සුසන්තිකාට ඔලිම්පික්‌ රිදී පද්කකම
පිරිනැමීමේ තීරණය අද

වසර 2000 සිඩ්නි ඔලිම්පික්‌ උළෙලේදී තහනම් උත්තේජක භාවිත කළ බවට වරදකාරිය වූ ඇමරිකා එක්‌සත් ජනපදයේ මේරියන්ස්‌ ජෝන්ස්‌ගේ මීටර 200 රන් පදක්‌කම නැවත ලබාගැනීමට ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුව තීරණයකට එළැඹීමට නියමිතය. ඒ අනුව එහි ලෝකඩ පදක්‌කම් ලාභිනිය වන ශ්‍රී ලංකාවේ සුසන්තිකා ජයසිංහට එම ඉසව්වේ රිදී පදක්‌කම හිමිවනු ඇති අතර එහිදී රිදී පදක්‌කම දිනාගත් බහමාස්‌ රාජ්‍යයේ පෝලින් ඩේවිස්‌ තොම්සන්ට එහි රන් පදක්‌කම ලැබෙනු ඇත.

සිඩ්නි ඔලිම්පික්‌ උළෙලේදී ජෝන්ස්‌ විසින් දිනාගන්නා ලද පදක්‌කම් ආපසු පවරා ගැනීම පිළිබඳ මූලික එකඟතාවකට (ජාත්‍ය න්තර ඔලිම්පික්‌ කමිටු ප්‍රධානීන්) පැමිණ සිටියද අද ස්‌විට්‌සර්ලන්තයේ ලොසැන්හි ඇරඹීමට නියමිත ජාත්‍යන්තර ඔලිම්පිsක්‌ කමිටු විධායක සභාවේ දෙදින සැසිsයේදී එම තීරණය නිsල වශයෙන් ප්‍රකාශයට පත්වීමට නියමිතව ඇත.

ජාත්‍යන්තර වාර්තා වලට අනුව මෙහිදී ආපිට පවරාගනු ලබන්නේ මේරියන්ස්‌ ජෝන්ස්‌ගේ තනි තරග ඉසව්වල පදක්‌කම් පමණි. එහෙත් ඇය එහිදී දිනාගත් මීටර 100 ඉසව්වේ රන් පදක්‌කම එම ඉසව්වේ රිදී පදක්‌කම දිනූ ග්‍රීක ක්‍රීඩිකා කැතරිනා තානුට ලබා නොදීමට බලධාරීන්ගේ අවධානය යොමුව ඇත. ඒ ඇය 2004 වසරේ ඇතැන්ස්‌ ඔලිම්පික්‌ උළෙලේදී තහනම් උත්තේජක පරීක්‍ෂණ මගහැරී බවට චෝදනා එල්ල වී ඇති බැවිනි.

ඒ අනුව මේරියන්ස්‌ ජෝන්ස්‌ සිඩ්නි ඔලිම්පික්‌ උළෙලේදී දිනාගත් පදක්‌කම් අතුරින් නිසැකවම වෙනත් ක්‍රීඩිකාවන් වෙත පිරිනැමෙනුයේ මීටර 200 රන් පදක්‌කම සහ ඇගේ දුර පැනීමේ ලෝකඩ පදක්‌කම පමණි.

එහෙත් මේ දක්‌වා එම පදක්‌කම් අදාළ අනෙක්‌ ක්‍රීඩිකාවන්ට ලබාදෙන බවට එම ක්‍රීඩිකාවන් හෝ ඔවුන් අයත් ඔලිම්පික්‌ කමිටුවලට කිසිදු නිල දැනුම්දීමක්‌ සිදුව නැත. මෙතෙක්‌ තමන් හට ජාත්‍යන්තර ඔලිම්පික්‌ කමිටුවෙන් එවැනි කිසිදු දැනුම්දීමක්‌ කර නැතැයි ඒ සම්බන්ධයෙන් "දිවයින" කරන ලද විමසීමකදී ජාතික ඔලිම්පික්‌ කමිටුව මෙන්ම සුසන්තිකා ජයසිංහද ප්‍රකාශ කරන ලදී.

සිඩ්නි ඔලිම්පික්‌ තරගාවලියේ මීටර 200 අවසාන තරගයේදී මේරියන්ස්‌ ජෝන්ස්‌(තත්. 21.84), පෝලින් ඩේවිස්‌(තත්. 22.27), සුසන්තිකා ජයසිsංහ(22.28) පිළිවෙළින් පළමු දෙවන සහ තුන්වන ස්‌ථාන දිනාගත් අතර ජැමෙයිකාවේ බෙවලී මැක්‌ඩොනල්ඩ් (තත්. 22.35) සිව්වැනි ස්‌ථානයට පත්වූවාය.

මේ අතර, ලබන වසරේ කැනඩාවේ පැවැත්වෙන ජගත් කනිෂ්ඨ ජවන හා පිටිය මලල ක්‍රීඩා ශූරතාව ඉලක්‌ක කොටගෙන සුසන්තිකා ජයසිංහ විසින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පස්‌දෙනකු පුහුණු කරවනු ලබයි.

දැනට මසක පමණ කාලයක සිට බණ්‌ඩාරවෙල ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන අදාළ පුහුණු කඳවුරේදී හර්ෂණ ප්‍රභාත්, දිමුතු පුෂ්පකුමාර(මීටර 400) කිත් ද මැල් (මීටර 100, 200) ලලනා අයිරාංගනී(මීටර 400) සහ ෂර්මිsලා චතුරංගි (මීටර 100, 200) ඇය යටතේ පුහුණුව ලබති.

අදාළ පුහුණු කඳවුර තවත් මසක පමණ කාලයක්‌ පවත්වාගෙන යැමට අදහස්‌ කරන බව ඇය "දිවයින"ට ඊයේ පැවැසුවාය.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v