සිලෝන් බිස්‌කට්‌ වසරේ විශිෂ්ටතම
සමාගම ලෙසින් රන් සම්මාන ලබයි

ඡායාරූප විස්‌තරය- අධ්‍යක්‌ෂ මණ්‌ඩලය, කළමනාකාරීත්වය සමඟ සම්මානය අතැතිව (වමේ සිට දකුණට) චන්දිම සමරසිංහ, ලියාශ්‍රී අබේගුණවර්ධන, අයි.එම්.ඛාන්, ලක්‌ෂමන් ද සිල්වා (සමූහ කළමනාකාර අධ්‍යක්‌ෂ) රම්‍යා වික්‍රමසිංහ (සමූහ නියෝජ්‍ය සභාපති), නිෂ්කා වික්‍රමසිංහ (සමූහ අධ්‍යක්‌ෂිකා), සුසන්ත ගුණවර්ධන (සම කළමනාකාර අධ්‍යක්‌aෂ-CBL ෆුඩ්ස්‌) රුවින්ද අල්විස්‌, කේ. දහනායක හා සුගත් සමරසිංහ යන මහත්ම මහත්මීහු

ශ්‍රී ලංකා ජාතික වාණිජ මණ්‌ඩලය (NCCSL) සංවිධානය කළ 2009 වසරේ "ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේදී සිලෝන් බිස්‌කට්‌ සමාගමට (CBL) වසරේ විශිෂ්ටතම සමාගමට හිමි වන රන් සම්මානය හා තවත් රන් සම්මාන 2ක්‌ මෙන්ම රිදී සම්මාන එකක්‌ ද හිමි විය. කොළඔ හිල්ටන් හෝටලයේදී පසුගියදා පැවති එම සම්මාන උළෙලේදී සිලෝන් බිස්‌කට්‌ සමාගමට හිමිවූ සම්මාන අතර, ජාතික විශිෂ්ටතා රන් සම්මානය, අතිවිශාල ව්‍යාපාර අංශය සඳහා පිරිනැමෙන රන් සම්මානය, ආහාරපාන අංශය වෙනුවෙන් වූ රන් සම්මානය, විශිෂ්ටතම ව්‍යාපාරික ධාරිතා ව්‍යාප්තිය සහිත සමාගමට හිමිවන රජිත සම්මානය ද වේ.

මෙම සම්මාන හිමිවීම සම්බන්ධයෙන් අදහස්‌ දක්‌වන සිලෝන් බිස්‌කට්‌ සමාගමේ සමූහ කළමනාකාර අධ්‍යක්‌ෂ ලක්‌ෂ්මන් ද සිල්වා මහතා පැවසුවේ, "මෙම ජයග්‍රහණය පිළිබඳව අප බෙහෙවින් ප්‍රමෝදයට පත් වෙනවා. CBL සමාගමේ මෙම සාර්ථකත්වයෙන් පිළිබිඹුවන්නේ, ආයතනයේ සියලු දෙනාම දැක්‌වූ සහයෝගය හා කැපවීමයි. අප සේවකයන්ගෙන් බොහොමයක්‌ම මුල් කාලයේ සිටම අප සමඟ සිටි අයවීමත්, ඔවුන් අප විසින් ව්‍යාපාරික ක්‌ෂේත්‍රයේ සිදුකළ පෙරළියේ වෙන් කළ නොහැකි කොටසක්‌ ලෙසින් අද දක්‌වාම අප සමඟ ඉදිරියට ගමන් කර තිබෙන බවත් ය.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආහාර සමාගම ලෙසින් අප අපේ අගනා පාරිභෝගිකයන්ට අසමසම රසයක්‌ සේම පෝෂණයක්‌ සැපයීමට නිරන්තරයෙන්ම කැපවී ක්‍රියා කරන බවද ලක්‌ෂ්මන්ද සිල්වා මහතා අවධාරණය කළේaය. මෙම නිසා ජාතික විශිෂ්ටතා සම්මාන උළෙලේදී අප ලැබූ සම්මානයන් සෑම මට්‌ටමකදීම සිලෝන් බිස්‌කට්‌ සමාගම විශිෂ්ටතාවට දක්‌වන කැපවීම ඇගයීමට ලක්‌වීමක්‌ ලෙස සලකන බව පැවසීය.







 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v