2009 දෙසැම්බර් 29 අගහරුවාදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    contact webmaster


පළාත් සභා
ඡන්දයට නිකුත් කළ

තාවකාලික හැඳුනුම්පත්
ජනපතිවරණයටත් වලංගුයි


ජාතික හැඳුනුම්පත් නොමැති ඡන්දදායකයන් වෙනුවෙන් පසුගිය පළාත් සභා මැතිවරණය සඳහා නිකුත් කරන ලද තාවකාලික හැඳුනුම්පත් මෙවර ජනාධිපතිවරණය සඳහා ද වලංගු බව මැතිවරණ කොමසාරිස්‌ දයානන්ද දිශානායක මහතා පවසයි. එහෙත් නැගෙනහිර පළාතේ ඡන්ද දායකයන් වෙනුවෙන් නිකුත් කළ හැඳුනුම්පත් එසේ වලංගු නොවන බවද අවධාරණය කර ඇත. පසු කාලය ඇතුළත එසේ නිකුත් කරන ලද හැඳුනුම්පත් සංඛ්‍යාව 179049 කි.

 



අමිල හිමි නිදහස්‌
කරන්නැයි සත්‍යග්‍රහයක්‌

විදේශ රැකියා ලබාදෙන බව පවසමින් තරුණයන් කිහිපදෙනෙකුගෙන් මුදල් ලබාදුන් බව පවසා රහස්‌ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කළ දේශහිතෛෂී ජාතික මධ්‍යස්‌ථානයේ සභාපති, කථිකාචාර්ය දඹර අමිල නාහිමියන් වහා නිදහස්‌ කරන ලෙස ඉල්ලමින් ජාතික භික්‍ෂු පෙරමුණ ඇතුළු මහා සංඝරත්නය ඊයේ (28 දා) පිටකොටුව බෝධීන් වහන්සේ ඉදිරිපිට සත්‍යග්‍රහයක නිරත වූ අයුරු.
ඡායාරූපය - කමල් බෝගොඩ


  
 
  • පැමිණිල්ල රියෑදුරුට එරෙහිවයි
    අත්අඩංගුවට ගත්තේ අමිල හිමි

    අනුර කුමාර දිසානායක

    විදේශ රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයන් රැසකගෙන් මුදල් වංචා කිරීමක්‌ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ දඹර අමිල හිමියන් වුවත් එම චෝදනාවලට පොලිසියට පැමිණිලි කර ඇත්තේ උන්වහන්සේගේ රියෑදුරුට එරෙහිව බව ජනතා විමුක්‌ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.
     
  • බෑණාගේ ආයුධ සමාගම අවි වෙළෙදමේ
    යෙදුණු ආකාරය ගැන විවාදයකට එන්න

    විමල් වීරවංශගෙන් ජෙනරාල්ට අභියෝගයක්‌

    තම බෑණනුවන්ට අයත් යෑයි කියන අවි ආයුධ සමාගම පසුගිය සමයේ අවි වෙළෙ¹ම්හි යෙදුණු ආකාරය සම්බන්ධව විවාදයකට පැමිණෙන්නැයි ජෙනරාල් ෆොන්සේකා මහතාට ජාතික නිදහස්‌ පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විවෘත අභියෝගයක්‌ කළේය.

 
  • වී කිලෝ 50 ලක්‍ෂයක්‌ හඳුනාගත් මෝල් හිමියන්ට

    වී මෝල් හිමියන්ට නාඩු වී කිලෝවක්‌ රු. 33 ටත් සම්බා වී කිලෝවක්‌ රු. 37 ටත් වැනි මිලකට මණ්‌ඩලය මගින් ලබාදෙන අතර එම වී තම්බා සහල් බවට පත්කර එම සහල්වලින් සියයට හැටක ප්‍රමාණයක්‌ සමුපකාර තොග වෙළෙඳ සංස්‌ථාවට (සතොසට) ලබාදීමේ පදනම මත වී මෝල් හිමියන් වෙත නිකුත් කරන බව ....

 


 
  • හමුදා නායකයන් සිවිල් පාලනයට
    එමේ යහපත් ලක්‍ෂණ ද ඇත

    කොරියාව ගොඩගත්තේ මේජර් ජෙනරාල් පාක්‌ ජංහී


    මේජර් ජෙනරාල් බලයට පත්වන විට කොරියාවේ පැවැතියේ ද ඉහත සඳහන් කළ ශ්‍රී ලංකාවේ දැන් පවතින තත්ත්වයට සමාන වූවකි. එතුමා එ තත්ත්වය නැතිකොට පැහැදිලි ආර්ථික ප්‍රතිපත්තියක්‌ හඳුන්වාදීමෙන් තම මව්බිම වැටී සිටි ප්‍රපාතයෙන් ගොඩගත්තා පමණක්‌ නොව සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී රටක්‌, මානව නිදහස අගයන රටක්‌, ජනමාධ්‍ය නිදහස තහවුරු කරන ලද රටක්‌ නිර්මාණය කළේය. එතුමා බලයට පත්වන විට එරට තිබූ තත්ත්වය පිළිබිඹු කරන සුප්‍රකට ලාංකික ව්‍යවහාරයක්‌ තිබේ. එනම් කොළඹ හා එ අවට තිබූ මුඩුක්‌කු කොරියාව නමින් හැඳින්වීමට අප පුරුදුව සිටීමයි.

  

  


 
  • දකුණු ආසියානු ක්‍රීඩා උළෙල
    ශ්‍රී ලංකා ක්‍රිකට්‌ කණ්‌ඩායම නම් කරයි
    නායකත්වය ප්‍රියන්ජන්ට


    එළඹෙන ජනවාරි 29 සිට පෙබරවාරි 09 දක්‌වා බංග්ලාදේශයේදී පැවැත්වීමට නියමිත 11 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ වයස අවුරුදු 21 න් පහළ වයස්‌ කාණ්‌ඩය යටතේ පැවැත්වීමට නියමිත පන්දුවාර 20-20 ක්‍රිකට්‌ තරගාවලිය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්‌ඩායමේ නායකත්වය හිටපු නාලන්ද විදුහල් ක්‍රීඩක අශාන් ප්‍රියන්ජන්ට හිමිව තිබේ.

  

Kapruka Shopping |  News

උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.

Powered By -