සකිසඳ පෙනේ සමනොළ ගල නැගෙනහිර

ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් පිහිටුවා වදාළ ශ්‍රීපාද ලාංඡනය සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ නොමද ගෞරවයට පාත්‍ර වූ පූජා වස්‌තුවකි. එකී සිරිපා පියුම කරුණාකරන සමය පුරාණ චිරාගත සම්ප්‍රදායානුකූලව උඳුවප් මස පසළොස්‌වක පොහොයෙන් ආරම්භ වී වෙසක්‌ පුර පොහෝ දිනයෙන් අවසන් වේ. මෙකී සමය තුළ බෞද්ධාබෞද්ධ සියලු දනන්හට මහත් වූ සතුටක්‌ සේම විනෝදයක්‌ ගෙන දෙන අතර බෞද්ධයන්ගේ ශ්‍රද්ධා භක්‌තිය තව තවත් වැඩිදියුණු කරනු ලබයි.

ඓතිහාසික මූලාශ්‍ර

බුද්ධත්වයෙන් අට වැනි වර්ෂයේදී ලක්‌දිවට තෙවැනි වරට වැඩම කළ බුදුරජාණන් වහන්සේ කැලණියේ සිට සමන්තකූඨයට වැඩ සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව පරිදි එහි වූ ඉJද්‍ර නීල මාණික්‍යයක්‌ මත පාද ලාංඡනය පිහිටුවා වදාළ බව මහාවංශය (සංස්‌. පොල්වත්තේ බුද්ධදත්ත නාහිමි 1950) සඳහන් කරයි. එය මෙසේය.

තත්ථ ධම්මං දෙසයිත්වා

සත්ථා ලෝකානුකම්පකෝ

උග්ගන්ත්වා සුමනේ කූටේ

පදං දස්‌සේහි නායකෝ..

(1 වැනි පරිච්ඡේදය, 77 වැනි ගාථාව)

බුදුරජාණන් වහන්සේ සමන් කුල මුදුනට වැඩියේ අහසින් බවත්, උන්වහන්සේ එහි පිහිටුවා වදාළේ වම් ශ්‍රී පාදේ ලාංඡනය බවත් උන්වහන්සේ සංඝයා වහන්සේලා පිරිවරා ගෙන සමන් කුල පාමුල සුවසේ දිවා විහරණය කළ බවත්, ඉක්‌බිතිව උන්වහන්සේ ඇතුළු සංඝයා වහන්සේලා දීඝවාපියට වැඩිය බවත් මහාවංශය සඳහන් කරයි.

බුදුරජාණන් වහන්සේ ධර්මාන සමය තුළ උන්වහන්සේ විසින් ලක්‌දිවෙහි ශ්‍රී පාද ලාංඡන තුනක්‌ පිහිටුවා වදාළ බව මහාවංශය වැඩිදුරටත් පෙන්වා දෙන අතර, අනෙකුත් ස්‌ථාන ගැන සඳහන් වනුයේ අමාවතුර, පූජාවලිය, සද්ධර්මාලංකාරය හා චීන ජාතික පාහියන් භික්‍ෂුවගේ දේශාටන වාර්තා (A රුජදරා දෙ ඊමාdසිඑසජ ණසබාදපි) වලය. මෙකී ග්‍රන්ථ මගින් ශ්‍රී පාද ලාංඡනය නාගදීපයේ හා කැලණි නදියේ පත්ලේ පිහිටුවා වදාළ බව කියෑවේ. එනමුත් සිරිපා වන්දනාවේදී භාවිත කරන පාලි ගාථාවේදී මීට හාත්පසින්ම වෙනස්‌ වූ අරුතක්‌ ගම්‍ය වේ.

යන්නම්මදාය නදියා පුලිනේච තීරේ

යං සච්ච - බද්ධ ගිරිකේ සුමනාචලග්ගේ

යං තත්ථ යෝනකපුරේ මුනිනෝච පාදං

තං පාද ලාංඡන මහං සිරසා නමාමි

(සිරිපා ගාථාව)

මෙකී ගාථාවෙන් ගම්‍ය වන ආකාරයට සතර ශ්‍රී පාද ලාංඡන අතුරෙන් එකක්‌ නර්මදා නදියේ වැලි තලාවේය. අනෙක සියම් දේශයේ සච්චබද්ධ පර්වතයේ ය. අනෙක ලක්‌දිව සමන් කූඨ පර්වතයේ ය. අනෙක යෝනකපුරයේ පිහිටුවා වදාළේය.

සිරිපා වැඳ පුදා ගත් ලක්‌දිව රජවරුන් හා ඔවුන්ගේ පුද පූජා

පළමුව සිරිපා වැඳ පුදා ගත් රජු වශයෙන් වට්‌ටගාමිණී අභය රජතුමා (ක්‍රි. පු. 29 - 17) ඉතිහාස ගත වේ. ඉක්‌බිතිව සිව්වැනි මිහිඳු රජතුමා (ක්‍රි. ව. 956 - 972) ද, ශ්‍රී සංඝබෝධි විජයබාහු රජතුමා (ක්‍රි. ව. 1059 - 1114) ද මහා පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි. ව. 1155 - 1186) ද, කීSර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා (ක්‍රි. ව. 1187 - 1196) ද, පණ්‌ඩිත පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි. ව. 1236 - 1271) ද, බෝසත් විජයබාහු රජතුමා (ක්‍රි. ව. 1232 - 1236) ද, ශ්‍රී සංඝබෝධි (හයවැනි) පරාක්‍රමබාහු රජතුමා (ක්‍රි. ව. 1410 - 1468) ද, වීරවික්‍රම (වික්‍රමබාහු) රජතුමා (ක්‍රි. ව. 1542) ද දෙවැනි විමලධර්මසූරිය රජතුමා (ක්‍රි. ව. 1687 - 1707) ද , ශ්‍රී විජයරාජසිංහ රජතුමා (ක්‍රි. ව. 1747 - 1782) ද රාජාධිරාජසිංහ රජතුමා (ක්‍රි. ව. 1780 - 1798) ද සිරිපා වැඳ පුදා ගත්හ.

පුරාණයේදී සිරිපා වැඳ පුදා ගැනීමට පැමිණි ලක්‌දිව රජවරුන් විසින් පුද පූජා පවත්වා ශ්‍රී පාද ස්‌ථානයේ හිතසුව පිණිස සේම වන්දනාකරුවන්ගේ හිතසුව පිණිසත් යම් යම් රාජකාරි ඉෂ්ඨ සිද්ධ කොට පිහිටුවන ලද සෙල්ලිපි දහයක්‌ පමණ මේ වන විට සොයා ගෙන ඇත. ඉන් සෙල්ලිපි දෙකක්‌ ශ්‍රී සංඝබෝධි විජයබාහු රජතුමා විසින් ද, අනෙක්‌ සෙල්ලිපි අටක්‌ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමා විසින් ද පිහිටුවන ලද බව රාජකීය පණ්‌ඩිත කිරිඇල්ලේ ඥානවිමල නාහිමි තම සපරගමු දර්ශනයට නම් වූ මාහැඟි ශාස්‌ත්‍රීය කෘතිය මගින් පෙන්වා දෙයි.

පුරාණයේ සිට කුරුවිට, එරත්න, ගිලීමලේ, පලාබද්දල ඔස්‌සේ දියබෙත්ම හරහා වැටී ඇති සපරගමු මාර්ගය හා පඬූවස්‌නුවර , ගම්පල, අඹන්ගමුව, අළුත්ඔය ශීත ගඟුල හරහා වැටී ඇති රජරට මාර්ගය සිරිපා වන්දනාවේ යැමට තිබූ මාර්ග දෙක වේ. පුරාණයේ සිරිපා වැඳපුදා ගනු වස්‌ සේම ගවේෂණය කරනු වස්‌ පැමිණි විදේශිකයන් සපරගමු මාර්ගයෙන් උඩ මළුවට නැග ගම්පල මාර්ගයෙන් බැස ගිය බව ශ්‍රී සංඝබෝධි විජයබාහු රජතුමා හා කZSර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා විසින් පිහිටුවන ලද සෙල් ලිපිවලින් ද වංශකතා වලින් ද හෙළි වේ.

ක්‍රි. ව. 1059 දී රාජ්‍යත්වයට පත්ව සොලීන් පලවා හැර මුළු ලක්‌දිව (තුන් සිංහලයම) එක්‌සේසත් කළ ශ්‍රී සංඝබෝධි විජයබාහු රජතුමා කුරුවිට, එරත්න, ගිලීමලේ, පලාබද්දල ඔස්‌සේ දියබෙත්ම හරහා වැටී ඇති සබරගමු මාර්ගය මතින් සිරිපා වන්දනාවේ යන වන්දනාකරුවන්ගේ ප්‍රයෝජනය පිණිස දාන ශාලා ඉදිකළ බවත්, ශ්‍රීපාදස්‌ථානයට ගම්වර (ගිලීමලේ හා බඹරකොටුව යනාදී ගම්) පූජා කළ බවත් අඹගමුව සෙල්ලිපියේ සඳහන් වේ.

මේ පිළිබඳ මහාවංශයේ මෙසේ සඳහන් වේ.

සමන්තකුලසෙලඨං මුනින්ද පදලාංඡනං

පණමත්ථාය ගච්ඡන්තා මනුස්‌සා දුග්ගමCඳ්ජයේ

සබ්බේ මා කිලමත්තු තී දානවට්‌ටාන දාපහි

සාලික්‌ඛෙත්තාදිසම්පන්නං ගිලිමලය නාමකං

(58 වැනි පරිච්ඡේදය 64 - 65 වැනි ගාථා)

ක්‍රි. ව. 1096 දී සිරිපා වැඳ පුදා ගත් ශ්‍රී සංඝබෝධි විජයබාහු රජතුමා රජරට මාර්ගයෙන් බැස යන විටදී ගිලීමලය හා අඹගමුව යන ස්‌ථානවල සෙල් ලිපි දෙකක්‌ පිහිටුවා ඇත. මෙයින් අඹගමුව සෙල් ලිපිය ඉතා වැදගත් ය. පේළි පනස්‌අටකින් සමන්විත මෙම සෙල් ලිපිය මගින් ඉතා වැදගත් වූ ඓතිහාසික කරුණු රාශියක්‌ අනාවරණය වේ.

අඹගමුව සෙල්ලිපියේ මුලින්ම සඳහන් වනුයේ ශ්‍රී සංඝබෝධි විජයබාහු රජතුමා සොලී බලය සුන්කර දමා කළ පින්කම් යනාදියෙන් "පදලස්‌දා" පාද ලාංඡනය ධාතුන් වහන්සේට රන් රිදී වලින් පිදූ බවත්, කොඩි සේසත් එහි නැංවූ බවත් ය. මෙම සෙල් ලිපියේ අග කොටසින් ඉතා වැදගත් වූ කරුණු රාශියක්‌ අනාවරණය වේ. පස්‌මහා දෙසින් යුතු වරදක්‌ වුවද කර සිරිපා අඩවියට වැදුණු වරදකුරුවකු ඇල්ලීමට පුළුවන් වනුයේ සීමාවෙන් පිටතදී බවත්, එසේ වරදකරුවෙකු නිලධාරීන් ඉදිරියට පමුණුවනුයේ නම් එසේ කළ හැකි වනුයේ සීමාවෙන් පිටතදී බවත් මෙම සෙල්ලිපියේ සඳහන් වේ. මෙමගින් ශ්‍රී සංඝබෝධි විජයබාහු රජතුමා ශ්‍රීපාදස්‌ථානයට කෙතරම් ගරුසරු දැක්‌වූවාද යන්න මනාව පැහැදිලි වේ.

අඹගමුව සෙල් ලිපියෙන් පසුව සමන්කූඨය පිළිබඳව වැදගත් වූ ඓතිහාසික කරුණු රාශියක්‌ අනාවරණය වන පුරාණ ලියකියවිල්ලක්‌ හමුවනුයේ කීර්ති ශ්‍රී නිශ්ශංක මල්ල රජතුමා විසින් පිහිටුවන ලද පොලොන්නරුවේ හැටදාගේ සෙල් ලිපියෙහිය.

ලක්‌දිවෙහි නොයෙකුත් ප්‍රසිද්ධ ස්‌ථාන ද සමනොල ආදී වූ ගිරි දුර්ග ද රජතුමා විසින් අලුත්වැඩියා කළ බව එහි සඳහන් ය. සමනොල කන්දේ භගවා ලෙන නමින් හඳුන්වනු ලබන තැනෙහි කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමා සිරිපා වැඳ පුදා ගත් අයුරු විදහා දැක්‌වෙන රූ සටහනක්‌ ද වගන්තියක්‌ ද ගලෙහි කොටා ඇති බව ද සඳහන් ය.

කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල රජතුමාගේ සිරිපා වන්දනාව හා පුද පූජා පිළිබඳව මහාවංශයේ මෙසේ සඳහන් වේ.

"තවද විජයබාහු රජගේ යුව රජ වූ කාලිංග වංශ වූ කීර්ති නිශ්ශංක නම් කැත් තෙමේ ඔහු මරවා ලංකා රාජ්‍යය ගත්තේය. හේ පෘථිවිශ්වර තෙමේ භක්‌ති පුරඃසරව චතුරංගනී සෙනඟ පිරිවරා සමන්කූළු පව්වට ගොස්‌ යහපත්ව වැඳ පුදා ආයේ, සකල තාම්‍රපර්ණී ද්වීපයෙහි පුෂ්පාරාම හා ඵලාරාමයන් ද යහපත්වූ අනේක සභාවන් ද මනා කොට කරවූයේ ය. මෙසේ නා නා විධ පුණ්‍යකර්මයන් හා පින් රැස්‌ කරන්නා වූ හේ තෙමේ නව සංවත්සරයක්‌ මනා කොට රාජාවුශාසනා කළේය."

(අභයරත්න - සංස්‌( 369 වැනි පිටුව)

මේ පිළිබඳව පූජාවලියේ මෙසේ සඳහන් වේ.

"කාලිංගයෙන් ආ කීර්ති නිශ්ශංක නම් රජ පොලොන්නරුවෙහි රුවන්වැලි දාගැබ බඳවා කොත් පළඳවා මළුවෙහි ශෛලමය දළදා ගෙය සැට පැයකින් කරවා, එහිම වටදාගෙය කරවා, බලසෙන් සමඟින් සමනොල ගොස්‌ බුදුන්ගේ ශ්‍රී පාද වැඳ බොහෝ පින් රැස්‌ කොට නව අවුරුද්දක්‌ රාජ්‍යය කළේය."

(උද්දේසික පූජා කතාව)

දඹදෙණි යුගයේ රජකම් කළ දෙවැනි පරාක්‍රමබාහු රජතුමා ශ්‍රී පාදය අවට ගව් දහයක්‌ පමණ තැන්වල පිහිටි ගම් කීපයක්‌ම පූජා කළ බවත්, මැණික්‌ ආභරණවලින් සිරිපා පිදූ බවත්, සමන් දෙවියන්ගේ පිළිරුවක්‌ කරවා එය රන් රුවනින් සැරසූ බවත්, වන්දනාකරුවන්ගේ හිත සුව පිණිස ඒදඬු පාලම්, අම්බලම් යනාදිය ඉදිකරවූ බවත් මහාවංශයේ සඳහන් වේ.

පසු කලෙක සීතාවක රාජසිංහ රජතුමා (ක්‍රි. ව. 1554 - 1597) ආඬිගුරුන්ට සිරිපා ආදායම ගන්නට නියම කළ බවත් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා මිත්‍යාදෘෂ්ඨ§කයන් පළවා හැර යථා තත්ත්වයට පත් කළ බවත් පුරාණ ලියකියවිලිවලින් කියෑවේ.

සිරිපා නැගි විදේශිකයෝ

ඉන්දියානු ජාතික වජ්‍රබෝධි හිමි ක්‍රි. ව. 639 දී, අරාබි ජාතික සුලෙයිමාන් ක්‍රි. ව. 851 දී, අරාබි ජාතික අබුසෙයියාද්හසාන් ක්‍රි. ව. 911 දී, අරාබි ජාතික ඉබික්‌ බටුවා ක්‍රි. ව. 1347 දී, ජර්මාන් ජාතික ඩැනියෙල් පාර්කේ ක්‍රි. ව. 1684 දී, ඕලන්ද ජාතික හෛඩ්ට්‌ ක්‍රි. ව. 1737 දී, ඉංග්‍රීසි ජාතික ෙ-ම්ස්‌ හෝල්මන් (මොහු අන්ධ පුද්ගලයෙකි) ක්‍රි. ව. 1830 දී, ශ්‍රීමත් රොබට්‌ හෝර්ටන් ආණ්‌ඩුකාරතුමා ක්‍රි. ව. 1836 දී, ඉංග්‍රීසි ජාතික එච්. වේස්‌ දිසාපතිවරයා ක්‍රි. ව.1886 දී සිරිපා නැගි බවට වාර්තා වේ.

සිරිපා කන්දේහි භූ විෂමතා

සමනොල කන්දේහි උස මුහුදු මට්‌ටමේ සිට අඩි 7341 කි. සමනොල කන්ද සබරගමුව පළාත සේම මධ්‍යම පළාතට ද මායිම්ව පිහිටා තිබේ. මෙය දිස්‌ත්‍රික්‌ක දෙකකට (රත්නපුරය හා නුවරඑළිය) අයත් ය. එසේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංගා හතර වන මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා ආරම්භ වනුයේ ද සමනොල කන්දෙන් යෑයි ජනප්‍රවාදයේ සඳහන් ය.

සිරිපා වන්දනාව (ක්‍රි. ව. 1920 ට පමණ පෙර)

මෙය වූ කලී අතිශය දුෂ්කර වූත්, අතිශය අවිනිශ්චිත වූත් ගමනකි. මීට හේතුව වනුයේ මෙම ගමන ජීවිතයත් මරණයත් අතර කෙරෙන සටනක්‌ වීමයි. එනමුත් වෙනත් වන්දනා ගමන් මෙන් නොව සිරිපා වන්දනාව ගැමියන් අතර මහත් ගෞරවයට හා ශ්‍රද්ධාවට පාත්‍ර වුවකි. මෙය ඔවුන් හැඳින්වූයේ "සිරිපා කරුණා" කරනවා යනුවෙනි.

එකල ගැමියෝ සිරිපා කරුණා කිරීමට සූදානම් වන විට සිය වතුපිටි හරකාබාන විකුණා දමා සියලුම යුතුකම් ඉටුකොට දමා යැමට වගබලා ගත්හ. එහි අරමුණ වූයේ තමන්ට නැවත ගම්බිම් බලා පැමිණීමට නොහැකි වෙතැයි පැවැති බියයි. මෙයින් එකල්හි සිරිපා ගමනෙහි වූ දුෂ්කර හා ගුප්ත බව මැනවින් පැහැදිලි වේ.

අපේ බුදුන් අපි වදින්ඩ කරුණාවයි.... කරුණාවයි.

වඳින්ට යන මේ නඩේට.... සුමන සමන් දෙවි පිහිටයි.....

වැඳල බහින මේ නඩේට සම්මා සම්බුදු සරණයි.

වඳින්න යන කිරි කෝඩුට බුද්ධං සරණේ සරණයි......

වැඳලා බහින කිරිකෝඩුට සම්මා සම්බුදු සරණයි.....

වඳින්ට යන දඬු කෝඩුට සුමන සමන් දෙවි පිහිටයි.

මහ දිසාවේ බංඩාර ඇටිපොළ

 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v