තායිවානය සමග සාමකාමී ලෙස
කටයුතු කිරීමට චීනය කැමැත්ත දක්‌වයි


තායිවානය

මේ දිනවල තායිවානයේ සංචාරයක නිරතව සිටින චීන නියෝජිත චෙං යුංලිං පවසා සිටියේ තායිවානය සමග සාම මාවතට පිවිසීමට සූදානම් බවය. තායිවානය සමග සබඳතා පැවැත්වීම පිළිබඳ සංගමයේ සහායක වශයෙන් කටයුතු කරන්නේද ඔහුය. එහෙත් තායිවාන ජනතාව ඊට පෙර දින උද්ඝෝෂණය කළේ තායිවානය රජය චීනය සමග සමීප සබඳතා පැවැත්වීමට එරෙහිවය.

චීන නියෝජිතයා සිටින හෝටලය වැටලීමට ජනතාව උපරිම උත්සාහය යෙදුවද එය වැළැක්‌වීමට තායිවාන පොලිසිය සමත් විය. තායිවාන ජනතාව චෙං දකින්නේ තමන්ගේ රට චීනය සමග එකතු කිරීමට මූලිකව කටයුතු කරන පුද්ගලයා ලෙසය. මෙම රටවල් දෙක වෙන් වූයේ 1949 සිවිල් යුද්ධයෙන් පසුවය.

2008 වසරේදී බලයට පත්වූ තායිවාන ජනාධිපති මා ඉංජු තායිවාන ආර්ථිකය චීනයට සමීප කිරීමට උත්සාහ කරමින් සිටී. වසර 60 කට පසු දෙරට අතර තිබී අර්බුදකාරී තත්ත්වය ඉතාමත් අඩු මට්‌ටමකට ගෙන ඒමට ඔහු සමත්වී ඇත.
 

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v