ශූරතම ටෙස්‌ට්‌ ක්‍රිකට්‌  කණ්‌ඩායම : ඉන්දියාව

ඉන්දු - ශ්‍රී ලංකා ක්‍රිකට්‌ තරගාවලිsය යටතේ ශ්‍රී ලංකා කණ්‌ඩායම තරග 2-0 ක්‌ වශයෙන් පරාජය කොට ටෙස්‌ට්‌ ශ්‍රේණිගත කිරීම් සටහනේ පළමු ස්‌ථානයට පත්වූ ඉන්දීය කණ්‌ඩායමට, ඒ සඳහා පිදෙන ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ සෙංකෝලය ජගත් ක්‍රිකට්‌ සම්මේලනයේ ප්‍රධාන විධායක හරූන් ලාගට්‌ මහතා විසින් ඉන්දීය කණ්‌ඩායමේ නායක මහේන්ද්‍ර සිං දොaනි වෙත පිළිගැන්වූ අවස්‌තාව ඡායාරූපයේ...

නවදිල්ල නුවර පැවැති විශේෂ උත්සවයකදී අදාළ සම්මානය පිරිනමන ලද අතර, සම්මානය තමන්ට හිමිවූයේ හැකියාව ක්‍රියාවට නැංවීමට තම කණ්‌ඩායම දක්‍ෂ වූ හෙයින් යෑයි දොaනි පවසා ඇත.

ඉන්දියාව ටෙස්‌ට්‌ ශ්‍රේණි අංක 1 ස්‌ථානයට පත්වීමට පෙර දකුණු අප්‍රිකාව එම ස්‌ථානයේ පසුවූ අතර ශ්‍රී ලංකාව දෙවැනි ස්‌ථානයේ පසුවිය.

 

 
Powered By -


     සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.