"දිළිඳුකම නිසා යමක් සොරකම් කිරීමේ වරදක් නැහැ"
එංගලන්තයේ දේවගැතිවරයෙක
"සොරකම් නොකරව" මෙය ශුද්ධ බයිබලයේ දස පනතෙහි ඇති එක් විධානයකි. එහෙත් පසුගිය දිනක එංගලන්තයේ යෝර්ක්‌හි පිහිටි සාන්ත ලෝරන්ස් සහ සාන්ත හිල්ඩා දේවස්‌ථානයේ ටිම් ජෝන්ස් දේවගැතිතුමා එහි පැවැති දේව මෙහෙයකදී කියා සිටියේ දිළින්දෙකු සුපිරි වෙළෙඳ සලකින් නැති බැරිකම නිසාම එහි ඇති යමක් රැගෙන යැමේ වරදක් නොමැති බවය. එහෙත් එවැන්නක් කෙනෙක් තම ජීවිකාව සඳහා කරගෙන යන කුඩා කඩයකින් නොකළ යුතු බවය. එතුමා තවදුරටත් සඳහන් කළේ එවැන්නක් කළ යුත්තේ තණ්‌හාව නිසා නොව කුසගින්න නිවා ගැනීම සඳහා පමණක් විය යුතු බවය.
දේව මෙහෙයට පැමිණ සිටි පිරිස මෙය හැඳින්වූයේ රොබින්හුඩ් කළා වූ දේශනයක් හා සමාන බවය. එමෙන්ම අවට දේවස්‌ථානවල දේවගැතිවරුන් සහ පොලිසිය මෙම ප්‍රකාශය තරයේ විවේචනය කර ඇත.
Powered By -
සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.