌. නමුත් ත්‍රස්‌තවාදියා විසින් වළ දැමූ බිම් බෝම්බ, මර උගුල් ඉවත් කිරීමේ කාර්යය තවමත් සිදු කෙරෙනවා. ලබන ජනවාරි 31 වැනිදාට පෙර අවතැන් කඳවුරු වල සිටි ජනතාව නැවත ඔවුන්ගේ ගම්බිම්වල පදිංචි කරනවා. මෙවැනි තත්ත්වයක්‌ පවතින විටදීත් දෙස්‌ විදෙස්‌ බලවේග තවමත් අපේ රජයට ඇඟිල්ල දිගු කරනවා. උතුරේත් දකුණේත් ධීවර ජනතාව අද තමන්ගේ ජීවනෝපාය මාර්ග නිදහසේ පවත්වා ගෙන යනවා. රටේ ඉතිහාසය පිරික්‌සීමේදී පෙනී යනවා විවිධ බලවේග නිසා අපේ සමගිය දෙදරා ගිය අවස්‌ථා. එම ඉතිහාසය නැවත නිර්මාණය වීමට අප ඉඩ දිය යුතුද? එවැන්නක්‌ මගින් ශ්‍රී ලංකා ඉතිහාසය පොතේ දුර්වර්ණ පරිච්ඡේද බිහි කරන්නට හෝ අපකීර්තියට පවත්වන්න ඉඩ දෙන්න එපා. කොටි ත්‍රස්‌තවාදියා තවදුරටත් විනාශකාරී කටයුතු සඳහා අරමුදල් රැස්‌ කරමින් සිටිනවා. පෙර සූදානමක්‌ නොතිබුණොත් අපගේ මාතෘභූමියේ අහස වසා ත්‍රස්‌තවාදයේ අඳුරු වළාකුළු යළි එක්‌ රැස්‌ වෙනු ඇත.

බදුල්ල දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා (එජාප)

ප්‍රජාතන්ත්‍රවාදී අදහස්‌ දැක්‌වීමට ඇති අයිතිය අහුරා දැමීමට උත්සාහ කිරීමක්‌ ලෙසයි පාර්ලිමේන්තුව රැස්‌වන දින සීමා කිරීම අප දකින්නේ. නන්දිමිත්‍ර ඒකනායක මහතා ආණ්‌ඩුවට යැම ගැන අප පුදුම වෙන්නෙ නැහැ. පට්‌ටියේ ගොනා පට්‌ටියට යනවා. කේ. පී. අල්ලගෙන මාස ගණනක්‌ වෙනවා. ඒත් ඔහුට මොකද වුණේ කියලා රට දන්නේ නැහැ.

කෑගල්ල දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී ලලිත් දිසානායක මහතා මුලසුනට පැමිණේ.

ලක්‍ෂමන් සෙනෙවිරත්න මහතා

හදිසි නීතිය දීර්ඝ කරන්න දැන් ඇති වුවමනාව කුමක්‌ද? මව්බිම දිනා ගත් ඔරිජිනල් වීරයා" තමයි සරත් ෆොන්සේකා. අනෙක්‌ අය ඩුප්ලිකේට්‌ වීරයෝ, ජෙනරාල් වෙනුවෙන් එදා ප්‍රශස්‌ති ගී ගැයූ ආණ්‌ඩුව අද එතුමාව දේශෙද්‍ර`හියෙක්‌ කරලා.

සෞඛ්‍ය ආරක්‍ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාලද සිල්වා මහතා

ෆොන්සේකා මහතා යුද පිටියේ කළ සේවය ගැන එදත් අදත් අපි එතුමාට කෘත ගුණ සලකනවා. ඒත් ෆොන්සේකා මහතා පමණක්‌ නොවේ ඒ ජයග්‍රහණය ලබා ගත්තේ. මේ යුද්ධය කළමනාකරණය කළේ ජනාධිපතිතුමායි, ජාත්‍යන්තර බලවේගවලට නොනැමී එඩිතර තීරණ ගත් ජනාධිපතිතුමා නොවන්නට මේ රට කොටියාගෙන් බේරා ගන්න ලැබෙන්නෙ නැහැ. ඒ විතරක්‌ නොවෙයි පොලිසිය, ගුවන් හමුදාව, නාවික හමුදාව, සිවිල් ආරක්‍ෂක බළකාය මේ සියල්ල යුද්ධයේදී එකාවන්ව සිටියා. පාබල හමුදාවත් ෆොන්සේකා මහතාවත් තනිව ලද ජයග්‍රහණයක්‌ නොවේ මේ යුද ජයග්‍රහණය. යුද පිටියේදී දැවැන්ත සේවයක්‌ කළ ෆොන්සේකා මහතා සෝදාපාළුවට ගිය පක්‍ෂයකට නායකත්වය දීමට ඉදිරිපත් වීම දෙස ජනතාව පිළිකුළෙන් බලා සිටිනවා.

ගම්පහ දිස්‌ත්‍රික්‌ මන්ත්‍රී විජිත හේරත් මහතා (ජවිපෙ)

රටේ යුද ජයග්‍රහණය පිළිබඳ කුසලානය අයිති විය යුත්තේ ෆොන්සේකා මහතාට සහ එම කණ්‌ඩායමට මිස කළමනාකරුවාට නොවේ. ශ්‍රී ලංකාව ලෝක කුසලානය දිනුවට ක්‍රිකට්‌ කළමණාකරුට නොවේ කුසලානය හිමි වුණේ. ඒ කණ්‌ඩායමට සහ නායකයටයි. තරගයේ වීරයා සම්මානයත් ජනාධිපතිතුමාට ලියන්න යනවා. උපතින් ශ්‍රිලනිප වූ ඇමැතිවරුත් අද නිහඬයි. මුණිවත රකිනවා. එස්‌. බී. ආව නිසා මෛත්‍රීපාල බය වෙලා. ශ්‍රිලනිපයේ උප සභාපතිකම දීලා තිබෙන්නේ අරන්තලාවේ භික්‍ෂූන් සංහාරය සිදු කළ එල්ටීටීඊ නායකයන්ටයි. ඔහු ආයුධ සන්නද්ධව නැගෙනහිර පළාත තුළ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කරමින් සිටිනවා.

විදුලි බල හා බලශක්‌ති ඇමැති ජෝන් සෙනෙවිරත්න මහතා

ජවිපෙට අතීතය අමතක වීමේ මානසික විකෘතිභාවය ඇති වෙලා. ජනාධිපතිවරණය නිසා ජවිපෙට යන එන මං නැති වෙලා. පොදු අපේක්‍ෂකයෙක්‌ හරහා ඔවුන් තම ආත්ම ගෞරවය ආරක්‍ෂා කරන්න උත්සාහ කරනවා.

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v