මානව හිමිකම් කවුන්සිලයෙන් ලිපියක්‌
ගෙන්වා ගෙන ආණ්‌ඩුව නියම කුමන්ත්‍රණය
දැන් ආරම්භ කර තිබෙනවා
- විජිත හේරත්

අජිත් අලහකෝන්

ආණ්‌ඩුව එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්‌ව ලිපියක්‌ ගෙන්වාගෙන යුද්ධය මෙහෙයවූ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ෙද්‍රdaහියා කිරීමේ නියම කුමන්ත්‍රණය ආරම්භ කර ඇතැයි ජනතා විමුක්‌ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා "දිවයින" ට ප්‍රකාශ කළේය.

එල්. ටී. ටී. ඊ. යේ නඩේසන්, පුලිදේවන් සහ රමේෂ් යන අය හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ මරණ සම්බන්ධයෙන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා විසින් කියන ප්‍රකාශයක්‌ සම්බන්ධව රජයෙන් කරුණු විමසා එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් කළ දැනුම්දීම පිළිබඳව ජනතා විමුක්‌ති පෙරමුණේ මතය කුමක්‌දැයි කළ විමසීමේදී විජිත හේරත් මහතා මෙසේ ද කීය.

ඔය කොටි නායකයන් භාරවෙද්දී වෙඩි තැබීමේ සිද්ධියක්‌ නොවූ බව ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සියලුම ජනමාධ්‍යවලට ප්‍රකාශයක්‌ කර තිබුණා. ඒ වගේම සන්ඩේ ලීඩර් පුවතත් වැරදියි කියා ෆොන්සේකා මහතා එය ප්‍රතික්‍ෂේප කළා. පාලිත කොහොන මහතා සී. එන්. එන්. මාධ්‍යයේ කළ සාකච්ඡාවේදීත් ප්‍රකාශ කළා ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා එම සිද්ධිය හා පුවත ප්‍රතික්‍ෂේප කළ නිසා රජය එය පිළිනොගන්නා බව.

ඒ ආකාරයට ප්‍රතික්‍ෂේප කර තිබියදීත් එක්‌සත් ජාතීන්ගේ සංවිධානයෙන් ලිපියක්‌ ඇවිත්. දැන් තමයි නියම කුමන්ත්‍රණය පටන් අරන් තියෙන්නේ. ආණ්‌ඩුව, එක්‌සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතවරිය සමඟ එක්‌ව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ලිපියක්‌ ගෙන්වාගෙන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාව ෙද්‍රdaහියා කරන්න හදනවා. මෙහෙම කරන්නේ ආණ්‌ඩුව දේශපාලන වශයෙන් වාසි ගන්නයි.

එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්‌වී ආණ්‌ඩුව සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයෙන් පරාජය කිරීමේ මෙහෙයුමක්‌ අරඹා තිබෙනවා. ඒ මෙහෙයුම තමයි මේ. මේ කුමන්ත්‍රණය ජනතාව පරාජය කරනවා. ඒක ඒකාන්තයි.

 
Powered By -


         sWm`shQw up`lQ pRvw~pw~ sm`gm
            aAk 223 , b|lRm#n~dl~ p`r, @k`LB 13, XWY lAk`v