නරේන්ද්‍රසිංහ රජුට එරෙහි වූ පට්‌ටිය බණ්‌ඩාරගේ ඉරණම

ඒ උඩරට අවසාන සිංහල රජු වූ කුණ්‌ඩසාලේ අගනුවර කරගත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (1707-1739) රජ කරන අවධියයි. නාරේන්ද්‍රසිංහ රජු සංගීතය- නැටුම් ගැයුම්- ස්‌ත්‍රිය- සුරාව- ප්‍රියකළ විනෝදයට බර රජෙකු විය. ජනකවිවල එනිසාම ඔහු "සෙල්ලම් නිරිඳු" ලෙස හඳුන්වයි. දකුණු ඉන්දීය නාට්‍ය ශිල්පීන් - නාඩගම් - ලංකාවට රැගෙන ආවේ මෙකලය. දකුණු ඉන්දීය කර්ණාට සංගීතය සිංහල රජවාසලට එකතු විය. දකුණු ඉන්දීය රාග තාල රැගත් නැටුම් ගැයුම් භාණ්‌ඩ රාජ සභාවට එකතු විය. දකුණු ඉන්දියාවේ උපන් "වර්නම්" වන්නම් ලෙසින් සිංහල සාහිත්‍යයට එකතු විය. එමෙන්ම ජෝසප් වාස්‌ - ගොන්සාල්වේස්‌ වැනි කතෝලික පියවරුද ඩී. ලැනරෝල් - පේaඩෲ ගැස්‌කොන් වැනි ප්‍රංශ ජාතිsකයන්ද රාජ සභාවේ බලගතු විය. ස්‌ත්‍රීය - සුරාව - සැහැල්ලු සරල ජීවිතය - විනෝදය - කතෝලික බලවේග - විජාතික බලය රජවාසලේ පැතිරගිය බැවින් බෞද්aධ භික්‌ෂුන් - සිංහල ඇමැතිවරුන් රජුට රහසේ රජු මැරීමට නොයෙක්‌ කුමන්ත්‍රණ දියත් කළහ.

ලේවැල්ල රජු දියනාන තොටුපළේ රජුට ඇනී මියයැම සඳහා රහසින් දියයට යකඩ උල් සිටවූ කහඳ සුමිත්‍ර බණ්‌ඩාර ඇතුළු ප්‍රධානීන් රජු විසින් අල්ලා ගන්නා ලදුව දරුණු වධ දී හිස ගසා මරා දමන ලදී. කහඳ සුමිත්‍ර බණ්‌ඩාර හිස්‌ ගසා දැමූ ස්‌ථානය "බණ්‌ඩාර දැව් ගොඩ" නමින් ලේවැල්ලට නුදුරුව අදත් ඇත. රජු මරා දැමීමට ඇති කළ කුමන්ත්‍රණ ගණනාවකි. කටුගස්‌තොටට නුදුරු මහගම විසූ පට්‌ටිය බණ්‌ඩාර ඇති කළ කැරැල්ල ඉන් වඩාත් දරුණු විය. පට්‌ටිය බණ්‌ඩාර රාජසභාවේ තරමක්‌ ප්‍රබල නිලධාරියන= බැවින් රජුට විරුද්ධව රහසේ ඇති කළ කැරැල්ලට බෞද්ධ භික්‍ෂුන් - සිංහල ඇමැතිවරු බෝහෝදෙනෙක්‌ සහහෝගය දුන්හ. නරේන්ද්‍රසිංහ රජුට පසුකල තමාට සහය දුන් ප්‍රධානියෙකුට පිරිනැමූ වට්‌ටෝරු ලිපියක්‌ අනුව පට්‌ටිය බණ්‌ඩාරගේ කැරැල්ල ගැන තොරතුරු රැසක්‌ එළිවෙයි.

රාත්‍රී කල රහසේ ම රජමැඳුර වටලා රජු නිදියහනේදීම මරා දැමීම පට්‌ටිය බණ්‌ඩාර හා පිරිසගේ සැලැස්‌ම විය. එහෙත් කැරැල්ල පිළිබඳ ඔත්තුව ඊට පෙර රජුට ලැබුණේය. රාත්‍රී කාලයේ කැරලිකරුවෝ රජමැඳුර වටලා රජු සොයා රජමැඳුරට කඩා වැදුණාහ. එ වන විට තම කිට්‌ටුම හිතවතුන් කීපදෙනකු සමඟ නරේන්ද්‍රසිංහ රජු කුණ්‌ඩසාලේ රජමැඳුර අත් හැර පන්විල හුන්නස්‌ගිරි කඳුවැටිය පාමුලින් පැනගොස්‌ උඩුදුම්බර කෙළවර පිහිටි කඩතුරා ගල්ලෙන බලාගොස්‌ සැඟවුණේය. නරේන්දාසිංහ රජු කුඩාකල ඇති දැඩි වූයේද උඩිස්‌පත්තුවට නුදුරුව පිහිටි මෙම කඩතුරා ගල්ලෙනේදීය. පිය රජු මියයාමට ආසන්නව සිටියදී කඩතුරා ගල්ලෙනේ රහසේ හැදුණු වැඩුණු කුමරු ගෙන්වා රජකම පවරා දෙන ලදී.

කැරැලිකරුවන්ගේ බලය බිඳවැටී යනතුරු තම හිතවත්ම රාජනිලධාරින් සමඟ නරේන්ද්‍රසිංහ රජු මෙම අඩවියේ තැනින් තැන සංචාරය කරමින් වැඩිපුර කඩතුරා ගල්ලෙනේ කාලය ගත කළේය. මෙතන සිට මෙම ආපදා අවස්‌ථාවේදී පසු කල රජු විසින්ම නිකුත් කර ඇති වට්‌ටෝරු පත්‍රය අනුව රජු ළඟින්ම සිට රජුට විශ්වාසව කටයුතු කළ කීප දෙනෙකු අතර ප්‍රංශ ජාතික පේඩෲ ගස්‌කොන් හෙවත් දස්‌කොන් අධිකාරම් සිටියේය. කෙටි කලකදී කැරලිකරුවන් අතර මත ගැටුම් මතු වී එකිනෙකා වෙන්ව රහසේ පසුබැස ගොස්‌ තැනින් තැන ජීවිත ආරක්‌ෂාව සඳහා සැඟවුණහ. කැරලිනායක පට්‌ටිය බණ්‌ඩාර පසුබැස වනයේ සැඟවුණේය.

හුළුගඟ-හුන්නස්‌ගිරි කන්ද පාමුල- පසුකර කුණ්‌ඩසාලෙට ආ නරේන්ද්‍රසිංහ රජු යළිත් හමුදාව සංවිධානය කර රාජ්‍ය බලය තහවුරු කර ගත්තේය. ඉන්පසු තැනින් තැන සැඟවී සිටි කැරලි නායකයන් සොයා අල්ලා ගැනීම සිංහල යුද හමුදාවට පැවරුවේය. ඒ සඳහා රාජ්‍ය නිලධාරීන්ගේද සහය හිමිවිය. ලක්‌ගල අඩවියට පලාගෙස්‌ සිටි කැරලි නායක පට්‌ටිය බණ්‌ඩාර සොයා අල්ලා ගන්නා ලදුව දැත් පිටුපසට බැඳ දරුණු වධ දෙමින් කුණ්‌ඩසාලේ රජවාසල දක්‌වා රැගෙන ආවේය. රාජෙද්‍රහී වීම ගැන මහ නඩුව ඉදිරියේ පට්‌ටිය බණ්‌ඩාරට විරුද්ධව චෝදනා ඉදිරිපත් විය.රජු ප්‍රධාන මහ නඩුව රාජෙද්‍රහී වීමේ චෝදනාව මත පට්‌ටිය බණ්‌ඩාර ජනයා ඉදිරියේ ප්‍රසිද්ධියේ ගසක එල්ලා දුනු ඊතල වලින් විද මැරීමට තීන්දු විය. ඒ අනුව පට්‌ටිය බණ්‌ඩාර කටුගස්‌තොට නුදුරු තලවින්න ගමේදී ජනතාව ඉදිරිපිට ප්‍රසිද්ධියේ පළමුව ගසක එල්ලා දඬුවමේ පළමු පියවර ක්‍රියාත්මක කළේය. ගසේ එල්ලා ඒ මේ අත පැද්දෙන පට්‌ටිය බණ්‌ඩාරගේ සිරුරට දුනු ඊතල රැගත් පන්සියයක වැදි හමුදාවක්‌ ගස වටා යෙදවීය. වැද්දන් පට්‌ටිය බණ්‌ඩාර ඉලක්‌කකොට දුනු ඊතල සැර සිය ගණනක්‌ එල්ල කොට විද මරාදමනු ලැබීය. මරණින් පසු පට්‌ටිය බණ්‌ඩාර සිටි ගම් ප්‍රදේශයද රාජ නියෝග අනුව තත්ත්aවයෙන් පහත දැමීමක්‌ සිදුවිය.

එස්‌.කේ. ජයවර්ධන
වත්තේගම හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්‌ෂ
 

 
Powered By -