|
|
|
|

ප්‍රධාන අපේක්‍ෂකයන්
දෙදෙනාටම 50% ක
ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීම වළකනවා
මගේ සහ සිවාජිලිංගම්ගේ අරමුණ එයයි
ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න
ජනාධිපතිවරණයේදී
අපි දෙන්නාගෙන්
කාට ඡන්දය දුන්නත් කමක් නැහැ
ජනාධිපති ධුර අපේක්‍ෂක එම්. කේ. සිවාජිලිංගම්
ජනවාරි 26 වැනිදා පැවැත්වෙන 2010 ජනාධිපතිවරණයේදී ප්‍රධාන
දේශපාලන පක්‍ෂ දෙකේ අපේක්‍ෂකයන් දෙදෙනාට පළමු වටයේදී 50% ක
ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමට ඉඩ නොදී දේශපාලන වශයෙන් පහතට
ඇද දැමීම තමාගේ සහ සිවාජිලිංගම් මහතාගේ අරමුණ යෑයි
වාමාංශික පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ආචාර්ය
වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවැසීය.
වික්‍රමබාහු කරුණාරත්න මහතා මෙම අදහස් පළ කළේ නිදහස,
ප්‍රජාතන්ත්‍රවාදය, ස්‌ව පාලනය පිළිබඳ වමේ පොදු
ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්‌වීම සඳහා කොළඹ නිපොන්
හෝටලයේ පැවැති උත්සවය අමතමිනි. මෙහිදී වමේ පොදු වැඩපිළිවෙළ
පිළිබඳ මාධ්‍ය වෙත කරුණු දැක්‌වීම සිදුවිය. පාර්ලිමේන්තු
මන්ත්‍රී ජනාධිපති ධුර අපේක්‍ෂක සිවාජිලිංගම් මහතා ඇතුළු
පක්‍ෂ රැසක නියෝජිතයන් මේ අවස්‌ථාවට සහභාගි විය.
වැඩිදුරටත් කරුණු දැක්‌වූ වික්‍රමබාහු කරුණාරත්න මහතා
මහින්ද රාජපක්‍ෂ මහතායි සරත් ෆොන්සේකා මහතායි අතර කිසි
වෙනසක් නැහැ. මේ අපේක්‍ෂකයන් දෙන්නගේ කඳ එකයි. ඔළු දෙකයි.
මේ දෙන්නා හරියට ඔළු දෙකේ සර්පයෙක් වගේ. මේ දෙන්නගේම
ප්‍රතිපත්ති අපි පිළිගන්නේ නැහැ. අපේ පොදු සතුරා හැටියටයි
අපි මේ අපේක්‍ෂකයන් දෙන්නාව සලකන්නේ. මේ රට දියුණු කරන්න
මහින්ද රාජපක්‍ෂ මහත්තයටයි සරත් ෆොන්සේකා මහත්තයටයි
දෙන්නටම බැහැ.
අපි ඒකීය රාජ්‍ය පිළිගන්නේ නැහැ. වාමාංශික පෙරමුණ හැටියට
අපි පිළිගන්නේ බලය විමධ්‍යගත කළ එක්‌සත් රටක් විතරයි. අද
ඇමරිකාව, ඉන්දියාව, චීනය, එංගලන්තය අපේ රටේ අභ්‍යන්තර
දේශපාලන ප්‍රශ්නවලට ඇඟිලි ගහනවා. එය වහාම නතර කළ යුතුයි.
සරත් ෆොන්සේකයි මහින්ද රාජපක්‍ෂයි අද රටේ ප්‍රශ්න අමතක
කරලා මහ විගඩමකුයි නටන්නේ. මේ අපේක්‍ෂකයන් දෙන්නාගෙන්
වැඩිය හොඳ කවුද කියලා අපෙන් අහන්න එපා. මේ දෙන්නම කරන්නේ
ජනතාවගේ නියෝජිතයන් ලෙස පෙනී සිටිමින් ජනතාවට කොකා
පෙන්වීමයි. මේ දෙන්නව අපිට පරාජයට පත් කරන්න බැරි වුවත්
පළමු වටයේදී 50% ඡන්ද ප්‍රතිශතයක් ලබා ගැනීමට නොදී
දේශපාලන වශයෙන් අතපය කඩලා දැම්මොත් ඉදිරියේදී අපිට පාරට
බැහැලා ජනතාවගේ අයිතිවාසිකම් දිනා ගැනීමට හැකි බවද
වික්‍රමබාහු කරුණාරත්න මහතා පැවැසීය.
ජනාධිපති ධුර අපේක්‍ෂක එම්. කේ. සිවාජිලිංගම් මහතා ද මේ
ජනාධිපතිවරණය සඳහා මම ඉදිරිපත් වුණේ ශ්‍රී ලාංකික දෙමළ
ජනතාවගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කර ගැනීම සඳහායි. මහින්ද
රාජපක්‍ෂ ජනාධිපතිතුමාටවත් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාටවත්
මේ රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට පුළුවන්කමක් නැහැ.
දෙමළ සහ සිංහල ජනතාව රවටන එකයි. මේ දෙන්නම කරන්නේ. අපි
ඒකීය රාජ්‍ය පිළිගන්නේ නැහැ.
දෙමළ ජනතාවට ස්‌ව පාලන අයිතිය අවශ්‍යයි. අද ඉන්දියාව,
ඇමරිකාව ඇතුළු රටවල් ලංකාවේ අභ්‍යන්තර දේශපාලන ප්‍රශ්නවලට
ඇඟිලි ගැසීමට පටන්ගෙන තිබෙනවා. පසුගිය දින කීපයේ මම හිටියේ
ඉන්දියාවේ. එනිසා මම ඒ ගැන හොඳට දන්නවා ජනාධිපතිවරණයේදී
අපි දෙන්නගෙන් කාට ඡන්දය දුන්නත් කමක් නැති බවද
මන්ත්‍රීවරයා පැවැසීය.
ලීනස් ජයතිලක, සුරේJද්‍ර අජිත් රූපසිංහ, සජිත් ශ්‍රී
ලක්‌මාල් ඇතුළු පක්‍ෂ නියෝජිතයන් රැසක් ද මේ අවස්‌ථාවට
සහභාගි විය.
ප්‍රියදර්ශන ලියනගේ
|
|
|
|