නාවික හමුදා අභිමානය

සිරිමෙවන් කස්‌තුරිආරච්චි

ශ්‍රී ලංකා නාවික හමුදාව සිය 59 වැනි සංවත්සරය පෙරේදා (09 දා) සැමරීය.

"රට වට බැඳි රන්වැට" ලෙස විරුදාවලියට පත් ශ්‍රී ලංකා නාවික හමුදාව දූපත් රටක්‌ වන ශ්‍රීලංකාද්වීපයේ ආරක්‍ෂාව උදෙසා දැවැන්ත මෙහෙවරක්‌ ඉටුකරන ප්‍රධාන ආරක්‍ෂක හමුදාවකි.

59 වැනි විය සපුරන ශ්‍රී ලංකා නාවික හමුදාව ඊළාම් යුද්ධයේදී මුහුදු කොටි ත්‍රස්‌තවාදීන්ට එරෙහිව අති විශාල කාර්යභාරයක්‌ ඉටුකළ අතර, එහිදී 2006 වසරේ සිට 2009 වසර මැද දක්‌වා පැවැති සිව්වැනි ඊළාම් යුද්ධයේදී එහි විජයග්‍රහණය උදෙසා විශාල දායකත්වයක්‌ ලබාදුන් බව ලොවම දන්නා කරුණකි.

එසමයෙහි නාවික හමුදාපතිව සිටි අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ එඩිතර නායකත්වය යටතේ නාවික හමුදාව සිය 59 වසරක ඉතිහාසය තුළ ස්‌වර්ණමය යුගයකට පිවිසි බව නොරහසකි. එවන් ස්‌වර්ණමය යුගයන් 02 ක්‌ නාවික හමුදාව සතුව පැවැති අතර, දශක තුනක ඊළාම් යුද ඉතිහාසයේදී අවාසනාවන්ත අඳුරු යුගයන් කීපයකට මුහුණ දීමටද නාවික හමුදාවට සිදුවිය.

අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යටතේ පැවැති නාවික හමුදාවේ ස්‌වර්ණමය යුගයට පෙර 1996 - 2000 කාලයේ අද්මිරාල් සිසිල් තිසේරා, නාවික හමුදාපති ධුරය හෙබවූ සමයද නාවික හමුදාව එතෙක්‌ මුහුණදී තිබූ පරාජිත අඳුරු යුගය නිමාකරවා ස්‌වර්ණමය යුගයකට පිවිසි සමයක්‌ ලෙස හැඳින්විය හැක.

නාවික හමුදාව සිව් වැනි ඊළාම් සටනේදී ලබාගත් ජයග්‍රහණ උදෙසා අද්මිරාල් සිසිල් තිසේරා විසින් නාවික හමුදාව තුළ සිදුකළ ප්‍රතිසංවිධාන, සුබ සාධන ව්‍යාපෘති සහ නාවික බලය ශක්‌තිමත් කිරීම විශාල පිටිවහලක්‌ වූ බව පෙනීයයි.

ප්‍රථම වරට නාවික හමුදාවට නාවික ගුවන් ඒකකයක්‌ පිහිටුවීමට කටයුතු කළේද අද්මිරාල් තිසේරා විසිනි. එහෙත් ඔහු ආරම්භ කළ එම නාවික ගුවන් ඒකකය පසුව පත්වූ නාවික හමුදාපතිවරයා විසින් විසුරුවා හරින ලදී.

වත්මන් නාවික හමුදාපති වයිස්‌ අද්මිරාල් තිසර සමරසිංහ එකල අද්මිරාල් තිසේරා සමග එක්‌වී නාවික ගුවන් ඒකකය පිහිටුවීමට සහාය දැක්‌වූ නිලධාරියෙකි.

අද්මිරාල් තිසේරා විසින් නාවික හමුදාවට ලබාගත් "නන්දිමිත්‍ර" ඇතුළු මිසයිල ප්‍රහාරක නෞකා සහ "සයුර" ඇතුළු ප්‍රහාරක නෞකා පසුකලක අවසන් මහා සටනට විශාල දායකත්වයක්‌ ලබාදෙන ලදී.

ඒ අනුව අද්මිරාල් සිසිල් තිසේරා සහ අද්මිරාල් වසන්ත කරන්නාගොඩ යන හිටපු නාවික හමුදාපතිවරු දෙදෙනා 59 වසරක නාවික හමුදා ඉතිහාසයේ ස්‌වර්ණමය යුගයන් 02 ක්‌ බිහිකළ නාවික හමුදාපතිවරු ලෙස සනිටුහන් වී ඇත.

කෙසේ වෙතත් දශක තුනක යුද්ධය වසර තුනකදී අවසන් කිරීමට සිදුකළ අවසන් මහා සටනේදී එහි විජයග්‍රහණය උදෙසා එඩිතර සහ නිවැරදි නායකත්වයක්‌ දුන් දක්‍ෂතම නාවික හමුදාපතිවරයා ලෙස අද්මිරාල් වසන්ත කරන්නාගොඩගේ නම නාවික හමුදා ඉතිහාසයේ ඉහළින්ම ලියෑවී ඇත.

එමෙන්ම මව්බිම රැකගැනීම උදෙසා දිවිපිදූ රණවිරු සෙන්පතියන් අතරින් දිවිපිදූ ප්‍රථම සහ එකම නාවික හමුදාපතිවරයා වූ අද්මිරාල් ක්‌ලැන්සි ප්‍රනාන්දුගේ නාමය කිසිදා අමතක කළ නොහැකි වනු ඇත. ත්‍රිවිධ හමුදාපතිවරුන් අතරින් කොටි ත්‍රස්‌තවාදී ප්‍රහාරයකින් දිවිපිදූ ප්‍රථම සහ එකම හමුදාපතිවරයා වනුයේ අද්මිරාල් ක්‌ලැන්සි ප්‍රනාන්දු සෙන්පතියාය.

59 වැනි සංවත්සරය සමරන අවස්‌ථාවේ ඔහුගේ නාමයද ගෞරවයෙන් සිහිපත් කළ යුතුව ඇත.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 59 වැනි සංවත්සරය වෙනුවෙන් මෙවර "ආරක්‍ෂක විවරණය" වෙන් කෙරෙන අතර, නාවික හමුදා ලුතිනන් රුවන් ප්‍රේමවීර අප වෙත එවූ විශේෂ ලිපියක්‌ද මෙහි පහත දැක්‌වේ.

2009 වසර වූ කලී, මෙරට ඉතිහාසයේ අති විශාලතම යුද ජයග්‍රහණයේ ආශ්වාදය අත්විඳි වසර බව අවිවාදයෙන් සඳහන් කළ හැකිය. වසර 30 ක්‌ තිස්‌සේ මෙරට පැවති බිහිසුණු ත්‍රස්‌තවාදය සටන් කිරීමෙන් අවසන් කළ නොහැකි බවට ලොවම තර්ක කරද්දී, ශ්‍රී ලංකා වීරෝදාර රණවිරුවන්ගේ අභීත රණකාමීත්වය හා නොපසුබස්‌නා උත්සාහය මෙන්ම වත්මන් රජයේ දැවැන්ත නායකත්වය හමුවේ, ත්‍රස්‌තවාදය පරදවා ලොවම මවිත කරන්නට ශ්‍රී ලාංකික අපට හැකියාව ලැබිණි. එම අද්විතීය ජයග්‍රහණය වූ කලී සියලුම ලක්‌වැසියන්ගේ සාමුහික කැපකිරීමේ ප්‍රතිඵලයක්‌ බවට විවාදයක්‌ නැත. ඒ අනුව යුද, නාවික, ගුවන් හමුදාවන් ඇතුළු සියලුම ආරක්‍ෂක අංශ සාමාජිකයන් හා රටේ සියලුම පුරවැසියන් මෙහිලා සැපයූ දායකත්වය හා කැපකිරීම කොතරම් ද යත් එය එකිනෙකාගෙන් වෙන් කළ නොහැකි තරමටම සාමුහිකව බැඳී පවතින උත්තරීතර ක්‍රියාදාමයකි. මෙකී සාමුහික ක්‍රියාවලියේ දී, විශේෂයෙන් දූපතක්‌ වන ශ්‍රී ලංකාව "රට වැට බැඳි රන් වැටක්‌" ලෙස දිවයිනට ආරක්‍ෂාව සැලසූ ශ්‍රී ලංකා නාවික හමුදාව කළ කාර්යභාරය කොතෙක්‌ද යන්න අමුතුවෙන් සඳහන් කිරීම අනවශ්‍ය යෑයි හැඟෙන්නෙ එම කාර්යභාරය පිළිබඳව මුළු ලොවම අවබෝධයෙන් සිටිනා බැවිනි.

හතර වන ඊළාම් යුද්ධය ආරම්භක අවස්‌ථාවේදීම (2007 වර්ෂයේදී) විශාල පාවෙන අවි ගබඩා හතක්‌ (07) මුහුදුබත් කරමින් යුද්ධයේ අති දැවැන්ත පරිවර්තනයන් (ඔමරබසබට චදසබඑ) ඇති කරන්නට සමත් වූයේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. ශ්‍රී ලංකා නාවික හමුදාව සතු මුහුදු ශක්‌තිය කෙතෙක්‌ද යන්න අවබෝධ කර ගැනීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නොවේ. කෙසේ වුවද ශ්‍රී ලංකා නාවික හමුදාවට 2009 වසර තවත් ආකාරයකින් වටිනාකමක්‌ ගෙන දෙන වසරක්‌ වන්නේ එළඹෙන දෙසැම්බර් 09 වැනි දිනට එය හැට වන (60) වන වසරට පා තබන බැවිනි. මේ සටහන තැබෙන්නේ ඒ වෙනුවෙනි.

දූපතක්‌ වන ශ්‍රී ලංකාවේ පළමු ආරක්‍ෂක වළල්ල ශ්‍රී ලංකා නාවික හමුදාවයි. මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ විශාල පාවෙන අවි ගබඩා හතක්‌ (07) නාවික හමුදා ප්‍රහාර හමුවේ මුහුදු බත් නොවන්නට යුද්ධයේ ඉරණම මේතාක්‌ ඉක්‌මනින් විසඳෙනු ඇතැයි කාටනම් කිව හැකිද? එසේ හෙයින් තවදුරටත් මුහුදේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කිරීම නාවික හමුදාව වෙත පැවරී ඇත. ඒ අනුව දවසේ පැය 24 පුරාම දින 365 දීම මුහුදේ මුර සංචාර කිරීමට නෞකා යොදවා තිබේ. මේ සඳහා විශාල නෞකා මෙන්ම ප්‍රහාරක යාත්‍රා වෙරළබඩ මුර යාත්‍රා ආදී විවිධ මාදිලියේ නෞකා හා යාත්‍රා රාජකාරියේ යොදවා ඇත.

දැක්‌ම(

ජාතික අවශ්‍යතාවයක්‌ සපුරාලිය හැකි හමුදාමය බල ව්‍යqහයකින් යුක්‌ත ගැඹුරු සහ නොගැඹුරු මුහුදේ සහ වෙරළබඩ අභියෝගයන්ට සාර්ථකව මුහුණදීමට හැකියාවක්‌ සතු නාවික හමුදාවක්‌ බවට වර්ධනය කිරීම.

මෙහෙවර(

ජාතික ප්‍රතිපත්තිවලට අනුකූලව මුහුදේ ක්‍ෂණිකව සහ තිරසාර සංග්‍රාමික ක්‍රියාන්විතයන් පවත්වාගෙන යැම.

ඉතිහාසය(

ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඉතිහාසය දෙස විමසා බැලීමේදී එහි මූලාරම්භය සනිටුහන් වන්නේ වර්ෂ 1937 දීය. එනම්, ශ්‍රී ලංකාව යටත් විජිතයක්‌ව පවතින සමයේදී රාජකීය යුද සම්මේලනය විසින් තම අධිරාජ්‍යයට අයත් සියලුම රටවල් තම ආරක්‍ෂාවට දායක විය යුතු බව තීරණය කළ අතර එහි ප්‍රතිඵලයක්‌ ලෙස රාජකීය නාවික හමුදාව ශ්‍රී ලංකාවේ ස්‌ථාපිත කෙරිණි. ඒ අනුව 1938 දී කපිතාන් ඩබ්ලිව්. ජී. බියෝන් චෑම්ප් (Caචඒසබ උගඨග ඊeaමබැ Cය්පච Rභ) යටතේ ශ්‍රී ලංකා ස්‌වේච්ඡා නාවික හමුදාව (Ceහකදබ භ්ඩ්ක ඪදකමබඑeeර Fදරජැs) පිහිටුවන ලදී. ඔහු මෙරට පළමු නාවික හමුදාපති විය. මෙලෙස ආරම්භ වූ නාවික හමුදාව ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වී 1950 දෙසැම්බර් මස 09 වැනි දින සිට ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙසින් නිත්‍ය හමුදාවක්‌ බවට පත්විය. එහි නාවික හමුදාපති වූයේ කපිතාන් ඩබ්ලිව්. ඊ. බෑන්ක්‌ස්‌ (උගෑග ඊaබනි) මහතාය. මේ අතර නාවික හමුදාව සතු නෞකා හා ආයතන සංඛ්‍යාවද සීඝ්‍රයෙන් වර්ධනය වූ අතර එහි කාර්යභාරයද ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන්නට විය. ඒ සමගම කාර්ය මණ්‌ඩලයද වර්ධනය විය. එනම් ආරම්භයේදී නිලධාරීන් 09 දෙනෙක්‌ ද නැවියන් 91 දෙනෙක්‌ද වූ පිරිස්‌ බලය, 1956 වන විට නිලධාරීන් 48 දෙනකු හා නැවියන් 510 ක්‌ දක්‌වා ද 1958 වන විට නිලධාරීන් 136 හා නැවියන් 1650 ක්‌ ලෙසද වර්ධනය වී අද වන විට 50,000 ආසන්න ප්‍රමාණයක්‌ දක්‌වා පිරිස්‌ බලය වර්ධනය වී ඇත.

නායකත්වය(

හතරවන ඊළාම් යුද්ධය ආරම්භක අවධියේ සිට එය අවසන් වන තුරුම ශ්‍රී ලංකා නාවික හමුදාව මෙහෙයවන ලද්දේ කීර්තිමත් නාවික හමුදා නිලධාරියකු වන අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාය. එතුමා 2009 ජුලි මස 15 වැනි දින විශ්‍රාම ගැනීමෙන් පසුව නාවික හමුදාපති ධුරයට පත් වූයේ වයිස්‌ අද්මිරාල් තිසර සමරසිංහ මහතාය. කීර්තිමත් ආදී රාජකීයෙකු වන ඒ මහතා 1974 දී නාවික හමුදාවට එක්‌වී ඇති අතර, දැනට සේවයේ යෙදී සිටින දීර්ඝතම සේවා කාලයක්‌ ඇති හමුදාපතිවරයා ද වන්නේය. නාවික හමුදාවේ විවිධ තනතුරු හොබවා ඇති තිසර සමරසිංහ මහතා, මාණ්‌ඩලික ප්‍රධානි තනතුරේ සිට 2009 ජුලි මස 15 වැනිදා සිට නාවික හමුදාපති ධුරයට පත්වූයේ ශ්‍රී ලංකාවේ 16 වන නාවික හමුදාපතිවරයා ලෙසිනි. අද වන විට යුද්ධය අවසන් කොට තිබුණ ද දූපතක්‌ වන ශ්‍රී ලංකාව වටා ඇති ශ්‍රී ලංකා ගොඩබිම මෙන් 27 ගුණයක්‌ විශාල වූ මුහුදේ ආරක්‍ෂාව අඛණ්‌ඩව රැකගැනීමේ භාරදූර අභියෝගය එතුමා හමුවේ තවදුරටත් පවතිනු ඇත.

නාවික හමුදාවක අවශ්‍යතාවය

ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටුවා ඇති වර්ග කිලෝමීටර් 65610 ක්‌ තරම් වූ කුඩා දිවයිනකි. මෙය දිවයිනක්‌ ලෙස පිහිටා තිබීම නිසාම නාවික හා සාගරික කටයුතු පිළිබඳ ඉතිහාසය ඉතාමත්, ඈතට දිව යන්නකි. එනම් පැසිපික්‌ සාගරය තුළ හවායි දූපතට හිමිවන වැදගත් තැන යම් සේද, ශ්‍රී ලංකාවටද ඉන්දියන් සාගරය තුළ හිමිව ඇත්තේ එවැනිම අද්විතීය ස්‌ථානයකි. එම නිසා දූපතක්‌ ලෙස එහි පළමු ආරක්‍ෂක වළල්ල වන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. ශ්‍රී ලංකාවට අයත් වන සම්පූර්ණ මුහුදු සීමාව රැකගැනීමේ භාරදූර වගකීම ශ්‍රී ලංකා නාවික හමුදාව සතුවේ. මේ අනුව වෙරළ තීරයේ සිට කිලෝමීටර් 400 (මුහුදු සැතපුම් 200) ක දුරට විහිදෙන මුහුදු ප්‍රදේශය හෙවත් ශ්‍රී ලංකාව මෙන් හත් ගුණයක්‌ වූ මුහුදු ප්‍රදේශයක්‌ ශ්‍රී ලංකා නාවික හමුදාවේ ආරක්‍ෂාව හා අධීක්‍ෂණය යටතේ පවතී. එමෙන්ම එක්‌සත් ජාතීනගේ සාගර නීතිය පිළිබඳ ප්‍රඥප්තියට අනුව අපට අයත් මුහුදු ප්‍රදේශය තවදුරටත් වර්ධනය වෙමින් පවතී. ඒ සඳහා වන වාර්තාව 2009 මැයි මස 08 වැනි දින එක්‌සත් ජාතීන්ගේ සංවිධානය වෙත පිළිගන්වන ලද අතර එලෙසින් හිමිකාරීත්වය ශ්‍රී ලංකාවට ලැබීමෙන් පසු ශ්‍රී ලංකාවට අයත් මුහුදු ප්‍රදේශය ශ්‍රී ලංකාව මෙන් 21 ගුණයක්‌ විශාල වනු ඇත. එයද සාගරයේ හා සාගර පත්ලේ පිහිටා ඇති සියලුම සම්පත්වල අයිතිය ශ්‍රී ලංකාව සතුවනු ඇත.

තවද ලෝaක නාවික ගමනාගමනයේදී ද ශ්‍රී ලංකාව, නැගෙනහිරත් බටහිරත් යා කරන ඉන්දියන් සාගරය මධ්‍යයේ පිහිටා තිබීමද අතීතයේ සිටම ශ්‍රී ලංකාවට ප්‍රසිද්ධියක්‌ අත්වීමට හේතුවිය. එකී ප්‍රධාන නැව් මාර්ග පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාව ආසන්නයේම දිවයිනෙන් දකුණට වන්නටය. මෙම ගමන් මාර්ග ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයේ වැටී තිsබීම නිසා මෙම කලාපයේ හි ආරක්‍ෂාව මෙන්ම ගමන් ගන්නා නෞකාවලට ක්‍ෂණිකව අවශ්‍ය කරන සහයෝගයන් ලබාදීමද ශ්‍රී ලංකා රජයේ වගකීම වේ. රට වෙනුවෙන් එම වගකීම ඉටුකරන්නේද ශ්‍රී ලංකා නාවික හමුදාවයි. එමෙන්ම ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව එනම් ජාත්‍යන්තර සාගරික සංවිධානය (ෂඵධ - ෂබඑeරබ්එසදබ ඵ්රසඑසපැ ධරට්‌බසzaඑසදබ ) හා ජාත්‍යන්තර ජලජ සංවිධානය (ෂ්‍යධ ෂබඑeරබ්එසදබ Hහාරදටර්චයහ) යන සංවිධාන විසින් අනතුරට පත්වන නෞකා වලට සහාය දැක්‌වීම පිණිස මුහුදේ එක්‌ එක්‌ කලාපයන් වශයෙන් වෙන්කර එහි වගකීම විවිධ රටවලට පවරා ඇත. මේ යටතේ ශ්‍රී ලංකාවට ද අයත් සෝදිසි හා ගැලවුම් කලාපයක්‌ (Seaරජය ) Reaජමැ Reටසදබ) වෙන්කර ඇති අතර එම කලාපයේ විශාලත්වය ශ්‍රී ලංකාව මෙන් 27 ගුණයක්‌ වේ. ඒ අනුව එකී කලාපය තුළදී ඕනෑම නෞකාවන් හෝ යාත්‍රාවක්‌ අනතුරට පත්වුවහොත් ඔවුන් ආධාර ඉල්ලා සිටින විට ද ඒ සඳහා උපකාර කිරීමට ශ්‍රී ලංකා රජය නීතියෙන් බැඳී සිටී. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් එම වගකීම ඉටුකරන්නේ ශ්‍රී ලංකා නාවික හමුදාවයි. තවද ශ්‍රී ලංකාවට අයත් සාගර පතුලේ පවතින සියලුම ජීවී හා අජීවී සම්පත් ආරක්‍ෂා කර ගැනීමේ වගකීම ද ශ්‍රී ලංකා නාවික හමුදාව සතුවේ.

එමෙන්ම ශ්‍රී ලංකාව වටා ස්‌ථානගතකොට ඇති අති නවීන තාක්‍ෂණික උපාංගවලින් සමන්විත රේඩාර් පද්ධතියක්‌ පවත්වාගෙන යැම නිරන්තරයෙන්ම සිදුකෙරෙන කාර්යයකි. එනම් වෙරළේ සිට 400ණප පමණ දුර ප්‍රදේශයක්‌ මෙමඟින් ආවරණය කෙරෙන අතර ඒවා නිරන්තරයෙන් අධීක්‍ෂණයට ලක්‌කොට එම දත්ත විශ්ලේෂණය කරනු ලබයි. ඒ අනුව නැවත වරක්‌ ත්‍රස්‌තවාදයට හිස එසවීමට ඉඩ නොතැබීම කෙරෙහි නාවික හමුදාව සපයනු ලබන සේවය සුළු කොට සැලකිය නොහැකිය.

වසර 30 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවට මහත් පිළිලයක්‌ව පැවති යුද්ධය අද අවසන්ය. එහෙත් ත්‍රස්‌තවාදයේ න්‍යායපත්‍රය මුළුමනින්ම අවසන් වනු ඇතැයි කිව නොහැකිය. එබැවින් ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලුම ලක්‌වාසීන්ගේ යුතුකමක්‌ හා වගකීමක්‌ විය යුත්තේ, අනාගතයේදී නැවත වරක්‌ මේ රුදුරු ත්‍රස්‌තවාදයට හිස එසවීම වළකාලීමට කටයුතු සම්පාදනයයි. ත්‍රස්‌තවාදය අවසන් කළ ද මේ ඕනෑම දුෂ්කර කාර්යයක්‌ සඳහා ශක්‌තිමත්ව මුහුණදීමට සුදුසු පරිදි පුහුණුවක්‌, තාක්‍ෂණික දැනුමක්‌, මනා විනයක්‌, පළපුරුද්දක්‌ හා චිත්ත ධෛර්යයක්‌ හිමි මානව සම්පතක්‌ අප සතුය. මොවුන් රටේ ඇතිවන ඕනෑම උවදුරක දී සේවය ලබාගැනීම සඳහා යෙදවිය හැකිය. විශේෂයෙන්ම ගංවතුර, නායයැම් පසුගිය කාලයේ පැවති සුනාමි ව්‍යසනය වැනි අවස්‌ථාවලදී නාවික හමුදාවේ කාර්යභාරය මිල කළ නොහැකිය. එමෙන්ම තවදුරටත් ඕනෑම අවස්‌ථාවක එකී සේවය රට වෙනුවෙන් ලබාදීමට මොවුහු සැදී පැහැදී සිටිති.

සංවර්ධනයට උරදීම

ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය මහා සාගරයට පමණක්‌ සීමා වී නොමැත. විශේෂයෙන් පසුගිය සමයේ පැවති යුද වාතාවරණය හමුවේ ගොඩබිම් රාජකාරි සඳහා ද යුද හමුදාවට සහාය වීමට ශ්‍රී ලංකා නාවික හමුදාවට සිදුවිය. එනම් 1983 සිට නාවික හමුදාවේ ව්‍යාප්තිය ගොඩබිම දක්‌වාද පුළුල් වී ඇත. ඒ අනුව වෙරළ තීරයේ පිහිටා තිබෙන කඳවුරුවලට අමතරව උතුරේ පවතින සියලුම දූපත්වලත්, ශ්‍රී ලංකාවට අයත් විශාලම දූපත වන මන්නාරම දූපතත් හා උතුරු නැගෙනහිර වෙරළ තීරයෙහි විශාල ගොඩබිම් ප්‍රදේශයක ආරක්‍ෂාව හා පාලනය සිදුකරන්නේ නාවික හමුදාව විසිනි. යුද සමයේදී ආරක්‍ෂාව හා සිවිල් පාලනයට උරදුන් නාවික හමුදාව යුද්ධය නිමාවීමත් සමග උතුරු පළාතේ සංවර්ධනයට උරදීමට ප්‍රවිශ්ඨ විය. විශේෂයෙන් එකී ප්‍රදේශවල සිවිල් පාලනය සඳහා රජයේ නිලධාරීන්ට සහාය ලබාදීමක්‌ නාවික හමුදාව විසින් සිදුකරයි.

උතුරු ප්‍රදේශයේ මේ දිනවල සිදුකෙරෙන භාරදූරම කාර්යභාරය වන නැවත පදිංචිකරවීම (Reseඑඑකැපැබඑ) සඳහා ද නාවික හමුදාවේ දායකත්වය සැපයේ. එනම් උතුරේ දූපත්වල පදිංචි කරවීම සඳහා පමණක්‌ දසදහසක (10,000) පිරිසක්‌ මේ වනවිටත් නාවික හමුදාව වෙත භාරගෙන අවසන්ය. මේ සඳහා කඳවුරු (ෂDඔ Ceබඑeරි) දෙකක්‌ ඉදිකර මොවුන් තාවකාලිකව පදිංචි කර ඇති අතර ඔවුන් කරෙයිනගර් හා කයිට්‌ස්‌ දූපත්වල වෙන වෙනම පදිංචි කරවීම කඩිනමින් සිදුකරමින් පවතී.

උතුරේ කෙරෙන ධීවර කටයුතු ප්‍රවර්ධනයට ද නාවික හමුදාවේ දායකත්වයෙන් කෙරෙන තවත් සංවර්ධන ක්‍රියාවලියකි. විශේෂයෙන්ම පසුගිය සමයේ මුහුදු යැම සඳහා ධීවරයන්ට පැවැති විවිධ ගැටලු හා බාධක ඉවත් කරමින් දවස පුරාම මසුන් ඇල්ලීමට ඉඩකඩ සලසා දී ඇත. මෙරට දේශීය ධීවර කර්මාන්තය ඉහළ යැම හා පොදුවේ රටේ සංවර්ධනයට උරදීම මෙමගින් සිදුකෙරේ.

එමෙන්ම ගොඩබිම් සංවර්ධන ක්‍රියාවලියන් තවදුරටත් පුළුල් කරමින් උතුරේ මහාමාර්ග සංවර්ධනයටද නාවික හමුදාව අවතීර්ණ වී ඇත.

උදා( සිලාවතුර මුල්ලන්කුලම් මාර්ග - දුර කිමී. 7

සිලාවතුර අරිප්පු මාර්ගය - දුර කි.මී. 7

සිලාවතුර මුරුන්කන් මාර්ගය දුර කි.මී. 11

කොක්‌කුපඩවිය මහවිලච්චිය මාර්ගය - කි.මී. 32

මුල්ලන්කුලම් එලුවන්කුලම් මාර්ගය දුර කිමී. 35

කුරුළුකුඩා පොක්‌කුලාන් මාර්ගය - දුර කිමී 30

ඉහත මහාමාර්ග මග නැඟුම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ නාවික හමුදාවේ තාක්‍ෂණික දැනුම හා පිරිස්‌ බලය විසින් ඉදිකරමින් පවතී.

ඉපලෝගම නිවාස ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 423 ක ඉතිරියක්‌

රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය මගින් සිදුකරන ලද ඉපලෝගම රණජයපුර නිවාස සංකීර්ණයේ ඉදිකිරීම් භාරව කටයුතු කළ ශ්‍රී ලංකා නාවික හමුදාව එම ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 423 ක මුදලක්‌ රජයට ඉතිරිකරදීමට ද සමත්විය.

ඉපලෝගම නිවාස ව්‍යාපෘතියෙන් 5% ක වැඩ කොටසක්‌ පමණක්‌ නිමාකර තිබියදී 2008 අගෝස්‌තු මාසයේදී එහි ඉදිකිරීම් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත පවරන ලදී. 1509 ක්‌ වූ සියලුම නිවාස වැඩවල කටයුතු ඉතාමත් උසස්‌ තත්ත්වයෙන් හා ඉහළ ප්‍රමිතියකින් නිම කරන්නට ශ්‍රී ලංකා නාවික හමුදාව වැය කළේ වසරකට ආසන්න කාලයක්‌ පමණි. එනම් 2009 නොවැම්බර් මස 22 වැනි දින ජනාධිපතිතුමන් විසින් එම නිවාස වල අයිතිය රණවිරුවන් වෙත පවරන්නට කටයුතු කළේය.

ඒ අනුව මෙම නිවාස 1509 ඉදිකිරීම් සඳහා සම්පූර්ණ ඇස්‌තමේන්තු කළ මුදල රුපියල් මිලියන 1508 ක්‌ වුවද එම නිවෙස්‌ වල සම්පූර්ණයෙන්ම වැඩ නිමකිරීම සඳහා වැය වූයේ රුපියල් මිලියන 1085 ක්‌ පමණි. ඒ අනුව මෙම ව්‍යාපෘතියෙන් රුපියල් මිලියන 423 ක්‌ හෙවත් අපේaක්‍ෂිත වියදමෙන් 30% ක්‌ රජයට ඉතිරි කර දෙන්නට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්විය. එය තවත් ආකාරයකින් දක්‌වන්නේ නම්, මෙවැනිම රණවිරු නිවාස 500 ක්‌ පමණ අලුතින් ඉදිකරන්නට තරම් එම මුදල ප්‍රමාණවත් වන බව දැක්‌විය හැකිය.

ජාත්‍යන්තර වශයෙන් රටවල් අතර සහයෝගීතාවය පවත්වාගෙන යැමටද නාවික හමුදාව ක්‍රියාකරමින් සිටී. විශේෂයෙන් යුද හා ගුවන් හමුදාවට සාපේක්‍ෂව, රටෙන් බැහැර වන අවස්‌ථා වැඩි ප්‍රමාණයක්‌ දක්‌නට ලැබෙන්නේ නාවික හමුදාවෙනි. නාවික හමුදාව යනු ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෙකි. ඒ අනුව එකී රටවල් සමග සුහදතාව වර්ධනය කිරීම (භ්ඩ්ක Dසචකදප්ජහ) නාවික හමුදාව සතු තවත් කාර්යභාරයකි.

අවසන් ඊළාම් සටනේදී උතුරු සහ නැගෙනහිර නාවික ආඥපති වශයෙන් කටයුතු කරමින් මුහුදු කොටි බළකාය අඩපණ කිරීමෙහිලා විශාල මෙහෙවරක්‌ ඉටුකළ වයිස්‌ අද්මිරාල් තිසර සමරසිංහ වත්මන් නාවික හමුදාපති වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට දක්‍ෂ නායකත්වයක්‌ දෙමින් නාවික හමුදාවේ ප්‍රගතියට උරදී සිටී.

උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
                                                                                  223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.

Powered By -