වඳුරෝ සහ රිලව් පාලනයට
ගොවීන්ට වායු රයිපල් පුහුණුවක්‌


ඌව පරණගම - එන්. ඩී. එන්. අබේසේකර නමුණුකුල - යූ. බී. පල්ලේගෙදර

ගොවිතැන් කටයුතුවලට හානි කරන වඳුරන් හා රිලවුන් පාලනය කිරීම සඳහා වායු රයිපල් භාවිත කිරීම සඳහා ගොවීන් පුහුණු කිරීමට බදුල්ල දිස්‌ත්‍රික්‌ ලේකම් රෝහණ කීර්ති දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්‌වූ දිස්‌ත්‍රික්‌ කෘෂිකර්ම කමිටුව පසුගියදා තීරණය කළේය.

පස්‌සර ප්‍රාදේශීය ලේකම් විල්බට්‌ තෙන්නකෝන් මහතා සභාවට ගෙන එන ලද යෝජනාවක්‌ සලකා බැලූ කමිටුව සත්ව හිංසනය අවම වන පරිදි පොල් සංවර්ධන මණ්‌ඩලයේ සහයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වේ.

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.