පුවතක පසුබිම

දේශපාලන බණ හා දේශපාලන හෙණ

වත්මන් දේශපාලන වේදිකාව වටා වැඩිපුරම දක්‌නට ලැබෙන්නේ අවලාද, මඩගැසීම්, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ද්වේශය සහගත සිතුවිලිය.

නොබෝදා මහනුවරදී හමුදාවේ විශ්‍රාමික ජෙනරාල් වෙනුවෙන් පැවැති මැතිවරණ රැස්‌වීමකදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ "පවුලට හෙණ ගහන්න" කියා ශාප කළ බවක්‌ ද අසන්නට ලැබිණි. වසර 30 කට අධික කාලයක්‌ පැවැති ත්‍රස්‌තවාදය අවසන් කොට, සිරිලක එක්‌සේසත් කළ සේනාධිනායකයාණන්ට මෙසේ ශාප කිරීම ශිෂ්ට සමාජය නම් කෙසේවත් අනුමත කරන්නේ නැත. මෙවැනි බාල, වෛරී ප්‍රකාශයක්‌ කළ හැක්‌කේ ඊර්ෂ්‍යාකාරයන්ට පමණි. මෙම ප්‍රකාශය ගැන අපි කනගාටු වෙමු. තරයේ හෙළා දකිමු.

ශ්‍රී ලාංකික ජන සමාජය හැදී වැඩුණු සංස්‌කෘකියට අනුව නම් අපි සතා සිවුපාවුන්ටත්, කරුණාව, දයාව, ආදරය, මෛත්‍රිය දක්‌වන්නෝ වෙමු. අපි කෙදිනකවත් කාටවත් ශාප කරන්නෝ නොවෙමු. කිසියම් පවුලකට හෙණ වැදේවායි පවසන පරස්‌පර විරෝධී මත දරන පිරිසක්‌ රට පාලනය කරන්නට වරම් ඉල්ලා සිටින්නේ. අනේෘ අපගේ රමණීය මාතෘභූමියට දෙවියන්ගේම පිහිටයි. වෛරයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන් තොර මහත්මා දේශපාලන සංස්‌කෘතියක්‌ අපි ගොඩනගමු.

මේ නත්තල් සමයයි. සාමයේ දූතයා "සාම පණිවුඩය" ගෙන ආ මාසයයි. අපගේ හදවත්වල මෛත්‍රිය, කරුණාව නිතැතින්ම ඉස්‌මතු වන මාසයයි. "සාමය ඇතිකරන්නෝ භාග්‍යවන්තයෝ" යෑයි කන්දඋඩ දේශනයේදී (SERඵධභ ධභ ඔHE ඵධඹභඔ) ක්‍රිස්‌තුස්‌ වහන්සේ දෙසා වදාළ සේක. සාමය උදාකිරීමේදී ෙ-සුස්‌ ක්‍රිස්‌තුස්‌ වහන්සේට විවිධ අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවූහ. උන්වහන්සේට එරෙහිව විවිධ බොරු චෝදනා, අසත්‍ය, අභූත චෝදනා එල්ල වුණි. සතුරන්ගේ ගැරහුම්, උපහාස, අපහාසවලට මුහුණ දෙන්නට ද සිදුවිණි. වත්මන් සමාජය දෙස බලන විට ද මෙය පොදු ධර්මතාවකි. "හෙණ ගහන කතාව" ඉතාමත් පහත් දේශපාලන කතිකාවකි. මෙම දේශපාලනඥයා කෙතරම් පහත් තත්ත්වයකට පත්වී ඇතිදැයි මෙයින් පැහැදිලි වේ. මෙතරම් පහත්, නින්දිත කතාවක්‌ මෙයට පෙර ශ්‍රී ලංකාවේ මැතිවරණ රැස්‌වීමකදී ප්‍රකාශ කොට ඇතිදැයි යන්න සැක සහිතය.

දේශපාලන සටනක්‌ ශිෂ්ට සම්පන්නව කළ යුතුය. ප්‍රතිපත්ති මත සටන් කළ යුතුය. මහත්මා දේශපාලනයක්‌ අපට අවශ්‍යය. දෙපිලම කළ යුත්තේ එයයි. වත්මන් දේශපාලනය ගෞරවාන්විතව කළ යුතු වේ. එහෙත් අද මඩගැසීම්, දෙස්‌ දෙවොල් තැබීම්, පාවාදීම්වලින් ශ්‍රී ලංකාවේ දේශපාලනය අපවිත්‍ර වී තිබීම කනගාටුවට කරුණකි.

අද මෙන්, එදත් පාවාදීම් දක්‌නට ලැබුණි. අවසන් භෝජන සංග්‍රහයේදී, ක්‍රිස්‌තුස්‌ වහන්සේගේ ගෝලයකු වූ ජුදාස්‌  අප ෙ-සු සමි¹ණන් පාවාදුන්හ. උන්වහන්සේට "හොරෙක්‌" විප්ලවකාරයෙක්‌ වශයෙන් චෝදනා එල්ල කොට, සතුරන් අතට පත් කළ සේක. ලෝක ඉතිහාසයේ සිදුවුණු "මහා පාවාදීම" ලෙස මෙය හැඳින්වේ.

නොබෝදා, ශ්‍රී ලංකාවේ පමණක්‌ නොව විදේශ රටවල ද පදිංචිව සිටින ශ්‍රී ලාංකිකයන්ගේ කතාබහට ලක්‌වූයේ ජනාධිපති අපේක්‍ෂක, හිටපු හමුදාපති, ශ්‍රී ලංකාවේ එක්‌තරා සති අන්ත පුවත්පතකට කළ ප්‍රකාශයයි. මේ ප්‍රකාශය මගින් අපගේ වීරෝදාර රණවිරුවන් පාවාදීමක්‌ සිදුකර ඇතැයි ද මෙය ශ්‍රී ලංකාවේ ගරු නමට හානිකර බව ද බොහෝ දෙනාගේ මතය බවට පත්විය. ඒ ගැන, හිටපු හමුදාපතිවරුන් වන රොහාන් දළුවත්ත සහ ශාන්ත කෝට්‌ටේගොඩ අප්‍රසාදය පළකොට ඇත.

මේ නත්තල් සමයයි. සාමයේ පණිවිඩය ලොවට ගෙන ආ සමය ක්‍රෝධය ඊර්ෂ්‍යාව අපි ඉවත් කර ගනිමු.

ශුද්ධ වූ ලුක්‌ ශුභාරංචියේ 23 වන පරිච්ඡේදයේ 34 වන වගන්තිය කෙරෙහි මා ඔබේ අවධානය යොමු කරන්නේ "හෙණ ගහන කතාව" සිහියේ තබා ගෙනය. ෙ-සු සමි¹ණන් එදා පැවැසූ වදන් අප හදවත්වල මෙත් සිතුවිලි පහළ කරන්නාහ.

"පියාණෙනි, ඔවුනට කමාවුව මැනව. ඔවුන් කරන දෙය ඔවුහු නොදනිති"

ලුක්‌ ශුභාරංචිය

23 වන පරිච්ඡේදය 34 වන වගන්තිය

නායකත්වයේ ලක්‍ෂණ විදහා දක්‌වමින් ජනාධිපති රාජපක්‍ෂයන්, මෙම පුද්ගලයාට (හෙණ කතා කාරයාට) සමාව ලබා දෙනවාට සැකයක්‌ නොමැත. එතුමාගේ සිතේ දැඩි වේදනාවක්‌ මෙකී හෙණ ගහන කතාව තුළින් ඉස්‌මතු වූවාට නම් සැකයක්‌ නොමැත. ඔහු ප්‍රකාශ කළ දේ, ඔහු නොදනී. එම නිසා අපි ඔහුට කමා කරමු.

මේ වර්ගයේ අක්‍රෝෂ පරිභව කරන විටදී අපට අනිවාර්යයෙන්ම සිහියට නැඟෙන්නේ ධම්මපදයේ මෙම ගාථාවයි. එම ගාථාවේ තේරුම අවබෝධ කරගෙන සිටීම වැදගත්ය.

සෙලෝ ගාථා - එකඝණෝ
නවාතෙනන සමීරති
ඒවං නින්දා පසංසාසු
න සමිජන්ති පණ්‌ඩිතා

පණ්‌ඩිත වග්ග (6.6)
ධම්මපද - ගාථාව 81

යම්සේ මහා ගල්පව්වක්‌ සුළඟට නොසෙල්වන්නේද, එසේම, නුවණැත්තා නින්දාවේදීත්, ප්‍රශංසාවේදීත් නොසෙල්වේ.



යමක්‌ පැවැසීමට පෙර ඒ පිළිබඳව බුද්ධිමත්ව සිතා බැලිය යුතුය. තමාගේ මුවින් වචන පිටවුණු විට, එය යළිත් ඇතුන් ලවාවත් ඇදගන්නට බැරිය. කළමනාකරණය හදාරන සිසුනට මා දේශන පවත්වන විටදී, "කථා කලාව" ගැන මා පවසන්නේ යමක්‌ කීමට පෙර තමා පවසන්නේ හරි දෙයක්‌දැයි බුද්ධිමත්ව සිතන ලෙසයි. ආවාට ගියාට, කටට ආ පලියට සෑම දෙයක්‌ම අප කිවයුතු නොවේ. මොළයට එම පණිවිඩය දිය යුතුය. අවසර ගත යුතුය. ඉංග්‍රීසි දේශනවලදී මා පවසන්නේ යනුවෙන්ය.

අවිගත්තෝ අවියෙන්ම නසින්නාක්‌ මෙන්, බුද්ධිමත් ලෙස කතා නොකරන අප දේශපාලනඥයෝ ද අකාලයේ නසිති. එම නිසා ජනතාව අමතන විට, භාවිත කරන වචන ගැන ප්‍රවේශම් වන්න. එය ඇඟට ගුණය. දේශපාලන වේදිකාව "රෙදි අපුල්ලන ස්‌ථානයක්‌" නොවේ. එහි කිසියම් සම්භාවනීයත්වයක්‌ ගරුත්වයක්‌ තිබිය යුතුය. ඉතාමත් සංයමයෙන් තම කතා බුද්ධිමත්ව ඉදිරිපත් කළ යුතුය. එය රසවත් විය යුතුය. කාටවත් තේරෙන සරල සුගම බසින් අදහස්‌ ප්‍රකාශ කිරීම වැදගත්ය.

ඇතැම් විට හෙණගහන කතාව කථිකයාට කියා දෙන්නට ඇත්තේ කවුදැයි අපි නොදනිමු. ඇතැම් විට, මාධ්‍ය ඔස්‌තාර් කෙනෙකු වන්නට ඇත.

ඇඩෝල්ෆ් හිට්‌ලර් - ගොබෙල්ස්‌

ලොව පහළ වුණු දරුණුම ත්‍රස්‌තවාදියකු, මිනීමරුවකු, ඝාතකයකු හා ඒකාධිති පාලකයකු වූ ජර්මනියේ නාසි ඇඩෝල්ෆ් හිට්‌ලර් 1889-1945 පැසිස්‌ට්‌ ඒකාධිපතියෙකි. සෙබළෙක්‌, යුද හමුදා නිලධාරියෙක්‌ ලෙස ඔහුට තිබුණේ යුද මානසිකත්වයකි. යුද්ධයට, හමුදාවට සම්බන්ධ ඇතැම් නායකයන්ට ඇත්තේ ද යුද මානසිකත්වය පමණි. ඔවුන් කැමැත්තක්‌ දක්‌වන්නේ "අනුන්ට අණදෙන්නටය. ඇතැම් විට, ඔවුන් තුළ ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ දක්‌නට ලැබෙන්නේ කලාතුරකිනි. එයට හේතුව, පොදු ජනතාව සමඟ කිට්‌ටු සබඳතාවක්‌ නොමැතිකමයි. හිට්‌ලර්ගේ ප්‍රචාරක කටයුතු මෙහෙයවූයේ පෝල් ජෝසෙෆ් ගොබෙල්ස්‌ය.  හේ පුවත්පත් කලාවේදියෙකි. 1929 දී මොහු හිට්‌ලර්ගේ ප්‍රචාරක කටයුතු භාර ගත්තේය. 1933 දී ප්‍රචාරක කටයුතු පිළිබඳව ඇමැතිවරයා විය. ජර්මනියේ සියලු සංස්‌කෘතික හා අධ්‍යාපනික කටයුතු නාසිවාදයට මොහු යටත් කළේය. මේ දෙදෙනාම, අවසානයේදී සියදිවි නසාගත් බව ඉතිහාසයේ වාර්තා වේ.

නාසිවාදය පැතිරවීම සඳහා ගොබෙල්ස්‌ උපයෝගි කරගත් ප්‍රධාන අවියකි කටකතා පැතිරවීම. ප්‍රතිවාදීන්ට මඩ ප්‍රහාර එල්ල කිරීම, අසත්‍ය කතා පැතිරවීම, "හොරා, හොරා, හොරා, හොරා" දහස්‌ වරක්‌ ජනතාව අතර මතුරා ඔවුන්ගේ සිත් තුළට එම තැනැත්තා පිළිබඳ බොරු හොර නාමයක්‌" පටබැඳීම. ගොබෙල්ස්‌ගේ උපායයි. ශ්‍රී ලාංකික දේශපාලනයේ ද මේ න්‍යාය අද දැකගත හැකිය.

අපි දැන් ආසියාවේ ඉතිහාසය දෙසට හැරෙමු. සුල්ෆිකාර් අලිභුට්‌ටෝ පකිස්‌තානයේ ඉතාමත් ප්‍රභාමත් ජන නායකයෙකි. සුල්ෆිකාර් අලි භුට්‌ටෝ අගමැතිතුමා, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කළේය. මොහු පාර්ලිමේන්තු සම්ප්‍රදාය ගරු කළේය. තමාගේ පකිස්‌තාන් මහජන පක්‍ෂය බලයට පත්වුණු විට තමාට හිතවත් යෑයි ඔහු සිතූ හමුදා නිලධාරියකු වූ සියා උල් හක්‌  හමුදාපති පදවියට පත් කළේය.

හමුදා නායකයෙක්‌ වූ සියා-උල්-හක්‌, යුද හමුදා කුමන්ත්‍රණයක්‌ මගින් බලය අල්ලාගෙන තමාව, යුද හමුදාපති පදවියට පත්කළ සුල්ෆ්පිකාර් අලිභුට්‌ටෝට බොරු චෝදනා ගොතා, සිරගෙට යවා තමාගේම සගයන් ලවා නඩු අස්‌සවා, 1979 අප්‍රේල් 4 වැනිදා රාවල්පින්ඩි සිරගෙදරදී ඔහු එල්ලා මරා දැම්මේය. සුල්ෆ්පිකාර් අලි භුට්‌ටෝ මැතිනිය වසර 8 ක්‌ සිරගෙදර රඳවා තබාගත්තාය. බෙනාසීර් භුට්‌ටෝ, සුල්ෆ්පිකාර් භුට්‌ටෝගේ දියණිය ද වසර 6 ක්‌ සිරගතකොට තබන ලදී. පකිස්‌තානයේ අගමැති වූ බෙනාසීර් භුට්‌ටෝගේ චරිතාපදානය කියවන විට හමුදා ප්‍රධානියකු විසින් රටක්‌, ඒකාධිපති පාලනයකට නතු කළ විට පැන නගින තත්ත්වය අපූරුවට පැහැදිලි වේ. දැනට මා කියවන මෙම පොත, ඉතාමත් අනුවේදනීය දුක්‌මුසු චරිතාපදානයකි. පසු කලෙක පත්වුණු හමුදා ප්‍රධානි මුෂාරෆ් ද ඒකාධිපති පාලකයෙක්‌ විය. ප්‍රජාතන්ත්‍රවාදයට ඔහු ගරු කළේ නැත.

ලෝක ඉතිහාසය දෙස ආපසු හැරී බැලීමේදී හමුදා නායකයන් රටක්‌ බාරගන්නා විට, නොදැනුවත්වම එම රට ඒකාධිපතිවාදය කරා ඇදී ගිය අයුරු අපි දැක ඇත්තෙමු. ඒවා කුමන්ත්‍රණවලින් සිදු වූ ඒවාය. එයට ප්‍රධාන හේතුව හමුදා නායකයන් හැදී වැඩුණු හමුදා පරිසරයයි. ඔවුන් ජනතාව අතරට ගොස්‌ නොමැත. ජීවිත කාලය තුළදීම ඔවුන් කළේ හමුදා සෙබළුන්ට නිලධාරීන්ට අණදීමයි. ඔවුන් හැඩගැසුණේ එම පරිසරයේය. ඔවුන්ගේ කතා විලාශය ද බොහෝ විට පෙන්නුම් කරන්නේ සෙබළුන්ට අණ දෙන ආකාරයයි. ඉතිහාසය තුළින් අප මේවා දැක ඇත. "ආරේ ගුණ නෑරේ" යන්න එයට හේතු වන්නට ඇත.

සුල්ෆිකාර් අලිභුට්‌ටෝ

සුල්ෆ්පිකාර් අලි බුට්‌ටෝ ජනතාව අතරින් බිහිවුණු ප්‍රථම අගමැතිවරයායි. 1947 පකිස්‌තානය බිහිවුණු දා සිට නියම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රතිශ්ඨාපනය කළ නායකයා ලෙස භුට්‌ටෝ ඉතිහාසගත වෙයි. මොහු විද්වතෙකි. ඔක්‌ස්‌ෆර්ඩ් සරසවියේ නීති උපාධිධාරියෙකි. නීතිඥයෙකි. මොහුට තිබුණේ ඉතා ප්‍රභාමත් පෞරුෂයකි.

අලි භූට්‌ටෝගේ මහජන පකිස්‌තාන් පක්‍ෂය බලයට පත්වූ දින සිට, රදලයන් සතුව තිබූ ඉඩකඩම් දුගී දුප්පත් ජනතාව අතර බෙදා දෙන ලදී. මිලියන ගණනකට අධ්‍යාපනය ලබාදුනි. කර්මාන්ත ජනසතු කළේය. රැකීරක්‍ෂා සුරක්‍ෂිත කළේය. ස්‌ත්‍රී පුරුෂ භේදයකින් තොරව රැකියා හා ඉගෙනීමේ අවස්‌ථාව ලබාදුනි. භුට්‌ටෝගේ වසර 06 ක පාලන සමය ස්‌වර්ණමය යුගයකි.

1977 ජූලි 7 වැනිදා උදාවිය. මධ්‍යම රාත්‍රියේදී සොල්දාදුවන් යොදවා භුට්‌ටෝව සිරභාරයට පත්කළ හමුදා නායකයා වූ සියා-උල්-හක්‌ දියත් කළ හමුදා කැරැල්ල මගින් රටේ පාලන බලය ලබාගත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට ද කණකොකා හඬවමින්ය. පකිස්‌තානය, යුද හමුදා පාලනයට නතු විය.

අලි භුට්‌ටෝට එරෙහිව බොරු චෝදනා එල්ල කොට ඔහු වැරදිකරුවකු කොට සිරගෙයට යෑවීමෙන් පසු සියා-උල්-හක්‌ගේ අධිකරණය විසින් ඔහුට මරණ දණ්‌ඩනය පනවන ලදී. මෙය බලවත් අසාධාරණයක්‌ ලෙස සැලකූ ලෝක නායකයන් වූ ජිමී කාටර්, ඉන්දිරා ගාන්ධි, බ්‍රෙෂ් නෙෆ්, සුද්ධෝත්තම තුන්වන ජෝන් පෝල් පාප්වහන්සේ එක්‌සත් අරාබි රාජ්‍යන්වල නායකයන්, භුට්‌ටෝට මරණ දණ්‌ඩනය නියම නොකරන ලෙස ඉල්ලා සිටිය ද, ඒකාධිපති පාලකයා වූ සියා-උල්-හක්‌ එය තුට්‌ටුවකටවත් ගණන් ගත්තේ නැත.

එක්‌-ටු-බෲටේ
EK TU BRUTE

විලියම් ශේක්‌aෂ්පියර්ගේ ජූලියස්‌ සීසර් නාට්‍යය, විශ්ව සාහිත්‍යයේ වැදගත් කෘතියකි. වත්මන් දේශපාලන භූමිකාව තුළින් එයට සමාන ප්‍රධාන චරිත කීපයක්‌ දකිමි.

ජුලියස්‌ සීසර් අධිරාජ්‍යයා මරා දමන්නේ, බෲටස්‌  කැසියස්‌  කැස්‌කා විසිනි. සීසර්ගේ පිටුපසට පිහියෙන් අනින්නේ තමාගේ ඉතාමත් කිට්‌ටුවන්තයා වන බෲටස්‌ය. පිහිපාර වදිත්ම සීසර් පිටුපස බලයි. තමාගේ කිට්‌ටුම මිතරාගේ අතේ ලේ තැවරුණු පිහිය දකී. සීසර්, තම මිතුරා අමතා කියන්නේ EK TU BRUTE  "ආ ඔබත් බෲටස්‌" (අප විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා සමයේදී, එක්‌තරා ශිෂ්‍යයෙක්‌ EK TU BRUTE සිංහලට පරිවර්තනය කළේ "උඹත් මට කෙළියා නේද, "බෲටස්‌" වශයෙනි.) කැස්‌කා හා කැසියස්‌ ඉදිරියෙන් හා පැත්තකින් සීසර්ගේ සිරුරට පිහි පාරවල් එල්ල කළේය.

ජුලියස්‌ සීසර්, කෘතියේ අවසානයේදී සීසර්ගේ මළගමදී, මාක්‌ ඇන්තනි කරන විශිෂ්ට කතාව ඉංග්‍රීසි සාහිත්‍යයේ ඉතාමත් අපූරු දේශනයකි. එය එතරම් හැඟීම් බර අපූරු කතාවකි. එම කතාව තෙදවත්ය, හැඟීම් අවුස්‌සන සුළුය.

ජුලියස්‌ සීසර්, විසින් බෲටස්‌, කැස්‌කා, කැසිසයස්‌ හට සියලුම පහසුකම් ලබාදුන්නද ඔවුන් තුළ දක්‌නට ලැබුණු බලකාමය බලලෝබය නිසා සීසර් මරා දැම්මේය. නුතන සමාජයේදී බෲටස්‌ලා අපට හමුවේ. ආත්මාර්ථකාමිත්වය නිසා මෙවන් තත්ත්වයට ඔවුන් ඇද වැටේ. කෘතගුණ සැලකීම උතුම්ය. අප තථාගත බුදුපියාණන් වහන්සේ ද තමාට බුද්ධත්වයට පත්වන්නට සෙවන දුන් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට සතියක්‌ ඇසපිය නොහෙළා ගෞරව කළ සේක.

අද අප රටට අවශ්‍ය සාමය හා ප්‍රජාතන්ත්‍රවාදය ලැබී ඇත. එය අප රැකගත යුතුය. අපගේ මවුබිමට අපි ආදරය කරමු. ජනවාරි මස 26 වැනිදා පවත්වන ජනාධිපතිවරණයට, නීතිගරුකව, සාමකාමීව පවත්වන්න අපි ඇපකැප වෙමු. කිසිවෙකුටත් හිංසා නොකරමු. එය අපගේ පැතුමයි.

ප්‍රේමසර ඈපාසිංහ

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.