සෙල්ලිපි හා නටබුන් මතින්
අතීතය දුටු මහා වියතාණෝ



මෙම මස 26 වැනි දිනට යෙදී ඇති මහාචාර්ය සෙනරත් පරණවිතාන පඬිවරයාගේ 113 වැනි ඡන්ම දිනය නිමිත්තෙනි.

වර්ෂ 1896 දෙසැම්බර් මස 26 වැනිදා ගාල්ලේ පල්ලේ පත්තුවේ මැටරඹ නම් පිටිසර ගම්මානයේ සෙනරත් පරණවිතාන නම් වූ ශේ්‍රෂ්ඨ ලංකා පුත්‍රයාගේ උපත සිදුවිය. ශ්‍රී ලංකාවේ නම ලොව පුරා විදුදරයන් අතරට ගෙන යැමට පසුකාලීනව මෙතුමා කළ පර්යේෂණ, සොයාගැනීම් හා මත ප්‍රකාශ කිරීම් ඉවහල් වූ බව අවිවාදයෙන් පිළිගැනේ. මෑත ඉතිහාසයේ මෙරට පහළ වූ මහා ප්‍රාඥයන් අතර ඉදිරියෙන් ම සිටින සෙනරත් පරණවිතාන මහතා පිළිබඳ ව වර්තමානයේ සිටින දූ දරුවන්ට මෙන්ම ඉතිහාසයට, පුරාවිද්‍යාවට ඇලුම්කරන්නන්ට දැනගැනීම පිණිස එතුමාගෙන් මෙරට පුරාවිද්‍යාවට, ඉතිහාසයට හා සාහිත්‍යයට සිදුවූ සේවාව පිළිබඳව මෙහිදී විග්‍රහයක්‌ කෙරේ.

පරණවිතානයන්ගේ පුරාවිදු සේවය ඉතා විශිෂ්ට බව පෙනී යන්නේ එතුමා සේවයට අවතීර්ණ වූ අවධිය පිළිබඳව විමසා බැලීමෙනි. එකල ඉංග්‍රීසින් විසින් ලංකාව පාලනය කළ අතර ශ්‍රී ලාංකිකයන්ට එතරම් රජයේ උසස්‌ තනතුරු පිරිනැමූ යුගයක්‌ නොවීය. මෙවැනි වකවානුවක 1923 දී ඔහු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුනේය. මේ වසරේම ජුනි මාසයේ දී ඔහුට ලැබුණු තුන් අවුරුදු ශිෂ්‍යත්වයකට ඉන්දියාවට පිටත්වීමට අවස්‌ථාව ලැබිණි. එහිදී ආචාර්ය කේ. වී. සුබ්‍රමන්‍ය අය්යර් යටතේ පැරැණි අක්‌ෂර විද්‍යාවත් පුරාවිද්‍යාඥයෙකුට අවශ්‍ය සියලුම අංශ පිළිබඳව ද හදාරා 1926 දී නැවත ලංකාවට පැමිණියේය. මේ වන විට පුරාවිද්‍යා කොමසාරිස්‌ ධුරයට අවශ්‍ය සියලුම සුදුසුකම් එතුමා සතු වුවද 1926 අප්‍රේල් 24 වැනි දින එවකට පැවැති ඉංග්‍රීසි ආණ්‌ඩුව විසින් එතුමා හට සහකාර ශිලාලේඛනඥ තනතුර පිරිනැමීය.

පරණවිතාන මහතාගේ ශාස්‌ත්‍රීය කටයුතු ආරම්භ වූයේ ඔහුගේ ප්‍රථම ලිපිය වූ ඔHE CHධඛAS Aභෘ CEශඛධභ නමැති ලිපිය පළවීමත් සමඟය.

1932 සිට 1935 ඔක්‌තෝම්බර් මස තෙක්‌ මෙතුමා වැඩ බලන පුරාවිද්‍යා කොමසාරිස්‌ තනතුර හෙබවිය. මේ වන විට එතුමා නාණක විද්‍යාව, ප්‍රතිමා විද්‍යාව, කෞතුක විද්‍යාව, ශිලාලිපි විද්‍යාව හා පරිපාලනය පිළිබඳව හසල බුද්ධිමතෙකු ව සිටියේය. 1924 සිට 1935 වන විට වාර්ෂික වාර්තාවලට, ශිලාලේඛන පිළිබඳ විස්‌තර ඇතුළත් සඟරාවලට හා "ශිලා ලේඛන සංග්‍රහයේ ෂෂෂ වෙළුම දක්‌වා ලිපි ලේඛන 78 ක්‌ පළකර තිබුණේය. එසේම 1936 දී "ලංකාවේ ස්‌තූපය" පිළිබඳ ව චෙකොස්‌ලෝවැකියාවේ ලීඩින් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ නිබන්ධනයට ආචාර්ය උපාධිය ලබාගෙන තිබිණි.

මේ ආදී දස්‌කම් නිසා 1940 දී ඒ. එච්. ලෝංහර්ස්‌ට්‌ මහතා විශ්‍රාම ගත් පසු එම වසරේ ඔක්‌තෝබර් 1 වැනිදා ප්‍රථම ශ්‍රී ලාංකික පුරාවිද්‍යා කොමසාරිස්‌ තනතුර සෙනරත් පරණවිතාන මහතාට පිරිනැමිණි. එතැන් පටන් පුරාවිද්‍යාවට මෙතුමාගෙන් සිදු වූ සේවය අංශ ගණනාවක්‌ පුරා පැතිර යන බැවින් එම අංශ වෙන වෙනම ගෙන විමසා බැලීම වඩා ප්‍රයෝජනවත් වේ.

ශිලා ලේඛන හා ඉතිහාසය පිළිබඳව

මෙතුමාගේ ප්‍රථම ශිලාලේඛන විවරණය වී ඇත්තේ 1 විජයබාහු රජුට අයත් පොළොන්නරු සෙල් ලිපිය පිළිබඳ ව 1926 දී EඡෂඨRAඡ්‍යෂ් ෂභෘෂණ්‌ සඟරාවේ 18 වන වෙළුමේ පළකළ පිටු අටකින් යුත් ලිපියයි. 1928 දී CEශඛධභ JධඹRභAඛ ධF Sක්‍ෂෑභCE සගරාවේ ෂ හා ෂෂ වෙළුම්වලට "ශිලාලේඛන" පිළිබඳ විස්‌තර සපයා තිබේ. ආචාර්ය ඉසෙඩ් වික්‍රමසිංහ මහතාගෙන් පසුව EඡෂඨRAඡ්‍යෂ් ZEශඛAභෂණ්‌ල ඪදක-ෂෂෂ සගරාව 1933 දී පරණවිතාන මහතා විසින් පළ කළේය. මෙහි ප්‍රථම ලිපිය වූයේ ෂෂෂ වන උදය රජුගේ බදුලු ටැම් ලිපියයි. මෙතුමාට පෙර මෙම කාර්යය සිදුකළ ඉසෙඩ් වික්‍රමසිංහ මහතාගේ හා පරණවිතාන මහතාගේ ශිලාලිපි විවරණ සසඳා බැලීමෙන් පරණවිතාන මහතාගේ ශිලාලිපි විවරණය ඉතා ඉහළ මට්‌ටමක තිබීමට හේතුව වන්නේ ඔහු තුළ විවිධ භාෂා පිළිබඳ ව දැනුමක්‌ තිබූ නිසා පමණක්‌ නොව, සිංහල, පාලි, සංස්‌කෘත සාහිත්‍යයන් හි වූ පුළුල් දැනුමක්‌ ඒ භාෂාව වැහැරූ ජනයාගේ ජීවිතය පිළිබඳව තොරතුරු නොහොත් සංස්‌කෘතීන් අරබයා ලද දැනුමත් නිසාය. 1943 දී ශිලාලේඛන සංග්‍රහයේ ෂඪ වන වෙළුම මුද්‍රණයෙන් එළිදැක්‌වූ අතර එහි ප්‍රථම ලිපිය වූයේ ගජබාහු රජු හා ෂ වන පරාක්‍රමබාහු රජු අතර ඇතිවූ සමගි ගිවිසුම සටහන් වී ඇති "සංගමු විහාර සෙල් ලිපිය" යි. වල්ලිපුරම් රත්පත ද මෙම කලාපයට ඇතුළත් වේ. "වසභ රජුගේ කාලයේ යාපන අර්ධද්වීපය පාලනය කළේ සිංහල ඇමැතියකු බවත් එකල මුළු යාපනයම නාගදීපය නමින් ව්‍යවහාර කර ඇති බව ද පරණවිතාන මහතා පෙන්වා දුන්නේ අද ද දක්‌නට ඇති ජාතික ප්‍රශ්නයකට විසඳුමක්‌ ලෙසිනි. මෙම තොරතුරු මහාවංසය වැනි මූලාශ්‍රවල සඳහන් නොවේ. වසභ රජු අනුරාධපුරයේ සිටියදී ඔහු වෙනුවෙන් යාපනය පාලනය භාරවූයේ "ඉසිගිරි" නමැති ඇමැතිවරයාට බව වල්ලිපුරම් රන්පතින් හෙළි කළේය.

1955 දී " Eචසටර්චයස්‌ Zeහක්‌බසජ් සඟරාවේ ඪ වන වෙළුමේ ෂෂෂ කොටස දක්‌වා ලිපි පළකිරීමට මෙතුමාට හැකිවිය. මෙතුමාගේ අතිමහත් කැපවීම අභිලේඛන විද්‍යාවටත් සිංහල සාහිත්‍යයටත් සිදුවූ විශාල ම සේවය ලෙස 1956 දී පළකළ "සීගිරි කුරුටු ගී" SෂඨෂRෂ ඨRAFFෂඔෂ නම් කාණ්‌ඩ දෙකකින් යුතු මහා ග්‍රන්ථය දැක්‌විය හැකිය. ක්‍රි.ව. 6,7,8,9, සියවස්‌වලදී පමණ සීගිරියට පැමිණියවුන් විසින් කැටපත් පවුරේ තැන තැන ලියූ ගී 685 ක්‌ තෝරාගෙන ඒවාට මනා ලෙස අර්ථ විවරණ සපයා ඇති මෙම කෘතිය එතුමාගේ නාමය ලෝකප්‍රකට කිරීමට සමත් විය. එම කුරුටු ගී කියවා ඒවාට අර්ථ සැපයීම දක්‌වා එතුමා පැය කී දහසක්‌ කැටපත් පවුර අසල සිටිමින් කාලය ගතකළේදැයි දන්නේ එතුමා පමණි. පරණවිතානයන් මෙම කුරුටු ගී කියවූයේ සාමාන්‍ය අත්කාචයකින් මිස නවීන උපකරණ ආධාරයෙන් නොවේ. සිය ජීවිතයේ භද්‍රයෞවන කාලය ඔහුගේ විශාල ම පුරාවිද්‍යා සේවය වූ කුරුටු ගී කියවීම වෙනුවෙන් කැපකළ මෙතුමාට එම ගී කියවීමේ සිට 1956 දී එම ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීම දක්‌වා වසර 30 ක්‌ ගෙවී ගියේය. සෑම කුරුටු ගීයක ම දිග සහ එය පවුරේ ඇති නියමිත ස්‌ථානය පිළිබඳවත් නිවැරදිව සඳහන් කරන අතරම සෑම ගීයක්‌ ම වර්තමාන සිංහල අකුරෙන් මුද්‍රණය කර ඉංග්‍රීසි අර්ථය ද එහි සපයා ඇත.

සෙනරත් පරණවිතාන මහතාගේ කුරුටු ගී පිළිබඳ ව වූ මෙම කෘතිය ඔහුගේ පාණ්‌ඩිත්‍යයත්, විචාර බුද්ධියත්, ඉවසීම හා අද්විතීය විවේක බුද්ධියත් පෙන්වන දෙවන කැටපත් පවුරක්‌ බඳුය. 1956 දෙසැම්බර් 26 දා මෙතුමා පුරාවිද්‍යා කොමසාරිස්‌ ධුරයෙන් විශ්‍රාම ලැබූවත් පුරාවිද්‍යා විෂයෙන් සමුගත්තේ නැත. 1957 ජනවාරි 01 වැනිදා පේරාදෙණියේ ලංකා විශ්වවිද්‍යාලයේ ප්‍රථම පුරාවිද්‍යා මහචාර්යවරයා ලෙස එතුම පත්කෙරිණි. 1970 දී අවසාන ශිලාලේඛන විවරණය ලෙස හැඳින්වෙන ෂභීCRෂඡඔෂධභ ධF CEශඛධභ ඪදක-ෂ පළකළේය. පූර්ව බ්‍රාහ්මී සෙල්ලිපි 1234 ක්‌ පිළිබඳ ව මනා විවරණයක්‌ එහි ඇතුළත් වේ. මෙහි දෙවැනි වෙළුමේ ෂ කොටස එතුමා අප අතරින් වියෝ වූ පසුව එනම් 1983 දී ප්‍රකාශයට පත්විය. එහි පශ්චාත් යුගයට අයත් බ්‍රාහ්මී ශිලා ලේඛන 84 ක්‌ ද ඇතුළත් වේ.

පරණවිතාන මහතාගේ ශිලා ලේඛන පර්යේෂණවලින් මහවංසයේ, ථූපවංසයේ හා සද්ධර්මාලංකාරයේ සඳහන් වන දුටුගැමුණු රජතුමාගේ දසමහා යෝධයන් පිළිබඳව කරුණු රාශියක්‌ ප්‍රථම වරට හෙළිකරනු ලැබීය. නන්දිමිත්‍ර යෝධයාගේ නම සඳහන් වන සෙල්ලිපි කීපයක්‌ ම සොයාගෙන තිබේ. කන්දේගමකන්ද ලෙන් ලිපියේ "මිත" නමින් දක්‌වා ඇත්තේ නන්දිමිත්‍ර බවත්, වැල්එල්ලූගොඩ කන්ද ලෙන් ලිපියෙන් ඵුස්‌සදේව සෙනෙවියාගේ නමත්, සිතුල්පව්වේ දෙකුන්දර වැව ලෙන් ලිපියෙන් වේළුසුමන පිළිබඳවත්, තොරතුරු සඳහන් වන බව මෙතුමා විසින් හෙළිකළේය. සිතුල්පව්ව ලිපියක හා මගුල් මහා විහාර ලිපියේ "අයිමර" වශයෙන් සඳහන් නම ශබ්ද විද්‍යාත්මක "ඉම්බර" යන්නට සමාන වන බවත් එනමින් හඳුන්වා ඇත්තේ "ගෝඨයිම්බර" බවත් සාක්‍ෂි සහිතව ඔප්පු කරමින් සාහිත්‍යයේ සඳහන් එම පුද්ගලයන් ඓතිහාසික පුද්ගලයන් බව තවදුරටත් සනාථ කළේය.

අන්තරාලීන ලිපි පර්යේෂණ

පුරාවිද්‍යාඥයන් අතර මතභේදයන් පවතින අන්තරාලීන සෙල්ලිපි  නම් ලිපි විශේෂයක්‌ මගින් මෙතුමා ඉතා වටිනා ඓතිහාසික කරුණු රැසක්‌ හෙළිකළේය. මෙම ලිපි ඇති ස්‌ථාන කිහිපයක්‌ ලෙස මිහින්තලා පුවරු ලිපිය, පොළොන්නරු ගල්පොත ලිපිය හා කිත්සිරිමෙවන් කැලණි විහාර ලිපිය ආදිය දැක්‌විය හැකිය. මෙම ලිපිවල පේළි අතර ඉඩ ඇති ස්‌ථානවල හා වෙනත් තැන් ප්‍රයෝජනයට ගනිමින් පසුකාලීනව කොටවා ඇති ගැඹුරින් අඩු කුඩා අකුරු සහිත ලිපි "අන්තරාලීන ලිපි" නමින් එතුමා හැඳින්වීය. මේ ලිපි මගින් සොයාගත් කරුණු 1960 ගණන්වල සිට එතුමාගේ ජීවිතයේ අවසාන දශකය තෙක්‌ ම විටින්විට කරුණු දක්‌වා ඇත. ඒවා මෙසේ දැක්‌විය හැකිය.

1963 දී ඹබසඩැරිසඑහ දෙ ජැහකදබ Reඩසඅ සඟරාවේ ඞඞෂ වෙනි කොටසේ නමින් පළවූ ලිපියත්, 1964 දී කෑගල්ලේ පැවැති සාහිත්‍ය දේශනයේදී පැවැත්වූ "සවැනි පැරකුම්බා රජු ගැන ළඟ දී සොයාගත් දේ ( උලකුඩය බිසවගේ විවාහය" නම් කතාවත්, 1964 ඔක්‌තෝබර් 10 වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දී පැවැත්වූ ,Aබ Aජජදමබඑ දෙ Aකැංaබාeර එයෑ ටරුaඑ aබා ඨරුeන Cමකමරු සබ ඹබසඩැරිaක Hසිඑදරහ අරසඑඑeබ සබ එයෑ රුසටබ දෙ ඵ්ය්seබ්, නම් කතාවත්, අන්තරාලීන ශිලාලිපි පර්යේෂණ මත පදනම් වූ ඒවාය. එම දේශනයෙන් "මහසෙන් රජුගේ 24 වන රාජ්‍ය කාලයේදී රජුගේ ආරාධනයෙන් ලියන්නට පටන්ගත් සිංහල භාෂාමය රාජවංශ පුස්‌තකයක්‌ පස්‌වසරක්‌ තුළ ලියා සිරිමෙන් රජු රජපත් වී දෙවන වර්ෂයේ දී සම්පූර්ණ කරන ලද බවත් පසුව එය බුද්ධරක්‌ත තෙරුන් විසින් සංස්‌කෘතියට නගන ලද බවත් විස්‌තර වේ.

මෙම පුස්‌තකයේ ලංකාවේ පමණක්‌ නොව ඉන්දියාවේ තත්කාලීන රාජධානිවලත්, ග්‍රීක, රෝම, මිසර දේශ ඇතුළු අපරදිග රටවල් කීපයකත් ඉතිහාස පුවත් ඇතුළත් බව ද සොයා ගැනීමට හැකිවූ බව හෙළි කළේය. "මාඝ" රජුගේ කාලයේ දී රාජවංශ පුස්‌තකයේ පිටපත් ලක්‌දිව නොතිබුණු අතර සිංහල පොතේ එක්‌ පිටපතක්‌ ද ස්‌වර්ණපුර රාජකීය පුස්‌තකාලයේ තිබී ලබාගෙන ලක්‌දිව තැන් තැන්හි පිහිටි සෙල්ලිපි මත අන්තරාලීන ක්‍රමයට කොටස්‌ වශයෙන් කොටවා ඇති බවද පෙන්වා දුන්නේය.

මෙම අන්තරාලීන ලිපි කියවීම පිළිබඳව මෙරට උගතුන් සැක පහළ කළ අතර බොහෝ දෙනා ඒවා පිළිගැනීමට අකැමැති වූහ. එහෙත් ඒ පිළිබඳව විවාද මතුවූ සෑම අවස්‌ථාවකම එතුමා එම ලිපිවල ස්‌පර්ශ ලාංඡන ඡායාරූප පිටපත් ඉදිරිපත් කළේය. අභාග්‍යයකට පරණවිතාන මහතාට එම ලිපි පෙනුන ද එම පිටපත්වල එකම වචනයක්‌වත් අන් අයට නොපෙනිණි. මෙම අන්තරාලීන ලිපිත් එතුමා තරම් ම ගුප්ත, කාහටත් වටහාගත නොහැකි දෙයක්‌ ලෙස අදටත් ඉතිහාසයට එක්‌වී ඇත. එහෙත් එමගින් එතුමා ලියා පළ කළ ඉහත ඉදිරිපත් කළ ලිපි මගින් සොයාගත් කරුණු කිසිවෙකුටත් බිඳහෙළිය නොහැකි තත්ත්වයක අදටත් පවතී.

බ්‍රාහ්මී නොවන සංකේත සොයා ගැනීම

ඉතා සුපරික්‌ෂාකාරීව දීර්ඝ කාලයක්‌ සෙල්ලිපි කියවීමෙන් බ්‍රාහ්මී සෙල්ලිපි රාශියකම "බ්‍රාහ්මී නොවන සංකේත" ඇති බව පරණවිතානයන් දුටුවේය. මේ පිළිබඳව දීර්ඝ විස්‌තරයක්‌ ,ෂභීCRෂඡඔෂධභ ධF CEශඛධභ, ෂ වෙළුමේ ඞඞඪෂ පිටෙහි දක්‌වා තිබේ. එවැනි සංකේත 43 ක්‌ එහි දක්‌වා ඇති අතර එම සංකේතවලින් ශිලාලේඛනවල වචනවලට වඩා වෙනත් අදහස්‌ ප්‍රකාශවන ඇතැම් අවස්‌ථා ඇති බව එතුමාට වැටහිණි. එබැවින් ඒ පිළිබඳව සිය පර්යේෂණ දිගටම පැවැත්වූ එතුමා වැදගත් සොයාගැනීමකට මග පෑදීය. එනම් මොහොන්ජොදාරෝ හරප්පා ශිෂ්ටාචාරයට අයත් රූපාක්‌ෂර කියවීමට ක්‍රමයක්‌ සොයාගැනීමයි. ඒ අනුව 1961 දී නවදිල්ලියේ පැවැති පළමුවන ජාත්‍යන්තර පුරාවිද්‍යා සම්මේලනයේ දී ඉන්දු නිම්න රූපාක්‌ෂර කියවීම පිළිබඳව පූර්ණ මතයක්‌ ඉදිරිපත් කළේය. 1962 දී "සින්ධු ලේඛන කියවීමට යෝජිත ක්‍රමයක්‌" යනුවෙන් ද 1969 දී "ඉන්දු නිම්නයේ අකුරු කියවන පරණවිතාන යතුර" යන නම්වලින් මෙරට සඟරාවලට ඒ පිළිබඳව පූර්ණ විස්‌තරයක්‌ ඉදිරිපත් කළේය. එතෙක්‌ ලොව පුරාවිද්‍යාඥයන් විසින් ඉදිරිපත් කර තිබූ ක්‍රමවලින් රූපාක්‌ෂර පුවරු දෙක තුනක්‌ පමණ කියවිය හැකි වූවත් පරණවිතාන මහතා ඉදිරිපත් කළ ක්‍රමයෙන් සියලුම පුවරු කියවීමට හැකියාව ලැබුණත් සමහර පුරාවිද්‍යාඥයන් මේ පිළිබඳ ව එකගත්වයකට පත්වී නැත.

මිහින්තලේ පැතිරී ඇති 85 ක්‌ පමණ සෙල්ලිපිවලින් 30 ක්‌ මෙතුමා සොයාගත් ඒවා වේ. එතුමා කැලයට ඇරුණු ගල් පර්වතවලට එතරම් ආදරය කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස එය අර්ථ දැක්‌විය හැකිය. කුට්‌ටම් පොකුණට උතුරින් පිහිටා ඇති විහාර ආරාම කැණීමේ දී ලැබුණු සෙල්ලිපියකින් එය කොටවා ඇත්තේ ක්‍රි.ව. 995 ජූලි මස 14 වන චන්ද්‍රග්‍රහණයක්‌ සිදුවූ දිනයක බවත් තර්කානුකූලව පැහැදිලි කර ඇත. මහාවංසයේ සඳහන් නොවන සොලී ආක්‍රමණ තුනක්‌ පිළිබඳව ද සොයාගත්තේය.

ශ්‍රී ලංකාවේ මහායානවාදය

මෙතුමාගේ පර්යේෂණ තුළින් ලංකාවේ පැතිරුණු මහායාන ඇදහිල්ල හෙවත් මහායානවාදය පිළිබඳව එතෙක්‌ මෙතෙක්‌ උගතුන් සිදුකළ පර්යේෂණවලට වඩා වටිනා තොරතුරු රැසක්‌ හෙළිකළේය. CEශඛධභ JධඹRභඛ ධF Sක්‍ෂෑභCE සඟරාවේ ඨ කොටසේ ෂෂ වෙළුමේ 1928 දී පළකළ සියලුම මහායාන ප්‍රතිමා පිළිබඳ ව සඳහන්කර ඇත. වැලිගම කුෂ්ටරාජගල ප්‍රතිමාව, බුදුරුවගල ප්‍රතිමා, අනුරාධපුරයේ විජයාරාමය ආදී තැන්වල ඇති මහායාන මූර්ති සියල්ලක්‌ම විමසුමට ලක්‌කොට ඇත. මිහින්තලේ ඉඳිකටුසේල ෙච්තිය සෙල්ලිපිය, පුලියන්කුලම, පුවරු ලිපි, අනුරාධපුරයෙන් ලැබුණු තඹපත ආදී එතෙක්‌ සොයාගත හැකි වූ සෑම මූලාශ්‍රයක්‌ ම මෙම ලිපිය සඳහා පාදක කොටගෙන තිබිණි. මෙරටට අවලෝකිතේශ්වර ඇදහිල්ල පැමිණි ආකාරයත් පසුකාලීනව බෝධිසත්ව වන්දනය දියුණු වූ ආකාරයත් අද දක්‌වා නාථ දේව ඇදහිල්ල වශයෙන් එය සමාජයේ පවතින ආකාරයත් ප්‍රථම වතාවට පැහැදිලි ලෙස පරණවිතාන මහතා පෙන්වා දුන්නේය.

වාස්‌තු විද්‍යා පර්යේෂණ

පරණවිතානයන්ගේ පුරාවිදු පර්යේෂණවලට ලංකාව පුරා ම පැතිරී තිබුණු විශාල හා කුඩා ප්‍රමාණයේ ගොඩනැඟිලි ද බඳුන් විය. ඔහු කළ වාස්‌තුවිද්‍යා පර්යේෂණ අප්‍රමාණය. ගොඩනැගිලි සම්බන්ධව පරණවිතානයන් පළ කළ ප්‍රථම ලිපිය වූයේ 1930 දී රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ පළවූ ඔයෑ eංජ්ඩ්එසදබ සබ එයෑ ජසඒdeක aඑ Aබමර්dබ්චමරුa නම් අගනා ලිපියයි. 1936 දී මේ පිළිබඳව අගනා ග්‍රන්ථයක්‌ පුරාවිද්‍යාත්මක නිබන්ධනාවලියේ ෂෂෂ වෙළුම වශයෙන් එළිදක්‌වන ලදී. 1934 දී මිහින්තලේ කණ්‌ඨක ෙච්තිය පිළිබඳව කැණීම්කොට ඒ එහි විස්‌තර සහිතව ඉදිරිපත් කළ ලිපිය අදටත් ඒ පිළිබඳ ව ඇති හොඳම ලිපිය ලෙස දැක්‌විය හැකිය. 1938 දී අනුරාධපුර නගරය පිළිබඳව පළකළ ලිපිය මගින් අනුරාධපුර නගරයේ සිදුකළ කැණීම්, තහවුරුකිරීම් හා පුරාවස්‌තු පිළිබඳව මනා විස්‌තරයක්‌ ඉදිරිපත් කිරීමට සමත් වී තිබේ. වාස්‌තුවිද්‍යාව පිළිබඳ ව කළ අති මහත් පර්යේෂණ රාශියකින් ලද අත්දැකීම් ආශ්‍රයෙන් 1936 දී ඕලන්දයේ ලේඩින් විශ්වවිද්‍යාලයට ඉදිරිපත් කළ ඔHE Sඔඹඡ් ෂභ CEශඛධභ" ග්‍රන්ථයට ආචාර්ය උපාධියක්‌ මෙතුමාට පිරිනමනු ලැබීය. ස්‌තූපයේ ආරම්භයත්, අද දක්‌නට ලැබෙන අයුරින් ඒවා විකාශනය වූ අන්දමත්, වටදාගෙවල්වල ඉහළ වහළය තිබෙන්නට ඇති ආකාරයත් පුරාවිද්‍යා තොරතුරු රාශියක්‌ ඇසුරින් ශාස්‌ත්‍රීය අන්දමින් කළ විවරණයක්‌ මෙම ග්‍රන්ථයේ පෙන්වා දී තිබේ. පොළොන්නරුවේ ඇති සත්මහල් ප්‍රාසාදය හා ඒ හා සමාන සියම් දේශයේ ලැම්ථූන් ප්‍රාසාදය අතර ඇති සමාන බවත් පෙන්වා දී ඇත.

නටබුන් වූ ගොඩනැගිලි ප්‍රතිසංස්‌කරණය කොට තහවුරු කළ ආකාරය 1932 සිට 1935 දක්‌වා වැඩ බලන පුරාවිද්‍යා කොමසාරිස්‌ ලෙස සේවය කළ කාලයේත් 1955 දක්‌වා එතුමා පුරාවිද්‍යා කොමසාරිස්‌වරයා ලෙස සේවය කරන කාලයේත් දෙපාර්තමේන්තුවෙන් කළ පර්යේෂණ පළ කිරීම් හා වාර්ෂික වාර්තා මගින් පෙන්වා දී තිබේ.

වරදවා හැඳින්වූ ස්‌ථාන නිරවුල් කිරීම හා නව සොයාගැනීම්

පඬුවස්‌නුවර ඓතිහාසික මාළිගය හා නගරය පිළිබඳ ව පරණවිතානයන්ගේ පුරාවිදු ඇස යොමුවිය. කැණීම් හා පර්යේෂණ තුළින් මෙය ෂ වන පරාක්‍රමහබාහු රජු ඉදිකරවන ලද මාළිගයක්‌ බව පෙන්වා දීමට සමත්විය. මාළිගය කැණ පාදා තහවුරු කිරීම් සියල්ල කර අද දක්‌නා අයුරින් එහි පරිසර සැකැස්‌ම පවා නිර්මාණය කර වර්තමාන ලෝකයට දායද කළේ මෙතුමාය. පඬුවස්‌නුවර වර්තමාන පන්සලට අයත් කවාකාර උස්‌ ප්‍රාසාදය උන්මාද චිත්‍රා සිරකර තැබූ එක්‌ටැම්ගෙය බව බොහෝදෙනා විශ්වාස කළහ. මේ පිළිබඳ ව පර්යේෂණ කළ පරණවිතාන මහතා එය ෂ වන පරාක්‍රමබාහු රජු "චක්‍රවර්තී" රජෙකු සේ ප්‍රකාශ කරනු වස්‌ තනන ලද චක්‍රාවාලක ආකෘතියේ නටබුන් බව ඔප්පු කළේය.

එළාර සොහොන යෑයි බොහෝ පුරාවිද්‍යාඥයන් මෙන්ම මහජනයා ද පිළිගෙන තිබුණු ස්‌ථානය 1946 සිටම කැණීම් කර තිබිණි. බෝ මළුවට නුදුරින් තිබුණු මෙම ස්‌ථානය කුමක්‌දැයි යන්න දැන ගැනීම පුරාවිදු දෙපාර්තමේන්තුවේ පරමාර්ථය විය. මෙම දාගැබ පතුළට ආසන්නයේ කැණීම් සිදු කරන විට ගල් පුවරු ඇතිරූ වේදිකාවක්‌ පෑදුණු අතර එහි මුලින් ම පරීක්‍ෂා කළ පුවරුවේ "දකිණි විහර" යන වචනය සඳහන් වී තිබීමෙන් එළාර සොහොන යෑයි වරදවා හඳුන්වා ඇත්තේ දක්‌ණ විහාරය බව තහවුරු කිරීමට මෙතුමා සමත් විය. එදා ඔහු වඩාත් සතුටට පත් වූයේ 1898 දී එච්. සී. බී. බෙල් මහතාගේ වාර්ෂික වාර්තාවේ මෙය දක්‌ණ ථූපය යෑයි ඉදිරිපත් කර තිබුණ ද එය කිසිවකු නොපිළිගැනීම හා තමාට බෙල් මහතාගේ මතය සනාථ කිරීමට හැකිවීම පිළිබඳව ය.

පරණවිතානයන් ඊළඟට කළේ දුටුගැමුණු හා එළාර සොහොන් දෙක නිරවුල් කිරීමය. මහාවංසාදී කරුණුවලින් දක්‌ණ ථූපය මහ පුල්ලි මළුවේ ඉදිකළ බවත් කර්ම මාලකය තිබුණු ස්‌ථානයේ දුටුගැමුණු රජු ආදාහනය කළ බවත් සොයාගත් හෙයින් දුටුගැමුණු රජු ආදාහනය කළ ස්‌ථානයේ දක්‌ණ ථූපය ඉදිකර ඇති බව පෙන්වා දුන්නේය. මේ පිළිබඳව වැඩි තොරතුරු සෙවීම අනුරාධපුරයේ විශාල මහජන උද්ඝෝෂණයක්‌ මධ්‍යයේ සිදු කිරීමට පරණවිතාන මහතාට සිදුවිය. කැණීම් කරගෙන යැමේදී ෂෂ වන කාශ්‍යප රජු දක්‌ණ ථූපය හාරා එහි තිබු වස්‌තුව පැහැර ගත් බව සඳහන් මහාවංස පුවත ද මෙහිදී පෙන්වා දීමට පරණවිතානයන් සමත් විය. කර්ම මාලකය තිබුණු ස්‌ථානය පොළොව මට්‌ටමෙන් සිට අඩි 13 ක්‌ කැණීම් කරගෙන යැමේදී අඟුරු තට්‌ටුවක්‌ මතුවිය. දක්‌ණ ථූපය සොහොනක්‌ මත ඉදිකරවූවක්‌ බවත්, එම යුගයේ මෙම ස්‌ථානයේ ආදාහනය කර ඇත්තේ වෙනත් පුද්ගලයකු නොව දුටුගැමුණු රජු ම බවත් තර්කානුකූලව ඔප්පු කිරීමට එතුමා හට හැකිවිය. මෙම අඟුරු සාම්පල් විදේශයට යවා කාබන් 14 පරීක්‍ෂණ වාර්තාවක්‌ ලබා ගෙන එය. ක්‍රි. පූ. 1 වන සියවසට අයත් බව ද ඔප්පු කිරීමෙන් වසර දහස්‌ ගණනකට පෙර විසූ සිංහලයන්ගේ ශ්‍රේෂ්ඨතම රජෙකුගේ සොහොන නිරවුල්ව දැන ගැනීමට හැකි විය.

මහාවංශයට අනුව එළාර රජුගේ සොහොන සාදා ඇත්තේ ඔහු ඇතු පිටින් වැටුණු අනුරාධපුරයේ දකුණු දොරටුව අසලය. අනුරාධපුරයේ පැරැණි ප්‍රාකාර කැණීම් කොට එකල වෛද්‍ය නිලධාරියාගේ බංගලාව ඉදිකර තිබුණේ පැරැණි දකුණු දොරටුව හෙවත් එළාර රජු ආදාහනය කළ සොහොන මත බවත් පෙන්වා දෙමින් ක්‍රි. පූ. 1 වන සියවසේ ජීවත් වූ පුද්ගලයන් දෙදෙනෙකුගේ සොහොන් දෙක පිළිබඳ වූ මත නිරවුල් කළේය.

මීට අමතරව අනුරාධපුරයේ ඉසුරුමුණිය විහාරය අසල ඇති මඟුල් උයන කැණීම් කොට තහවුරු කර එම ස්‌ථානය පැරැණි රන්මසු උයන බව පෙන්වා දුන්නේය. 1948 වසරේ කැණීම් කර තහවුරු කළ ස්‌ථාන අතරට මිහින්තලය, පොලොන්නරුව, සීගිරිය, පඬුවස්‌නුවර, මැදිරිගිරිය හා යාපහුව ආදී ස්‌ථාන අයත් වේ.

අනුරාධපුරයේ කුට්‌ටම් පොකුණ කැණ පාදා තහවුරු කොට වර්තමානයේ පවතින තත්ත්වයට සකස්‌ කළා පමණක්‌ නොව සංඝමිත්තා මාවතේ රජ මාළිගය, කණ්‌ඨක ෙච්තියට ගිණිකොනින් ඇති සීමාගෙය, පොලොන්නරුවේ ආලාහන පිරිවෙන හා ඒ අවට වූ අවශේෂ ගොඩනැඟිලි සියල්ල කැණිම් කොට අද දක්‌නට ඇති අන්දමට සකස්‌ කිරීමේ ගෞරවය මෙතුමාට හිමි වේ.

පැරැණි ආරාමික ගොඩනැඟිලි විශේෂයක්‌ වූ පධානඝර පිළිබඳව මෙතුමා නිවැරැදි මතයක්‌ ඉදිරිපත් කළේය. යුරෝපීය පුරාවිද්‍යාඥයන් මෙන් ම මෙරට පැරැණි ජනතාව ද විශ්වාස කළේ මේවා මාලිගාවල නටබුන් බවයි. මේවා විනය පිටකයේ නීතිරීතිවලට අනුව භාවනා කිරීම සඳහා ගොඩනැඟූ භාවනා මධ්‍යස්‌ථාන බව මෙතුමා ඔප්පු කර පෙන්වීය.

1954 දී නිල්ලක්‌ඛගම බෝධිඝරය කැණීම් කර අද තිබෙන අන්දමට තහවුරු කළ අතර ඒ පිළිබඳව අගනා තොරතුරු ඇතුළත් ලිපියක්‌ ද පළ කළේය. එතුමාගේ "පුරාවිදු පර්යේෂණ" නම් ග්‍රන්ථයේ මේ පිළිබඳව දක්‌වා ඇති විස්‌තරයට කවරෙකුගේ වුව ද සිත තුළ මෙතුමා පිළිබඳව මහත් ගෞරවයක්‌ ඇති කිරීමට සමත් වේ.

1949 දී තවත් වැදගත් ඓතිහාසික රාජධානියක්‌ පිළිබඳ ව පරීක්‍ෂණ ආරම්භ කළේය. 15 වන සියවසේ ලංකාවේ රාජධානිය වූ ජයවර්ධනපුර හෙවත් කෝට්‌ටේ නගරයේ ඓතිහාසික ස්‌ථාන කැණීම් කිරීමේ ප්‍රතිඵලයක්‌ ලෙස බැද්දගානේ වෙහෙරකන්ද දාගැබ මතුකර ගැනීමට හැකිවිය. එය තහවුරු කොට අද තිබෙන තත්ත්වයට පත් කළේ පරණවිතානයන් ය.

මෙතුමා පුරාවිද්‍යාව පොදු ජනයා අතරට ගෙන යැමට උත්සාහ කළ අයෙකි. අනුරාධපුරය, පොලොන්නරුව, සීගිරිය, දඹුල්ල, පඬුවස්‌නුවර ආදී ස්‌ථානවල නාම පුවරු යොදා එම ස්‌ථාන මනාව හඳුනා ගැනීමේ ක්‍රමයක්‌ ඇති කළේය. 1950 දී අනුරාධපුරය, පොලොන්නරුව හා සීගිරිය ආදී ස්‌ථානවලදී සංචාරකයන්ට කරුණු පහදා දීමට මාර්ගෝපදේශක නිලධාරීන් තිදෙනෙකු පත් කරන ලදී. 1951 දී මහියංගන දාගැබ කැණ තහවුරු කොට අගනා වාර්තාවක්‌ ඉදිරිපත් කළේය. මෙහි ධාතු ගර්භයේ පැරැණි සිතුවම් සොයා ගැනීම සොයා ගැනීමට හැකි වීමෙන් පැරැණි ධාතු ගර්භ සිතුවමින් සැරසීමේ ක්‍රමයක්‌ තිබූ බව සොයා ගැනීමට හැකි විය.

ලී කැටයම්වලට ලංකාවේ පමණක්‌ නොව ජාත්‍යන්තරයේ පවා ප්‍රසිද්ධ වූ පේරාදෙණියේ ඇම්බැක්‌කේ දේවාලය කෙරෙහි සිය අවධානය යොමු කළ මෙතුමා මෙහි කැටයම් සහිත ලී බාල්ක දිරා ගොස්‌ තිබූ ස්‌ථානවලට පැරැණි කැටයම් අනුකරණය කොට එම දැව වර්ගයෙන් ම කැටයම් කළ කොටස්‌ නැවත යොදා වහලය ප්‍රතිසංස්‌කරණය කළේය. රසායනික ද්‍රව්‍ය යොදවා එම දැව වඩාත් ශක්‌තිමත් කිරීමට ද කටයුතු කළේය.

මේ ආකාරයටම කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ දෙවනගල විහාරය ද ප්‍රතිසංස්‌කරණය කළේය. දැදිගම කොටවෙහෙර කැණීම් කොට අගනා ඓතිහාසික විස්‌තර රැසක්‌ සොයා ගැනීමට හැකි වූ අතර මෙම දාගැබ ඉදිකර ඇත්තේ 1 වන පරාක්‍රමබාහු රජු උපන් කාමරය මත බව හෙළි කළේ සාක්‍ෂි සහිතවය.

ලංකාව පුරා පැතිරුණු ප්‍රතිමා ගෘහ පිළිබඳව දීර්ඝ කාලයක්‌ තිස්‌සේ පර්යේෂණවල නිරත වූ මෙතුමා ඒවායේ නිර්මාණ ක්‍රමය අනුව ගන්ධකුටි, ප්‍රසාද හා ගෙඩිගේ (ගිCඳ්ජකාවස්‌ථ) යනුවෙන් කොටස්‌ තුනකට බෙදීය. අනුරාධපුරයේ කිරිබත්වෙහෙර හා දළදා මාලිගය ගන්ධකුටි ගණයටත් අනුරාධපුරයේ මහසෙන් මාලිගය, ප්‍රාසාද ගණයටත් ගිCඳ්ජකාවස්‌ථ යනු ගෙඩිගේ සම්ප්‍රදායේ පිළිම ගෙවල් බවත් පෙන්වා දුන්නේය.

මිහින්තලේ ගල් පඩිවල මුදුන් කොටස්‌ ද කණ්‌ඨක ෙච්තියේ පිටුපස ගල් ඇතිරූ පාර ද තහවුරු කරවීය. පැරැණි පොත්වල සඳහන් වන අන්දමට අඹ ගස්‌ සිටුවා තණකොළ වවා භූමිය මට්‌ටම් කොට අඹ වනයක සිරිය එන අන්දමට මිහින්තලයේ පරිසර සැකැස්‌ම සිදු කිරීම ද එතුමා අතින් සිදුවිය. පුරාවිද්‍යාඥයකු වශයෙන් පමණක්‌ නොව කලාකාමියකු වශයෙන් ද එතුමා තුළ තිබූ කලා රසිකත්වය සීගිරිය, පඬුවස්‌නුවර, යාපහුව ආදී තැන්වල ද සිදුකර ඇති පරිසර සැකසුම් දෙස බලන විට මැනවින් පැහැදිලි වේ.

ලංකාවේ දකුණු පළාතේ දෙවුන්දර නගරයේ උස්‌ ගල්තලාවක ගලින් නිම කළ ගොඩනැඟිල්ලක්‌ පිළිබඳව එතුමා පර්යේෂණ කළේය. එම පර්යේෂණවල ප්‍රතිඵලය වූයේ 1959 දී ,ඔHE SHRෂභෑ ධF ඹඡඹඛඪAභ Aඔ DEඪඹභෘARA,. නම් අගනා ග්‍රන්ථය ප්‍රකාශයට පත් කිරීමයි. ලංකා පුරාවිද්‍යා නිබන්ධනා වලියේ ඩස වන කාණ්‌ඩය වූ මෙයින් උපුල්වන් දෙවියන් හා විෂ්ණු දෙවියන් පිළිබඳව වැදගත් තොරතුරු රැසක්‌ හෙළි කරයි. මෙම දෙදෙනාම එක්‌ අයෙකු බවට එකල සමාජයේ ප්‍රචලිතව පැවැති මතය විවේචනය කර ඒ දෙවිවරුන් දෙදෙනකු බව කරුණු සහිතව ඔප්පු කළේය. දෙවුන්දර දේවාලය උපුල්වන් දෙවියන් උදෙසා ඉදිකර වූවක්‌ බව තිසර සංදේශය හා ලංකාතිලක සෙල්ලිපියෙන් කරුණු ඉදිරිපත් කරමින් පැහැදිලි කළේය. මෙය ගුප්ත සම්ප්‍රදායේ කලා ලක්‍ෂණ පෙන්වන 7 වැනි සියවසට අයත් ගොඩනැඟිල්ලක්‌ බව මෙම පර්යේෂණවලින් අනාවරණය වී ඇත.

අනුරාධපුරයේ ලෝවාමහාපාය නමින් අප දන්නා මහාවිහාරික උපෝසථාඝරය පිළිබඳ ව ද මෙතුමා කරුණු ඉදිරිපත් කළේය. මෙහි කරන ලද කැණීම්වලින් හා පරීක්‍ෂණවලින් අද දක්‌නට ලැබෙන නටබුන් දුටුගැමුණු සමයට නොව මහා පරාක්‍රමබාහු සමයේ කළ ප්‍රතිසංස්‌කරණයක නටබුන් බව ඔප්පු කිරීමට සමත් විය. මහාබෝධිවංසයට අනුව ලෝහ ප්‍රාසාදය සන්නිපාත ශාලාව හා සමදුරින් පිහිටා තිබිය යුතු බවත් එම ස්‌ථානයට ගිණිකොනින් ඇති පොකුණක පනා බැම්මේ මුදුන මත වර්තමාන ලෝවාමහාපාය යෑයි හඳුන්වන ගොඩනැඟිල්ලේ අත්තිවාරම ඇති බවත් පෙන්වා දෙන පරණවිතානයන් දුටුගැමුණු රජු ඉදිකළ ලෝහ ප්‍රාසාදය තිබී ඇත්තේ වර්තමාන ලෝහ ප්‍රාසාදයට මඳක්‌ උතුරු දෙසින් බව 1949 පුරා විද්‍යා වාර්ෂික වාර්තාවේ සඳහන් කර ඇත.

මෙතුමා නිරවුල් කළ දාගැබ් කීපයක්‌ම වේ. මිහින්තලේ අම්බස්‌ථල දාගැබ කුටකණ්‌ණ තිස්‌ස රජු විසින් කරවන ලද ශිලා ෙච්තිය ලෙස ද මහාසෑය නමින් මිහින්තලේ ඇති දාගැබ මහාදාඨ§ක මහානාග රජු විසින් කරවන ලද අම්බස්‌ථල දාගැබ ලෙස ද හැඳින්වූ එතුමා මහා සෑයට යාබදව පිහිටි කුඩා දාගැබ උත්තිය රජු විසින් මිහිඳු මාහිමියන්ගේ භස්‌මාවශේෂ කොටසක්‌ නිධන් කොට නිම වූ දාගැබක්‌ බව කැණීම්වලින් සනාථ කළේය.
ෙ-තවනාරාමය හා අභයගිරිය යන දාගැබ් වරදවා නම් මාරු කර හඳුන්වා තිබිණි. මේ පිළිබඳව බෙල් මහතා ද මුලින් ම කරුණු දක්‌වා තිබිණි. පරණවිතාන මහතා සොයාගත් සෙල්ලිපි සාධක මගින් ඒවා නියමාකාරයෙන් තහවුරු කෙරිණි.

1948 දී පළ කළ ඨඹෂDE ඔධ ඡධඛධභභRඹඪA නම් ග්‍රන්ථයෙන් පොලොන්නරුවේ ඇති සියලුම ගොඩනැඟිලි පිළිබඳව ඒ වන විට කැණීම්වලින් හා සෙල්ලිපි මගින් සොයාගත් තොරතුරුවලට අනුව විස්‌තර කර ඇත. අදත් පොලොන්නරුවේ ඇති ගොඩනැඟිලි, පොකුණු හා සෙල්ලිපි පිළිබඳව නිවැරැදිව වටහා ගැනීමට හැකි වී ඇත්තේ සෙනරත් පරණවිතානයන් නිසාම ය.

අර්ථකථන සැපයීම්

ශ්‍රී ලංකාවේ නොයෙක්‌ අත පැතිරී තිබුණු කලා කෘති පිළිබඳව අවධානය යොමු කළ මෙතුමා ඒවා පිළිබඳව පිළිගත හැකි නිවැරැදි විචාරයන් සැපයීය. ඔහු කලා කෘතියක්‌ පිළිබඳව විග්‍රහ කරන විට ඒ අවට ඇති මුළු පරිසරයම එයට සම්බන්ධ කර ගනී. එතුමා සිතුවේ නිකම්ම ගල් කැටයමක්‌ කොතැනක හෝ රඳවන්නේ නැති බවයි. කලාකෘති තුළින් වනිත කරවන දේ පිළිබඳව එතුමා ප්‍රකාශ කළ අදහස්‌ හැම විටම දාර්ශනික ස්‌වරූපයක්‌ ගත්තේය.

1954 Aරඑසඉමි Asස්‌e සඟරාවේ 17 වන වෙළුමේ පළ කළ ඔයෑ Sසටබසසෙජ්බජැ දෙ Sසබය්කැse ඵදදබිඑදබැ නම් ලිපියෙන් සඳකඩ පහණ පිළිබඳව නව අර්ථකථනයක්‌ ඉදිරිපත් කළේය. එතෙක්‌ මෙතෙක්‌ උගතුන් සඳකඩපහණ පිළිබඳව ඉදිරිපත් කළ හොඳම අර්ථකථනය මෙය බව පිළිගැනේ. එමගින් සඳකඩපහණේ ඇති සියලු කැටයම් මෙන්ම එය අයත් වන පියගැටපෙළ ද එමගින් පිවිසෙන පූජනීය ස්‌ථානය ද එකම සංකේත පද්ධතියක අංග බව විස්‌තර කරයි.

සඳකඩ පහණේ පිටත අඩ කවයේ ඇති ගිනිදැල් කාමාග්නිය හා ක්‍රෝධාග්නිය සංකේතවත් වන ගනිගෙන දැවෙන සසර සංකේතවත් කරයි. ඇත්, ඇස්‌, ගව, සිංහ යන සත්ත්ව රූපාවලියෙන් ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සතර දැක්‌වේ. බෞද්ධ සාහිත්‍යයේ තණ්‌හාව ලතාවකට උපමා කර ඇති හෙයින් මෙහි ලියවැලෙන් තණ්‌හාව සංකේතවත් කරයි. ඊළඟ තීරුවේ එන හංස රූපාවලියෙන් අභිනිෂ්ක්‍රමණය හෙවත් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේලා (රහත් බව) දැක්‌වේ. මැද ඇති පියුම් පෙතිවලින් ශුද්ධාවාසය දක්‌වා ඇත. මෙම විග්‍රහයට අනුව සම්පූර්ණ සඳකඩපහණ ම සංසාරය පිළිබඳව සංකේතයකි. පද්මයෙන් පසු පියගැටපෙළ හමුවේ. එය පන්සලට පැමිණෙන සැදැහැවතුන් අධ්‍යාත්මිකත්වයට පිවිසෙන පියවර වේ. මේ සඳකඩ පහණ පිළිබඳව පරණවිතානයන්ගේ මතයයි.

විවිධ මතභේදයන්ට ලක්‌ වූ පල්ලව සම්ප්‍රදායට අයත් පොලොන්නරුව ගල් විහාරයේ හිටි පිළිමය පිළිබඳව එතුමා අදහස්‌ දැක්‌වීය. බොහෝ උගතුන් මෙය ආනන්ද ස්‌ථවිරයන්ගේ ප්‍රතිමාවක්‌ බවට තර්ක කළේය. සමස්‌ථ පරිසරය පිළිබඳව අදහස්‌ දක්‌වන පරණවිතාණ මහතා මෙහි වැඩ සිටින පද්මාසනය, කුණ්‌ඩිලාකාර හිසකෙස්‌, දිගට එල්ලෙන කන්පෙති, දෙඅත් තබාගෙන සිටින විලාසය ඔහුම හඳුන්වන ආකාරයට පරදුක්‌ඛ දුක්‌ත මුද්‍රdව හා අනෙකුත් බුද්ධ ප්‍රතිමා තුන ද සලකා මෙය බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිමාවක්‌ බව ඔප්පු කළේය.

පොලොන්නරුවේ පොත්ගුල් වෙහෙර අසල ඇති ප්‍රතිමාව පිළිබඳව පරණවිතාණයන්ගේ මතය වන්නේ මෙය පොලොන්නරු යුගයේ සිටි රජෙකුගේ රුවක්‌ බවයි. 1950 දී ඉදිරිපත් කළ එම මතය රාජකීය ආසියාතික සංගමයේ සඟරාවේ ංජඩසසස වන වෙළුමේ පළවිය. මෙහි දැක්‌වෙන්නේ පුස්‌කොළ පොතක්‌ නොවන බවත් රාජධූරයේ සංකේතයක්‌ වන රථ ධුරයක්‌ බවත් මෙතුමා දක්‌වයි. 1952 හා 1958 දී මේ පිළිබඳව වැඩිදුරටත් ප්‍රකාශ කළ අතර, ඒ සඳහා සංස්‌කෘත සාහිත්‍යයේ මහාග්‍රන්ථද්වයක්‌ වන මහාභාරතය හා රාමායණය ද උපයෝගී කර ගනී.

ඉසුරුමුණියේ ම ඇති අශ්ව හිස හා මිනිස්‌ කැටයම පිළිබඳව ද අගනා මතයක්‌ මෙතුමා ඉදිරිපත් කළේය. සමස්‌ත පරිසර පද්ධතියම පාදක කොටගත් මෙම අදහස ඉතාම දාර්ශනික වූවකි. මෙහි මිනිස්‌ රුව වර්ෂාවට අධිපති පර්ජන්‍ය නම් වූ වෛදික දෙවියාය. අශ්ව රුව මගින් පර්ජන්‍යගේ මිතුරු දෙවියා වන තාපයට හා ගින්නට අධිපති අග්නි දෙවියා පෙන්වයි. ඉසුරුමුණියේ විහාරයට ඉදිරිපසින් ඉතා විශාල සශ්‍රීක වෙල්යායක්‌ තිබී ඇති බවත් ගොවිතැන සඳහා තාපය හා වර්ෂාව යන දෙකම අවශ්‍ය බවත් එනිසා මෙම ගල් කැටයම මගින් පර්ජන්‍ය හා අග්නි නිරූපණය කර ඇති බවත් ඔප්පු කර පෙන්වීමට මෙතුමා සමත් වී ඇත. මෙම කලා කෘතිය එම වෙල් යාය දෙස බලා සිටින ආකාරයට කරවා තිබේ. එසේම පර්ජන්‍ය දෙවියන් ලංකාවාසීන්ගේ වන්දනයට පාත්‍ර වූ බව ඩ වන කාශ්‍යපගේ අභයගිරි ලිපියෙන් ද සනාථ වේ.

සිSගිරිය හා සෙනරත් පරණවිතාන

පරණවිතාන මහතාගේ පුරාවිදු පර්යේෂණ වැඩිපුරම සිදු කෙරුණේ ලංකාවේ ඉපැරැණි රාජධානියක්‌ වූ සීගිරිය මුල් කර ගෙනය. ඒ පිළිබඳව පොදු ජනයාට මෙන්ම උගතුන්ට දැන ගැනීම පිණිස පළ කළ ලිපි ලේඛන ප්‍රමාණය අති විශාලය. අන්තරාලීන ලිපි මගින් "සිහගිරි විතර" නමින් සීගිරිය පිළිබඳ ව වටිනා විස්‌තර ඇතුළත් ක්‍රි. ව. 7 වැනි සියවසේ ෂෂ වන අග්බෝ සමයේ ලියෑවුණු ලේඛනයක්‌ සොයා ගැනීමට හැකි විය. 1972 දී එළිදැක්‌වූ ග්‍රන්ථයක්‌වන ඔHE SඔධRශ ධF SෂඨෂRෂ එම "සිහගිර විතර" නම් කෘතියේ ඉංග්‍රීසි අනුවාදයයි. මහවංසයේ සඳහන් නොවන නව අදහස්‌ රාශියක්‌ කාශ්‍යප හා සීගිරිය පිළිබඳව මෙම ග්‍රන්ථයේ ඇතුළත් වේ. තවද "පරම්පරාපුස්‌තක" නම් නිබන්ධනයකින් ද කාශ්‍යප, ධාතුසේන හා මුගලන් පිළිබඳව ඓතිහාසික තොරතුරු රැසක්‌ හෙළි කළේය. අන්තරාලීන ලිපි පාදක කොට ගත් මෙම කරුණු පිළිබඳව බොහෝ උගතුන් සැක පහළ කරති. එහෙත් පරණවිතානයන් කවදත් සිය මතය නොබියව ප්‍රකාශ කළේය.

සීගිරියේ උද්‍යානය, දිය අගල්, පවුරු ආදී අවශේෂ සෑම නටබුන් වූ ස්‌ථානයකම කැණීම් කර ප්‍රකෘතිමත් කිරීමට සිය කාලය මිඩංගු කළේය. මෙහි බිතුසිතුවම් වරක්‌ කලහකාරී පිරිසක්‌ විනාශ කළ අතර, ඉතාලි ජාතික ලුසියානෝ මරන්සි නමැති විද්‍යාඥයා ගෙන්වා ඒවාට හදිසි ප්‍රතිකර්ම යෙදීය. බිතුසිතුවම් මත තවරා තිබූ තාර ඉවත් කරවීය. එතෙකින් නොනැවතී ඉන්දියාවෙන් ඛාන් බහදූර් සනාඋල්ලා නමැති විද්‍යාඥයා ගෙන්වා තවදුරටත් සංරක්‍ෂණය කළේය. ඔහු සිය ඇස්‌දෙක මෙන් සීගිරි බිතු සිතුවම් රැක ගත්තේය.

සීගිරිය ඉතිහාසය පුරාම බලකොටුවක්‌ ලෙස ප්‍රචලිතව තිබිණි. මෙහි පිහිටීම හා පරිසරය පරීක්‍ෂා කිරීමෙන් අනතුරුව මෙය බළකොටුවක්‌ නොව කලා රසිකත්වයෙන් පිරි කාශ්‍යප රජුගේ මාලිගය බවට අදහස්‌ දැක්‌වීය. කාශ්‍යප රජු දේවරාජයෙක්‌ ලෙස වැජඹීමට සිතා මතාම ඉදිකළ පර්වත රාජධානියක්‌ බව පෙන්වා දුන්නේය. මහාවංසයේ සඳහන් "කත්වා රාජඝරං තත්ථ දස්‌සනෙයHං මනෝරමං දුතියාලකමන්දාච කුවේරෝව තහිං වසි"යන පාඨයට අනුව "කාශ්‍යප රජතුමාගේ මාළිගය දෙවැනි ආලකමන්දාවක්‌ සේ තනවා එහි කුවේරයා මෙන් වාසය කළේය" යෑයි පෙන්වා දුන්නේය. කුවේර යනු ධනයට අධිපති දෙවියාය. හිමාලයේ කෛලාස පර්වතයේ ආලකමන්දාව නමැති මාලිගයේ ඔහු වාසය කරයි. එහි දොරටුව මුර කරන්නේ සංඛමනී හා පද්මනිධි යන බහිරවයන් දෙදෙනාය. කෛලාස පර්වතය මානස විලට ඉහළින් නැඟී සිටී. පරණවිතාන මහතා කෛලාසකූටයට සීගිරි පරවතය සමාන කළේය. ආලකමන්දාභවනට සීගිරියේ මාලිගය සමාන කළේය. මානස විලට සීගිරි වැව සමාන කළේය. හිමාලයේ කෛලාස පර්වතය වටා නිතර මේඝයන් හා විදුලි කෙටීම්වලින් යුත් බවත් ඒ බව සීගිරියේ මවා පෑමට සංකේතාර්ථයක්‌ ලෙස නිල්වන් කාත්නා රූප හා රන්වන් කාන්තා රූප අන්දවා ඇති බවත් පරණවිතානයන්ගේ මතය වේ. රන්වන් ලියන්ගෙන් විදුලියත්, නිල්වන් ලියන්ගෙන් මේඝයත් පෙන්වා ඇති බව දක්‌වන පරණවිතාන මහතා එම කතුන් මේඝලතාවන් හා වි-ජුලතාවන්ගේ සංකේත බව ඉදිරිපත් කළේය. එසේම කාශ්‍යප රජු අලකාපුර අධිපති කුවේරයා මෙන්ම ජීවත් වූ බව "තිඹිරු වැව" සෙල් ලිපියෙන් ද ඔප්පු කළේය. එහි එන "කසබල අලකපය මහරCධ" යන පාඨය "අලකාධිපති කසුප් මහ රජ" යන අදහස තහවුරු කරන බව ද පෙන්වා දුන්නේය.

නව අදහස්‌

1961 දී පුරා විද්‍යා ක්‍ෂේත්‍රයේ මෙන්ම සාහිත්‍ය ක්‍ෂේත්‍රයේ ද කළ අතිමහත් පර්යේෂණවලින් බුදුන්වහන්සේ ලංකාවට වැඩිය බව ප්‍රකාශ කිරීමට සමත් විය. ඔහු යමක්‌ පවසන්නේ ඉතිහාසයේ එන නිසා හෝ මූලාශ්‍රය ග්‍රන්ථවල සඳහන්වන නිසා නොව පැහැදිලිව ඔප්පු කළ හැකි සාක්‍ෂි ඇති නිසා ය. මේ අයුරින්ම මහවංසය ද පර්යේෂණයට ලක්‌ කරමින් එහි වසර හැට ගණනක රාජවර්ෂ වැරදි බව පෙන්වා දී එම ස්‌ථාන නිවැරැදි කළේය. පුරාවිද්‍යාත්මක ගවේෂණවලින් හා ඉතිහාසය පිළිබඳව කළ පර්යේෂණ තුළින් ලත් නව දැනුම උපයෝගී කර ගෙන 1959 දී ලංකා ඉතිහාසය අලුතින් ලිවීය. "ලංකා විශ්වවිද්‍යාල ලංකා ඉතිහාසය" නමින් ප්‍රකාශයට පත් කළ කාණ්‌ඩ දෙකකින් යුතු මහා ග්‍රන්ථය එයයි. 1959 දී ෂ කාණ්‌ඩයත්, 1960 දී ෂෂ කාණ්‌ඩයත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් පළ වූ අතර මෙහි සංස්‌කාරකවරයා වූයේ ද මෙතුමාය. බොහෝ උගතුන්ගේ ලිපි ඇතුළත් කර ඇති මේ ග්‍රන්ථයට වැඩිම ලිපි ප්‍රමාණයක්‌ ඉදිරිපත් කළේ ද පරණවිතාන මහතා ය. මෙම ඉතිහාස ග්‍රන්ථය අදටත් ලංකා ඉතිහාසය පිළිබඳව පළ වූ ඉහළ ම කෘතිය ලෙස අවිවාදයෙන් පිළිගැනේ. විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙන්ම ශිෂ්‍යයන් ද දැනටත් මෙම ඉතිහාස ග්‍රන්ථය පරිශීලනය කරනු ලබයි.

පුරාවිද්‍යා සාක්‍ෂි මගින් පැරැණි ඉතිහාසය අලුත් කළ මෙතුමා 1968 දී ඉංග්‍රීසි භාෂාවෙන් ප්‍රකාශයට පත් කළ Sෂභ්‍යAඛAශධ ග්‍රන්ථයට පාදක කර තිබුණේ ද ගවේෂණ මගින් සොයාගත් අලුත් කරුණු ය. මෙය සිංහලය ජාතියටම ආඩම්බර විය හැකි අගනා කෘතියකි.

1958 දී ප්‍රකාශයට පත් කළ .ඔHE ඨධෘ ධF ඔHE ADAඵ.S ඡෑAණ. නම් ග්‍රන්ථයෙන් සමනළ කන්දේ සමන් දෙවියන් පිළිබඳව නව මතයක්‌ ඉදිරිපත් කළේය. පුරාවිද්‍යාත්මක කරුණු හා සංස්‌කෘත සිංහල, සාහිත්‍ය ග්‍රන්ථ රාශියක්‌ විධිමත් ලෙස පර්යේෂණයට ලක්‌ කළ එතුමා මිනිසුන් සමන් දෙවියන් කියා වන්දනා කරන්නේ "යම" හෙවත් "වෛශ්‍රවණ" ට බව පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාවේ නින්දගම්, විහාර දේවාල ගම් හා නියම්ගම්වල නම් වෙනස්‌ කිරීම පිළිබඳව ප්‍රශ්නයක්‌ ඇති වුවහොත් රජයේ නිලධාරීන් සොයා ආවේ පරණවිතාන මහතාව ය. ලංකාවේ අද දක්‌නට ලැබෙන නගර හා ගම් රාශියකම නිවැරදිව නම් යෙදීම සිදුවී ඇත්තේ මෙතුමාගේ මැදිහත්වීම යටතේ බව දන්නා අය අද නැත. ලංකාවට නිදහස ලබා දුන් ජාතික සටනේ ද පිටුපස සිටි වීරයෙක්‌ වශයෙන් මෙතුමා හැඳින්විය හැකිය. 1931 දී CEශඛධභ ඛෂඔERARශ REඨෂීඔER ඪදකථෂ හි පළකළ ,ඪසකක්‌ටැ ඤපපමබසඑසැs දෙ Ceහකදබ, නම් ලිපියෙන් මෙරට පැවැති ගම්සභා පාලන ක්‍රමය පිළිබඳව අගනා තොරතුරු රැසක්‌ ඉදිරිපත් කළේය. මෙරට ජනතාවට නිදහස ලබා දුන් පසු ස්‌වතන්ත්‍ර පාලනයක්‌ ගෙන යැමේ හැකියාව ඇති බව ඉංග්‍රීසි පාලකයන්ට තේරුම් යන්නට මෙවැනි ලිපි මගින් නිහඬ සේවයක්‌ සිදුවිය. මෙතුමා කළ නිහඬ සේවය ද අද දන්නා අය විරලය.

ඔහු පුරාවිද්‍යා කටයුතු කළේ අද මෙන් දියුණු අවදියක නොව, අනුරාධපුරය, පොලොන්නරුව, දඹුල්ල, අම්පාර, සීගිරිය ආදී පෙදෙසේ කැලෑවෙන් වැසී මැලේරියාව පැතිරී තිබූ අවධියකය. පර්යේෂණ සඳහා මහ කැලෑවලට ගිය එතුමාට මැලේරියාව සෑදී අධික ලෙස රෝගාතුර වී කොළඹට ගෙන ආ අවස්‌ථා බොහෝ ය. අරංකැලේ, රිටිගල ආදී ස්‌ථානවල නටබුන් සොයමින් සිය සේවකයන් සමඟ සැතපුම් ගණන් පයින් ඇවිද්දේය. වර්තමානයේ වැළලුණු නගර හා පුරාවස්‌තු සෙවීමට ගුවන් ඡායාරූප හා අධෝරක්‌ත කිරණ ඡායාරූප යොදා ගනී. පරණවිතාන මහතාගේ කාලය එවන් පහසුකම් නොතිබුණු අවදියකි. එවන් පසුබිමක්‌ මත සිට එතුමා හෙළි පෙහෙළි කළ පිළිබඳව වර්තමාන පුරාවිද්‍යාඥ හා ඉතිහාසඥයන් එතුමාට සදා ණය ගැතිය. පුරාවිදු වැඩබිම්වලදී එතුමා සේවකයන්ගේ වෙහෙස නිවා ගැන්මට නතර වූ අවස්‌ථාවලදී අභිධර්මය වැනි ගැඹුරු මාතෘකා සාකච්ඡා කළේය. ද්‍රවිඩ සේවකයන්ට ද්‍රවිඩ බසින් ඉතිහාසය ආදී කරුණු කියා දුන්නේය. ඒ ක්‍රම තුළින් සේවකයන්ගේ වෙහෙස නිවා ගැනීමටත් දිරිය වැඩීමටත් හේතු විය.

බාහිර ලෝකයේ ප්‍රශ්න නොතිබූ මෙතුමාට තිබූ ප්‍රශ්න වූයේ කැලෑ වැවී තිබූ ස්‌මාරක, ගරාවැටුණු ගොඩනැඟිලි, සඳකඩපහණ්‌, මුරගල්, පොකුණු, සෙල්ලිපි හා පැරැණි රාජධානි ආදියයි. එමෙන්ම පරම්පරා ගණනක්‌ පැවත ආ ජනප්‍රවාද හා ඉතිහාස කථාන්තරයි. ඔහු මේ පුරාවස්‌තු තුළින් හා සාහිත්‍යය තුළින් අතීත රජවරුන්ගේ කම්කරුවන්ගේ හා කලා ශිල්පීන්ගේ හදවත දුටුවේය.

පුරාවිද්‍යා ලෝකයට මේ සා හපන්කම් කිරීමට එතුමාට හැකි වූයේ පාලි, සංස්‌කෘත, සිංහල, දෙමළ, තෙලිඟු, ඉංග්‍රිසි හා ප්‍රංශ භාෂාවල දැනුම තුළින් ය. සංස්‌කෘත සාහිත්‍යයේ පරතෙරට ගිය ඔහු "ජානකීහරණය" නම් මහා සංස්‌කෘත කාව්‍යයේ වැරදි තැන් දැක ගොඩකුඹු මහතා සමඟ එක්‌ වී එය නැවත සංස්‌කරණය කොට මුද්‍රණය කරවීය. එතුමාට මහාභාරතය හා රාමායණය කඩපාඩමින් කිව හැකි විය. සංස්‌කෘත භාෂාව කෙරෙහි හසල බුද්ධියක්‌ තිබූ මෙතුමා මුළු සංස්‌කෘත සාහිත්‍ය ලෝකයම කළතා අතට ගත් උගතෙකු වශයෙන් හැඳින්විය හැකිය.

ඔහුගේ විචාරයට හසු නොවූ නරපතියෙක්‌, දෙවියෙක්‌, යක්‍ෂයෙක්‌, බහිර වයෙක්‌ නොමැති තරම් ය. ඔහුගේ පර්යේෂණයට ලක්‌ නොවූ රාජධානියක්‌, අභිලේඛනයක්‌ හෝ කලා කෘතියක්‌ නැත. මෙරට පමණක්‌ නොව අවශේෂ රාජධානිවල ජාතින්ගේ ඉතිහාසය පිළිබඳව ඔහු හොඳින් දැන සිටියේය. පරණවිතාන මහතාගෙන් සිදුවූ අවසාන පුරාවිද්‍යා සේවය නම් ඔහු සතුව තිබූ ධනය 1972 ජුනි 28 දා අන්තිම කැමැති පත්‍රයක්‌ මගින් පුරාවිද්‍යාව හදාරන විශ්වවිද්‍යාල සිසුන්ට ශිෂ්‍යත්ව සඳහා පරිත්‍යාග කිරීමයි

මෙම ශ්‍රේෂ්ඨ පඬිවරයා පුරාවිද්‍යාව නිසා බැබලුණේ නැත. මෙතුමාගෙන් පුරාවිද්‍යාව බැබලුණි. මෙවන් පඬිවරුන් පහළ වන්නේ ජාතියේ පිනටම ය.

ටී. ආර්. අග්‍රා දමයන්ති කුමාරි
කැලණිය විශ්වවිද්‍යාලය

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v