|

හමුදා නායකයන් සිවිල් පාලනයට
එමේ යහපත් ලක්‍ෂණ ද ඇත
කොරියාව ගොඩගත්තේ මේජර්
ජෙනරාල් පාක් ජංහී
දිවයින
පුවත්පතේ 2009.12.26 වන දින පළවූ "හමුදා නායකයන් සිවිල් පාලනයට
එමේ අනතුර" නම් වූ ලිපිය නිසා මෙම පැහැදිලි කිරීම කරන්නට මට
සිත් විය. 1961 දී බලයට පත්ව 1979 දක්‌වා ජනාධිපති ලෙස සේවය කළ
මේජර් ජනරාල් පාක් ජංහී සංවර්ධිත දකුණු කොරියාවේ පියා ලෙස
සැලකේ. 1917 දී පිටිසර සාමාන්‍ය පවුලක උපත ලැබූ පාක් තෙරොං
1948 දී හමුදා ඇකඩමියෙන් උපාධිය ලැබීය. මේජර් ජෙනරාල් තනතුරට
පත්වන විට දේශප්‍රේමී නායකයකු බවට ඔහු පත්වී තිබිණි. එවකට
ඇමෙරිකන් ඩොලර් 72 ට සීමාවී තිබූ එAකපුද්ගල ආදායම ඔහුගේ ආර්ථික
හා සමාජ ප්‍රතිසංස්‌කරණ නිසා ශීඝ්‍රයෙන් ඉහළ ගොස් අද වන විට
20,000 (විසිදාහ) දක්‌වා වැඩිවී ඇති අතර 2015 වන විට 35,000
(තිස්‌පන්දාහ) දක්‌වා වූ ඉලක්‌කයක් කරා ගෙන යැමට අපේක්‍ෂා
කෙරේ. 1945 දී නිදහස ලබන විට අපට පිටුපසින් සිටි මෙම රට හා තව
රටවල් ගණනාවක් අප අභිබවා ඉදිරියට ගොස් සිටී. අපි තාමත්
"ජී-77" හෙවත් සංවර්ධනය වන රටවල් ගොඩේය. මෙය සංවර්ධිත රටක්
බවට පත්වන සේයාවක් හෝ නැත්තේ සංවර්ධන ප්‍රාග්ධනය අභිබවා
පරිපාලන වියදම් ඉහළ ගොස් ඇති නිසාත්, දූෂණය, නාස්‌තිය,
අකාර්යක්‍ෂම පාලනය හා ඥති සංග්‍රහය රජයන නිසාත් ය. අයුතු
බලපෑම් මත පොලිසිය අකර්මණ්‍ය කොට ඇති හෙයින් නීතිය හා සාමය
නොරැකේ. එහෙයින් අපට රට සංවර්ධනය කරා ගෙන යැමට නම් නියත
වශයෙන්ම රටේ දේශපාලන හා පරිපාලන ව්‍යqහයේ සැබෑ වෙනසක් ඇති කළ
යුතුය. අප දැන් එම තීරණාත්මක අවස්‌ථාවට පැමිණ සිටිමු. මේ
අවස්‌ථාව ප්‍රයෝජනයට ගනිමින් අපේ යුතුකම අපි ඉටු නොකළහොත් රට
තවදුරටත් ප්‍රපාතයට ගමන් කිරීම කිසිවකුටත් වළක්‌වාලිය නොහැකි
වනු ඇත.
මේජර් ජෙනරාල් බලයට පත්වන විට කොරියාවේ පැවැතියේ ද ඉහත සඳහන්
කළ ශ්‍රී ලංකාවේ දැන් පවතින තත්ත්වයට සමාන වූවකි. එතුමා එ
තත්ත්වය නැතිකොට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක්
හඳුන්වාදීමෙන් තම මව්බිම වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩගත්තා
පමණක් නොව සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටක්, මානව නිදහස අගයන
රටක්, ජනමාධ්‍ය නිදහස තහවුරු කරන ලද රටක් නිර්මාණය කළේය.
එතුමා බලයට පත්වන විට එරට තිබූ තත්ත්වය පිළිබිඹු කරන සුප්‍රකට
ලාංකික ව්‍යවහාරයක් තිබේ. එනම් කොළඹ හා එ අවට තිබූ මුඩුක්‌කු
කොරියාව නමින් හැඳින්වීමට අප පුරුදුව සිටීමයි. එතුමා එ තත්ත්වය
නැති කළේය. එහෙත් අපි තාමත් එතැනමය. අපේ සිවිල් පාලකයන් අපට
උරුම කර දුන් දායාදය එයයි. අපට රැකියා සොයා කොරියාවට යැමට
රැකියා අවස්‌ථා සලසා දුන්නේ මේ හමුදා නායකයා ය. අපි අසීමිත
විදේශ විනිමය ප්‍රමාණයක් ද ඉන් උපයමු.
1960-70 දශකය චීනයේ ද දේශපාලන, ආර්ථික හා සාමාජික විප්ලව හටගත්
කාලවකවානුවක් විය. එහි සුවිශේෂත්වය වූයේ එරටේ ද නායකත්වයට
හමුදා පසුබිමක් තිබූ නායකයෙක් පත්වීමය. මාඕ සේතුං ගැන අපි
දනිමු. පාක් ජංහී ප්‍රථමයෙන්ම ක්‍රියාවට නැංවූයේ දූෂණය
පිටුදැකීමේ දැවැන්ත ක්‍රියාදාමයයි. එය ක්‍රියාවට නැංවීම සඳහා
විශේෂ හමුදා එකකයක් ද පිහිටුවන ලදී. අපේ රටේ දූෂිත පාලකයන්
සිටින බව ඇතැම් හිමිවරු පවා පිළිගනිති. එහෙත් ඔවුන්ට උදව්
උපකාර ද කරති. දූෂිතයන්ට අනුබලදීම ද දූෂිතකමකි. පාක්
ජනාධිපතිතුමා ඥති සංග්‍රහය සහමුලින්ම පිටුදැක්‌කේය. දකුණු
කොරියාවේ අද ද ඇත්තේ එතුමා හඳුන්වා දුන් ප්‍රතිපත්තියි. මෑතකදී
කොරියාවේ එක්‌තරා පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයෙක් ආදායම්
බදු වංචාවකට අසුවිය. එ නිසාම පළාත් පාලන ආයතනයේ මහජන නියෝජිතකම
ද ඔහුට නැති විය. ඔහු පාලක පක්‍ෂයට අයත්වීම සුවිශේෂී කරුණකි.
මැතිවරණ කාලය තුළ තේ කෝප්පයක් පිsරිනැමීම පවා මැතිවරණ නීති
උල්ලංඝනය කිරීමකි. එහෙයින් ඡන්දය හිමි කිසිවකුටත් කිසිදු
සංග්‍රහයක් නොකරති. මෙය ආරම්භ කරනු ලැබුවේ මේජර් ජෙනරාල්
පාක් ජංහී විසිනි. අද බලපත්වන කොරියන් ව්‍යවස්‌ථාව අනුව
කෙනකුට වාර දෙකක් ජනාධිපතිවීමට නුපුළුවන. ජනාධිපති ධුරයේ කාලය
පස් වසරකට සීමා වන අතර ඉන් අනතුරුව වෙන අයකු මහජන ඡන්දයෙන්
තෝරාගත යුතුවේ. මේ සීමාව අප රටේ ව්‍යවස්‌ථාවේ තිබුණේ නම් අද
පවතින මැතිවරණ දූෂණ හා රජයේ දේපළ අයථා පරිහරණය වැනි අක්‍රමිකතා
බොහොමයක් අඩුවනු ඇත.
පාක් ජනාධිපතිතුමාගේ පළමුවැනි ආර්ථික ප්‍රතිසංස්‌කරණය වූයේ
තොරතුරු තාක්‍ෂණය නංවාලීමයි. එතුමා එ තුළින් තම මවුබිම එකම
තාක්‍ෂණික මන්දිරයක් බවට පත් කළේය. එහි ඵල අපි ද නෙළමු. අප
නිවෙස්‌වලට ඇති සැම්සුන් හා එල්. ජී. ආදී රූපවාහිනි යන්ත්‍ර,
ජංගම දුරකථන ආදිය ඊට සාක්‍ෂි සපයයි. එතුමාගේ ආර්ථික
ප්‍රතිපත්තියේ මූලික හරය වූයේ අපනයන මූලික කාර්මික සංවර්ධනයයි.
එහිදී ගැමි, කෘෂි ආර්ථිකය කාර්මික නිෂ්පාදන ආර්ථිකයක් බවට පත්
කළේය. ඊට අවශ්‍ය යටිතල පහසුකම් නොමඳව සැපයීය. ප්‍රධාන වරාය
පිහිටා ඇත්තේ හුසාන් නගරාශ්‍රිතවයි. අගනුවර වෙළෙ¹මටත් වඩා
බාහිර වෙළෙ¹ම දියුණු කිරීමේ අරමුණින් මෙම නගර දෙක අතර අධිවේගී
මාර්ගයක් තැනීම ආරම්භ කොට ඉතා සුළු කලකින් එය ගමනාගමනය සඳහා
විවෘත කළේය. හදපු පාලම් කඩා වැටුණේ නැත. ඉහත සඳහන් දුර ගෙවා
කන්ටේනරයක් පුසාන් සිට සෝල් අගනුවර කරා ළඟාවීමට ගත වන්නේ පැය
හයක් පමණ වූ කාලයකි. අධිවේගී දුම්රියට ගත වන්නේ පැය දෙකකුත්
මිනිත්තු හතළිස් පහක් පමණි. මෙම දුම්රියේ මා කීපවරක්
ගමන්කොට ඇත. එක් වරක දුම්රිය මිනිත්තු 15 ක් ප්‍රමාද විය. එ
ප්‍රමාදය වෙනුවෙන් 25% ක ගාස්‌තුවක් ආපසු ලැබිණි.
කොරියන් ආර්ථිකයේ ජීවය පෞද්ගලික අංශය බව තේරුම් ගත් පාක්
ජනාධිපතිතුමා එම අංශය දියුණු කිරීම සඳහා කටයුතු කළේය. ඩෙවු
සමූහ ව්‍යාපාරය (1967), හසුන්ඩේ සමූහ ව්‍යාපාරය (1947), එල්ජී
(1958), සැම්සුන් (1938) සහ කියා (1944) යන සමාගම් කොරියන්
ආර්ථිකයේ ජීවනාලිය වෙයි. එAවා සංවර්ධනය කිරීම සඳහා ආධාර
ලබාදුන්නේය. මෙම සමාගම්වල නිෂ්පාදනයෙන් 12% ක් පමණ ශ්‍රී
ලංකාවට ආනයනය කෙරේ. වැඩි වැඩියෙන් ලංකා වෙළෙඳපොළේ දක්‌නට ඇති
කොරියන් නිෂ්පාදනයක් නම් විවිධ වර්ගයේ මෝටර් රථවාහනයි. නැව්
නිෂ්පාදනය අතින් කොරියාව ප්‍රමුඛස්‌ථානයක සිටී. මේ සඳහා
ප්‍රථමයෙන්ම පෙරට ආවේ හසුන්ඩේ සමාගමයි. එයට අවශ්‍ය මූල්‍යමය
ශක්‌තිය ජනාධිපති පාක් ලබාදුන්නේය.
කොරියාවේ සංවර්ධනය සඳහා විවිධ සමාගම්, පාලන තන්ත්‍ර හා
ජනාධිපතිවරුන් විසින් දෙන ලද දායකත්වය පිළිබඳ වරින්වර තක්‌සේරු
කිරීම් සිදුවිය. එහිදී ප්‍රමුඛස්‌ථානයට පත්ව ඇත්තේ පාක්
ජංහීගේ පාලනයයි. එම පාලනයේ සංවර්ධන දායකත්වයේ දර්ශකය සියයට
153.6 ක් ලෙස දැක්‌විණි. එම සංවර්ධනය අංශ පහකින් විද්‍යමාන
විය. ආර්ථික සමෘද්ධිය, පොදු සංවර්ධනය, සමාජ සුබසාධනය, පාරිසරික
සංවර්ධනය හා විශ්වකරණය යනු එම පහයි.
මේ ක්‍ෂේත්‍රයන්හි ඇති වූ දියුණුව කරණ කොටගෙන සාමාන්‍ය
ජනජීවිතය යහපත් තත්ත්වයට පත්විය. ආර්ථික ශක්‌තිය දියුණු විය.
රටේ සෑම පෙදෙසක් සම්බන්ධ කරනු ලබන මාර්ග පද්ධතිය, නවීන පන්නයේ
සුවිසල් මන්දිර, ගොඩබිම් හා උමං දුම්රිය මාර්ග, විවිධ මාදිලියේ
දේශීය යාන-වාහන, අල්ලස, දූෂණය හා නාස්‌තියෙන් තොර යහපාලනය,
රැකියා සුලබත්වය හා සුරක්‍ෂිත මානව නිදහස යනාදී කරුණු නිසා
කොරියානු ජාතිකයා තම මව්බිම ගැන ආඩම්බර වෙයි. එ ආඩම්බරය තමනට
හිමිකර දීමේ පුරෝගාමියා වූ මේජර් ජෙනරාල් ජනාධිපති පාක් ජංහී
ඔවුන් සිහි කරන්නේ ගැලවුම්කාරයකු ලෙසයි. පාක් ජංහී නොවන්නට
මෙබඳු කොරියාවක් අපට උරුම වන්නේ නැත යනු ඔවුන්ගේ මුවගේ රැව්
පිළිරැව් දෙන කියමනකි. එබඳු ශ්‍රී ලංකාවක් අප බිහි කරගත
යුතුය.
දේශපාලන වාසි තකා කොරියාවට කිසිවකුත් මෙය බුදුන්ගේ දේශය යෑයි
නොකියති. ධර්මරාජ්‍යයට යන අය ද එහි නැත. රාජ්‍ය නායකයා
සුරාමේරයෙන් කාට හෝ සංග්‍රහ කිරීම නරක පූර්වාදර්ශයක් නොවේ
යෑයි කියන හිමිවරු ද නැත. ආගම එකකි. රාජ්‍ය පාලනය තව එකකි.
පාර්ලිමේන්තුවට රිංගා අයුතු ඵල ප්‍රයෝජන භුක්‌ති විඳින හිමිවරු
තබා මන්ත්‍රී තරගවලට ඉදිරිපත් වන හිමිවරුවත් එහි නොවෙති.
ලංකාවේ බුද්ධාගම ද පාවාදී ඇති සේය. අසීමිත බලතල කිසිවකුට හෝ
ඇත්තේ ද නැත. අප මේවා වෙනස් කරගත යුතුය.
පාක් ජංහීගේ බලයට පත්වීමේ පසුබිම හා බලයට පත්වීමෙන් සිදුවූ
යහපත සුප්‍රකට සම්භාවනීය ඉතිහාසඥයකු වූ තේ හං හා විසින් රචිත
කොරියාවේ අග්‍රගණයේ සරසවියක් වූ යොන්සේ මගින් ප්‍රකාශයට පත්
කළ Korea Forty Three Centaries නම් ග්‍රන්ථයේ අදහස් කීපයක්
උපුටා දැක්‌වීමට කැමැත්තෙමි.
පශ්චාත් යුද සමයේ දී සන්ගම් රී (පාක්‌ට පෙර සිටි පාලක)
කොමියුනිස්‌ට් විරෝධී ව්‍යාපාරය මුවාවෙන් උපරිම ආඥදායකත්වයක්
ගොඩනඟා ගත්තේය. ඔහු ජනතාවගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදී
අයිතිවාසිකම් උදුරා ගත්තේය. ඔහු 1960 දී ශිෂ්‍ය විප්ලව මගින්
නෙරපා හරින ලදී. ඉන් අනතුරුව ආ දුර්වල, දූෂිත චං ම්‍යන් පාලනය
1961 දී සිදුවූ ඓතිහාසික විප්ලවයෙන් (පාක් ජං හීගේ බලයට
එමෙන්) අවසන් කරන ලදී. මෙය ඉහවහා ගොස් තිබූ දූෂණය පිටුදැකීමේ
එකම පියවර ලෙස සැලකිණි. එ වන විට මුළුමණින් බිඳ වැටී තිබූ
ආර්ථිකය ගොඩනැඟීමේ එකම මාර්ගය විය. බංකොළොත් රට ගොඩනැඟීමේ එකම
පිළියම ලෙස සැලකිණි. අයථා පාලනයට තිත තැබීමේ එකම පියවර ලෙස
සැලකිණි.
මේ අනුව, 1961 දී කොරියන් ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් ජාතික
සංස්‌කෘතිය නැවත උප්පත්තිය ලැබීය. නව ආර්ථික හා සමාජ රටාවක්
උදා විය.
(235, 241 පිටු)
දේශහිතෛෂී රණවිරුවන් හෑල්ලුවට ලක් නොකළ යුතු නොවේ. ඔවුන්ට අන්
සියලු දෙනකුට වඩා ශික්‍ෂණයක් ඇත යනු මගේ අවංක විශ්වාසය වේ.
මහාචාර්ය ඇස්. බී. හෙට්‌ටිආරච්චි |