මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ප්‍රතිපත්ති මාලාව

* පංචබල කේන්ද්‍රයන් ලෙස ආසියාවේ ආශ්චර්යය බවට

* බත බුලතින් සපිරි අගහිඟකමින් තොර ඉසුරුමත් රටක්‌

* නිවාස, විදුලිය, ජලය, හා සන්නිවේදන පහසුකම් සැමට හිමි වන රටක්‌

* දියුණු මාර්ග පද්ධතියක්‌ සහ ප්‍රවාහන සේවයක්‌ පවතින රටක්‌

* විනය ගරුක - නීති ගරුක යහ පාලනයකින් යුත් සදාචාර සමාජයක්‌

* දිනු දේශය යළි නොබෙදන ඒකීය රටක්‌

* බහුතර සම්මුතියකින් ගොඩ නැගෙන තිරසාර සාමයක්‌

* ගහකොළ සහ සතා සීපාවා ද සුරකින හරිත ලංකාවක්‌

* තරුණයන්ගේ අපේක්‌ෂාවන්ට මුල්තැන දෙන සුභවාදි හෙටක්‌

* අහස - පොළව සයිබර් අවකාශයෙන් ජයගත් දැනුමෙන් බලාත්මක ගුරු සිසු පිsරිසක්‌

* පෙර අපර දිග වෙදකම සමව ගත් නිරෝගී සුවසම්පන්න මිනිස්‌ කැළක්‌

* දේශීය සම්පත්, දේශීය දැනුමෙන් විදේශයන් ද ජය ගන්නා දේශීය ව්‍යවසායකයෙක්‌

* සාහිත්‍ය කලාවේ ප්‍රාසාංගික වේදිකාවේ ප්‍රබෝධයේ සුවිසල් යුගයක්‌

* මිනිසුන් හැර යන රටක්‌ වෙනුවට සතුටින් පැමිණෙන ආදරණීය රටක්‌

අවසන් කළ නොහැකි යෑයි කියූ ත්‍රස්‌තවාදය සහ බෙදුම්වාදය අපි පරාජය කළෙමු. නිදහස්‌ මවුබිමේ භාරකරුවන් ලෙස අහිමි කළ සමෘද්ධිය යළි දිනා ගෙන ජාතිය හා අපේ දරුවන් සුබ අනාගතයකට රැගෙන යැමට ඉතින් අත්වැල් බැඳගමු.

පංචබල කේන්ද්‍රය ඇසුරෙන් ශ්‍රී ලංකාව

ආසියාවේ ආශ්චර්යය බවට

ගෝලීය අවපාතයෙන් නොසෙල්වුණ අපේ ආර්ථික මුල්ගල

යුද්ධය ජයග්‍රහණයෙන් කෙළවර වීමත් සමගම "ආර්ථික යුද්ධය ද ජයගත යුතුය යන්න මෑතක සිට බොහෝ දෙනාගේ මුවඟ රැව් දෙනු අසන්නට දකින්නට ලැබිණි. එහෙයින් ඉදිරි හය වසර තුළ එකී අභියෝගය ද භාරගැනීමට මම සූදානම්ව සිටිමි. අප රටේ ආර්ථිකය නිදහස්‌ විය යුතු බවද ශක්‌තිමත් වියයුතු බවද දේශීය අනන්‍යතාව රැකෙන පරිදි විනයානුකූලව හැසිරෙමින් ජාත්‍යන්තර මට්‌ටමේ වර්ධනයක්‌ අත්පත්කරගත යුතු බවද මම තරයේ විශ්වාස කරමි. එහෙයින් ඉදිරි වසර හය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික ආර්ථික ප්‍රතිපත්තිය විධිමත් පරිදි ක්‍රියාත්මක කිරීමට මම අපේක්‌ෂා කරමි.

මා මේ රටේ පාලනය බාරගන්නා අවස්‌ථාව වන විට නිදහසින් වසර 57 ක්‌ ගතවී තිබූ අතර ඒක පුද්ගල ආදායම වර්ධනය වී තිබුණේ ඇමරිකානු ඩොලර් 1,000 දක්‌වා ඉතා සෙමිනි. මාගේ පසුගිය වසර 4 ක පළමු පාලන කාලය තුළ එය ඩොලර් 2,000 ඉක්‌ම වූ සීග්‍ර වර්ධනයක්‌ අත්කර ගත්තේය. ඒ දේශීය ආර්ථිකයට හිතකර අන්දමින් ඉහත කී ජාතික ආර්ථික ප්‍රතිපත්තිය මහින්ද චින්තනයට අනුකූලව මවිසින් ක්‍රියාත්මක කරනු ලැබූ නිසාය.

ඒ අනුව ඉදිරි වසර 6 අවසාන වන විට එය ඩොලර් 4,000 දක්‌වා අනිවාර්යයෙන්ම වර්ධනය කිරීමට අවශ්‍ය සියලු පියවර ගැනීමට මම ඇප කැප වෙමි.

යුද්ධය පැවැති තීරණාත්මක යුගයේ ද සැලකිය යුතු අඛණ්‌ඩ වර්ධන වේගයක්‌ පවත්වා ගැනීමට මා සමත් වූ බැවින් ඉදිරි වසර හය තුළ 8% ක ආර්ථික වර්ධන වේගයක්‌ අඛණ්‌ඩව පත්වා ගැනීමට සියලු පියවර ගන්නෙමි.

නව ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ බටහිර සහ නැගෙනහිර සියලු රටවල ආර්ථිකයයන් බංකොලොත් වී ගිය අයුරු අපි දුටුවෙමු. අප ද එම ආර්ථික ප්‍රතිපත්තිම කර ගසා ගෙන සිටියේ නම් අපේ ආර්ථිකයද සහමුලින්ම විනාශ වීමට බොහෝ දුරට ඉඩ තිබිණි. අපි කවදාටත් වඩා අද ස්‌ථාවරව සිටිමු. ලෝකයේ වේගවත්ම ආර්ථිකය වර්ධනය සහිත පළමු රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද ඇතුළත් කිරීමට "ද ඉකොනොමිස්‌ට්‌" සඟරාව පියවර ගෙන ඇත්තේ ඒ නිසාය. ලෝකයේ සීග්‍රයෙන්ම වැඩෙනා කොටස්‌ වෙළෙඳපොළ අතුරින් දෙවැනි ස්‌ථානය අපට හිමිවූයේ ද එබැවිනි.

ඉදිරියේදී අප හමුවේ දැවැන්ත අභියෝග දෙකක්‌ ඇත. එකක්‌ නම් අපට අහිමි කරවා ඇති ආර්ථික සමෘද්ධිය හා නූතන සංවර්ධනයේ ප්‍රතිලාභ රටේ පොදු මහජනයාට හිමිකර දීමයි. දෙවනුව, දිගුකාලීන තිරසාර සංවර්ධනයකට අවශ්‍ය අඩිතාලම ද සමාන්තරව සකස්‌ කිරීමයි. මෙතෙක්‌ මුහුණ දුන් අභියෝගවලට ආදරය කරමින් ඒවා ජයගත් ආකාරයටම මේ අභියෝග ද ජයගැනීම මගේ පරම අධිෂ්ඨානයයි.

ශ්‍රී ලංකාව - ගෝලීය පංච මහ කේන්ද්‍රයක්‌

අපේ ඉදිරිමහ පිම්මේ ප්‍රමුඛ ඉලක්‌කයක්‌ වන්නේ ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් වැදගත් ආර්ථික කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්කර ගැනීමයි. ඒ සඳහා අප රට යළිත් ආසියානු සේද මාවතේ මුතු ඇටය බවට පත්කරවන්නට මම අධිෂ්ඨාන කරගෙන ඇත. රට එහි විශිෂ්ට භූගෝලීය පිහිටීම උපයෝගී කරගෙන බටහිර හා නැගෙනහිර යා කරන නාවුක, ගුවන්, වාණිජ, වෙළෙඳ හා දැනුමේ කේන්ද්‍රයක්‌ ලෙස දියුණු කිරීමට මම පියවර ගන්නෙමි

නාවුක කේන්ද්‍රස්‌ථානයක්‌

එදා පරාක්‍රමබාහු රජතුමාගේ යුගයේ දී මේ කලාපයේ නාවුක බලවතා වූයේ අපේ දේශයයි. අපේ දරුවන්ගේ ලේ නෑයා තුළ ඒ අභීත නැව්පතියන්ගේ, නැව් නිර්මාපකයන්ගේ ලේ උරුමය රැඳී ඇතැයි මම තදින්ම විශ්වාස කරමි. ඒ උරුමය හා ශක්‌තිය පදනම් කර ගනිමින් මුqහුදු සේද මාවතේ නාවුක කේන්ද්‍රස්‌ථානය බවට ශ්‍රී ලංකාව පත්කිරීමට ඉදිරි දශකය තුළ පියවර ගන්නෙමි. ඒ තුළින් අපේ රට අසලින් යන නැව්වලට සේවාවන් සැපයීමේ මධ්‍යස්‌ථානයක්‌ බවට පත්වීමට අපට හැකි වනු ඇත. එසේම ශ්‍රී ලංකාවේ වාණිජ නාවුක කර්මාන්තයේ විප්ලවයක්‌ ද සිදුවනු ඇත. ලක්‌ෂ සංඛ්‍යාත පිරිසක්‌ පුහුණු නැවියන් කාර්මිකයන්, ආහාර හා පිළිසකර කටයුතු කරන්නන් තෙල් සපයන්නන් ලෙස නව රැකියා මාර්ගවලට පිවිසෙනු ඇත.

ඒ වෙනුවෙන් වන මහා පරිමාණ ව්‍යාපෘතීන්

හම්බන්තොට වරාය

*  සියලු බාධක මැඩගෙන විශාල ආයෝජනයකින් යුක්‌තව 2008 දී අපි හම්බන්තොට වරායේ ඉදිකිරීම් ආරම්භ කළෙමු. මංගල නෞකාව 2012 නොවැම්බර් මාසයේදී එහි සම්ප්‍රාප්ත වනු ඇත.

* මෙම වරාය පිහිටි ස්‌ථානයට නාවික සැතපුම් 10 ක්‌ ඔබ්බෙන් ඇත්තේ ලොව කාර්ය බහුලම ජාත්‍යන්තර මුහුදු වෙළෙඳ මාර්ගයයි.ඒ මුqහුද සේද මාවත. වසරකට ප්‍රධාන වෙළෙඳ නැව් පමණක්‌ 70,000-80,000 ක්‌ අතර ප්‍රමාණයක්‌ නැතහොත් දිනකට නැව් 200 ක්‌ පමණ අප පසු කරන බව මෙතුවක්‌ අමතක කර තිබීම අවාසනාවකි.

*  හම්බන්තොට වරාය ක්‍රියාත්මක වීමත් සමග මෙම නැව්වලින් 10,000 ක්‌ පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත. එමගින් වසරකට රුපියල් කෝටි 5,000 ක විදේශ විනිමයක්‌ ඉතා පහසුවෙන් ඉපයිය හැකි වනු ඇත. මෙම වරාය නිදහස්‌ වරායක්‌ ලෙස ක්‍රියාත්මක කෙරෙන බැවින් මෙම සංඛ්‍යාව දෙගුණයක්‌ වෙතැයි මම විශ්වාස කරමි.

*  ඒ අනුව බලන විට ත්‍රස්‌තවාදය නිමා කළා මෙන්ම වරාය ක්‍ෂේත්‍රයේ සංවර්ධනයෙන් පමණක්‌ දුප්පත්කමත් සදාකාලිකව අපේ රටින් තුරන් කිරීමේ මගේ අධිෂ්ඨානය නිසැකවම ඵල්පල ගැනAවීමට අප සමත් වනු ඇත.

* හම්බන්තොට, තණමල්විල සහ ඇඹිලිපිටිය වැනි අති දුෂ්කර පළාත් කේන්ද්‍ර කර ගෙන දැනටමත් සකස්‌ වෙමින් පවතින "සංවර්ධන කලාපය" එම ප්‍රදේශවාසීන්ගේ ජීවන ගමන් මග මුළුමනින්ම වෙනස්‌ කරනු ඇත.

දකුණු කොළඹ වරාය

*  පසුගිය වසරේදී ඉදිකිරීම් පටන්ගත් දකුණු කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු 2012 දී ආරම්භ කෙරේ.

*  දැනට කොළඹ වරායට ඇතුළු කළ නොහැකි විශාල ප්‍රමාණයේ නැව් පැමිණීමත් සමග බහාලුම් ධාරිතාව දෙගුණයක්‌ වනු ඇත. ආනයන අපනයන කටයුතු සඳහා ගතවන කාලය අඩු වීමෙන්ද නැව් සමාගම් අතර ඇතිවන තරගයෙන් නැව් ගාස්‌තු පහළ යැමෙන්ද ගමේ ගොවියාගේ අස්‌වැන්න කොළඹට පමණක්‌ නොව විදේශ රටවලටද දින කීපයකින් යෑවීමට හැකි වීමෙන් අති විශාල ආර්ථික වාසියක්‌ රටට මෙන්ම දේශීය ගොවියාට හා ව්‍යවසායකයාට ද උරුම කරදීමට අපට හැකි වනු ඇත.

ගාල්ල සංචාර වරායක්‌ බවට

* ගාලු වරායේ දැනටමත් ඇරඹි ඇති සංවර්ධන කටයුතු ද මෙම වසරේදී නිම කරමි.

*  ජාත්‍යන්තර මුqහුදු මාවතින් ගමන් ගන්නා කිසිදු සංචාරක නෞකාවක්‌ දැනට ලංකාවට නොපැමිණෙන තරම්ය. ඊට හේතුව කොළඹ සංචාරක නෞකා සඳහා ආකර්ෂණීය නොවීමත් ලංකාවේ ඊට සුදුසු පහසුකම් ඇති වෙනත් වරායක්‌ නොවීමත්ය.

*  ඓතිහාසික සංචාරකයන්ගේ නෙත් සිත් බැඳගන්නා ගාල්ල නගරයේ මෙම වරාය වැඩි දියුණු කිරීමෙන් සංචාරක නෞකා මෙන්ම මධ්‍ය පරිමාණ සහ කුඩා ප්‍රමාණයේ සංචාරක යාත්‍රා විශාල ප්‍රමාණයක්‌ ගෙන්වා ගත හැකියෑයි විශ්වාස කෙරේ. වරායෙන් ලැබෙන ආදායම මෙන්ම කීප ගුණයක්‌ සංචාරක කර්මාන්තයේ නියෑලෙන අපේ ඇත්තන්ට ඩොලර්වලින් උපයන්නට ඒ තුළින් හැකි වනු ඇත.

අනිකුත් වරායන්

* ඔලුවිල්, කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය යන වරායන් ත්‍රිත්වයේම සංවර්ධන කටයුතු ආරම්භ කෙළෙමි. ඔලුවිල් වරායේ සංවර්ධන කටයුතු ද මෙම වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වෙමි. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත සංවර්ධනපුරයේ කටයුතු පවා දැනටමත් ආරම්භකර තිබේ. මේ වරායන් තුනේම මූලිකවම සිදු වන්නේ අභ්‍යන්තර ප්‍රවාහන කටයුතු සහ සංචාරක ප්‍රවර්ධනයයි. මෙතෙක්‌ වියදම් අධික වූ සහ අනාරක්‌ෂිත වූ ඇතැම් ප්‍රවාහන කටයුතු මුළු රටම ආවරණය වන පරිදි සිදු කිරීමට ඒ අනුව නුදුරේදීම අපට හැකි වනු ඇත.

රැකියා අවස්‌ථා

*  මෙම සංවර්ධන කාර්යය සම්පූර්ණ වන විට පුහුණු නුපුහුණු දෙඅංශයේම සෘජු රැකියා අවස්‌ථා 50,000 ක්‌ නිසැකවම අපේ තරුණයන්ට හිමිවනු ඇත. මෙම ක්‍ෂේත්‍රවලට වඩාත්ම අවශ්‍ය වන්නේ පුහුණු ශ්‍රමිකයන්ය. එබැවින් උසස්‌ පෙළ සහ සාමාන්‍ය පෙළ සමතුන්ට මෙම රැකියා විවෘත කරමි. ඒ සඳහා අවැසි දැනුම සහ පුහුණුව ලබාගත හැකි ක්‍ෂේත්‍ර ගණනාවක පුහුණු පාඨමාලා වෘත්තිය පුහුණු අධිකාරිය හා එක්‌ව දැනටමත් දිවයින පුරා ආරම්භ කර ඇත.

*  ඊට අමතරව ආහාර, නවාතැන් වැනි විවිධ සේවා සැපයීම් ආශ්‍රිතව තවත් ලක්‌ෂ තුනකට පමණ වක්‍ර රැකියා අවස්‌ථා උදාවනු ඇත. සංවර්ධනයේ ප්‍රතිඵල ගමින් ගමටත් ගෙයින් ගෙයටත් පුද්ගලයාගෙන් පුද්ගලයාටත් ගෙන යැමට මා සැලසුම් කර ඇත්තේ එලෙසිනි.

*  ශ්‍රී ලකාවේ අලුතින් වරායක්‌ ඉදිවන්නේ වසර 600 කට පමණ පසුවයි. පසුගිය වසර හතර ඇතුළත ඉදිකිරීම් අරම්භ කළ අලුත් වරායවල් 5 තුළින් ඉදිරි වසරවලදී වසරකට දළ ජාතික ආදායම 2% බැගින් එක්‌ කරමි.

*  හම්බන්තොට වරාය කේන්ද්‍ර කර ගත් ඇඹිලිපිටිය, තණමල්විල යන ප්‍රදේශවල ද ත්‍රිකුණාමලය, ඕලුවිල් සහ කන්කසන්තුරේ වරායල් අවට ප්‍රදේශවල ද ආර්ථික සංවර්ධන කලාප 4 ක්‌ පිහිටුවීමි, ඒවායේ පදිංචිකරුවන්ට වරාය ආශ්‍රිත සේවා සැපයීමට අවස්‌ථාව සලසා දීමෙන් ඔවුන්ගේ ජීවිත සංවර්ධනය කරමි.

ගුවන් කේන්ද්‍රස්‌ථානයක්‌

ලෝක ඉතිහාසයේ අතීත ප්‍රවාදයකට හෝ ගුවන් යානයක්‌ ගැන සඳහන් වන්නේ අපේ රාවණ රජතුමාගේ දඬුමොණරය පිළිබඳවයි. එසේම, එදා දෙවැනි ලෝක සංග්‍රාමය අවස්‌ථාවේ දී ඉංග්‍රීසිSන් සිය නාවුක ගුවන් මූලස්‌ථානය ලෙස ලංකාව තෝරාගෙන මවුන්ට්‌බැටන් සාමිවරයා මෙහි රැඳවුයේ අන්තර් ජාතික ගුවන් යානා මාර්ග බොහොමයක්‌ මේ රට අසලින් වැටී ඇති නිසාය. එහෙත් තවමත් සිංගප්පූරුව, ඩුබායි ආදී රටවල් සිදු කළ පරිදි ගුවන් කේන්ද්‍රස්‌ථානයක්‌ ලෙස අප රටගොඩනැගීමට අපට නොහැකි වී ඇත.

මේ අභියෝගය අප විසින් ජය ගත යුතුව තිබේ. නිල් අහස ජයගැනීම සඳහා දැවැන්ත යටිතල පහසුකම් ගොඩනැංවීමක්‌ මා විසින් ආරම්භ කරන ලද්දේ එබැවිනි. කටුනායක ගුවන්තොට නවීකරණය කළ අතර මත්තල නව ගුවන්තොටුළක්‌ ඉදිකිරීමට ක්‍රියා කළෙමි. එමෙන්ම රටපුරා ගුවන්තොටුපළ දාහතරක්‌ ඉන්දියාව හා කලාපීය ගුවන් ගමන් සඳහා නවීකරණයට ද කටයුතු කරන්නෙමි. දියුණු මාර්ග පද්ධතියක්‌ මගින් මේ ගුවන් පථ යා කිරීමට දැනටමත් කටයුතු කර ඇති අතර ගුවන් යානා එකලස්‌ කිරීම, අලුත්වැඩියාව වැනි නව කර්මාන්තවලට ද ගුවන් යානා සේවා සැපයීමටද, කාර්මික සේවා සැපයීමට ද මෙමගින් ඉඩ ප්‍රස්‌ථා විවෘත කරමි.

නිල් ගුවන සහ අභ්‍යවකාශය ජය ගැනුම

අපේ ජව සම්පන්න තරුණයන් පොළොවෙහි, සයුරෙහි මෙන්ම නිල් ගුවනෙහි ද දස්‌කම් පාන්නට අපමණ දක්‌ෂ බව පසුගිය මානුෂිය මෙහෙයුම්වලදී පෙන්වා දී තිබේ. එය මට ශක්‌තියකි. මේ උදාවී ඇත්තේ අහස පමණක්‌ නොව අභ්‍යවකාශයද දිනිය යුතු කාලයයි.

* අපගේ අසල් වැසි රටවල් සමග අභ්‍යවකාශ තාක්‌ෂණය හුවමාරු කර ගැනීමේ වැඩසටහනක්‌ සකස්‌ කරමි. ඒ යටතේ අපේ රටට චන්ද්‍රිකා අයිතියක්‌ ලබා ගැනීමටත් කටයුතු කරමි.

*  අනාගතයේදී ශ්‍රී ලාංකීය ජාතියම මහත් අභිමානයට පත් කරමින් ඉදිරි දස වසර තුළදී අපේම විද්‍යාඥයන් විසින් නිර්මාණය කෙරෙන චන්ද්‍රිකාවක්‌ අභ්‍යවකාශගත කරන ශ්‍රී ලංකාවක්‌ බිහි කිරීම මගේ අප්ක්‌ෂාවයි.

මත්තල - ශ්‍රී ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන්තොටුපල

වරායක්‌ මෙන්ම අලුතින් ගුවන්තොටුපළක්‌ ද ලංකාවේ ඉදිවන්නේ යටත් විජිත අවදියෙන් පසුවය.

*  කිලෝ මීටර් හතරක්‌ දිගින් යුතු ගුවන් පථයක්‌ සහිත මත්තල ගුවන් තොට ලංකාවේ දෙවන ජාත්‍යන්තර ගුවන් තොටුපළයි.

*  දකුණේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනයට මෙන්ම ආයෝජන සහ සංවර්ධන කලාපවල වර්ධනයටත් මෙමගින් කදිම අවස්‌ථාවක්‌. උදාවනු ඇති බව මම විශ්වාස කරමි.

කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නවීකරණය

*  A 380 වර්ගයේ අති දැවැන්ත ගුවන් යානා ගොඩ බැස්‌ස විය හැකි ආකාරයේ ධාවන පථයක්‌ සහ ගුවන්අංගනයක්‌ සහිතව කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ නවීකරණය කිරීමේ කටයුතු ඇරඹුයෙමි. කලාපයේ අනෙකුත් ගුවන් තොටුපළවල් සමග තරගකාරිව කටයුතු කිරීම සඳහාත් මගීන්ගේ ආකර්ෂණය සඳහාත් මෙම නවීකරණය උපකාරි වනු ඇත.

*  පලාලි, අම්පාර, රත්මලාන යන අභ්‍යන්තර ගුවන් තොටුපළ වැඩි දියුණු කිරීම අභ්‍යන්තර ප්‍රවාහන පද්ධතියේම සංවර්ධනාත්මක දිගුවකි.

* මෙය ආර්ථික විජයග්‍රහණය සඳහා වන යෝධ පිම්මක්‌ මෙන්ම 5,000 කට පමණ සෘජු රැකියා අවස්‌ථා උදාකර දීමක්‌ ද වෙයි. අනුබද්ධිත භාණ්‌ඩ සහ සේවා සැපයීම මගින් තවත් 15,000 කට පමණ වක්‍ර ආදායම් මාර්ග උදාවෙනු ඇත. දියුණුවේ ප්‍රතිඵල දොරින් දොර ළඟා වෙනු ඇත්තේ එලෙසිනි.

වාණිජ කේන්ද්‍රස්‌ථානක්‌

ශ්‍රී ලංකාව වාණිජ කේන්ද්‍රස්‌ථානයක්‌ කිරීමේ පළමු අභියෝගය මම ජයගත්තෙමි. ඒ භෞතික වශයෙන් යටිතල පහසුකම්නැංවීමෙන් මෙන්ම මානව සම්පත් දැනුමෙන් වැඩිදියුණු කිරීමෙනි. එහි ප්‍රතිඵල ලෙස අපේ කොටස්‌ වෙළෙඳපොළ හා විදේශ ආයෝජන දැනටමත් ලොවේ ප්‍රමුඛතම තත්ත්වයන්ට පත්වී ඇත. අපට අවශ්‍ය මෙය විප්ලවීය වෙනසකින් පෙරට ගෙන යැමයි. වාණිජ සේවාවන් සපයන (ඊඡධ) ජාත්‍යන්තර බැංකු ගනුදෙනු සිදු කරන ජාත්‍යන්තර ආයෝජන සිදු කරන ආසියාවේ ප්‍රධානතම වාණිජ මධ්‍යස්‌ථානය බවට ශ්‍රී ලංකාව පත් කිරීම මගේ අරමුණයි.

බලශක්‌ති කේන්ද්‍රස්‌ථානයක්‌

වසර 2008 දී තෙල් මිල තුන් ගුණයකින් ඉහල යැම නිසා ඇතිවූ ආර්ථික කම්පනය ලොවේම ආර්ථිකයන් ගිsනිබත් කිරීමට සමත්විය. තෙල් මිල තුන් ගුණයකින් ඉහළ යැමෙන් ඇතිවූ අර්බුදය එවැන්නක්‌ නම් තෙල් නැත්තටම නැතිවූ විට කවර තරමේ අර්බුදයක්‌ ජනිත වෙත්දැයි අනාවැකි කියන්නට කිසිවකු අවශ්‍ය නැත. අප මේ ගත කරමින් සිටින්නේ ඛනිජ තෙල් මත ගොඩනැගුණු ශිෂ්ඨාචාරයේ උපරිම දශකයයි. තව දශක පහකින් තෙල් බලශක්‌ති සම්පතක්‌ වන්නේ නැන.

අපේම වූ බලශක්‌ති සම්පත් සොයා යැමට අප පෙළඹෙන්නේ මේ පසුබිම ඔස්‌සේය. එහි මුල් අදියරක්‌ ලෙස මහාද්විපික තඩාගයේ රොන්මඩ තට්‌ටුවේ ගණකම මගින් අප රටට අයත් විය යුතු දේශ සීමාව මැන අවසන් කර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට භාර දීමට අපේ විද්වතුනට හැකි වී තිබේ. මුහුදු තීරයෙන් තුනෙන් දෙකක්‌ වසා සිටි මුqහුදු කොටි ත්‍රස්‌තවාදය ද සදහටම අතු ගා දමා ඇති නිසා අපට සැබෑ ලෙසටම අපේ මුqහුදු දේශ සීමාවේ අයිතිය භුත්ති විඳීමට ස්‌වර්ණමය අවස්‌ථාවක්‌ ලැබී ඇත. අපේ රට මෙන් විසි තුන් ගුණයක මුqqහුqදු ප්‍රදේශයක අයිතිය අපට ලැබිය යුතු බව මම විශ්වාස කරමි. එහි සම්පත් සියල්ල අපේ දරුවන්ට අනාගතයේ හිමිවනු ඇත. එය ඉටු කිරීමට හැකිවීම පිළිබඳව මම ආඩම්බර වෙමි.

ඊනියා සටන් විරාමයක්‌ හරහා උතුරු නැගෙනහිර දෙපළාත ද මුහුදු සීමාව ද ත්‍රස්‌තවාදයට පවරණ ලද රහසිගත ගිsවිසුම මගින් අපේ වෙරළ හා සමුද්‍ර තීරුවල තෙල් ගවේෂණ කටයුතු ඔඨී නොපෙක්‌ නම් සමාගම හරහා විදේශිකයන් සතු කිරීමට ගැටගසන ලද කුමන්ත්‍රණය පරාජය කරමින් මම එකී ගිවිසුම අහෝසි කළෙමි. ත්‍රස්‌තවාදයෙන් හා ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ ග්‍රහණයෙන් මුදවා ජාතිය සතු කර ගන්නා ලද අපගේ සාගර තලය භාවිත කර ජාතික ආර්ථිකය බලශක්‌තියෙන් පෝෂණය කිරීමට අපට දැන් හැකි වී ඇත.

මේ වසරේදී පළමු තෙල් ළිඳ කැණීම් අරඹමි. අපේ තෙල් හා ගෑස්‌ සම්පත ද න්‍යෂ්ටික බලය නිපදවීම සඳහා ඉන්ධනයක්‌ වූ ඛනිජ වැලි සම්පත ද ජාතිය සතු වටිනා දේපොළ ලෙස එළඹුණු දශකයේදී මතුකර ගන්නවා ඇත. එමෙන්ම හම්බන්තොට හා සපුගස්‌කන්දේ නව තෙල් පිරිපහදුව ඉදිවන අතර, එමගින් ජාත්‍යන්තර තෙල් වෙළෙ¹ම අවශ්‍ය තාක්‌ෂණික පදනම අපට ලැබෙනු ඇත. අපේ විදුලිබල පද්ධතිය නැවත විදුලිය හිඟයක්‌ ඇති නොවන ලෙස දැවැන්ත සංවර්ධනයකට යොමු කර ඇති අතර ඉදිරියේ අපේම වූ ඉන්ධනවලින් ධාවනය වන වාහන හා ජනනය වන විදුලිය අපට ලැබෙනු ඇත. කෙටියෙන් කියතොත් අප කලාපයේ බලශක්‌ති කේන්ද්‍රයක්‌ ලෙස අපේ මවුබිම වර්ධනය වනු ඇත. එමගින් ලක්‌ෂ සංඛ්‍යාත පිරිසකට නව රැකියා හා ආදායම් ලැබෙන අතර අපේ ජාතික ආදායම ඉදිරි පස්‌වසර තුළ දෙගුණ කිරීමේ ඉලක්‌කය සපුරා ගන්නට අපට හැකියාව ලැබෙනු ඇති බව මම විශ්වාස කරමි.

දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌

අතීතයේ අපේ මහා විහාරය ආසියාවට ධර්මය බෙදා හැරීමේ මධ්‍යස්‌ථානය විය. විහාරස්‌ථානවල වර්ධනය වූ සූසැට කලාවන් ඉන්පසු දියුණු දැනුම් පද්ධතියක්‌ බවට පත්විය. නාවික, ජල කළමනාකරණ හා වාස්‌තු විද්‍යා ක්‍ෂේත්‍රවල අපේ දැනුම ඈත පෙරදිග රටවලට පවා ගලා ගිය ආඩම්බර අතීතයක්‌ අපට තිබිණි. එහෙත් පසුගිය දශක ගණනාව තුළ සිදු වූයේ බුද්ධිමය ෙ€දවාචකයකි. නිදහස්‌ අධ්‍යාපනය මගින් ජනනය කෙරුනු උගත් බුද්ධිමය ශ්‍රමය විදේශ කරා බුද්ධි ගලනය විය. නවීකරණය නොවූ පාඨමාලා නිසා විරැකියාවට බට අපේ උපාධිධාරී දරුවන් කඳුළු ගෑස්‌ ප්‍රහාර සමග ටයර් සෑයට යවන නරුම දේශපාලනයක්‌ බිහි විය.

විදේශගත වී ලෝක පරිමාණයේ විශිෂ්ටයන් බවට පත්ව සිටින අපේ බුද්ධිමතුන්ගේ ආයෝජන, දැනුම හා සේවාවන් ලබාගැනීම සඳහා ප්‍රතිබුද්ධිගලනය සඳහා වූ ක්‍රියාදාමයන් හඳුන්වා දුන්නෙමි. ඒ ක්‍රියාදාමය ඉදිරියේ දී විප්ලවීය පරිවර්තනයක්‌ බවට පත්කර රටින් යන නොව රටට එන බුද්ධි ප්‍රවාහයක්‌ ඇති කරන්නෙමි.

විශ්වවිද්‍යාල, කාර්මික විද්‍යාල හා ද්විතීයික අධ්‍යාපන පාඨමාලාවල විප්ලවීය වෙනසක්‌ ඇති කරමි. සන්නිවේදන, නාවුක, ගුවන්, වාණිජ, පරිසර හිතකාමී නිෂ්පාදන ආදී ක්‍ෂේත්‍රවල නව දැනුම සමග බැඳුණු පාඨමාලා හා පුහුණු ශ්‍රමය බිහි කරමි. කෙළින්ම විදේශ වෙළෙඳපොළ ඉලක්‌ක කරගත් පාඨමාලා ද සකසමි.

අධ්‍යාපනය හා දැනුම රටට උචිත ලෙස ප්‍රතිනිර්මාණය කරමි. ශ්‍රී ලංකාව ලෝකයේ දැනුමේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට නැවත පත් කරවමි.

ගමේ බලය රටට

ගම නැඟුම

ගම සමෘද්ධිමත් මිනිසුන්ගේ ජීවන මධ්‍යස්‌ථානයක්‌ කරනු වෙනුවට නුවරුන්ගේ යෑපුම් මධ්‍යස්‌ථානයක්‌ බවට පත් කිරීමේ ක්‍රියාවලිය ඇරඹෙන්නේ යටත්විජිත අවධියේය. නගරය සියලු පහසුකම්වලින් යුත් සම්පත් මධ්‍යස්‌ථානය බවට පත්වෙද්දී ගම රෝගියකු රෝහලකට ගෙනයැම සඳහා පාරක්‌ වාහනයක්‌ නැති තත්ත්වයකට පත් වූයේ එහෙයිනි. නගරය මිනිසුන්ගෙන් පිරී ඉතිරෙද්දී ගම කිසිවක්‌ කර කියා ගත නොහැකි අසරණයන්ගේ උරුමයක්‌ බවට පත් වූයේ ඒ අයුරිනි. ගමේ පාසල එපා වී දරුවන් නගරයේ පාසල්වලට ඇදගෙන ඒමේ ෙ€දවාචකය ඇරඹෙන්නේ එතැනිනි.

වෛරවාදී දේශපාලන පක්‌ෂවල උසිගැන්වීම්වලට හසු වී ගම්බද තරුණයන් ලක්‌ෂ ගණනක්‌ රාජ්‍ය විරෝධී කැරලිකරුවන් වී මරණයට පත් වන 1971 සහ 1987 ද කැරලි දෙකකට අසු වන්නේ එහෙයිනි.

ගොවියාගේ හදවත වන් කුඹුරු මුදලාලිලාට විකිණී ගොවියා තමන්ගේම කුඹුරේ කුලීකරුවකු වන්නේ එහෙයිනි. නිදහසින් පසු සෑම රජයක්‌ම පාහේ ඒ සම්බන්ධයෙන් අඩු වැඩි වශයෙන් වගකිව යුතු යෑයි මම කියමි.

ගම නැවත වරක්‌ මිනිසුන්ට ජීවත් වීම සඳහා අවශ්‍ය පහසුකම්වලින් පිරි සමෘද්ධිමත් ජීවන මධ්‍යස්‌ථානයක්‌ බවට පත් කරන තෙක්‌ ගම නැඟුම වැඩසටහන ක්‍රියාවට නංවමි.

ලංකාවේ සෑම ගමකම සියලුම ආකාරයේ මාර්ග කොන්ක්‍රීට්‌ කරන්නෙමි. ගම්මාන 16000 තුළම සියලු යටිතල පහසුකම්, ජීවනෝපාය සහ සමාජ සංවර්ධනය තුළින් 2016 වන විට සම්පත් පිරුණු සමෘද්ධිමත් ගම නිර්මාණය කරමි.

පළාත් නැඟුම

උතුරු සහ නැගෙනහිර පළාත්වල සීග්‍ර සංවර්ධනයක්‌ අපට කෙටි කලකින් ලබා ගතහැකි වූයේ එම දෙපළාත් සඳහා කාර්ය සාධන බළකායන් දෙකක්‌ පිහිටුවීමෙනි. මෙම අත්දැකීම උපයෝගී කරගෙන රජරට නවෝදය, වයඹ පුබුදුව, පුබුදමු වෙල්ලස්‌ස, කඳුරට උදානය සහ සබරගමු අරුණාලෝකය යන පංච පළාත් සංවර්ධන කඩිනම් වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරමි. ඒ සඳහා පළාත් සභාවද ඒකාබද්ධ කර ගන්නා කාර්ය සාධන බළකායන් පහක්‌ පිහිටුවමි.

කොළඹ හා තදාසන්න නගර මධ්‍යම ආදායම්ලාභී රටක මට්‌ටමකට පරිසර හිතකාමී ලෙස නවීකරණය කරමින් දකුණු ආසියාවේ වාණිජ කේන්ද්‍රස්‌ථානය ලෙස සංවර්ධනය කරමි.

හම්බන්තොට වරාය නගරයක්‌ ලෙසත් ගාලු පුරවරය සංචාරක කේන්ද්‍රස්‌ථනායක්‌ ලෙසත් මාතර දකුණු අභිමානයේ නගරය ලෙසත් සංවර්ධනය කරන්නෙමි.

බත බුලතින් සපිරි අගහිඟකමින් තොර ඉසුරුමත් රටක්‌

ජීවන බරට සැහැල්ලුවක්‌

2005 දී මා බලයට පත් වනවිට දේශීය කෘෂිකර්මාන්තය කඩා වැටීමට සලස්‌වා ගොවියා සිය දිවි නසා ගන්නා තත්ත්වයට පත්ව තිබිණි. වී අලෙවි මණ්‌ඩලය, ආහාර කොමසාරිස්‌ දෙපාර්තමේන්තුව වැනි තොග පවත්වා ගෙන යැමේ ආයතන වසා දමා තිබිණි අලෙවි දෙපාර්තමේන්තුව, ස.තො.ස.සහ සමුපකාරය වැනි පොදු ජනයාට අත්‍යවශ්‍ය භාණ්‌ඩ සහ සේවා බෙදා හැරීමේ ආයතන විනාශ කර දමා තිබිණි. එහි ප්‍රතිඵලය වූයේ ජාවාරම්කරුවන් අතළොස්‌සක්‌ අතට භාණ්‌ඩ හා සේවා සැපයීමේ හා ඒවායේ මිල තීරණය කිරීමේ බලය හිමි වීමයි.

අද ජීවන විදයම ගැන කතා කරන්නේ 1977 සිට 2005 දක්‌වාම ජීවන වියදම පාලනය කිරීමට අසමත්වූ සහ රජයේ පාලනයෙන් එම වගකීම ඈත් කිරීමේ පාපයට අඩු වැඩි වශයෙන් දායක වූ අයවලුන් වීම ගැන මම පුදුම වෙමි.

වී අලෙවි මණ්‌ඩලය නැවත පිහිටුවා , ප්‍රධාන නගරවල ආර්ථික මධ්‍යස්‌ථාන ව්‍යාප්ත කොට, ස.තො.ස. හා සමුපකාරය වැනි ආයතන ශක්‌තිමත් කරමින් ගතවූ සිව් වසර තුළ මම දේශීය නිෂ්පාදන සුලබ කිරීමේ තිරසාර ක්‍රියා මාර්ගයකට ප්‍රවේශ වූයෙමි.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස ගොවි ජනතාවගේ ආදායම් මාර්ග පුළුල් වීමට පටන් ගෙන තිබේ. ජීවන බර තිරසාර ලෙස අඩු කිරීමට නම් මෙම පියවර අඛණ්‌ඩව ඉරියට ගෙන යා යුතුය.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු "බජට්‌ පැක්‌" ස.තො.ස. වෙළෙඳ ජාලයට අමතරව අනෙකුත් පෞද්ගලික සිල්ලර වෙළෙඳසල් මගින්ද ලබාදීමට කටයුතු කරමි.

නොරොච්චෝල ගල් අඟුරු බලාගාරයේ විදුලි නිෂ්පාදනය මෙම වසරේ අග භාගයේ සිට ආරම්භ වීමත් සමග විදුලි බල පද්ධතියට සැපයෙන අඩු වියදම් විදුලියේ ප්‍රතිලාභය මම ජනතාවට ලබා දෙන්නෙමි. අඩු ආදායම්ලාභී නිවාස සඳහා විදුලි බිලෙන් 30% ක වට්‌ටමක්‌ ලබාදීමට කටයුතු කරමි.

* 2012 දී සැමට විදුලිය ලබාදීම අරමුණ ඉටුකර ගන්නා තෙක්‌ දැනට විදුලි බලය නොමැති කමින් ඒ වෙනුවට භූමිතෙල් පරිභෝජනයෙන් ආලෝකය ලබා ගන්නා සෑම පවුලකටම මසකට භූමිතෙල් ලීටර් 5 ක්‌ බැගින් නොමිලේ ලබා දෙන්නමි.

සමෘද්ධිලාභී පවුල්

* කුමන ආකාරයට හෝ සමෘද්ධි සහනාධාර ලැබීම මග හැරී ඇති දුප්පත් පවුල් තිබේ නම් ඒ සියලුම පවුල්වලට සමෘද්ධි ආධාර ලබා දීමට කටයුතු කරමි.

* රුපියල් 1000 ට වඩා අඩුවෙන් සමෘද්ධි සහනාධාර ලබන සෑම පවුලක්‌ සඳහාම එම දීමනාව රුපියල් 1000 දක්‌වා වැඩි කරමි.

* ඊට අමතරව අවුරුදු 3 ට අඩු දරුවන් සිටින සෑම පවුලකම දරුවන් වෙනුවෙන් රුපියල් 1500 ක අතිරේක සහනාධාරයක්‌ ලබා දෙන්නෙමි.

* සෑම සමෘද්ධි පවුල් ඒකකයකටම යම් ව්‍යාපාරයක්‌ කරගෙන යැමට හෝ වෘත්තියක නියෑළීමට අවශ්‍ය ප්‍රාග්ධනය ලබාදීම සඳහා රුපියල් 100,000 දක්‌වා ණය මුදලක්‌ ලබාදීමට කටයුතු කරන්නෙමි.

* එම ණය මුදල පළමු අවුරුද්දේදී පොලී රහිතවත් ඉන් පසු 6% ක සහන පොලියකටත් ලබාදෙන්නෙමි. මෙම ණය මුදල සඳහා රජය ඇපකරු ලෙස ද කටයුතු කරන්නට සලස්‌වමි.

පෝෂණ මල්ලට අමතරව සමෘද්ධිලාභී පවුල්වල මවුවරුන් දරුවකු බිහි කිරීමේදී දරුවාට අවශ්‍ය දෑ අඩංගු තිළිණ කට්‌ටලයක්‌ ලබාදීමට කටයුතු සලස්‌වමි.

සමෘද්ධි පවුල්වල ආර්ථිකය ශක්‌තිමත් කිරීම සඳහා හා ජීවනෝපාය කටයුතු වර්ධනය කිරීම පහසු වන පරිදි සමෘද්ධි අධිකාරියේ සේවකයන් විශ්‍රාම වැටුප්වලට හිමිකම් කියන රාජ්‍ය සේවකයන් බවට පත් කිරීමට අවශ්‍ය සේවා ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කරන්නෙමි.

ආබාධ සහිත පුද්ගලයගෙන් සමන්විත පවුලකට සමෘද්ධි ප්‍රතිලාභ ලබාදීමේදී එම පවුල්වලට අදාළ ආර්ථික තත්ත්වය නොසලකා සමෘද්ධි ආධාරය ලබාදීමට කටයුතු කරමි.

විනය ගරුක-නීති ගරුක සදාචාර සමාජයක්‌

ඉසුරුබර පවුලක්‌

ලෝකය රඳා පවතින්නේ අම්මාවරුන්ගේ හදවතින් ගලා එන සෙනෙහසිනි. දරුවන් නිරෝගී මනසින් සහ සමබර පෞරුෂයෙන් වැඩෙන්නේ ඒ සෙනෙහස තුළිනි. මගේ විශ්වාසය නම් අප කෙතෙක්‌ දේ දිනා ගත්තද මුල් කර ගත යුත්තේ අම්මා, තාත්තා සහ දරුවන් ගෙන් සැදුම් ලත් පවුල බවයි.

ගෙදර බුදුන් අම්මාට මුල්තැන

අප රටේ ආර්ථික ක්‍රියාවලියේ වැඩිම දායකත්වයක්‌ උසුලන්නේ කාන්තාවයි. වතු වගාවේ විදේශ රැකියාවේ සහ ඇඟලුම් ක්‍ෂේත්‍රයන්හි කාන්තා දායකත්වය බෙහෙවින් ඉහළ ගොස්‌ ඇත. එබැවින් අපේ රටේ කාන්තාවට හිමි විය යුත්තේ "සම තැන" නොව "ප්‍රමුඛස්‌ථානය" බව මම විශ්වාස කරමි.

* කාන්තාවන් අතර ස්‌වයං රැකියා සහ අතිරේක ආදායම් මාර්ග වැඩි දියුණු කිරීමට අවශ්‍ය මූල්‍ය පහසුකම් සැපයීම සඳහා කාන්තා ව්‍යවසාය සංවර්ධන අරමුදලක්‌ පිහිටුවමි.

* එකම කාර්යයේ යෙදෙන පිරිමින්ට සහ කාන්තාවන්ට සමාන වැටුප් ගෙවීම අනිවාර්ය කරමි.

* ආර්ථිකමය සහ වෘත්තියමය තොරතුරු ලබා ගැනීමට පහසු වන පරිදි කාන්තා දත්ත බැංකුවක්‌ ආරම්භ කරමි.

* කාන්තාව පවුලේ ප්‍රධාන වගකීම දරන්නා වන අවස්‌ථාවලදී ඇය ගෘහ මූලිකයා ලෙස පිළිගැනීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසීම තුළින් ඇතැම් අවස්‌ථාවලදී කාන්තාවන් මුqහුණපාන පරිපාලන හෝ නීතිමය දුෂ්කරතා ඉවත් කිරීමට කටයුතු කරමි.

* දේශපාලන සහ පරිපාලන ව්‍යqහයන් තුළ කාන්තා නියෝජනය වැඩි කිරීමට පියවර ගන්නෙමි. එමගින් අපේ දැනඋගත් කාන්තාවන්ට නිසි සාධාරණය ඉටු කරමි.

* ගමේ තීන්දු තීරණ ගන්නා ජන සභාවේ කාන්තා නියෝජනය අනිවාර්ය කිරීම මගින් ප්‍රතිපත්තිමය තීරණ ගැනීම්වලදී කාන්තා දායකත්වය ඉහළ නංවමි.

කාන්තා මූලික පවුල්

* උතුරු සහ නැගෙනහිර පළාත්වල පැවැති ගැටුම් මත හෝ 1987-89 භීෂණ සමය හේතු කරගෙන හෝ වෙනත් ස්‌වාභාවික හේතූන් නිසා ගොඩ නැඟුණු කාන්තා මූලිකත්ව පවුල්වලට ආර්ථික සංවර්ධනය සහ සුරක්‌ෂාව ලබාදීම රජයේ වගකීමක්‌ කොට සලකමි.

* ඔවුන්ට සුදුසු ආර්ථික ක්‍රියාවලියකට යොමු වීම සඳහා රුපියල් ලක්‌ෂ 2 කට නොවැඩි සහන පොලියක්‌ යටතේ ණය මුදලක්‌ ලබා දීමට කටයුතු කරමි.

* ඉඩම් අහිමි එබඳු සෑම පවුලකටම වගාවට සහ පදිංචියට අවශ්‍ය ඉඩමක්‌ ලබා දෙන්නෙමි.

* එබඳු පවුල්වල ආබාධ සහිත සෑම දරුවකුටම අවශ්‍ය වෘත්තීය පුහුණුවක්‌ හෝ විශේෂ අධ්‍යපනය සඳහා ලක්‌ෂ 4 ක මුදල් ප්‍රතිපාදනයක්‌ වෙන් කරමි.

මල්වන් දරුවන්

නිදහස්‌ නිවහල් භූමියේ අනාගත හිමිකරුවන් වන්නෙ අප රටේ දරුවන්ය. එකී උරුමය භාර ගන්නට නම් ඔවුන් නැණ නුවණින් සහ වෙර වීරියෙන් සපිරි දරුවන් විය යුතුය. අභියෝග භාර ගන්නට හැකි අභිමානවත් ශ්‍රී ලාංකිකයකු වශයෙන් ක්‍රියා කරන අයුරු ඔවුනට කියා දෙන්නට කැමැත්තෙමි.

* රටේ සියලු දරුවන්ගේ ආරක්‌ෂාව සහ රැකවරණය සම්පූර්ණයෙන්ම සහතික කිරීම සඳහා ජාතික ළමා ආරක්‌ෂක අධිකාරියට අනුබද්ධ කර පොලිස්‌ ළමා කාර්යාංශයක පිහිටුවමි. තවද සියලු ආකාරයේ ළමා අපරාධවලට එරෙහිව කටයුතු කිරීමට අවැසි බලය සහ ස්‌වාධීනත්වය අධිකාරියට ලබා දෙන්නෙමි.

* දරුවන්ට පමණක්‌ වෙන් වූ ඔවුන්ගේ පෞද්ගලිකත්වය ආරක්‌ෂා වන පරිදි කටයුතු කරන අධිකරණ පද්ධතියක්‌ ආරම්භ කරමි.

* වසර 18 සම්පූර්ණ වූ නමුත් නිසි රැකවරණයක්‌ අහිමි වන අනාථ දරුවන්ට විවාහය තෙක්‌ අදාළ නිවාස තුළම රැඳී සිටීමට හෝ පුරප්පාඩු අනුව එම කාර්ය මණ්‌ඩලවලට බඳවා ගැනීමට හැකිවන පරිදි නීති සංශෝධනය කරමි.

* මව හෝ පියා බන්ධනාගාරගත වූ පවුල්වල දරුවන්ගේ රැකවරණය සහතික කිරීම සඳහා වන ක්‍රමවේදයක්‌ ක්‍රියාවට නංවමි.

දෙටු පුරවැසි අත්දැකීම් රට වෙනුවෙන්

* අප මේ එළඹ සිටින්නේ ජනගනයෙන් වැඩි පිරිස වැඩිමහලු කොටසට අයත්වන අවධියකටය. එහෙයින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට අභිමානයෙන් ජීවත් වීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීමට උපකාරි වීම අපගේ වගකීමකි.

* වයස 65 ඉක්‌ම වන සෑම පුද්ගලයකුටම විශ්‍රාම වැටුපක්‌ ලබාදීමේ ක්‍රමයක්‌ හඳුන්වා දෙන්නෙමි.

* වයස අවුරුදු 60 ඉක්‌මවන ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සතු ස්‌ථිර තැන්පත්තු සඳහා විශේෂ පොලී ප්‍රසාද දීමනාවක්‌ ලබාදීමට කටයුතු කරමි.

* වැඩිහිටි අසරණ දීමනාව රුපියල් 1000 දක්‌වා ඉහළ නංවමි.

* දැනට පවත්වන රජයේ වැඩිහිටි නිවාස උසස්‌ තත්ත්වයට පත් කිරීම සඳහා කටයුතු කරන අතර පෞද්ගලික අංශ හෝ විවිධ සංවිධාන මගින් පවත්වාගෙන යන වැඩිහිටි නිවාස දියුණු කිරීම පිණිස ආනයනය කෙරෙන උපකරණ ආදිය ආනයන බදුවලින් නිදහස්‌ කරමි.

විශ්‍රාම දිවියට අත්වැලක්‌

අත්දැකීම්වලින් පෝෂණය වූ අප රටේ විශ්‍රාමික රජයේ සේවකයන්ට ගෞරවයක්‌ සහිතව රට සංවර්ධනය කිරීමේ ක්‍රියාවලියේදී ද උපදේශනාත්මක භූමිකාවක්‌ නිරූපණය කිරීමෙන් සක්‍රිය දායකත්වයක්‌ ලබාදීම සඳහා පහත සඳහන් පියවරයන්ද අනුගමනය කිරීමට අපේක්‌ෂා කරමි.

* විශ්‍රාමිකයන් මාසිකව ලබන විශ්‍රාම වැටුප රට වෙනුවෙන් කිsසිදු සේවාවක්‌ ඉටු කිරීමෙන් තොරව ලබන පිං පඩියක්‌ බවට පසුගිය ආණ්‌ඩු විසින් ගොඩනැගූ මතය සහමුලින්ම ප්‍රතික්‍ෂේප කොට දීර්ඝ කාලයක්‌ ඔවුන් රට වෙනුවෙන් ඉෂ්ට සිද්ධ කරන ලද ඉමහත් සේවාව වෙනුවෙන් අනිවාර්යයෙන් ඔවුන්ට ලැබිය යුතු ගෞරවාන්විත දීමනාවක්‌ බැවින් එකී සත්‍යය සමාජය වෙත තදින් කා වැදAදීමට පියවර ගනිමි.

* රාජ්‍ය ආයතන හා බැංකු ආශ්‍රිතව විවිධ වූ මහජන සේවාවන් ලබාගැනීමට යන්නා වූ විශ්‍රාමිකයන්ට දැනට ලැබෙන ප්‍රමඛතාව තවත් පුළුල් කොට විශ්‍රාම හැඳුනුම්පත, ජ්‍යෙෂ්ඨ පුරවැසි හැඳුනුම්පත හෝ වැඩිහිටි හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් ඕනෑම ආයතනයකින් ප්‍රමුඛතාව ලබාගත හැකි වැඩපිළිවෙළක්‌ ඉදිරියට ක්‍රියාත්මක කරමි.

* විශ්‍රාම වැටුප් ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ජ්‍යෙෂ්ඨ පුරවැසියන් මුqහුණපාන දුෂ්කරතා සහ රස්‌තියාදු වීම් වළක්‌වා ගැනීම සඳහා විශ්‍රාම වැටුප නිවසටම ලැබෙන ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරමි.

* 2006 ට පෙර විශ්‍රාම ලැබූ සියලුම රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප 2006 වැටුප් ක්‍රමයට ගැලපෙන අයුරින් සකස්‌ කොට මීළඟ අයවැයේ සිට ක්‍රියාත්මක කරමි.

විශ්‍රාමික රජයේ සේවකයන්ට සෞඛ්‍ය පහසුකම් වෙනුවෙන් ඖෂධ සහ වෛද්‍ය ගාස්‌තු සඳහා වර්ෂයකට රුපියල් 10,000 වන සෞඛ්‍ය රක්‌ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දෙන්නෙමි.

වෙනස්‌ හැකියාවන් ඇති අයට

ආබාධ සහිත පුද්ගලයන් සමාජයේ අභිමානවත් පිරිසක්‌ ලෙස ජීවත් වීමට අවශ්‍ය සමාජ ආර්ථික මානසික පරිසරයක්‌ නිර්මාණය කිරීම ප්‍රඛුම කාර්යයක්‌ ලෙස මම දකිමි. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් ප්‍රවර්ධනය සහ ආරක්‌ෂා කිරීම සමාජයේ කාර්යභාරයකි. වෙනත් රටවල මෙන්ම අපේ රටේ ආබාධිතයන්ට එම පවුල්වල සාමාජිකයන් ඇතුළු ඥතීන්ගෙන් රැකවරණය තවමත් හොඳින් ලැබෙන බව මම දනිමි. එසේ නමුත් ඔවුන්ගේ රැකවරණය සහ ආරක්‌ෂාව සඳහා රජයට ඇති වගකීම මම භාර ගන්නෙමි.

* තම හැකියාව සහ කුසලතාව අනුව අවශ්‍ය අධ්‍යාපනයක්‌ සහ විශේෂ පුහුණුවක්‌ ලැබීම සඳහා වයස අවුරුදු 12 සිට 22 දක්‌වා ආබාධ සහිත සෑම දරුවකුටම ලක්‌ෂ හතරක මුදලක්‌ වෙන් කරමි.

සියලුම ශ්‍රව්‍ය දෘශ්‍ය සහ වෙනත් ආබාධ සහිත දරුවන් සඳහා අංගසම්පූර්ණ විශේෂ අධ්‍යාපන ඒකක තුනක්‌ අලුතින් ඉදිකරන්නෙමි.

* ශාරීරික ආබාධ සහිත වූවන්ට අවුරුදු 50 දීත් මානසික ආබාධ සහිත වූවන්ට අවුරුදු 45 දීත් සාමාජික මුදල් වසර 20 ක්‌ ගෙවා ඇති විටදීත් ලබාගත හැකි වන අයුරින් දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය සංශෝධනය කරමි.

* ආබාධ සහිත පුද්ගලයන් තම ප්‍රවාහන කටයුතු සඳහා රටේ පොදු ප්‍රවාහන සේaවා උපයෝගී කර ගන්නා අවස්‌ථාවන්හිදී ඔවුන්ගේ කටයුතු පහසු වන ආකාරයට සේවය ලබාදීමට හැකි ක්‍රමවේදයක්‌ සකස්‌ කරමි.

* පොදු ස්‌ථානවලදී ආබාධිත පුද්ගලයන්ගේ ප්‍රවේශ පහසුකම් ඇති කරමි. විශේෂයෙන්ම රජයේ සියලු ආයතන වෙත ආබාධ සහිත ප්‍රජාවට ප්‍රවේශ වීම සඳහා අවශ්‍ය සෑම පහසුකමක්‌ම ඇති කරමි.

* ශ්‍රවණාබාධිත ප්‍රජාවගේ පහසුව සඳහා සියලු මාධ්‍ය තුළ විකාශය කරන ප්‍රවෘත්ති ඇතුළු වෙනත් ගුණාත්මක වැඩසටහන්වලදී සංඥ බස උපයෝගී කරගැනීම තවදුරටත් ප්‍රචලිත කිරීමට කටයුතු සම්පාදනය කරමි.

* ආබාධ සහිත ප්‍රජාවගේ සමාජ ආර්ථික අවශ්‍යතා සමග මූලික අයිතිSන් තහවුරු කිරීම සඳහා ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් හඳුන්වා දී ඇති සියලුම නීති රෙගුලාසි මෙන්ම අවශ්‍ය නම් නව නීති රෙගුලාසි ද හඳුන්වා දී ඒවා බලාත්මක කර ඔවුන්ගේ ජීවන තත්ත්වයන් සමාජ ආරක්‌ෂාවත් තහවුරු කරමි. එක්‌සත් ජාතීන්ගේ ආබාධ සහිත පුද්ගලයන් සඳහා වූ ප්‍රඥප්තිය ලංකාවේ නීති පද්ධතියට ආදේශ කර ශ්‍රී ලංකාව ආබාධ සහිත ප්‍රජාවට හිතකාමී Dසෙෙeරුබඑහ aඉකැd Fරසැබාකහ ඤමබඑරහ රටක්‌ බවට පත්කිරීම මූලික කොටගත් වැඩපිළිවෙළක්‌ ආරම්භ කරමි.

* ආබාධ සහිත පුද්ගලයන්ගේ ක්‍රීඩා කටයුතු සඳහා අරමුදලක්‌ ස්‌ථාපනය කර ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ හැකියාව වර්ධනය කිරීමට අපේක්‌ෂා කරමි.

* ආබාධ සහිත පුද්ගලයන්ගේ හැකියාව සහ කැමැත්ත මත ඔවුන් ස්‌වයං රැකියාවක්‌ කිරීමට ඉදිරිපත් වන්නේ නම් ඒ සඳහා අවශ්‍ය ආධාර සැපයීමට විශේෂ ව්‍යාපෘතියක්‌ ආරම්භ කරමි. ඒ සඳහා 2010 අයවැයෙන් මුදල් වෙන් කරමි.

රණවිරු අභිනද

නිදහසේ අරුණැල්ලට දායක වූවෝ

ත්‍රස්‌තවාදයට එරෙහි සටනේදී දිවි පිදූ හෝ ආබාධිත වූ රණවිරුවෝ එක්‌ ජාතියකට හෝ ජනවර්ගයකට පමණක්‌ අයත් නොවෙති. ඔවුන් සටන් කළේ කිසියම් ජාතියකට ජන වර්ගයකට එරෙහිව නොවේ. ත්‍රස්‌තවාදය නිසා මියගිය ආබාධිත වූ බියෙන් ගල් ගැසී සිටි උතුරේ හා නැගෙනහිර මෙන්ම දකුණේද ජනතාව ත්‍රස්‌තවාදයේ ප්‍රාණ ඇපයෙන් මුදා ගැනීම සඳහාය.

යුද්ධයේ වඩාත්ම අමිහිරි යථාර්ථය විඳින්නේ දිවි පිදූ රණවිරුවන්ගේ බිරින්දෑවරුන් සහ දරුවන්ය. බළකායන්ට එක්‌වූ තැන් පටන් ඔවුන්ගේ හදවතෙහි සිය බිරින්දෑවරුන් හෝ දරුවන් සිටිය යුතු තැන තිබුණේ මව්බිමයි. ඔවුන් සමග ගෙවිය යුතු කාලය ගෙවුණේ රණබිමෙහිය.

මියගිය ඇතැම් රණවිරුවන්ගේ දරුවන් තවමත් තාත්තා එනතුරු පෙරමඟ බලා සිටින බැව් මම දනිමි. ඒ නොදරුවන් ගේ මතකයෙහි ඇත්තේ තෑගිත් රැගෙන මාස ගණනකට පෙර ගෙදර ආ තාත්තාය.

එබැවින් මේ කුරිරු ත්‍රස්‌තවාදය උදෙසා දිවි දුන් පළමු සෙබළාගේ සිට මානුෂික මෙහෙයුම වෙනුවෙන් දිවිදුන් හෝ ආබාධිත වූ අවසන් සෙබළා දක්‌වාත් ඔවුන්ගේ පවුල්වල දුවා දරුවන් වෙනුවෙන් මම මගෙන් ඉටු විය යුතුකම් ඉටු කිරීමට නොපැකිළෙමි.

*  ක්‍රියාන්විතයේ යෙදී සිටියදී පූර්ණ ආබාධිතභාවයට පත්වූ සියලු ආබාධිත හමුදා සාමාජිකයන්ට සහ පොලිස්‌ නිලධාරීන්ට මෙන්ම ග්‍රාමාරක්‌ෂක භටයන්ටද ජීවත්ව සිටින තෙක්‌ වැටුප් ගෙවමි. එමෙන්ම ඔවුන්ට රැකවරණයද ලබාදෙමි.

* දිවි පිදූ සහ පූර්ණ ආබාධිත තත්තවයට පත්වූ සෑම රණවිරු පවුලකටම ඉඩමක හෝ නිවසක අයිතිය සහතික කිරීම සඳහා ඉපලෝගම ඉදි කළ "රණ ජයපුර" නිවාස ව්‍යාපෘතිය මෙන් ව්‍යාපෘති 15 ක්‌ රණවිරුවන්ගේ අවශ්‍යතාවට ගැලපෙන පරිදි දිවයිනේ විවිධ ප්‍රදේශවල ඉදි කරමි. ඒ සඳහා අවශ්‍ය නවීන යටිතල පහසුකම් සැපයීමට රුපියල් කෝටි 500 ක්‌ යොදවන්නෙමි. නිවාස ඉදිකිරීම සඳහා පර්චස්‌ 10 ට නොඅඩු ඉඩම් කැබැල්ලක්‌ ලබා දෙන්නෙමි.

* රණවිරුවන් සඳහා ඉඩම් ලබාදීමේදී දැනට අය කෙරෙන තක්‌සේරු වටිනාකමෙන් 10% ක්‌ අය කිරීමද අහෝසි කරමි.

* රජයේ ඉඩම්වල අනවසර ලෙස හෝ බලපත්‍ර සහිත ඉඩම්වල 2010 ජනවාරි මස 1 වැනිදා පදිංචි වී සිටි අයට එම අයිතිය නීත්‍යානුකූලව පවරා දෙන්නෙමි.

* රණවිරු ගම්මානවල පදිංචි වී සිටින ස්‌ථිර වාසස්‌ථානයක්‌ හිමි අයට මූලික යටිතල පහසුකම් වන ජලය විදුලිය, මාර්ග වැනි අවශ්‍යතා සලසා දීම සඳහා රජය මගින් ක්‍රියාත්මක වන මග නැඟුම සහ ගම නැඟුම, ග්‍රාමීය විදුලි ව්‍යාපෘතිවලදී ප්‍රමුඛතාව ලබා දෙන්නෙමි.

* තමන්ගේ සේවා කාලය නිසි අයුරින් සම්පූර්ණ කොට විශ්‍රාම ගොස්‌ සිටින රණවිරුවන්ට සුළු හෝ මධ්‍ය ප්‍රමාණයේ කර්මාන්තයක්‌ ආරම්භ කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන සඳහා ලක්‍ෂ 20 ක්‌ දක්‌වා වන ණය ක්‍රමයක්‌ සකස්‌ කරමි.

* තම ස්‌වාමි පුරුෂයා හෝ රණවිරු දරුවා පවුලට අහිමිවීම සමඟ පැන නැඟී ඇති විවිධ නීතිමය ගැටලු විස¹ ගැනීමට අවශ්‍ය නීතිමය උපකාර සහ දැනුවත්භාවය වර්ධනය කිරීමේ වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරමි.

* ආබාධිත රණවිරුවන්ට තම බඳවා ගැනීමේ පටිපාටියට අනුව ලැබෙන උසස්‌වීම් ආබාධිතව විශ්‍රාම ගැන් වූ පසුව ද සේවා කාලයට අනුව ලබා දෙන්නෙමි.

* මෙබඳු රණවිරුවන්ට ක්‍රීඩාවේ, විනෝදාස්‌වාදයේ හෝ අභ්‍යාසයන්හි යෙදිය හැකි විවේකාගාරයක්‌ සෑම හමුදා කඳවුරකම ස්‌ථාපනය කරමි. හමුදා සේවය වෙනුවෙන් ශරීරාංග පුද කළ රණවිරුවන් වෙනුවෙන් දිස්‌ත්‍රික්‌ක මට්‌ටමින් ජංගම වෛද්‍ය සායන පැවැත්වීමේ ක්‍රමය ශක්‌තිමත් කරමි.

* මානසික සුවයක්‌ ලැබිය හැකි සහ ආගමික වශයෙන් වැදගත් වන අනුරාධපුරය, පොළොන්නරුව, කතරගම, මඩු මන්නාරම වැනි පූජනීය ප්‍රදේශවල ආබාධිත රණවිරුවනට ගැලපෙන නවීන ගිමන් හල් පද්ධතියක්‌ ඉදිකිරීමට කටයුතු කරමි.

*  කෘත්‍රිම පාද හා උපකරණ අලුත්වැඩියා කර ගැනීමට අගනුවරට පැමිණීමේදී ඉස්‌මතුවන දුෂ්කරතා මඟ හරවාලීමට උපකරණ නිෂ්පාදන හා අලුත්වැඩියා කිරීමේ ජංගම බස්‌ රථ 4 ක්‌ යොදවන්නෙමි.

*  2007 නොවැම්බර් 21 ට පසු ක්‍රියාන්විත රාජකාරියකදී මිය ගිය හෝ අතුරුදන් වූ විවාහක රණවිරුවන්ගේ දෙමවුපියන්ට බිරිඳගේ කැමැත්ත මත 25% ක්‌ ගෙවීමේ දැනට ක්‍රියාත්මක වන ක්‍රමය ඉහත දිනට ප්‍රථම මියගිය සියලු රණවිරුවන්ගේ අම්මාරවැන්ට සහ තාත්තාවරුන්ට ද ලබා දෙන්නෙමි.

*  ක්‍රියාන්විතයේ දී දිවි පිදූ අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරු පවුල්වල දුවා දරුවන් සඳහා වන අධ්‍යාපන ශිෂ්‍යත්ව ක්‍රමය පුළුල් කරමි. උසස්‌ අධ්‍යාපනය ලැබීම සඳහා වන නව ශිෂ්‍යත්ව ක්‍රමයක්‌ හඳුන්වා දෙන්නෙමි. ඔවුන්ගේ නිපුණතා වර්ධනය සඳහා ඉවහල් වන වැඩ සටහනක්‌ රණවිරු සංසදය හරහා ක්‍රියාවට නංවමි.

ආරක්‍ෂක සේවාවන්

*  කුරිරු ත්‍රස්‌තවාදය පරාජයට පත් කර ඇති නමුත් රටේ ආරක්‍ෂාවට පැවැති තර්ජන අවසන් වී ඇතැයි මම කිසිසේත් නොසිතමි. ඒවා විවිධ ස්‌වරූපවලින් විවිධ අවස්‌ථාවලදී මතු විය හැකි බව මම දනිමි. ඒ ඕනෑම අවස්‌ථාවක අපේ වීරෝදාර හමුදාවන් රට වෙනුවෙන් අභිමානයෙන් පෙරට එන බවත් මම දනිමි. ඒ සඳහා ආරක්‍ෂක සේවාවන් තවදුරටත් ශක්‌තිමත්ව තබන්නෙමි.

*  මානුෂීය මෙහෙයුමේදී හෝ ත්‍රස්‌තවාදයට එරෙහිව පැවැති සෑම සටනකදීම ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක බළකායන් ක්‍රියා කොට ඇත්තේ සියලුම ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව විනයගරුකව හා මානුෂීයවාදීව බව මම වගකීමෙන් යුක්‌තව කියා සිටිමි.

*  එබැවින් මුදල් හෝ වෙනත් ෙද්‍ර`හිකාරි පරමාර්ථයන් වෙනුවෙන් පාවාදීම් කරන කිසිවකුට යටත් නොවීමට සහ අපේ කිසිදු හමුදා නිලධාරියකුට හෝ සෙබළකුට එරෙහිව විදේශීයව කිසිදු පියවරක්‌ ගැනීමට ඉඩ නොදීමට මම සහතික වන්නෙමි.

*  තිස්‌වසරකට අධික කාලයක්‌ තිස්‌සේ යුද ක්‍ෂේත්‍රයේ අප ලබා ගත් දැනුම සහ අත්දැකීම් තවමත් ත්‍රස්‌තවාදයෙන් බැට කන රටවලට බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි මම සිතමි. එම නිසා අපේ සහාය අවශ්‍ය වෙනත් රටවලට අපේ යුද තාක්‍ෂණය හා ශිල්ප ක්‍රම ලබාදීම සඳහා යුද තාක්‍ෂණ සහ ක්‍රමෝපාය මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවමි.

*  යුද ක්‍ෂේත්‍රයේ ප්‍රවීන නිලධාරීන්ට සහ සෙබළුන්ට ද වෙනත් රටවල හමුදා සේවයට, යුද සෞඛ්‍ය සේවාවන්ට සහ පුනරුත්ථාපනය කටයුතුවලට සහභාගිවීමට ඇති අවස්‌ථා පුළුල් කරමි.

පොලිස්‌ සේවය

පශ්චාත් යුද වාතාවරණයකදී නීතිය සහ සාමය පවත්වාගෙන යැම සඳහා පොලිසියේ කාර්යභාරය අතිශයින් වැදගත් බව මම දනිමි. විනය ගරුක රටක්‌, සාරධර්ම පිරි සමාජයක්‌ ගොඩ නැඟීම සඳහා මත් ද්‍රව්‍ය නිවාරණය, පාතාල තර්ජන මැඩ පැවැත්වීම, අපරාධ පාලනය සහ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල සිවිල් පරිපාලනය යළි ස්‌ථාපනය කිරීමට අවශ්‍ය මූලික පසුබිම සැකසීමටත් පොලිසියේ සහාය වඩ වඩාත් උපයෝගී කර ගන්නෙමි.

*  ආබාධිත සහ මියගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් භුක්‌ති විඳින සියලු වරප්‍රසාද පොලිස්‌ සේවයට අයත් එබඳු සාමාජිකයන්ට හා ඔවුන්ගේ පවුල්වල උදවියටත් සමසේ ලබා දෙන්නෙමි.

*  පොලිස්‌ සේවයේ ඇති උසස්‌වීමේ ක්‍රමවේදයන් වඩාත් නිවැරැදි කරමි. උසස්‌වීම් හා මාරුවීම් සම්බන්ධයෙන් පැන නඟින ඕනෑම ගැටලුකාරිත්වයක්‌ විසඳීම සඳහා පහසු ක්‍රමවේදයක්‌ හඳුන්වා දෙන්නෙමි.

*  පොලිස්‌ සේවය වඩාත් චිත්තාකර්ෂණීය සහ අභිමානවත් මහජන සේවාවක්‌ බවට පත් කිරීම සඳහා නිල ඇඳුම වඩාත් ආකර්ෂණීය සහ පහසු කරවීම ඇතුළු ප්‍රතිසංවිධාන හඳුන්වා දෙන්නෙමි.

*  පොලිස්‌ විමර්ශන කටයුතු පහසු කිරීම පිණිස අවශ්‍ය තාක්‍ෂණික ඥනය සහ නවීන උපකරණ ලබා දී සෑම තරාතිරමකටම අයත් නිලධාරීන්ට අවශ්‍ය දෙස්‌ විදෙස්‌ පුහුණුව නොඅඩුව ලබා දීමට කටයුතු කරමි.

*  හමුදා සේවයට මෙන්ම පොලිස්‌ නිලධාරීන්ට ද අවශ්‍ය දැනුම සහ ගරුත්වය ලබා දීම සඳහා පොලිස්‌ ඇකඩමියේ කටයුතු සම්පූර්ණ කිරීම පිණිස රුපියල් කෝටි 50 ක්‌ වෙන් කරමි.

*  පොලිස්‌ නිලධාරීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා විශේෂ නිවාස යෝජනා ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරමි.

*  පැය විසිහතරේ සේවා අවශ්‍යතාව ඇගැයීමක්‌ ලෙස විවාහක පොලිස්‌ නිලධාරියකුගේ මූලික වැටුපෙන් දැනට අය කරන 12.5% ක නිවාස කුලිය 50% කින් අඩු කරන්නෙමි. පොලිස්‌ තනිකඩ නිවාස සඳහා අය කරනු ලබන මාසික කුලිය ඉවත් කරන්නෙමි.

*  තම සේවා කොට්‌ඨාශයෙන් බැහැරව රාජකාරිය ඉටු කිරීමේදී පොලිස්‌ නිලධාරීන්ට දැනට ගෙවනු ලබන දීමනාවන් ලබාදෙන දින ගණන වැඩි කරමි.

*  පොලිස්‌ නිලධාරීන් සඳහා තීරු බදු රහිත යතුරු පැදි මිලදී ගැනීමට ණය යෝජනා ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරමි.

සිවිල් ආරක්‍ෂක බළකාය

*  සිවිල් ආරක්‍ෂක බළකාය ස්‌ථිර සේවාවක්‌ බවට පත් කර විසි වසරක සේවා කාලය සම්පූර්ණ කිරීමෙන් පසු ඔවුනට ද විශාම වැටුප් අයිතිය ලබා දෙන්නෙමි.

රාජ්‍ය සේවය ජනතාව පිණිසයි

සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියකින් රාජ්‍ය සේවය දෙස බලන විට මා හැම විටම විශ්වාස කරන්නේ රාජ්‍ය සේවය හැම අතින්ම සේවාලාභියාගේ පහසුව පිණිස ක්‍රියාත්මක විය යුතු බවයි. මෙම මතය හැම විටම රට තුළ ව්‍යාප්ත කළේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ප්‍රමුඛ රජයන්ය.

රාජ්‍ය ආයතන පෞද්ගලික අංශයට විකිණීමේ 1977 සිට 2005 දක්‌වා ක්‍රියාත්මක වූ ප්‍රතිපත්තිය සම්පූර්ණයෙන්ම නතර කොට රාජ්‍ය සේවය පසුගිය සිව් වසර තුළ ඉතිහාසයේ කවර කලෙකත් නොවූ තරමින් ජනතා මිත්‍රශීලී කාර්යක්‍ෂම එකක්‌ බවට පත් කිරීමට මට හැකි වූ බව ඔබ පිළිගන්නවා ඇතැයි සිතමි. රජයේ සේවකයන්ට 2004 වර්ෂයේදී අහිමි කර තිබූ විශ්‍රාම වැටුප මම යළි ලබා දුන්නෙමි. විශ්‍රාමිකයන්ට ද ජීවන වියදම් දීමනාවක්‌ අඛණ්‌ඩව ලබා දුන්නෙමි.

රජයේ සේවකයකුගේ අවම වැටුප රුපියල් 7,900 සිට 11,730 දක්‌වා මගේ පළමු අයවැයෙන්ම වැඩි කොට වැටුප් විෂමතා ඉවත් කිරීම සඳහා ද අවශ්‍ය කටයුතු කළෙමි.

රාජ්‍ය සේවය සඳහා වෛද්‍ය, හෙද, පරිපාලන, ගණකාධිකාරි, ක්‍රම සම්පාදන, අධ්‍යාපන සහ ගුරු සේවයට ද ආරක්‍ෂක සේවාවන් ඇතුළු අනිකුත් ක්‍ෂේත්‍රයන්ට ද 500,000 ආසන්න නව සේවක සංඛ්‍යාවක්‌ ගෙවුණු සිව් වසර තුළ බඳවා ගත්තෙමි.

කිසිදු රාජ්‍ය ආයතනයක්‌ හෝ දේපොළක්‌ පෞද්ගලික අංශයට නොවිකිණීමේ මහින්ද චින්තනයෙන් දුන් පොdරොන්දුව අකුරටම ඉටු කළෙමි. දරුණු ත්‍රස්‌තවාදයට එරෙහි බරපතල යුද්ධයකට මුහුණ දෙමින් සිටියදී පවා රාජ්‍ය සේවය ශක්‌තිමත් කරන ලද්දේ ඒ අයුරිනි.

2001 - 2003 කාලය තුළ "යළි පුබුදම ශ්‍රී ලංකා" වැඩසටහන යටතේ සිදුවූයේ රාජ්‍ය සේවය කප්පාදු කර විශ්‍රාම වැටුප් අහිමි කරමින් ලබා ගන්නා ඉතිරිය නාස්‌ති කිරීමයි. රාජ්‍ය සේවකයන්ගේ සංඛ්‍යාව අතළොස්‌සක්‌ බවට පත් කර එම අතළොස්‌සට වැටුප් වැඩි කිරීම මගේ ප්‍රතිපත්තිය නොවේ. රජයේ සේවකයා සුරක්‍ෂිත කිරීමට වැටුප් වැඩි කිරීමට මෙන්ම නිවාස අවශ්‍යතා සම්පූර්ණ කිරීමට, විශ්‍රාම වැටුප්, ණය පහසුකම් සහ වෛද්‍ය ආධාර වැනි සුබසාධන දීමනා ද ලබා දීමට ද මම කටයුතු කරමි.

*  2005 සිට අඛණ්‌ඩව සිදු කළ අයුරින් රජයේ සේවකයන්හට 2010 ද වැටුප් වැඩිවීමක්‌ ලබා දෙන්නෙමි. ඒ හරහා රජයේ සේවකයන්ට රුපියල් 2500 ක අවමයකට යටත්ව මෙම වසරේ අයවැයෙන් වැටුප් වැඩි වීමක්‌ ලබා දෙන්නෙමි.

*  මසකට රුපියල් 1,000 කින් ආරම්භ කර මේ දක්‌වා රුපියල් 5,250 දක්‌වා වැඩි කර ඇති ජීවන වියදම් දීමනාව වෘත්තීය සමිතිවල අදහස්‌ සහ යෝජනා සැලකිල්ලට ගෙන ජීවන වියදමට සරිලන සේ වැඩි කරමි.

*  ඉතිරි වසරේ සිට සියලුම වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කොට වැටුප් වැඩි කිරීම ප්‍රතිපත්තියක්‌ ලෙස අනුගමනය කරමි.

*  ඉහළ සිට පහළ දක්‌වා සියලු රජයේ සේවකයන්ට විදේශ ශිෂ්‍යත්ව ලබාදීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වා දෙන්නෙමි.

*  ද්විතීයන පදනම මත තානාපති කාර්යාලවල සේවය කිරීමට රජයේ සේවකයන්ට ද අවස්‌ථාව ලබා දෙන්නෙමි.

*  රාජ්‍ය සේවයේ ස්‌වාධීනත්වය මුවාවෙන් එහි කාර්යක්‍ෂමතාව හා ඵලදායිතාව ලියකියවිලි හා රෙගුලාසිවලට හිරකර තැබීම වෙනුවට රටට ගැලපෙන්නා වූ රාජ්‍ය සේවා ප්‍රතිසංස්‌කරණයක්‌ ක්‍රියාත්මක කිරීමට මම අධිෂ්ඨාන කරගෙන සිටිමි. එහෙයින් ජනාධිපති කාර්ය සාධක බළකාය හරහා කාර්යක්‍ෂම සහ සේවාලාභියාගේ හිතසුව පිණිස වන මිත්‍රශීලී සහ විනිවිද පෙනෙන පරිපාලන ක්‍රමවේදයක්‌ සහිත පලදායි රාජ්‍ය සේවයක්‌ නිර්මාණය කරමි.

*  රජයේ සංස්‌ථාවල, ව්‍යවස්‌ථාපිත මණ්‌ඩලවල, අර්ධ රාජ්‍ය ආයතනවල සහ පෞද්ගලික අංශයේ විශ්‍රාම වැටුප් නොලබන සියලුම සේවකයන් සඳහා ගැලපෙන නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ හඳුන්වා දෙන්නෙමි.

*  දීප ව්‍යාප්ත සේවාවන්හී සේවා ව්‍යවස්‌ථාවන් 2006 වැටුප් චක්‍ර ලේඛනයට අනුව සකස්‌ කර පවත්නා සියලුම විෂමතාවන් මාස තුනක්‌ තුළ ඉවත් කිරීමට අවශ්‍ය මානව සම්පත් හා මුදල් වෙන් කිරීමට කටයුතු කරමි.

*  සහන තීරුබදු ක්‍රමයන් යටතේ රජයේ, සංස්‌ථා සහ මණ්‌ඩලවල සේවකයන් සඳහා වාහන ගෙන්වීමේ ක්‍රමයක්‌ ක්‍රියාත්මක කරමි.

*  උපාධිධාරීන් බඳවා ගැනීමේ වැඩසටහන් යටතේ දැනට රජයේ සහ රජයේ සංස්‌ථා, මණ්‌ඩලවල සේවය කරන සියලුම උපාධිධාරීන් නිසි සේවා තලයන්හි පිහිටුවා ඔවුන්ගේ උසස්‌වීම් හා වැටුප් වර්ධක ලබා දීමට අවශ්‍ය සේවා ව්‍යවස්‌ථාවක්‌ අලුතින් සකස්‌ කරමි.

*  දිවයිනේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින ඉඩම් නොමැති රජයේ සහ සංස්‌ථා සේවකයන්ට නිවාස ඉදි කර ගැනීම සඳහා පර්චස්‌ 10 කට නොඅඩු ඉඩම් කැබැලි 25,000 ක්‌ බෙදා දෙන්නෙමි.

*  රජයේ සේවකයන්ට නිවාස ඉදිකිරීම, වැඩි දියුණු කර ගැනීම සහ අලුත්වැඩියා කරගැනීම සඳහා ලබා දී ඇති රුපියල් ලක්‍ෂ 20 දක්‌වා වූ සහන පොලිය සහිත ණය ක්‍රමයේ ප්‍රතිලාභ දැනට ලබන්නා වූ පුද්ගලයන් 50,000 ට අමතරව තවත් පුද්ගලයන් 50,000 කට ඉතා ඉක්‌මනින් නිවාස ණය සපයන්නෙමි.

*  සංස්‌ථා සහ මණ්‌ඩල මඟින් ක්‍රියාත්මක වන නිවාස ණය ක්‍රම යතේ තවත් 10,000 කට ණය ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන වෙන් කරමි.

*  රජයේ සංස්‌ථා සහ මණ්‌ඩල සේවකයන්ට ඔවුන්ගෙන් යෑපෙන්නෙන් ද ආවරණය වන පරිදි ආකාර්ෂණීය වෛද්‍ය රක්‍ෂණ ක්‍රමයක්‌ මෙම වසරේදීම හඳුන්වා දෙන්නෙමි.

*  රජයේ සහ පෞද්ගලික අංශයේ සේවය කරන දැනට විශ්‍රාම වැටුප් නොලබන සියලුම සේවකයන් සඳහා සේවක ආර්ථසාධක අරමුදල මෙන් වෙනමම "සේවක විශ්‍රාම වැටුප් අරමුදලක්‌" පිහිටුවමි.

*  සියලුම රජයේ සේවකයන්ගේ පහසුව සඳහා නවීන පහසුකම්වලින් සමන්විත "සේවක ආරෝග්‍ය ශාලාවක්‌" මහනුවර දිස්‌ත්‍රික්‌කයේ පිහිටුවමි.

විදෙස්‌ ඉසුරු ගෙනෙන සැමට ඉසුරු පිරුණු හෙටක්‌

අපේ රටේ රාජ්‍ය අංශයේ සේවය කරන ප්‍රමාණයටත් වඩා වැඩි පිරිසක්‌ විදේශ රැකියාවල නිරත වෙමින් ජාතික සංවර්ධනයට විශාල දායකත්වයක්‌ දරති. කම්කරු අමාත්‍යවරයාව සිටි අවධියේ සිටම ඉහළ ආදායම් ලබාගත හැකි විදේශ රැකියා කෙරෙහි අපේ තරුණ තරුණියන් යොමු කිරීමට මම විශාල ප්‍රයත්නයක්‌ දැරුවෙමි. විදේශ රැකියාවල නිරත පිරිමි ශ්‍රමිකයන්ගේ සංඛ්‍යාව 50% කට ආසන්න මට්‌ටමට වර්ධනය වූයේ අපගේ ඒ උත්සාහයන්ගේ සෘජු ප්‍රතිඵලයක්‌ වශයෙනි.

*  ඉදිරි වර්ෂ තුන ඇතුළත කොරියාව, ජපානය, ලිබියාව ඇතුළු රටවල ශ්‍රී ලාංකිකයන් 50,000 කට පමණ රැකියා ලබා දීමට සැලසුම් කර ඇති අතර මෙම රැකියා සඳහා තරුණයන් තෝරා ගැනීම මුළුමණින්ම විනිවිදභාවයකින් යුක්‌තව ක්‍රියාවට නැංවමට කටයුතු කරන්නෙමි.

* දැනුම පදනම් කරගත් සංවර්ධන මාවතකට ශ්‍රී ලංකාව ප්‍රවේශ වීමේ ප්‍රතිඵලයක්‌ ලෙස හෙද, නාවික, ගිණුම්, පරිගණක, බැංකු සහ ඉංජිනේරු වැනි ජාත්‍යන්තර ශ්‍රම වෙළඳ පොළට අවශ්‍ය සුවිශේෂී දක්‍ෂතා සහිත අයට ඇති අවස්‌ථා මින් ඉදිරියට පුළුල් කිරීමට විශේෂ වැඩපිළිවෙළක්‌ සකස්‌ කරමි.

*  විදේශ රැකියාලාභීන් වෙනුවෙන් විදේශ විනිමයෙන්ම පවත්වාගෙන යන "විදේශ රැකියා අර්ථසාධක අරමුදලක්‌" ආරම්භ කරමි.

නිවාස, විදුලිය, ජලය සහ සන්නිවේදන

පහසුකම් සැමට හිමි වන රටක්‌

ඉසුරුබර දිවියකට සැමට නිවසක්‌

සියලු රජයන් විසින් නිවාස ඉදිකිරීම සඳහා පසුගිය කාලය පුරාම ගෙන ගිය වැඩසටහන් යටතේ නිවාස අංශයෙන් අපේ රට විශාල ප්‍රගතියක්‌ ලබා ඇත. ශ්‍රී ලංකාවේ සෑම පවුලක්‌ම නිවසක්‌ හිමි පවුලක්‌ විය යුතුය යන්න මගේ ප්‍රතිපත්තියයි. එය යථාර්ථයක්‌ බවට පත් කිරීම සඳහා වැඩසටහන් රාශියක්‌ පසුගිය වසර 4 තුළ ක්‍රියාවට නංවා ඇත්තෙමි. යුද්ධය නිමා වීමෙන් පසුව රට තුළ ඇති වී තිබෙන පිබිදීම මත එම වැඩසටහන කඩිනම් කිරීමට දැන් අවස්‌ථාව උදාවී තිබේ. නිවාස අහිමි සැමට ඉදිරි හය වසර තුළ තමන්ගේම නිවසක හිමිකාරිත්වය ලබා දීම සඳහා රජයේ පූර්ණ මැදිහත්වීමෙන් අලුතින් නිවාස ලක්‍ෂ 6 ක්‌ ඉදිකිරීමට අවශ්‍ය සැලසුම් දැනටමත් සකස්‌ කර ඇත.

*  උතුර සහ නැගෙනහිර පළාත්වල අවතැන් වූවන් යළි පදිංචි කරවීම සඳහා නිවාස 150,000 ක්‌ ඉදිකිරීමේ වැඩ සටහනක්‌ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට මෙම වසරේ අය වැයේදී මුල් තැන දෙන්නෙමි.

*  ජල්තර, එඩිමන්ටන් සහ ටොරින්ටන් නිවාස යෝජනා ක්‍රම වැනි රාජ්‍ය සේවා නිවාස යෝජනා ක්‍රම 25 ක්‌ සෑම දිස්‌ත්‍රික්‌කයකම ප්‍රධාන නගරය පදනම් කරගෙන එම දිස්‌ත්‍රික්‌කයේ සේවය කරන නිවාස නොමැති රජයේ සහ රාජ්‍ය සංස්‌ථා සේවකයන් වෙනුවෙන් ආරම්භ කරමි. මෙම ව්‍යාපෘති දැනටමත් එකඟ වී ඇති ඉන්දියානු, කොරියානු සහ චීන විදේශ ආධාර යටතේ ක්‍රියාත්මක කරමි.

*  විශ්වවිද්‍යාල ප්‍රජාවේ නිවාස අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා නිවාස 5,000 ක්‌ ඒ ඒ විශ්වවිද්‍යාල අවට ඉදි කරදීමට හෝ ඒ සඳහා සුදුසු ඉඩම් කැබැල්ලක්‌ ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන ඉදිරි අයවැයෙන් වෙන් කරන්නෙමි.

*  විදේශ රැකියාවල නියුතු කුරුණෑගල, අනුරාධපුර, මහනුවර යන දිස්‌ත්‍රික්‌කවල පදිංචිකරුවන් වෙනුවෙන්ම නිවාස 15,000 කින් සමන්විත නව නිවාස යෝජනා ක්‍රම තුනක්‌ ආරම්භ කරමි.

*  කොළඹ නගරයේ පැල්පත් වාසීන්ගේ නිවාස ගැටලුව විසඳීම සඳහා නිවාස ඒකක 40000 කින් සමන්විත තට්‌ටු නිවාස යෝජනා ක්‍රම 20 ක්‌ කොළඹ සහ තදාසන්න නගරවල ඉදිකිරීම පිණිස රුපියල් කෝටි 500 ක ආරම්භක ප්‍රාග්ධනයක්‌ ඉදිරි අයවැයෙන් වෙන් කරමි.

*  ග්‍රාමීය වැසියන්ගේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා ගම නැඟුම වැඩසටහන යටතේ නිවාස ඉදිකිරීමට අවශ්‍ය සෙවිලි තහඩු හෝ උළු සහ සිමෙන්ති සහන මිලට සපයන්නෙමි.

*  ධීවර ප්‍රජාවගේ නිවාස ප්‍රශ්නය ද තවමත් මුළුමනින්ම විසඳී නොමැති නිසා ඒ වෙනුවෙන් ද ධීවර නගර හා ගම්මාන ඉලක්‌ක කරගෙන තවත් නිවාස 30000 ක්‌ ඉදිකිරීමට රුපියල් කෝටි 150 ක්‌ වෙන් කරමි.

1818 සහ 1848 විමුක්‌ති අරගලවලින් පසු සහ මුඩු බිම් ආඥ පනතට අනුව කඳු මුඳුන්වලට තල්ලු කර දමන ලද 461,000 ක්‌ පමණ වන ජනතාවක්‌ තවමත් එම කඳුමුදුන්වල වෙසෙන බව මම දනිමි. එම ජනතාවගේ නිවාස ප්‍රතිසංස්‌කරණය සඳහා අවශ්‍ය ආධාර මුදල් නොපමාව සපයමි. නායයැම් නිසා අනතුරුදායක තත්ත්වයට පත්වී ඇති සැමට ආරක්‍ෂිත ස්‌ථානවලින් නව නිවාස සැපයීමේ වැඩසටහනක්‌ හඳුන්වා දෙන්නෙමි.

*  වතු ප්‍රජාව නිවාස හිමි සමාජයක්‌ බවට පත් කිරීම මගේ ප්‍රධාන ඉලක්‌කයකි. ඒ අනුව 2015 වන විට සෑම වතු සේවක පවුලක්‌ම දැනට පදිංචි පේළි නිවාස වෙනුවට මූලික පහසුකම් සහිත නව නිවසක සාඩම්බර හිමිකාර පවුලක්‌ බවට පත් කරමි. එම වැඩපිළිවෙළ කඩිනම් කිරීම සඳහා විදේශ ආධාර ද උපයෝගී කර ගන්නෙමි. මේ සඳහා රජයේ දායකත්වය වශයෙන් රුපියල් කෝටි 500 ක්‌ වාර්ෂිකව වෙන් කරන්නෙමි.

*  නාගරික මහල් නිවාස හා රජයේ වෙනත් නිවාස යෝජනා ක්‍රමවල පදිංචිකරුවන් තම නිවසේ සින්නක්‌කර අයිතිකරුවන් බවට පත් කිරීමේ වැඩ පිළිවෙළ මාස තුනක්‌ ඇතුළත නිම කරමි.

අපේ උරුමයට ද ජීවිතය ද ජලයයි

වසර 2500 කටත් වඩා පැරැණි අපේ ශිෂ්ටාචාරය බිහිවන්නේ වාරි සංස්‌කෘතිය පදනම් කරගෙනය. වැව්, අමුණු කර්මාන්ත අතින් ලාංකිකයෝ ලොව ඉහළම තාක්‍ෂණ ඥනයකට උරුමකම් කීවෝය. ඒ සියල්ල වැව් අමුණු මෙන්ම කැඩී බිඳී ගියේ ශත වර්ෂ ගණනාවක යටත් විජිත අවධිය තුළදීය.

රජකමට ද සුදුසු වූ ගොවියා තමන්ගේම භූමිය තුළ අසරණ වූයේ එහි ප්‍රතිඵලයක්‌ ලෙසිනි. අදත් අපේ ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ රන් මසුරන් නොවේ. දහසින් බැඳි පියලි ද නොවේ. ජලයයි. ජලය ලැබුණු විට ඔවුන් අපට මසුරන් ගෙනෙනු ඇත.

ජල සම්පතේ ඇති අනාගත උපායමාර්ගික වැදගත්කම අපි මේ වන විට හොඳින් වටහාගෙන සිටිමු.

*  කළු, කැලණි ගංගා ප්‍රමුඛ නිරිතදිග තැනිතලාවේ ජල සම්පත දකුණ, වයඹ, උතුරු මැද මෙන්ම උතුරු පළාතේ ජල පවස නිවන හා භෝග නංවන සංවර්ධන උල්පතක්‌ බවට පත් කිරීමට හැකි ආකාරයන් පිළිබඳ නිසි අධ්‍යයනයන් කර අවශ්‍ය සැලැස්‌මක්‌ සකස්‌ කරමි.

*  ජල දූෂණය හා නාස්‌තිය පිටු දැකීමට කටයුතු කරන්නෙමි. පානීය ජල අවශ්‍යතාවන් සම්පූර්ණ කිරීමට අවශ්‍ය ජල සැපයුම් නංවමි.

*  ජල සම්පතෙහි පොදු අයිතිය තහවුරු කොට එය ජාත්‍යන්තර ජාවාරම්කරුවන්ගේ පෞද්ගලික අයිතියක්‌ වීම වැළැක්‌වීමට ද මම පියවර ගන්නෙමි. ජල මූලාශ්‍ර සංරක්‍ෂණයට හා ඉහළ ගංඟා ෙද්‍ර`ණිවල ස්‌වභාවික පිහිටීම තවදුරටත් සුරැකීමට පරිසරාත්මක පියවර ගන්නෙමි.

*  වැසි ජලය රැස්‌ කිරීමේ ක්‍රමවේදයන් පුළුල් කිරීම සඳහා දේශීය විද්‍යාඥයන්ගේ ඥනය ප්‍රයෝජනයට ගන්නෙමි.

*  භූගත ජල මට්‌ටම රඳවා තබා ගැනීමට හැකි අයුරින් සෑම වැවක්‌ම සංරක්‍ෂණය කිරීමේ වැඩ සටහනක්‌ සකසමි.

*  මොරගහකන්ද සහ අනෙකුත් මහවැලි ව්‍යාපෘති යටතේ උතුරු හා උතුරු මැද පළාතේ වැව්වලට අතිරේක ජලය සැපයීමට කටයුතු කරමි.

*  මල්වතු ඔය සහ යාන් ඔය අතර උතුරු තැනිතලාවේ ගංගා හා ඇළ මාර්ග දේශීය තාක්‍ෂණය සහ ශ්‍රමය භාවිත කරමින් නව වාරි ජලාශ 30 ක්‌ ඉදි කරන්නෙමි.

*  වන්නි ජලාශ පෝෂණය කිරීම සඳහා මොරගහකන්දේ සිට උතුරු මැද ඇළ ඉදි කරන්නෙමි.

*  මහවැලි දකුණ ඉවුර යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කොට අල්ල කන්තලේ ප්‍රදේශවල ජල ගැටලුව සඳහටම නිමා කරන්නෙමි.

* මුන්දෙණි ආරු ෙද්‍ර`ණි යෝජනා ක්‍රමය ආශ්‍රිතව නව වැව් 3 ක්‌ ඉදි කර අම්පාර පොතුවිල් අතර වාරි ජල ගැටලුව විසඳන්නෙමි.

*  හැඩ ඔය වාරි මාර්ග ක්‍රමය දියත් කිරීමෙන් පොතුවිල් ප්‍රදේශයේ කෘෂිකර්මය දියුණු කිරීමට කටයුතු කරන්නෙමි.

කළුවර යුගයට තිත, සැමට සැමදා විදුලිය

ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන්ම සාක්‌ කලාපීය රටවල විවිධාකාරයේ හේතූන් මත දිනකට පැය 16 ක්‌ පමණ විදුලිය කප්පාදු කරන තත්ත්වයක්‌ යටතේ වුව ද පසුගිය වසර හතර මුළුල්ලේ රටේ සමස්‌ත පවුල් ලක්‍ෂ 47 න් පවුල් ලක්‍ෂ 42 කට පැය විසිහතර පුරාම අඛණ්‌ඩව විදුලිය සැපයීමට හැකිවීම මගේ ජයග්‍රහණයක්‌ ලෙස සලකමි. මෙය විදුලිය සැපයුම සහිත පවුල් ලක්‍ෂ 30 සිට ලක්‍ෂ 42 දක්‌වා ඉහළ නැංවීමකි. තවදුරටත් විදුලිය සැපයිය යුත්තේ පවුල් ලක්‍ෂ 5 කට පමණි. දැනට ක්‍රියාත්මක වන ග්‍රාමීය විදුලිය යෝජනා ක්‍රම යටතේ ලැබී ඇති විදේශාධාර ද පදනම් කර ගෙන 2012 අවසන් වන විට ශ්‍රී ලංකාවේ නිවැසියන්ගෙන් 100% කටම අඛණ්‌ඩව විදුලිය සපයන්නට මම කටයුතු කරන්නෙමි.

*  අප රටේ කර්මාන්ත ආයතනවලට ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි තරග කිරීමට හැකි මිලකට විදුලිය ලබා දීමටත්, ගෘහස්‌ථ ඇතුළු අනිකුත් විදුලි පාරිභෝගිකයන් හට දැරිය හැකි මිලකට විදුලිය සැපයීමටත්, සරිලන සේ විදුලි බල සැපයුම සංවර්ධනය කිරීමට කටයුතු කරමි.

*  2008 වසරේ විදුලි ජනනය ඇරඹූ කෙරවලපිටිය ද්විචක්‍ර විදුලි බලාගාරයේ පළමු අදියරේ මෙගාවොට්‌ 200 ක විදුලි ජනනය 2008 නොවැම්බර් 06 වන දින විදුලි පද්ධතියට එකතු කරන ලද අතර, දෙවන අදියරේ මෙගාවොට්‌ 100 ක විදුලි ජනනය 2010 ජනවාරි 15 වැනි දිනට පෙර විදුලි පද්ධතියට එකතු කිරීම තුළින් මෙගාවොට්‌ 300 ක මුළු ධාරිතාවක්‌ පද්ධතියට එක්‌ කරමි. දැනට ඉදිවෙමින් පවතින පුත්තලම තාප බලාගාරයේ පළමු වන අදියරේ මෙගාවොට්‌ 300 ක විදුලි ජනක හැකියාව 2010 දෙසැම්බර් මස වන විට විදුලි බල පද්ධතියට එකතු කරන්නෙමි.

*  එහි දෙවන පියවර යටතේ මෙගාවොට්‌ 600 ක විදුලි බලාගාරයක්‌ ඉදිකිරීම 2010 ජනවාරි මස ආරම්භ කොට, 2013 වර්ෂයේ විදුලි බල පද්ධතියට එකතු කරන්නෙමි.

*  මෙගාවොට්‌ 150 ක ධාරිතාවකින් යුත් ඉහළ කොත්මලේ විදුලිබලාගාරයේ විදුලි ජනනය 2011 ජුනි මාසයේ ආරම්භ කරන්නෙමි.

*  මෙගාවොට්‌ 120 කින් යුත් උමා ඔය ජල විදුලි බලාගාරයේ හා මෙගාවොට්‌ 35 කින් යුත් බ්‍රෝඩ්ලන්ඩ් ජල විදුලි බලාගාරයේ ඉදි කිරීම් කටයුතු මෙම වසරේ ඉදිරි මාස 3 තුළ ඇරඹීමට සැලසුම් කර ඇති අතර මොරගොල්ල ජල විදුලිබලාගාරයේ (මෙගාවොට්‌ 35) සහ ගිං ගඟ ජල විදුලිබලාගාරයේ (මෙගාවොට්‌ 45) ඉදිකිරීම් මෙම වසරේ ආරම්භ කිරීමට කටයුතු කරමි.

*  මෙගාවොට්‌ 1000 ක ධාරිතාවකින් යුත් ගල් අඟුරු බලාගාරයක්‌ ත්‍රිකුණාමලයේ ඉදිකිරීම් කටයුතු මෙම වසරේ ඇරඹීමට කටයුතු යොදා ඇත.

*  2020 වසර දක්‌වා වැඩි වන විදුලි ඉල්ලුමට සරිලන විදුලි ජනනයක්‌ සඳහා අවශ්‍ය සියලු බලාගාරයන් අවම පිරිවැය සහිත ජනක සැලසුම්වලට අනුව ඉදිකරන්නෙමි.

*  2016 වන විට ශ්‍රී ලංකාවේ මුළු විදුලිබල නිෂ්පාදනයෙන් 10% ප්‍රමාණයක්‌ සාම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බල ශක්‌ති ප්‍රභේද මගින් ජනනය කිරීමට ද කටයුතු කරන්නෙමි.

*  විදුලි සැපයුම් පද්ධතියේ ඇතිවන හානිය අවම කිරීමටත්, අදාළ නවීන තාක්‍ෂණය හඳුන්වා දීමටත්, අවශ්‍ය වන සම්ප්‍රේක්‍ෂණ පද්ධතිය සහ විදුලි උප පොළවල් දිවයිනේ සියලුම භූගෝලීය ප්‍රදේශ ආවරණය වන සේ නවීකරණය කිරීමට සහ අලුතින් ඉදිකිරීමට මේ වන විට පියවර ගෙන ඇති අතර, ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර මත මේ වන විට වැඩකටයුතු රාශියක්‌ ආරම්භ කර ඇත.

*  ඉන්දියාව සහ ලංකාව අතර විදුලිය හුවමාරු කර ගැනීමට හැකි වන පරිදි කිලෝවොට්‌ 400 ක අධි විදුලි රැහැන් සම්ප්‍රේක්‍ෂණ පද්ධතිය මදුරේ සිට අනුරාධපුරය දක්‌වා විහිදෙන ලෙස ඉදිකිරීමේ වැඩකටයුතු මෙම වසරේ ආරම්භ කිරීමට පියවරගෙන ඇත. මෙමඟින් විදුලිය අතිරික්‌ත වන අවස්‌ථාවලදී දෙරට අතර හුවමාරු කර ගැනීමෙන් සහ අඩු වියදම් විදුලිය ඉන්දියාවෙන් ලබා ගැනීමට හැකි වීමෙන් ආර්ථික වශයෙන් රටට විශාල වාසියක්‌ ලැබෙනු ඇත.

*  මෙගාවොට්‌ 300 කින් යුත් ප්‍රථම ගල් අඟුරු බලාගාරයක්‌ 2010 වසරේ පද්ධතියට එක්‌ කිරීමටත්, 2011 වසරේ ඉහළ කොත්මලේ විදුලි බලාගාරය ක්‍රියාත්මක වීමත් සමඟ අධික වියදමකින් විදුලි ජනනය කරන ඩීසල් බලාගාර ජනක පද්ධතියෙන් ක්‍රමානුකූලව ඉවත් කළ හැකි වීමෙන් ලබා ගන්නා වාසිය, විදුලි බිල අඩු කිරීම හරහා අප රටවැසියන්ට ලබා දීමටත් කටයුතු කරන්නෙමි.

එසැණින් විශ්ව ගම්මානයට

අපේ රටේ තරුණ පරම්පරාව පුළුල් වශයෙන් සන්නිවේදන සහ තොරතුරු තාක්‍ෂණය වෙත යොමු කළ යුතුව ඇත. අනාගත රැකියා වෙළෙඳ පොළ මුළුමනින්ම ඒ මත ර¹ පවතිනු ඇත. එබැවින් මෙම ක්‍ෂේත්‍රයේ දැනුම ලැබීම සඳහා තරුණ පරපුරට පහසු අවස්‌ථාවක්‌ උදා කරන අතර රටේ සියලුම සේවාවන් සපුරා ගැනීම සඳහා තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණය හඳුන්වා දෙන්නෙමි.

*  ජාතික අභ්‍යාවකාශ පර්යේෂණ ආයතනයක්‌ පිහිටුවමි.

*  ප්‍රධාන නගර 25 ක තොරතුරු තාක්‍ෂණ මධ්‍යස්‌ථාන පිහිටුවමි.

*  2016 වන විට තොරතුරු තාක්‍ෂණික සාක්‍ෂරතාව 75% ක්‌ බවට පත් කරමි.

*  සන්නිවේදන තාක්‍ෂණය සංවර්ධනය සඳහා වන සය වැදෑරුම් පිළිවෙත මම ක්‍රියාවට නංවමි.

*  සන්නිවේදනය සහ තොරතුරු තාක්‍ෂණය පිළිබඳ වරලත් ආයතනයක්‌ නොපමාව ආරම්භ කරමි.

*  මෙම ක්‍ෂේත්‍රය තුළ ඇති නීතිමය අඩුපාඩුකම් දුරලීම පිණිස තොරතුරු තාක්‍ෂණය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය තව දුරටත් ඉදිරියට ගෙනයමි.

දියුණු මාර්ග පද්ධතියක්‌ සහ ප්‍රවාහන සේවයක්‌ පවතින රටක්‌

රට එක මාවතකට මහා මාර්ග මහා පිම්මකට

මීට වසර කීපයකට පෙර රූපවාහිනී නාලිකාවලින් පවා අපට නිතර දකින්නට ලැබුණේ රෝගියකු පවා රෝහලකට ගෙන යා නොහැකි තත්ත්වයට අබලන්වූ මාර්ග පද්ධතියකි. කි. මී. 11700 ක්‌ වූ ජාතික මාර්ග පද්ධතියෙන් මා බලයට පත් වීමට පෙර වූ වසර 20 තුළම සංවර්ධනය කර තිබුණේ කි. මී. 2000 ටත් අඩු ප්‍රමාණයකි. එහෙත් පසුගිය වසර 4 තුළ පමණක්‌ මහා මාර්ග කි. මී. 2278 ක්‌ පුළුල් කර ඇති අතර තවත් මහා මාර්ග කි. මි. 2823 ක්‌ ඉදි වෙමින් පවතී. තවත් කිලෝමීටර් 4000 ක්‌ ඉදිරි වසර 6 තුළදී සංවර්ධනය කරමි. මෙයින් කි. මී. 1200 ක්‌ම උතුරු පළාතට අයත් මහාමාර්ග වනු ඇත. අද ලංකාවේ ඕනෑම දුර බැහැර පළාතක සිට පැය කීපයකින් පැමිණිය හැකි පරිදි ප්‍රධාන මාර්ගවලින් වැඩි කොටසක්‌ කාපට්‌ පාරවල් ලෙස සකස්‌ කර ඇත. එසේම සෑම ගමකම වාගේ කොන්ක්‍රීට්‌ ඇතුරූ ග්‍රාමීය මාර්ග පද්ධතියක්‌ සකස්‌ වෙමින් පවතී.

*  මහා මාර්ගවල පාලම් 370 ක්‌ සාදා නිම කළ අතර පාලම් 116 ක්‌ ඉදි වෙමින් පවතී. ඉදිරි වසර 6 තුළ තවත් පාලම් 200 ක්‌ ඉදි කරන්නෙමි.

*  දකුණු සහ කටුනායක අධිවේගී මාර්ග ඉක්‌මනින් මහජන අයිතියට පවරමි.

*  කොළඹ නගරය සහ තදාසන්න ප්‍රදේශවල පවතින මාර්ග තදබදය ඉවත් කිරීම සඳහා ගුවන් පාලම් ඉදිකිරීමේ සහ සංඥ එළිවලින් මංසන්ධිවලදී වාහන හැසිරවීමේ වැඩසටහන් ආරම්භ කළෙමි. ඉදිරි වසර 6 තුළ මාර්ග තදබදය පවත්නා මංසන්ධිවලට ගුවන් පාලම් හෝ සංඥ එළි පද්ධති සවි කිරීම මගින් මාර්ග තදබදය අඩු කරමි.

*  ඉදිරි වසර 6 තුළ උඩරට ප්‍රදේශවල මහාමාර්ග සඳහා වැඩි අවධානයක්‌ යොමු කරන්නෙමි.

*  දැනටමත් ආරම්භ කර ඇති කි.මී. 16500 කින් සමන්විත පළාත් මාර්ග පද්ධතිය ඉදිරි වසර හය තුළ සංවර්ධනය කර ජනතා අයිතියට පවරමි.

පොදු ප්‍රවාහනයේ නූතන ගමන් මග

නූතනත්වයෙන් අනූන වූ ජාතික ප්‍රතිපත්තියක්‌

සමස්‌ත ශ්‍රී ලංකික සමාජයෙන් 90% ක පමණ ප්‍රතිශතයක්‌ තම එදිනෙදා කටයුතු වෙනුවෙන් භාවිත කරනු ලබන්නේ දුම්රිය, බස්‌රිය, ත්‍රීවිලර් වැනි පොදු ප්‍රවාහන සේවාවන්ය. එහෙත් ජනගහනයෙන් 10% ක්‌ පමණ වූ පෞද්ගලික වාහන හිමියන් මාර්ගයේ වැඩි පරාසයක්‌ වෙන්කර ගැනීම නිසා අද අප හමුවේ සංකීර්ණ සමාජ ප්‍රශ්න ගණනාවක්‌ උද්ගතව තිබේ. මේ සඳහා විශිෂ්ටත්වයෙන් හා නූතනත්වයෙන් අනූන වූ පොදු ප්‍රවාහන සේවාවක්‌ නිර්මාණය කොට, පොදු ප්‍රවාහන සේවාව භාවිත කිරීම ගෞරවයක්‌ ලෙස සලකන වටපිටාවක්‌ සැකසිය යුතුය යන්න මාගේ විශ්වාසයයි. පෞද්ගලික බස්‌රිය, ලංගම හා දුම්රිය මගියෙකු ලෙස මා ජීවිතය පුරා ලබාගත් දැනුම හා අවබෝධය විසින් මෙකී මඟ පෙන්වීම මා මනස තුළ තැන්පත් කොට තිබේ.

එසේම, පොදු ප්‍රවාහනය තොරතුරු තාක්‌ෂණයෙන් සන්නද්ධ කළ යුතු බවද පරිසරයට ආදරය කරනු ලබන තේමාවන් ඔස්‌සේ එය ක්‍රියාත්මක විය යුතු බව ද රාජ්‍ය ප්‍රතිපත්තිය වනු ඇත.

පසුගිය වසර කිහිපය තුළ පොදු ප්‍රවාහනයේ ගුණාත්මක සංවර්ධනය මෙන්ම භෞතික සංවර්ධනය වෙනුවෙන් මහින්ද චින්තන ක්‍රියාන්විතය බලපා ඇති අයුරු ඔබට ඇස්‌පනාපිට දැකගත හැකිය. 2005 වසරේ බස්‌රථ ඇණිය 2100 ක්‌ වූ ශ්‍රී ලංගමය අද පන්දහස (5000) ඉක්‌මවා ඉදිරියට ගෙනයාමට මෙන්ම වසර පහළොවකට (15) පසුව දුම්රිය මැදිරි හා බලවේග කට්‌ටල ලබාදී කනත්ත වෙත පීලිගත කොට තිබූ දුම්රිය සේවාව ක්‌ෂේමභූමියක්‌ කරා කැඳවාගෙන ඒමට හැකිවීම මා දකින්නේ ප්‍රාතිහාර්යයකට වඩා ගෞරවයක්‌ වශයෙනි. මවුබිම, උතුරු කෙළවර කන්කසන්තුරයේ සිට දකුණු කෙළවර කතරගම දක්‌වා දුම්රිය මඟ හරහා එක්‌සේසත් කිරීම මාගේ අභිලාශයයි. එය සිහල, දමිළ මිත්‍රත්වයේ සදාතනික බැම්ම බවට පත්වනු නොඅනුමානය.

මාගේ දෙවැනි ධුර කාලය පොදු ප්‍රවාහනයේ ස්‌වර්ණමය යුගය ලෙස සලකන්නැයි මා ඔබට ආරාධනා කරන්නේ ඉමහත් වගකීමෙනි. පොදු ප්‍රවාහනය පිළිබඳ මාගේ දර්ශනයේ පදනම වනුයේ, දුම්රිය ශ්‍රී ලංගම හෝ පෞද්ගලික බස්‌ රථ නොව "මගියා" බැවින් මගියා කේන්ද්‍ර කොට ගත් ප්‍රායෝගික හා දියුණු වැඩපිළිවෙළ කෙටියෙන් මෙසේ පෙළගස්‌වමි.

*  පිළිගත් පොදු ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක්‌ සකසා දුම්රිය, බස්‌රිය, ත්‍රීවිලරය ප්‍රමුඛ සියලු ප්‍රවාහන සේවාවන් කාර්යක්‌ෂම විනය ගරුක දියුණු හා වැදගත් සේවාවන් බවට පත්කරන්නෙමි. ධාවකයාට ද මගියාට ද උපරිම ප්‍රයෝජනය ලැබෙන සේ තොරතුරු තාක්‌ෂණය පොදු ප්‍රවාහන සේවාවේ කශේරුකාව බවට පත්කිරීම 2010 වසර අවසානයට පෙර ඉටුකරන්නෙමි.

*  විශේෂයෙන් අගනුවර කොළඹ කොටුව දුම්රිය පොළ හා සියලු බස්‌නැවතුම් ඒකාබද්ධ කොට ප්‍රවාහන කලාපයක්‌ සැකසීම හරහා දිනකට පැමිණෙන ලක්‌ෂ සංඛ්‍යාත මගීන්ට ඵළදායී හා කාර්යක්‌ෂම සේවාවක්‌ සැපයීම 2010 වසරේ මාගේ රජය විසින් සපුරාගනු ලබන ප්‍රධානතම ඉලක්‌කයක්‌ වනු ඇත.

දුම්රිය හරි පීල්ලට

*  නිදහසින් පසු ඉතිහාසයේ පළමු දුම්රිය මග දිගු කිරීම වූ මුහුදුබඩ දුම්රිය මග බෙලිඅත්ත දක්‌වා දිගු කිරීම 2010 වසර තුළ නිම කරමි.

*  යාල්දේවිය උතුරු දුම්රිය මග ඔස්‌සේ කන්කසන්තුරේ දක්‌වා කැටුව යාම 2011 වසර තුළදී සිදු කරමි.

*  තලෙයිමන්නාරම දක්‌වා වූ දුම්රිය ගමනාගමනය වසර 30 කට පසුව 2011 වසර තුළදී ඇරඹෙනු ඇත.

*  තලෙයිමන්නාරම සිට ඉන්දියාව දක්‌වා දුම්රිය මග ඉදිකිරීම පිළිබඳ ශක්‍යතා අධ්‍යයනයද ඉන්දීය රජය සමග සාකච්ඡාවද 2010 වසර තුළ සිදු කෙරෙනු ඇත.

*  කටුනායක අන්තර් ජාතික ගුවන් කොටුපොළ හා කොළඹ අතර සුඛෝපභෝගී දුම්රිය සේවාව 2012 වසර තුළ අවසන් කරමි.

*  ශ්‍රී ලංකාව පුරා පිහිටි ජනාකීර්ණ නගර 25 ක දුම්රිය නැවතුම්පොළ නවීකරණය කොට ඉන් බොහොමයක පෞද්ගලික වාහන හා බයිසිකල් නවතා තැබිය හැකි පහසුකම් ද බස්‌ නැවතුම් ද පිහිටුවමි.

*  බහාලුම් ප්‍රවාහනය සඳහා දුම්රිය අංගනයක්‌ ඉදිකරන අතර, භාණ්‌ඩ ප්‍රවාහනය දුම්රිය සේවයේ ප්‍රමුඛ අරමුණක්‌ බවට පත්කෙරෙනු ඇත.

*  දුම්රිය ඉඩකඩම් හා දේපොළ සංවර්ධනය කොට දුම්රිය ආදායම 25% කින් ඉහළ නංවා ගැනීමේ අරමුණු පෙරදැරිව දෙපාර්තමේන්තු අභ්‍යන්තරයේ විශේෂ ඒකකයක්‌ බිහිකරන අතර, රාජ්‍ය ආදායමද රාජ්‍ය දේපළ ද සුරක්‌ෂිත වන ආකාරයට එය සිදුකෙරෙනු ඇත.

*  2012 නොරොච්චෝල බලාගාරයේ දෙවැනි අදියර ද ඉහළ කොත්මලේ විදුලි බලාගාරයද ක්‍රියාත්මක වූ වහාම කොළඹ හා තදාසන්න දුම්රිය සේවාව විදුලි දුම්රිය බවට පත්කෙරෙනු ඇත.

*  කොළඹ නගරය හා අවට මෙට්‍රොa දුම්රිය මග ඉදිකිරීම 2010 වසර තුළ ආරම්භ කොට ක්‍රියාත්මක කරනු ඇත.

මේ අනුව, අගනුවර ප්‍රධාන ප්‍රවාහන මාධ්‍යය ලෙස විදුලි දුම්රිය හා මෙට්‍රොa දුම්රිය භාවිත කිරීමෙන් කාර්යක්‌ෂමතාව, නිෂ්පාදන ක්‍රියාවලිය වේගවත් වී පරිසරයද ජනතාව ද නිරෝගී සම්පන්න බවට පත්කරමි.

බස්‌ රථ නිවැරදි මගට

ශ්‍රී ලංගම හා පෞද්ගලික බස්‌ රථ අතර නීරෝගි සම්බන්ධතාවක්‌ පවත්වාගෙන යාම පොදු ප්‍රවාහනයේ ඉතා වැදගත් අංගයකි. රාජ්‍ය බස්‌ රථ ඇණිය ශක්‌තිමත් කරනවාට සමාන්තරව පෞද්ගලික බස්‌ රථ සේවාව ආරක්‌ෂා කිරීමද එහි කර්මාන්තීය ගුණය රැකගැනීමද මාගේ වගකීමකි.

විශේෂයෙන් රට පුරාම බස්‌ රථ සේවාව කාලසටහනක්‌ අනුව ධාවනය කිරීම ශ්‍රී ලාංකික මගීන්ට කරනු ලබන සාධාරණයක්‌ බවද රටේ නිෂ්පාදනය ක්‍රියාවලියට දෙනු ලබන ඉහළම සහයෝගය බවද මාගේ ඒකායන පිළිගැනීම වේ.

*  බස්‌ සේවාවේ ඉහළම අවධානය පාසල් දරුවන්ට ලබාදීම මාගේ ප්‍රතිපත්තියයි. ඒ අනුව, මා බලයට පත්වෙද්දී 182 ක්‌වූ පාසල් බස්‌ රථ ඇණිය අද වන විට 634 දක්‌වා තෙවසරක්‌ තුළ වර්ධනය කළ අතර 2010 වසර තුළදී එය 1500 දක්‌වා උසස්‌කොට ශ්‍රී ලාංකික සියලු දරුවන්ගේ ප්‍රවාහන අපහසුතා මඟ හරවමි.

*  පළමු "සිසු සැරිය" බස්‌ සේවාව සඳහා ඉලෙක්‌ට්‍රොනික ප්‍රවේශපත්‍ර ක්‍රමයක්‌ හඳුන්වා දෙන අතර ශ්‍රී ලංගම හා පෞද්ගලික බස්‌ රථවලටද මෙම ක්‍රමය හඳුන්වා දෙමි.

*  පාසල් දරුවන් ප්‍රවාහනය කරනු ලබන පෞද්ගලික වෑන් රථ ව්‍යාපාරයද අවදානමින් මුදා ලියාපදිංචි කොට විධිමත් කරමි.

*  පෞද්ගලික බස්‌ සේවාවේ හා ශ්‍රී ලංගම බස්‌ සේවාවේ යෙදෙන සියලු රියෑදුරු - කොන්දොස්‌තර මහතුන් වෙත විශේෂ රක්‌ෂණ ක්‍රමයක්‌ හඳුන්වා දෙමි. පෞද්ගලික හිමිකරුවන් සමග සාකච්ඡා කෙට එම අංශයේ සේවකයන්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ හඳුන්වාදීමට පියවර ගන්නෙමි.

*  අවසාන බස්‌ රථය හා උදැසන බස්‌ රථය මෙන්ම ග්‍රාමීය ප්‍රදේශ සඳහා වූ ගැමි සැරිය සේවාවේ අවිච්äන්න පැවැත්ම සහතික කොට මගී විශ්වාසය තහවුරු කරමි.

*  කොළඹ නගරය තුළ ඊRඔ විශේෂ බස්‌ සේවාවක්‌ පිළිබඳ ශක්‍යතා අධ්‍යයනය මේ වනවිටද නිමකොට ඇති අතර 2010 වසර අවසානයේ එය ක්‍රියාත්මක කිරීමට අපේක්‌ෂා කරමි.

*  කාන්තාවන් සඳහා වූ විශේෂ කාර්යාලයීය බස්‌ රථ සේවාවක්‌ ආරම්භ කරමි.

*  පෞද්ගලික බස්‌ රථ ව්‍යාපාරිකයන් වෙත විශේෂ බදු සහන සහ වැට්‌ සහන ලබාදී අමතර කොටස්‌ මෙන්ම නව මිලදී ගැනීම්වලදී මුහුණ දෙන බරපතලම ප්‍රශ්නය වූ ලීසිං වාරික පිළිබඳ මූල්‍ය අසහනය සමහන් කරමි.

*  රාජ්‍ය බස්‌ ප්‍රවාහන සේවකයන්ගේ මාසික වැටුප නියමිත දිනකදී ලබාදීමද ඔවුනට නිල ඇඳුමක්‌ ලබාදීමද මාගේ දෙවැනි ධුර කාලයේ පළමු වසර තුළ ඉටුවනු ඇත.

ත්‍රිරෝද රථයට අබිමන්

*  රටපුරා විසිරී සිටින ත්‍රිරෝද රථ හිමියන්ට හා රියෑදුරන්ට සමාරක්‌ෂණ ක්‍රමවේදයක්‌ හඳුන්වා දෙමි.

*  සෑම නගරයකම ත්‍රිරෝද රථ නැවැත්වීම සඳහා නිශ්චිත පහසුකම් සපයන ලෙස සියලු පළාත් පාලන ආයතනවලට නියෝග කරමි.

*  පාරිසරික හිතවත් ත්‍රිරෝද රථ හඳුන්වා දීම හා දිරිමත් කිරීම සඳහා විශේෂ බදු සහන ද සුමට බැංකු ණය යෝජනා ක්‍රම ද ආරම්භ කරමි.

*  ත්‍රිරෝද රථ හිමි හා රියෑදුරන්ගේ වෘත්තීය ගරුත්වයද, අභිමානය ද, සුරක්‌ෂිතභාවය ද සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ 2010 වසර තුළ ක්‍රියාත්මක කරමි.

කය මනස සමබර සිත නිවන දැයක්‌

අධ්‍යාත්මික සංවර්ධනය, යහපත් පුද්ගලයා මෙන්ම රටක සමාජ සංවර්ධනය ද හඳුනා ගැනීමේ කැඩපතයි.

අපේ රට ලෝකයේ අනෙකුත් බොහෝ රටවල ගෞරවයට පාත්‍ර වන්නේ අප සතු මාහැඟි උරුමය වූ බුදු දහම නිසාය. එබැවින් රාජ්‍ය ආගම ලෙස බෞද්ධාගමට ඇති තැන ආරක්‌ෂා කරමින් සියලු ආගම්වල උන්නතිය සඳහා සම්පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නෙමි.

*  පන්සල්, කෝවිල්, පල්ලි හා මුස්‌ලිම් දේවස්‌ථාන ඇතුළු සියලුම ආගමික සිද්ධස්‌ථානවල උන්නතිය සඳහා ඒවායේ යටිතල පහසුකම් සංවර්ධනයට ආධාර වැඩසටහනක්‌ සකස්‌ කරමි.

*  විනාශ වී ගිය උතුරු නැගෙනහිර ආගමික ස්‌ථාන සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් අලුත්වැඩියාකර දෙන්නෙමි.

*  2011 දී එළඹෙන 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නෙමි.

වංචාවෙන් දූෂණයෙන් තොර සමාජයක්‌

වසර හාරසියයකට පමණ පෙර ලංකාවට පැමිණි රොබට්‌ නොක්‌ස්‌ වැනි විදේශිකයන් පවා එදා වර්ණනා කළ අපේ ආdචාරශීලීත්වය, සංග්‍රහශීලීSත්වය සහ විනය ගරුකත්වයයි. මෙම සාරධර්ම බරපතල සමාජ පරිහානියකට පත් වූයේ 1977 න් පසුවය. වංචාව, දූෂණය නීතිගත වන තත්ත්වයට සමාජය ඇද දමා හිංසනාත්මක ක්‍රියාකාරකම් මගින් සමාජ සුරක්‌ෂිතතාව මුළුමණින්ම බිඳ වැටෙන්නට මග පාදා දෙන ලද්දේ එම වකවානුවේදීය.

කාලාන්තරයක්‌ තිස්‌සේ සමාජය වෙළාගෙන පැවති වංචා, දූෂණ හා අක්‍රමිකතා මුළුමනින්ම මෙරටින් තුරන් කොට, සියලු අපරාධකාරීත්වයන් පාලනය කොට සාරධර්මවලින් පිරිපුන් රටක්‌ ගොඩ නැගීම මගේ ඒකායන අරමුණයි.

ඒ සඳහා පසුගිය සිව් වසර පුරා රජයේ සියලු මූල්‍ය කටයුතු සම්පූර්ණ විනිවිදභාවයකින් යුක්‌තව ක්‍රියාත්මක කිරීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග අනුගමනය කළෙමි.

සාරධර්මවලින් පිරිපුන් සමාජයක්‌ ගොඩ නැගීම සඳහා ද මතට තිත වැඩසටහන, පාතාලය මර්දනය කිරීම සඳහා සහ ළමා අපචාර, ස්‌ත්‍රී දූෂණ හා කාන්තා හිංසනය වැළැක්‌වීම සඳහා පියවර ගෙන ඇති අතර විවිධ ආගමික හා සංස්‌කෘතික වැඩසටහන් රාශියක්‌ ද ක්‍රියාවට නැංවූයෙමි. එමගින් අප අත්පත් කරගත් ප්‍රගතිය අතිශයින් සතුටු දායක නමුත් ඒ සඳහා තවත් කළ යුතු දේ බොහෝ බව මම දනිමි.

රට ත්‍රස්‌තවාදයෙන් මුදා ගැනීම සඳහා පසුගිය සිව් වසර තුළ මා විසින් යොදවන ලද කාලය, ශ්‍රමය හා කැපවීම මෙම උදාර අරමුණ උදෙසා කරන ලද වැය ඉදිරි කාලයේදීත් කරන්නට මම කිසිසේත් නොපැකිළෙමි.

*  සියලුම ආකාරයේ වංචා දූෂණ වැළැක්‌වීම සඳහා නව ව්‍යවස්‌ථා සංශෝධනය යටතේ දේශපාලන පක්‌ෂපාතීත්වයෙන් තොර ස්‌වාධීන බුද්ධිමතුන්ගෙන් යුත් මණ්‌ඩලයක්‌ පත් කරමි.

*  නව පාර්ලිමේන්තුවේ පළමු පනත වශයෙන් රජයේ, සංස්‌ථා, මණ්‌ඩල සහ මූල්‍ය ආයතනවල දූෂණ, වංචා සහ අක්‍රමිකතා වැළැක්‌වීම සඳහා මෙන්ම ටෙන්ඩර් පරිපාටි උල්ලංඝනය කිරීම් නතර කිරීම සඳහා සහ ඒ පිළිබඳ තොරතුරු ජනතාවට ලබාගැනීමට පහසු වන විශේෂ විධිවිධාන පනතක්‌ ඉදිරිපත් කරමි.

*  එතැන් සිට මාස 3 ක්‌ තුළ මේ සම්බන්ධයෙන් පවතින ආයතනික සහ නීතිමය රාමුව ශක්‌තිමත් කර ක්‍රියාවට නැංවීම ආරම්භ කරමි.

*  ග්‍රාමීය මට්‌ටමේ සංවර්ධන කටයුතු සඳහා යොදවන රාජ්‍ය අරමුදල් පරිහරණය කිරීමේ විනිවිදභාවය තහවුරු කිරීම සඳහා ප්‍රදේශයේ ජනතාවගේ විශ්වාසය දිනා ගත් පුද්ගලයන් සහ ආගමික නායකයන්ගෙන් සමන්විත කමිටුවක්‌ ජනසභා ලේකම් කාර්යාල මට්‌ටමින් පත් කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව සකස්‌ කරමි.

*  සියලු ආකාරයේ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා පවතින නීතිමය ක්‍රියා මාර්ගවල ඇති අඩුපාඩුකම් මග හරවා එම මෙහෙයුම් කඩිනම් කරමි. ඒ සඳහා අවශ්‍ය ආයතනික ව්‍යqහයන් ශක්‌තිමත් කරන්නෙමි.

*  මත් ද්‍රව්‍ය උවදුර මුළුමණින්ම සමාජයෙන් අතුගා දැමීම සඳහා අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගැනීමට අදාළ ආයතනවලට විධානය කරමි.

*  මත්පැන් සහ මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිකාර, උපදේශන සහ පුනරුත්ථාපන වැඩසටහන් ශක්‌තිමත් කිරීම සඳහා අයවැයෙන් රුපියල් කෝටි 50 ක්‌ වාර්ෂිකව වෙන් කරමි.

*  මෙම කාර්යයට දායක වීම සඳහා පන්සල්, කෝවිල් සහ පල්ලිවලට ආරාධනා කරමි. ඒ සඳහා ප්‍රමුඛත්වය දී කටයුතු කරන එබඳු ආයතනවලට මූල්‍යාධාර සපයන අතර එම ආයතන බදුවලින්ද මුළුමණින්ම නිදහස්‌ කරමි.

ප්‍රතිපත්ති හා උපාය මාර්ගික ක්‍රමෝපායන සැලසුම් සංවර්ධනය

පසු විපරම් සභාව වෙනුවට ප්‍රතිපත්ති හා සමාජ සංවර්ධන උපාය මාර්ගික හා ක්‍රමෝපායන සැලසුම් මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවමි. ඒ යටතේ සමාජ සංවර්ධනය පිළිබඳ ප්‍රතිපත්ති හා සැලසුම් සකස්‌ කිරීම, සමාජ අපරාධ පාලනය, සමාජ විනය පවත්වාගෙන යැම, වංචා දූෂණ වැළැක්‌වීම සඳහා ක්‍රමෝපායන් සකස්‌ කිරීම සඳහා අවශ්‍ය වගකීම සහ බලය පවරමි.

ආර්ථික උපාය මාර්ග සකස්‌ කිරීම සඳහා උපාය මාර්ගික ව්‍යවසාය කළමනාකරණ ආයතනය ශක්‌තිමත් කර ආර්ථික අංශයේ සියලු සැලසුම් නියාමනය ශක්‌තිමත් කරමි.

දිනූ දේශය යළි නොබෙදන ඒකීය රටක්‌

එක්‌සේසත් මව්බිමක්‌ - එක්‌සිත් ජාතියක්‌

නැගෙනහිර මෙන්ම උතුරු පළාතේ ද පළාත් සභා මැතිවරණය කෙටි කලක්‌ ඇතුළත පවත්වා සහමුලින්ම ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කරන්නෙමි. එමගින් සියලු මහජන නියෝජිතයන් සමග සර්ව පාක්‌ෂික සමුළුවට නව නියෝජනයක්‌ ලැබී එය සැබෑ ජාතික සම්මුතියක්‌ ඇතිකර ගැනීමේ මණ්‌ඩපයක්‌ වනු ඇතැයි මම විශවාස කරමි.

එක රටක්‌ - එක නීතියක්‌

ඉතිහාසයේ දශක ගණනාවකට පසු එක රටක්‌ - එක නීතියක්‌ පවත්වා ගැනීමේ හැකියාව දැන් අපට ලැබී තිබේ. නව ආණ්‌ඩු ක්‍රමයක්‌ පිළිබඳ මගේ අදහස්‌ විවෘතව ඔබ වෙත තබන්නට මා කල්පනා කරන්නේ එමගින් මේ ජනාධිපතිවරණය අවස්‌ථාවේදීම විධිමත්, බුද්ධිමත් සාකච්ඡාවක්‌ ඒ සඳහා ඇතිකරගනු පිණිසය.

ගමට බලය - ජන සභාව

සාම්ප්‍රදායික නිජබිම, ස්‌වයංනීර්ණය අයිතිය වැනි මූලධර්මයන් හි සිර නොවී, සියලු පුරවැසියන් සතු බලය උපරිම ලෙස ශක්‌තිමත් කෙරෙන සාමකාමී දේශපාලන විසඳුමක්‌ ඇතිකර ගැනීම මගේ ප්‍රමුඛ ඉලක්‌කය බවත්, මා බලය පිරිනමන්නට බලාපොරොත්තු වන්නේ පුරවැසියා අතට බවත්, මම එදා මහින්ද චින්නතන ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් කළෙමි.

*  ඒ අනුව, අපේ ප්‍රාදේශීය පාලනයේ මුල්ගල වන අපේ ගම නැංවීම සඳහා "ජන සභා ක්‍රමය" ගම නැඟුමට සමාන්තරව ක්‍රියාත්මක කළෙමි.

*  දැන් මගේ අරමුණ ජනසභාව ව්‍යවස්‌ථාපිත කිරීමයි. එමඟින් සෑම ග්‍රාම සේවක වසමකම පිහිටුවන ජනසභාව එකී ප්‍රදේශයේ සංවර්ධනයේ, සහජීවනයේ, සදාචාර සමාජයේ, පළමු මුරගල බවට පත් කිරීමය.

*  ගම නැඟුමේ සියලු සංවර්ධන කටයුතු පිළිබඳ තීන්දු තීරණ ගැනීම, ක්‍රියාවට නැංවීම, නඩත්තුව සේවාවන් සහ දූෂණ වංචා වැළැක්‌වීම ආදී සියලු කටයුතු මම එකී ජනසභාවට පවරමි.

ජන සභාවෙන් ගම් සභාවට

ජන සභා කීපයක එකතුවෙන් සකස්‌ වන ගම්සභාව ප්‍රාදේශීය නියෝජනයේ පළමු ඒකකය ලෙස ස්‌ථාපිත කරමි. ගම් සභාව සඳහා දේශපාලන නියෝජිතයකු පත්කර ගැනීමේ අයිතිය ගම් වැසියාට ලබා දෙන්නෙමි.

අපේ අතීත උරුමයේ සාර්ථක පරිපාලන අංගය ගම් සභාවයි. ග්‍රාම රාජ්‍ය ක්‍රමයයි. පණ්‌ඩුකාභය රජතුමා විසින් ජාතික නවෝදයක්‌ ඇතිකරන අවස්‌ථාවේ මෙය ස්‌ථාපිත කරන ලදී. දකුණු ඉන්දියාවේ හා ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල ගම් රාජ්‍යය හා පංචායත් ක්‍රමය ලෙස මෙයට සමාන ක්‍රමයක්‌ ක්‍රියාත්මක වේ. ඉංගී්‍රසීන් විසින් යටත්විජිතකරණයේදී ගම්සභා ක්‍රමය මුලදී අහෝසි කළ නමුත් පසුව ස්‌ථාපිත කළේ එහි සාර්ථකත්වය අධිරාජ්‍යවාදී මනසට පවා වැටහුණු නිසාය. දැන් අපේ රට, සමාජය වෙනස්‌ වී ඇත. එහෙයින් ජන සභාව හා ගම් සභාව නූතන නගර, අනාගත සමාජයට ද ගැලපෙන ලෙස සකස්‌ කිරීමට අදහස්‌ කරන්නෙමි.

ගම් සභාවෙන් ප්‍රාදේශීය සභාවට - නගර සභාවට

ගම්සභා ගණනාවක්‌ එක්‌කර සකස්‌ වෙන ප්‍රාදේශීය සභා හා නගර සභා ජාතික පරිපාලනයේ මූලික සහ ශක්‌තිමත් ඒකකය ලෙස පවත්වා ගන්නෙමි. ප්‍රාදේශීය සභා හා නගර සභාවල නව සීමා මායිම් නිර්ණය කිරීමේ කටයුත්ත විධිමත් කර නූතන ජනගහනය, සමාජය, සංස්‌කෘතිය, පරිසරය ආදී මූලධර්ම මත නව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ බිහි කරමි.

ප්‍රාදේශීය සභා මැතිවරණ ක්‍රමය සංශෝධනය සඳහා වූ නව යෝජනා ක්‍රියාත්මක කරමි. ඒ අනුව ප්‍රාදේශීය සභාව සඳහා බහුතර නියෝජනය ගම්සභා බල ප්‍රදේශවලින් ද සුළුතර නියෝජනය අනුපාත ක්‍රමයෙන් ද පත් කෙරෙන නව මැතිවරණ ක්‍රමයක්‌ සකස්‌ කරමි.

ප්‍රාදේශීය සභා සහ නගර සභා ආඥ පනත සංශෝධනය කර නව බලතල මෙන්ම අෙන්‍යාන්‍ය කටයුතු පහසු කිරීමේ වැඩසටහන් ද බලාත්මක කරමි.

පළාත් සභාව

දශක දෙකක්‌ තුළ පළාත් සභා ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් අපට අත්දැකීම් රැසක්‌ ලැබී තිබේ. ගැලපෙන, නොගැලපෙන, අලුතින් එක්‌කළ යුතු, ඉවත් කළ යුතු ආදී ලෙස විවිධ අදහස්‌ ඒ හා සමගම මතුවී තිබේ. පළාත් සභා ක්‍රමයට කැමති, අකමැති පිරිස්‌ ද අප අතර සිටිති.

කෙසේ වෙතත් එය අපේ ව්‍යවස්‌ථාවේ 13 වැනි සංශෝධනය ලෙස රටේ මූලික නීතියට ද එකතු වී ක්‍රියාත්මක වෙමින් පවතී. දහතුන්වැනි සංශෝධනය හා පළාත් සභා ක්‍රමය පිළිබඳ විවෘත සාකච්ඡාවකට මම එළඹෙමි. අප විසින් සියලු පක්‌ෂ හා සංවිධාන සමග ඇතිකර ගන්නා සාකච්ඡාවේ පදනමක්‌ වන්නේ එකී විවෘත සාකච්ඡාවයි.

අතීතයේ විවිධ අවස්‌ථාවල දී රට සභා, දිස්‌ත්‍රික්‌ සංවර්ධන සභා, ප්‍රාන්ත සභා ආදී ලෙස සිදුකළ යෝජනා පිළිබඳව ද එහිදී සාකච්ඡා කළ හැක. අද අපට අවශ්‍ය බෙදී වෙන් වෙන දෙසට නොව, රටේ ඒකීය භාවය තහවුරු වන ලෙස ගොඩනැගෙන ප්‍රාදේශීය පාලනයක්‌ බව සිත්හි තබාගෙන විවෘත සාකච්ඡාවක්‌ මාර්ගයෙන් සම්මුතියක්‌ ඇති කර ගැනීමට කටයුතු කරමි.

පළාත් සභා ක්‍රමයට අදාළ මැතිවරණ ක්‍රමය ද ප්‍රාදේශීය සභා හා දිස්‌ත්‍රික්‌ අනුපාතය පදනම් කරගත් මිශ්‍ර ක්‍රමයක්‌ බවට පත් කිරීමේ යෝජනාවක්‌ද ඉදිරිපත් කරමි.

එතෙක්‌ නොපමාව 13 වන සංශෝධනය යටතේ උතුරේ පළාත් සභාව යළිත් ස්‌ථාපනය කරමි.

උතුරු පළාතේ උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය කඩිනමින් ශක්‌තිමත් කිරීම සහ තිරසාර සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ අරමුණින් ආරම්භ කර ඇති උතුරු වසන්තය වැඩසටහන ශක්‌තිමත් වන පරිදි එම පළාත් සභාවේ මහජන නියෝජිතයන්ගේ සහය ලබා ගැනීමට කටයුතු කරමි.

සෙනට්‌ මණ්‌ඩලය

රටේ ඒකීයභාවයට කවර හෝ හානිකර බලපෑමක්‌ ඇති නොවන අයුරින් හා පාර්ලිමේන්තුවේ උත්තරීතරභාවයට හානි නොවන අයුරින් පළාත් සභාවල සම්මත කර ගන්නා රීති පද්ධතීන් හා පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා නීති වඩාත් හරවත් සාකච්ඡා කිරීම සඳහාත් මධ්‍යම ආණ්‌ඩුවේ කටයුතුවලට ඔවුන් ක්‍රියාකාරීව සහභාගි කර ගැනීම සඳහා ආගමික නායකයන්, වෘත්තීයවේදීන් වැනි සෘජු ඡන්දයෙන් තෝරා පත්කර ගැනීමට නොහැකි නියෝජිතයන්ට පාර්ලිමේන්තුවේ කටයුතුවලට දායක වීම සඳහා සියලු දේශපාලන පක්‍ෂවල සංවිධානවල අදහස්‌ විමසීමෙන් පසු දෙවන මන්ත්‍රී මණ්‌ඩලයක්‌ පිහිටුවීමට අදහස්‌ කරමි.

පාර්ලිමේන්තුවේ රාජ්‍ය සභාවක්‌ බවට

අපේ රටේ මූලික නීතිය වන ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව නිර්මාණය කරන මූලික එකම ස්‌ථානය පාර්ලිමේන්තුවයි. රටේ මූල්‍ය කටයුතු පිළිබඳ වගකීම රැඳී ඇත්තේ ද පාර්ලිමේන්තුව සතුවය.

පාර්ලිමේන්තුවට නියෝජිතයන් තෝරා පත්කර ගැනීමේ අනුපාත ඡන්ද ක්‍රමවේදය වෙනස්‌ කිරීමට යෝජනා කරමි. සමාජයේ ධනවත් සුළු පිරිසකට පමණක්‌ පාර්ලිමේන්තුවට පැමිණීමේ තත්ත්වයක්‌ ද, එමනිසාම දූෂණය, වංචාව කුළුගැන්වීමේ ප්‍රවණතාවක්‌ ද අනුපාත ඡන්ද ක්‍රමය නිසා ඇතිවී තිබේ. ප්‍රාදේශීය නියෝජනය සහමුලින්ම අවුල් වී ඇත.

ප්‍රාදේශීය බලප්‍රදේශ එකක්‌ හෝ වැඩි ගණනක්‌ පදනම් කරගත් මැතිවරණ කොට්‌ඨාස ක්‍රමය යළිත් ස්‌ථාපිත කිරීමට යෝජනා කරමි.

සුළු දේශපාලන ප්‍රවණතා, ජනවර්ග ආදී නියෝජනයන්ට ඉඩකඩ ලැබෙන දිස්‌ත්‍රික්‌ හා ජාතික අනුපාත ක්‍රමයක්‌ ද ඇති කරලීමට යෝජනා කරමි.

ස්‌ථාවර ආණ්‌ඩුවක්‌, ශක්‌තිමත් විපක්‌ෂයක්‌, සියලු සුළු දේශපාලන ප්‍රවණතාවල නියෝජනය එකවර සහතික කර ගැනීම, එකී මැතිවරණ සංශෝධනයේ මගේ බලාපොරොත්තුවයි.

එමගින් අන්තිමේදී ජනතාවට තම ප්‍රදේශයට වගකියන මන්ත්‍රීවරයෙකු ලැබීමත්, ධනය බලය අහිමි සැබෑ ජනතා නියෝජිතයන්ට අවස්‌ථාව ලැබීමත් තවදුරටත් සිදුවේ.

පාර්ලිමේන්තුවට වෙනම ජනවරමක්‌ ලැබෙන හෙයින් එයට ගරු කිරීමක්‌ ලෙස රටේ ජාතිකමය වශයෙන් අත්‍යවශ්‍ය අවස්‌ථාවල හැර ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව හිතුමතේ වසරකට පසු විසුරුවා හැරීමේ බලය ඉවත් කිරීමට කටයුතු කරමි.

එමෙන්ම, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ සැසිවලට සහභාගි වෙමින් ජනාධිපති ධුරය හා පාර්ලිමේන්තුව අතර සහජීවනය ශක්‌තිමත් කරමි.

පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන්ට රටේ මූල්‍ය ක්‍රියාදාමය ශක්‌තිමත්ව විනිවිදීමකින් යුතුව සිදුකිරීමට ඉඩදීම සඳහා සියලු අමාත්‍යාංශවල උපදේශක කාරක සභාවල බලතල වඩාත් ශත්තිමත් කරමි.

ජනාධිපති ධුරය භාරකාර ධුරයක්‌ බවට

විධායක ජනාධිපති ධුරයේ බලතල පරිහරණය කිරීමේදී මම ඉතා ප්‍රවේශම්කාරී වූයෙමි. අතීතයේදී විධායක ජනාධිපති ධුරය යොදාගන්නා ලද්දේ මැතිවරණ කල් දැමීමට, මැතිවරණවලින් පත්වූ ආණ්‌ඩු පෙරළා දැමීමට, අධිකරණයට බාධා කිරීමට, පක්‌ෂ තහනම් කිරීමට, උද්ඝෝෂණ මර්දනය කර ඝාතන සංස්‌කෘතියකට රට ගෙනයැමට, රාජ්‍ය ආයතන කුණු කොල්ලයට විකුණා දැමීමට, අපරාධකරුවන් රැකීමට සහ ජාවාරම්කරුවන්ට සහන ලබාදීමටය. රට පාවාදෙන ගිවිසුම් ඇතිකර ගත්තේ ද විධායක ජනාධිපති ධුරය යොදා ගෙනය.

මා එය යොදාගත්තේ රට එක්‌සේසත් කිරීම පිණිසය. විධායක ජනාධිපති ධුරය පිළිබඳ සියලු පක්‌ෂ හා ජනතා නියෝජිතයන් සමග විවෘත සාකච්ඡාවකට එළඹෙමි. පාර්ලිමේන්තුවට ලැබෙන ජනවරමට ගරු කරමින් පාර්ලිමේන්තුවට වග කියන නීතිය ඉදිරියේ සියල්ලන් සමානය යන ප්‍රතිපත්තිය ගරු කරමින් අධිකරණයට වගකියන ව්‍යවස්‌ථා සම්පාදනය, විධායකය හා අධිකරණය එකිනෙකට ගැටෙන ඒකක ලෙසින් නොව, සහජීවනයෙන් බැඳුණු එකම රාජ්‍යයක කොටස්‌ බව තවදුරටත් අවධාරණය කරන භාරකාර ධුරයක්‌ බවට විධායක ජනාධිපති ධුරය පත්කරමි.

නොබැඳි විදෙස්‌ පිළිවෙත

ශ්‍රී ලංකාව කවදත් අනුගමනය කළ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය තවදුරටත් ශක්‌තිමත් කොට පවත්වාගෙන යන්නෙමි. ඉන්දියාව, ජපානය, චීනය, පකිස්‌ථානය ඇතුළු ආසියානු රටවල් සමග පවත්වාගෙන යන අපේ මිත්‍රශීලී සබඳතාවන් කොතෙක්‌ ඵලදායි ද යන්න පසුගිය සිව් වසර තුළ මනාව පැහැදිලි වූ අතර දේශපාලන, ආරක්‍ෂක, ආර්ථික, වෙළෙඳ හා සංස්‌කෘතික ක්‍ෂේත්‍රයන්හි එම සබඳතා අතිශයින් මිත්‍රශීලී ලෙස පවත්වාගෙන යැමට කැප වෙමි.

ලෝක පාරිසරික සහ දේශගුණික විපර්යාසයන් හා බැඳුණු ජාත්‍යන්තර සම්මුතීන් හා ගිවිසුම් සමග ඒකාබද්ධව කටයුතු කරන අතර, එක්‌සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇති සම්බන්ධතා තවදුරටත් ශක්‌තිමත් කරමි.

ශ්‍රී ලංකාව වෙනත් රටවල් සමග පවත්වන විදේශ සබඳතාවන්හිදී රටේ ගෞරවය සහ අභිමානය සුරැකෙන පරිදි ක්‍රියා කිරීමටත් විදේශ රටවල ආකර්ෂණය වර්ධනය කර ගැනීමටත් අවශ්‍ය නව වැඩපිළිවෙළක්‌ හඳුන්වා දෙමි.

බහුතර සම්මුතියකින් ගොඩ නැගෙන තිරසාර සාමයක්‌

ජාතික සහජීවනයට අලුත් මගක්‌

වසර 2005 ජනාධිපතිවරණයේ දී මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් මම මෙසේ කීවෙමි.

"උතුරු හා නැගෙනහිර පවත්නා අර්බුදය පිළිබඳව නැවුම් ලෙස සිතන්නටත්, අලුත් විසඳුම් මගක්‌ සෙවීමටත් මම අදිටන් කරගෙන සිටින්නෙමි. අතීතයේ මේ ප්‍රශ්නය විසඳීමට ගනු ලැබූ සියලු පියවරවල හොඳ නරක මැනෙවින් විමසා එකී නැවුම් මගේ පදනම ලෙස සලකන්නේ නොබෙදුණු රටක්‌, ගෞරවනීය සාමයක්‌ හා බහුතර සම්මුතියක්‌ යන්නයි".

එකී ප්‍රතිපත්ති අනුව යමින් මා ජනාධිපති ධුරයට පත්වූ වහාම සියලු ප්‍රජාතන්ත්‍රවාදී පක්‌ෂ කැඳවා සර්ව පාක්‌ෂික සමුළුවක දී මහින්ද චින්තනයට අනුකූල වූ මගේ අපේක්‍ෂාව පළ කළෙමි. ඒ අනුව එවකට ජාතික ආරක්‌ෂාවට, අභිමානයට, රටේ ස්‌වෛරීත්වයට අභියෝගයක්‌ වූ සටන් විරාම ගිවිසුම පිළිබඳව කොටි සංවිධානය සමග ද සාකච්ඡාවට පිවිසුනෙමි.

ඔවුන්ගේ ප්‍රතිචාරය වූයේ පෙර සිදු කළ පරිදිම අපේ සුහද සාකච්ඡා මග ත්‍රස්‌තවාදී යුද මග ශක්‌තිමත් කිරීමට යොදා ගැනීමය. මාවිල්ආරු ප්‍රදේශයෙන් ආරම්භ කළ සෘජු ත්‍රස්‌ත ප්‍රහාරය විසින් ගෞරවනීය සාමය උදෙසා මානුෂීය මෙහෙයුමක්‌ දියත් කරන්නට අප පොළඹවනු ලැබීය. අපේ රණවිරුවන් උඩුගුවනින් මුහුදින් ගොඩබිමෙන් පියවරෙන් පියවර, ජයග්‍රහණයෙන් ජයග්‍රහණය කරා ගමන් කරමින් නොබෙදුණු රටක්‌, ගෞරවනීය සාමයක්‌ යන්න අරුත් ගන්වමින් මේ රට එක්‌සේසත් කළහ.

එකී මානුෂීය මෙහෙයුම අතරේදී නව යුද - දේශපාලනික ජාතික උපාය මාර්ගයක්‌ ද මවිසින් දියත් කරන ලදී. එය සැදුම්ලනු ලැබුවේ නිරවිකරණය, ප්‍රජාතන්ත්‍රකරණය හා සංවර්ධනය යන පදනම් මතය. ත්‍රස්‌තවාදයෙන් මුදාගත් සෑම ප්‍රදේශයකටම පළාත් පාලන මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කරන ලදී.

ලෝකයේ මින් පෙර කිසිදු රටක සිදු නොවූ විරූ ලෙස අති සීග්‍ර ලෙස යුද ගැටුම්වලින් අවතැන් වූවන් යළි පදිංචි කරවීම සිදුකරන ලදී. එමෙන්ම "නැගෙනහිර නවෝදය" හා "උතුරු වසන්තය" යටතේ පෙර නොවූ විරූ සංවර්ධනයක්‌ උතුරු හා නැගෙනහිර දෙපළාතේ දියත් කරන ලදී.

ඒ අතර, සර්වපාක්‌ෂික සමුළුව දිගටම පවත්වා ගනිමින්, එහි නියෝජිත කමිටුවක්‌ මගින් ගැඹුරු දේශපාලන ප්‍රශ්න විවෘත සාකච්ඡාවකට ගෙන එන ලදී.

ඉහළින් පටවන විසඳුම් වෙනුවට දේශපාලන පක්‌ෂ, සිවිල් සංවිධාන හා ජනතාව තුළින්ම මතුවන නව දේශපාලන කමිටුවකට, බහුතර සම්මුතියකට අදාළ පැතිකඩ එමගින් මතුකර ගන්නා ලදී.

දශක ගණනක්‌ පැරණි සිත් අමනාපකම්, බෙදීම් තම තමන්ගේ අදහස්‌ උදහස්‌ විශේෂයෙන් ලේ වැගිරුණු ගැටීමක්‌ පවත්නා විට එසේ සම්මුතියකට ගැනීම අතිශයින් දුෂ්කර කාර්යයකි. එනමුත් එකී දුෂ්කර කාර්යය සඳහා ද පළමු අඩිතාලම අප විසින් දැන් දමා අවසන්ය. විවිධ අදහස්‌ දැරීමට ඕනෑම අයෙකුට අයිතියක්‌ පවතින බව මා පිළිගන්නා නමුත්, සත්‍ය කරුණු සම්බන්ධයෙන් විවිධ අදහස්‌ එක්‌ සම්මුතියකට පැමිණිය යුතු බව මගේ පිළිගැනීම වේ.

ඉදිරියේ උදාවන සුබ අනාගතයේ, නවෝදයේ දී ඉදිරි ගමනේ ජාතික සහජීවනය සඳහා අවශ්‍ය වන්නේ ඒ මහා ජාතික සම්මතයයි.

අපේ රණවිරුවන් එක්‌සේසත් කළේ අපේ රට පමණක්‌ නොවේ. සියලු ජන කණ්‌ඩායම්වල සිත්සතන් ද එක්‌සිත් කරනා ලදී. එහෙයින් ඉදිරියේදී තුවක්‌කුවලට බිය නොවී, විවෘත මනසකින් සාකච්ඡා කරන්නටත්, සම්මුතීන්ට එළැඹීමටත් අපට හැකිවනු ඇති බව මගේ තිරසර විශ්වාසයයි. විශේෂයෙන්ම, බිය සැක දුරු වී තමන්ගේම වූ ගම්බිම්වල පදිංචි වී තමන්ගේම වූ මහජන නියෝජිතයන් පත්කර ගැනීමට උතුරු හා නැගෙනහිර ජනතාවට මේ ජනාධිපතිවරණයේ දී හා එළැඹෙන මහ මැතිවරණයේ දී හැකිවනු ඇත.

නැගෙනහිර නවෝදය

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ ඉතිහාසය වෙනස්‌ කරනු ලැබූ සටන ඇරඹෙන්නේ කොටි ත්‍රස්‌තවාදීන් විසින් මාවිල්ආරු සොරොව්ව වසා දැමීමත් සමගය. මාවිල්ආරු සොරොව්ව අත්පත් කර ගෙන ජනතා අයිතියට පැවරීමත් සමගය. 2007 ජූලි මාසයේදී තොප්පිගල මුදාගැනීමත් සමග සමස්‌ත නැගෙනහිර පළාතම නිදහස්‌ කර ගැනීමේ පටන් ආරම්භ කළ නැගෙනහිර නවෝදය වැඩසටහන අද වන විට අතිශයින්ම සාර්ථකත්වයට පත්වී ඇති බැව් මා සඳහන් කරන්නේ ඉමහත් සතුටිනි.

*  මේ වනවිට ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්‌ත්‍රික්‌ක තුනේම සියලු ප්‍රධාන මාර්ග පුළුල් කර සංවර්ධනය කර ඇත. නැගෙනහිර මුදා ගැනීමෙන් පසුව අම්පාර දිස්‌ත්‍රික්‌කය දකුණු පළාත, සබරගමු පළාත සහ ඌව පළාතට ඉක්‌මන් සබඳතාවක්‌ ලබාදී ආර්ථික හා සමාජ සම්බන්ධතාවන් ගොඩ නැඟීමට කාරතිව් සහ පොතුවිල් සිට සියඹලාණ්‌ඩුව මොණරාගල හරහා ඇති මාර්ග සියල්ල සංවර්ධනය කළෙමි.

*  පානම සිට පුල්මුඩේ දක්‌වා නැගෙනහිර වෙරළබඩ මාර්ගයත් කන්තලේ සේරුවිල මාර්ගයත් ලහි ලහියේ ඉදි වෙමින් පවතී. නැගෙනහිර පළාතේ ඉතිරි සියලු මහාමාර්ග ඉදිරි වසර 2 තුළ වැඩ අවසන් කර රටේ අනෙකුත් ප්‍රදේශ අතර ඇති ආර්ථික සමාජ දේශපාලන සම්බන්ධතාවන් දියුණු කරමි.

*  මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ සිට උතුරු මැද පළාත සහ කොළඹටත් ඉක්‌මන් ප්‍රවාහන පහසුකම් සැලසීමට මරදන්කඩවල පොළොන්නරුව ත්‍රිකෝණ මඩු පාර දැනටමත් ඉදිකර ඇත. ත්‍රිකුණාමල දිස්‌ත්‍රික්‌කයේ එරක්‌කණ්‌ඩි පාලම විවෘත කර ඇති අතර යාන්ඔය පාලම ඇතුළු අදාළ සියලු පාලම්වල වැඩකටයුතු සම්පූර්ණ කර ඇත.

*  අම්පාර දිස්‌ත්‍රික්‌කයේ ආරුගම්බේ පාලම විවෘත කර ඇත. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ඔඩ්ඩමාවඩි පාලම සහ නව කල්ලඩි පාලම ද ජනතා අයිතියට පවරා ඇත. මේ ප්‍රදේශයේ ජල අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සඳහා නව ජල යෝජනා ක්‍රම 59 ක්‌ ආරම්භ කර ප්‍රධාන ජල කුළුණු 12 ක්‌ ඉදිකිරීම දැනටමත් ආරම්භ කර ඇත.

*  අලුතින් පාසල් ගොඩනැඟිලි 164 ක්‌ ඉදිකර ඇති අතර තවත් ගොඩනැඟිලි 327 ක්‌ ප්‍රතිසංස්‌කරණය කර ඇති අතර සෑම පාසලක්‌ම නවීන විද්‍යාගාරයක්‌ සහ පරිගණක මධ්‍යස්‌ථානයකින් සමන්විත කරමි.

*  සෞඛ්‍ය අංශයේ සංවර්ධනය වෙනුවෙන් රෝහල් සඳහා අලුතින් වාට්‌ටු 55 ක්‌ ඉදි කර ඇති අතර වෛද්‍යවරු පමණක්‌ 445 ක්‌ අලුතින් බඳවා ගෙන ඇත.

*  ජීවනෝපාය සංවර්ධනය සඳහා අලුතින් කුඹුරු අක්‌කර 80,000 ක්‌ අස්‌වද්දා ඇති අතර ගෙවතු වගා 2500 ක්‌ සහ පළතුරු ගම්මාන 19 ක්‌ ඉදිකර ඇති අතර ඉදිරියේ දී තවදුරටත් මෙකී වගාවන් නංවා නව වෙළෙඳ ක්‍රමයක්‌ හඳුන්වා දෙන්නෙමි.

*  කිරි ගොවි කර්මාන්තය නැංවීම සඳහා දිස්‌ත්‍රික්‌ක තුනට අලුතින් ආදර්ශ ගොවිපොළ 3 ක්‌ ඉදිකර ඇති අතර කිරි ගොවි ගම්මාන 50 ක්‌ සකස්‌ කර ඇත්තෙමි. අයාලේ යමින් සිටි ගවයන් 85,000 ක්‌ පමණ අයිතිකරුවන්ට ලබාදී ඇත්තෙමි. මෙම ගම්මාන සඳහා අවශ්‍ය පහසුකම් සහ ණය සහනාධාර තවදුරටත් සපයමින් එම ගොවීන්ගේ අනාගතය තවදුරටත් ශත්තිමත් කරමි. ඉදිරි දශකය තුළ මෙම පළාත මුළුමනින්ම සංවර්ධනය කර එහි ප්‍රතිඵල ජනතාව අතර බෙදා හැරීම මගේ ඒකායන අරමුණයි.

*  අපනයන සැකසුම් කලාපයක්‌ ආරම්භ කරමි.

*  ජීවනෝපාය සංවර්ධනය සඳහා අලුතින් කුඹුරු අක්‌කර 100,000 ක්‌ අස්‌වද්දමි. ගෙවතු වගා 5000 ක්‌ සහ පළතුරු ගම්මාන 100 ක්‌ ගොඩ නගමි.

*  කිරි ගොවි කර්මාන්තය නැංවීම සඳහා අලුතින් ආදර්ශ ගොවිපොළ 3 ක්‌ ඉදිකර ඇති අතර කිරි ගොවි ගම්මාන 100 ක්‌ ද සකස්‌ කරමි.

උතුරු වසන්තය

තිස්‌ වසරකටත් වඩා පැරණි ගැටුම්වලින් දරුණු පීඩාවට ලක්‌වූ ප්‍රධාන කොටස උතුරේත් නැගෙනහිරත් වෙසෙන දමිළ මුස්‌ලිම් ජනතාව බව මමත් මගේ රජයත් හො¹කාරවම දනිමි. දැන් තිරසාර සාමයක්‌ උදාවී ඇත. රටේ අනෙක්‌ ජන කොටස්‌ මෙන්ම උතුරු සහ නැගෙනහිර දෙපළාතේ ජනතාව ද අපේක්‍ෂකළේ මෙවන් වූ සාමයක්‌ බව මම දන්නෙමි.

ස්‌වාමිපුරුෂයන් අහිමි භාර්යාවන්, දරුවන් අහිමි දෙමව්පියන්, දෙමව්පියන් අහිමි දරුවන්, අබාධිතවූවන්, දේපල අහිමිව ඉඳුම් හිටුම් අහිමි වූ පිරිසක්‌ මේ දෙපළාතේ සිටින බවත් මම දනිමි. එනිසා යුද්ධය නිමා වීමටත් පෙර කිසිදු පැකිලීමකින් තොරව නැගෙනහිර පදිංචි ජනයාට අවශ්‍ය යටිතල පහසුකම් ජීවනෝපාය සංවර්ධනයට අවශ්‍ය කටයුතු නැගෙනහිර නවෝදය යටතේ ක්‍රියාත්මක කළෙමි.

උතුරු වසන්තය යටතේ සියලු ප්‍රතිලාභ උතුරේ ජනතාවට ලබා දීම මගේ ඒකායන අරමුණයි. ඒ සඳහා උතුරු වසන්තය යටතේ යෝධ ආර්ථික සහ යටිතල පහසුකම් සංවර්ධන වැඩපිළිවෙළක්‌ දැනටමත් ක්‍රියාවට නඟා ඇත්තෙමි.

*  උතුරු පළාතේ ඕනෑම තැනක නිදහසේ යන්නට එන්නට පැවැති බාධාවන් මම මුළුමණින්ම ඉවත් කරමි.

*  පවතින අනාරක්‍ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් අධි ආරක්‌ෂිත කලාපය ඉවත් කිරීමට ක්‍රමානුකූලව පියවර ගනු ලැබේ.

*  උතුරේ නිෂ්පාදනය කරන ළුEණු, මිරිස්‌ ඇතුළු කෘෂි නිෂ්පාදන සඳහා පහසු වෙළෙඳපොළවල් දිවයිනේ අනෙකුත් ප්‍රදේශවල ඇති ආර්ථික මධ්‍යස්‌ථානවලට ප්‍රවාහනය කිරීම සඳහා සතොස මගින් පහසුකම් සපයනු ලැබේ.

*  මැදවච්චිය - මන්නාරම මාර්ගය, යාපනය - පේදුරුතුඩුව මාර්ගය, යාපනය මිනිපේ හරහා කරෙයිනගර් මාර්ගය, මුරුක්‌කන් - ශිලාවතුර, ඔඩ්ඩුසුඩාන් - නැදුන්කර්නි මාර්ගය සහ වව්නියා හොරොව්පතාන මාර්ග පුළුල් කර සංවර්ධනය කරමි.

*  යාපනය නුවර මාර්ගය A9 යාපනය පුත්තලම මාර්ගය A 32 දියුණු කර අධිවේගී මාර්ග ලෙස දියුණු කරමි.

*  සංගුපිඩ්ඩි පාලම වහාම ඉදිකර යාපනය අර්ධද්වීපය මන්නාරම හා පුත්තලම් ප්‍රදේශවලට සම්බන්ධ කරන්නෙමි. එසේම යාපනයේ දූපත් වැඩි දියුණු කර මහා මාර්ග පද්ධතියකින් එකිනෙක යා කර යාපනය අර්ධද්වීපය සමග සම්බන්ධ කරමි.

*  යාපනය ශික්‍ෂණ රෝහල මුළුමණින්ම නවීකරණය කරමි. ඊට සමගාමීව කිලිනොච්චිය, මුලතිව්, මාන්කුලම් ඇතුළු සියලු නගරවල ඇති රෝහල් ප්‍රතිසංස්‌කරණය කරමි.

*  දොරේඅප්පා ක්‍රීඩාංගණය නවීකරණය කරමි.

*  නිදහසේ සංකේත නගරය ලෙස මාන්කුලම් නගරය සංවර්ධනය කොට මාර්තු මාසයේ ජනතා අයිතියට පවරමි.

*  යාපනය විශ්වවිද්‍යාලය සඳහා අලුතින් ඉංජිනේරු පීඨයක්‌ ලබා දෙන්නෙමි. කාර්මික විද්‍යාලය සඳහා නේවාසික පහසුකම් පුළුල් කරමි.

*  උතුරු පළාතේ වී වගා කරන ගොවියන් සඳහා ඉහළ ආදායම් මාර්ග සැලසෙන නවීන තාක්‍ෂණයෙන් යුත් මහා පරිමාණ සහල් සැකසුම් මධ්‍යස්‌ථානය දෙකක්‌ පිහිටු වන්නෙමි.

*  උතුරු පළාතේ කෘෂිකාර්මික පුනරුදයට හේතුවන කෘෂිකාර්මික විද්‍යාපීඨයක්‌ කිළිනොච්චි ප්‍රදේශයේ පිහිටුවන්නෙමි.

*  යාපනය දිස්‌ත්‍රික්‌කයට අවශ්‍ය පානීය ජල අවශ්‍යතාව ඉටු කිරීම සඳහා යාපනය ජල සම්පාදන යෝජනා ක්‍රමය මාර්තු මාසයේදී ක්‍රියාවට නංවමි.

*  තලෙයිමන්නාරම මැදවච්චිය හා ඕමන්තෙයි දුම්රිය මාර්ග 2011 දී නිම කරමි.

2012 වන විට යාපනය දකුණු ආසියාවේ විශිෂ්ටතම නගරයක්‌ බවට පත් කරන්නෙමි.

*  පසුගිය කාලය තුළ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නොමග ගොස්‌ සන්නද්ධ සංස්‌කෘතියට තම යෞවනය බිලිදුන් තරුණ තරුණියන් ඔවුන්ගේ සමාජ සංස්‌කෘතික අනන්‍යතාවට හානි නොවන අයුරින් පිළිගත් සම්මතයන්ට අනුව පුනරුත්ථාපනය කොට වසරක්‌ ඇතුළත ඔවුන්ගේ දෙමව්පියන්ට භාර දෙමි.

උතුරේ සහ නැගෙනහිර සහෝදර ජනතාව නැවත තම ගම්බිම්වලට

උතුරු වසන්තය වැඩ සටහන යටතේ දැනටමත් ආරම්භ කර ඇති වව්නියාවේ සුබසාධන ගම්මානවල සිටි වව්නියාව මන්නාරම සහ යාපනය දිස්‌ත්‍රික්‌කවලට අයත් සියලු දෙනාත් මුලතිව් සහ කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කවලින් විශාල පිරිසක්‌ නැවත පදිංචි වී අවසන්ය. තවත් පදිංචි කරවීමට ඇත්තේ මුලතිව් සහ කිලිනොච්චි දිස්‌ත්‍රික්‌කවල පිරිස්‌ පමණි. බිම් බෝම්බ ඉවත් කරන ප්‍රමාණය අනුව ඒ සියලු දෙනා ද ක්‍රමානුකූලව සහ නොපමාව පදිංචි කරවමි.

නිවාස ගොඩනැගීමට

*  නැවත පදිංචි කරන සෑම පවුල් ඒකකය සඳහාම තාවකාලික වාසස්‌ථානයක්‌ ඉදිකර ගැනීමට මුදලින් රුපියල් 50,000 ක්‌ හා අමතරව රුපියල් 50,000 ක්‌ වටිනා ද්‍රව්‍යමය ආධාර ලබාදෙමි.

*  විනාශ වූ නිවාස නැවත සකස්‌ කර ගැනීම සඳහා රුපියල් 350,000 ක මුදලක්‌ දීර්ඝ කාලීන පදනම යටතේ ලබා දෙන්නමි.

*  නිවාස අලුත්වැඩියාව සඳහා රුපියල් 100,000 ක දීමනාවක්‌ ලබා දෙන්නෙමි.

*  සෑම නිවසකටම වැසිකිළි පහසුකම් සපයා ගැනීමට ආධාර සපයන්නෙමි.

කෘෂිකාර්මික දිරිය

*  සෑම කෘෂිකාර්මික පවුලක්‌ සඳහාම දැනට ලබා දෙන කෘෂිකාර්මික උපකරණ නැවත පදිංචි වන සියලුම පවුල් ඒකකයන් සඳහා ලබා දෙන්නෙමි.

*  සෑම කෘෂිකාර්මික පවුලක්‌ සඳහාම ලබා දෙන වගා කරන සෑම භෝගයකටම අදාළ බිජ, පොහොර නොමිලේ ලබා දෙන්නෙමි.

*  සෑම ගොවි සංවිධානයකටම වතුර මෝටරයක්‌ සහ ට්‍රැක්‌ටරයක්‌ නොමිලේ ලබා දෙන්නෙමි.

ධීවර කර්මාන්තය

*  සෑම ධීවර කාර්මිකයකු සඳහාම ආම්පන්න කට්‌ටලයක්‌ ලබා දෙන්නෙමි.

*  මත්ස්‍ය සැකසුම් මධ්‍යස්‌ථාන 2 ක්‌ මන්නාරම සහ යාපනයේ පිහිටුවමි.

පශු සම්පත් සංවර්ධනයට

*  කුකුළන් ඇති කිරීමේ කර්මාන්තය සඳහා පැටවුන් ඇතුළු අනිකුත් උපකරණ නොමිලේ සපයන්නෙමි.

*  කිරි නිෂ්පාදන ප්‍රවර්ධනය සඳහා කිරි ගොවි ගම්මාන පිහිටුවමි. දියර කිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක්‌ වවුනියාවේ ආරම්භ කරමි.

*  ස්‌වයං රැකියාවල නිරත වීමට කැමැති සැමට අදාළ උපකරණ කට්‌ටලයක්‌ නොමිලේ සපයමි.

ගහකොළ සහ සතා සීපාවා ද සුරකින හරිත ලංකාවක්‌

නිල්ල පිරුණු රටක්‌ පිවිතුරු පරිසරයක්‌

මාගේ පාලන කාලය තුළ පරිසර සාපේක්‍ෂණය සඳහා දේශයට මෙන්ම විදේශයට ද තිරසාර ප්‍රතිපත්තියක සිට කටයුතු කරමි. දූෂකයා විසින් දූෂණයේ පිරිවැය දැරිය යුතුය යන ප්‍රතිපත්තියේ සිට අප අනුගමනය කළ මූල්‍ය ප්‍රතිපත්තිය නිසා පරිසර අමාත්‍යාංශය භාණ්‌ඩාගාරයට බරක්‌ නොවන ආයතනයක්‌ වූයේය. අමුද්‍රව්‍ය ලෙස අපේ ස්‌වභාව සම්පත් විදේශගත වීම නතර වීම නිසා "රන් දෙරණ ව්‍යාපෘතිය" යටතේ දේශීය වැලි, කළුගල්, වෙළෙඳපොළ, මිල පාලනය සඳහා රජය පතල් කැනීමේ සමාගම හරහා මැදිහත් වීම නිසා ඛනිජ ක්‍ෂේත්‍රයේ රජයේ ආදායම් තුන් ගුණයකින් නැංවීමට පසු ගිය සිව් වසර තුළ අපට හැකි විය. පිටරටින් විදුලි කණු, දුම්රිය සිල්පර කොට ගෙන ඒමේ යුගය නිමා කොට "දැව ජවය" වැඩසටහන යටතේ දැව සංස්‌ථාවේ ආදායම දෙගුණයකින් ඉහළ දමන්නට අපි සමත් වූයෙමු.

කසළ කළමනාකරණය සඳහා මුල් වරට ජාතික වැඩපිළිවෙළක්‌ "පිළිසරු" නමින් ඉදිරිපත් කර 2012 දී කුණු කසළවලින් තොර ලංකාවක්‌ යන තේමාව යටතේ ක්‍රියාකාරී වැඩසටහනක්‌ ක්‍රියාත්මක කළෙමි. අලි මිනිස්‌ සහජීවනය සඳහා "ගජ මිතුරු" ව්‍යාපෘතිය ද දැන් ක්‍රියාත්මකය. සාගර දූෂණය වැළැක්‌වීම සඳහා නව පනතක්‌ මගින් සාගර දූෂණ වැළැක්‌වීමේ අධිකාරිය ද ශක්‌තිමත් කළෙමි. ජාත්‍යන්තර වශයෙන් ඕසෝන් වියන රැක ගැනීමේ හොඳම රට ලෙස 2008 දී සම්භාවනාවට පත් වන්නට අපට හැකිවිය.

තිරසාර හෙටකට හරිත ලංකා

සම්පත් හිඟය හා පරිසර දූෂණය නිසා පවතින නූතන සංවර්ධනය එලෙසම තිරසාර ලෙස පෙරට ගෙන යැමට නොහැකි බව පැහැදිලි කරුණකි. ඒ නිසා තිරසාර සංවර්ධනයට අඩිතාලම දැමීමේ අරමුණෙන් මාගේ මූලිකත්වයෙන් යුතු "හරිත ලංකා" නම් වූ ජාතික වැඩපිළිවෙළක්‌ 2010-2020 අතර දියත් කරන්නෙමි. එමගින් අපගේ ජල සම්පත රැක ගැනීම, සයුර හා සයුරු සම්පත් සංරක්‍ෂණය කිරීම, පිරිසිදු වාතය සුරැකීම හා වර්ධනය කිරීම, පාංශු සංරක්‍ෂණය, කෘෂිකර්මාන්තය පිළිබඳව නව ක්‍රමෝපායන් හඳුන්වා දීම, පුනර්ජනනීය බල ශක්‌ති ප්‍රවර්ධනය, පිරිසිදු කර්මාන්ත බිහිකිරීම, සෞඛ්‍ය සම්පන්න නගර හා ජනාවාස ඉදිකිරීම, පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රමවේදයක්‌ වැඩිදියුණු කිරීම, කසළ කළමනාකරණය, දේශගුණික විපර්යාස සඳහා සූදානම් වීම, අධ්‍යාපනික හා සංස්‌කෘතික දැනුවත් වීම ආදී ක්‍ෂේත්‍ර සඳහා දිගු කාලීන වැඩසටහනක්‌ සකස්‌ කර ඇත්තෙමි. මූලික තේමා ගණනාවක්‌ එහිදී ක්‍රියාකාරී සැලැස්‌මකට ගැනෙනු ඇත. විශේෂයෙන්ම දකුණු ආසියානු කලාපීය වශයෙන් ද එකමුතුව දේශගුණික විපර්යාස ඉදිරියේ නිසි පියවර ගැනීමට කටයුතු යෙදෙනු ඇත.

දේශගුණික විපර්යාසවලින් අනාගතයේදී ඇති විය හැකි නියඟය, ජල ගැලීම්, සුළි සුළං, මුහුද ගොඩ ගැලීම්, ජීව විශේෂ වඳ වී යැම, බෝවන රෝග වසංගතය, ආහාර භෝග අනතුරට ලක්‌ වීම ආදී සියලු ක්‍ෂේත්‍රවල ප්‍රශ්න අවබෝධ කර ගෙන විසඳුම් ලබා ගැනීම සඳහා ක්‍රියාකාරී සැලැස්‌මක්‌ 2010 සිට ක්‍රියාවට නංවමු.

කසළින් තොර ලංකාවක්‌

කසළ කළමනාකරණය සඳහා වගකීම් පැවරී තිබුණේ නගර සභා සහ ප්‍රාදේශීය සභාවලටය. නමුත් ඒ සඳහා පළාත් පාලන අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අමාත්‍යාංශය, පහත් බිම් සංවර්ධන මණ්‌ඩලය ආදී සියලු ආයතන එක්‌කර මධ්‍යම පරිසර අධිකාරියේ ක්‍රියාකාරිත්වයෙන් "පිළිසරු වැඩපිළිවෙළ" 2008 ජුලි මාසයේදී ආරම්භ කළෙමි. කසළ කළමනාකාරිත්ව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ හා 2012 දී කසළින් තොර ලංකාවක්‌ අරමුණු කරගත් ජාතික වැඩ පිළිවෙළක්‌ අපේම මූල්‍ය සම්පත්වලින් මිලියන 5,600 ක්‌ වැය කර දියත් කර ඇත්තෙමි. එමගින් දැවැන්ත කසළ කඳු පුනරුත්ථාපනය කර විධිමත් කසළ කළමනාකාරිත්වයකට ඉදිරි කාලයේදී පියවර තබමි. ඒ සඳහා විදේශ තාක්‌ෂණය පුද්ගලික ආයෝජනයන් ද සම්බන්ධ කර ගැනීමට දැනටමත් පියවර ගෙන ඇති බව ප්‍රකාශ කරමි.

පියකරු පුරවර - "හරිත ගම්මානය"

තිරසර නාගරික සංවර්ධනයක්‌ උදෙසා අගනගරයට තදාසන්න නගර "හරිත පියකරු පුරවර" බවට පත් කිරීමේ වැඩපිළිවෙළක්‌ සැලසුම් කර ඇත්තෙමි. මහා නගරවල හරිත මංපෙත්ද, කෙත් බිම් සංරක්‍ෂණයද, ඇළ මාර්ග පුනරුත්ථාපනය ද, ඇතුළත් හරිත නගර බවට අපේ නගර පත් කිරීමේ නව වැඩපිළිවෙළක්‌ පරිසර හා නාගරික සංවර්ධන අමාත්‍යාංශ මගින් දියත් කරමි.

එමෙන්ම ගම නැඟුම යටතේ පරිසර හිතකාමි ලෙස ගම්මාන ගොඩ නැගීම සඳහා හරිත ගම්මාන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරමි.

වන සංරක්‍ෂණයෙන් ජල සංරක්‍ෂණයට "ගිරිතුරු සෙවණ"

අපගේ කඳුකර ප්‍රදේශ ජල සංරක්‍ෂණයේ මුල් බිමයි. අධිරාජ්‍යවාදීන්ගේ වැවිලි නිසා ද, අවිධිමත් සංවර්ධනය නිසා ද අපගේ ජල පෝෂක ප්‍රදේශ විනාශයට පත්වෙමින් ඇත. මේ නිසා ඉදිරි වසර 10 තුළ ජල පෝෂක ප්‍රදේශ ස්‌වාභාවික වනාන්තර කිරීම සඳහා "ගිරිතුරු සෙවණ" වැඩපිළිවෙළ දියත් කරමි. විදේශීය ශාක වෙනුවට දේශීය ශාක වනාන්තර ඇති කිරීම සඳහා වු "හෙළ තුරු සෙවණ" වැඩපිළිවෙළ ද ව්‍යාප්ත කරමි.

"ගජ මිතුරෝ" - අලි මිනිස්‌ සහජීවනය

*  පසුගිය දශක කිපයක අවිධිමත් සංවර්ධනය හා ත්‍රස්‌තවාදය විසින් අපේ ජාතික වනෝද්‍යාන ගිල ගැනීම නිසා අලි ඇතුන් ගම් වැදී අලි මිනිස්‌ ගැටුමක්‌ නිර්මාණය විය. මේ සඳහා පිළියමක්‌ ලෙස 2009 දී "ගජ මිතුරෝ" වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළෙමි. එමගින් අලි පාලන ඒකක පිහිටුවීම හා අලි වැට ඉදිකිරීම වේගවත් කළ අතර පසුගිය වසර දෙක තුළ පමණක්‌ විදුලි වැට කිලෝ මිටර් 600 ක්‌ ඉදිකිරීම හා නවීකරණය සිදු කළෙමි. උතුරු නැගෙනහිර ද ඇතුළුව මෙම ගැටලුවට මුහුණපාන සියලු ගම්මානවල විදුලි වැට ඉදිරි වසර තුනේදී අවසන් කරමි.

*  ත්‍රස්‌තවාදය නිසා වැසී ගිය විල්පත්තු, කුමන, යාන් ඔය, මුන්ඩිකුලම ආදී සියලු වන උද්‍යාන නවීකරණය කර ඉදිරි වසර තුළ විවෘත කරමි.

*  වඳවී යන සත්ව විශේෂ ආරක්‍ෂා කිරීමත්, පරිසර සංරක්‍ෂණය වැඩි දියුණු කිරීමත් සඳහා රුපියල් මිලියන 2,600 ක්‌ වැය වන නව ව්‍යාපෘතියක්‌ 2010 සිට ක්‍රියාත්මක කරමි.

තරුණ අපේක්‍ෂාවන්ට මුල් තැන දෙන සුබවාදී රටක්‌

තරුණ පුරපුර සංවර්ධනයේ සවියට

ඉතිහාසයේ අවස්‌ථා කීපයකදීම ජව සම්පන්න තාරුණ්‍යය විනාශයට ලක්‌ විය. තාරුණ්‍යයේ අවශ්‍යතා වෙනුවෙන් මහින්ද චින්තනය තුළ වැඩි ඉඩක්‌ වෙන් කිරීමට මා තීරණය කළේ එබැවිනි.

අප එළඹ සිටින මේ සියවස තරුණයන්ගේ ය. එය දැනුම පිළිබඳ සියවසයි.

*  වයස අවුරුදු 18 සිට 22 දක්‌වා සෑම දරුවකුටම තම අභිමතාර්ථය අනුව අවශ්‍ය තෘතියීක අධ්‍යාපනයක්‌ හෝ පුහුණුවක්‌ ලබා ගැනීමට රුපියල් ලක්‌ෂ 2 ක්‌ දක්‌වා මුදලක්‌ වෙන් කර දෙන්නෙමි.

*  ලෝකයේ දියුණු රටවල තරුණ තරුණියන් වඩාත් ආකර්ෂණය වී ඇති තෘතියීක අධ්‍යාපනය කෙරෙහි ඇති සමාජ පිළිගැනීම අපේ රටේ තරුණයන් තුළ ඉහළ නැංවීමට අවශ්‍ය ආකල්පමය වෙනස ඇති කිරීමට අවශ්‍ය පරිසරය සකසන්නෙමි.

*  ලාංකික තරුණයා ලෝකය සමග සම්බන්ධ කරන e-කසෙe නමින් නව තොරතුරු තාක්‌ෂණ වැඩසටහනක්‌ ක්‍රියාවට නංවන්නෙමි. ඒ යටතේ විදාතා සහා නැණසල මධ්‍යස්‌ථාන නවීකරණයට ලක්‌ කොට "ගම නැඟුම" වැඩසටහ සමග ඒකාබද්ධ කොට ක්‍රියාත්මක කිරීමට අපේක්‌ෂා කරමි. තරුණ ජනගහනය සැලකිල්ලට ගෙන එක්‌ ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයක්‌ සඳහා අවම තරමින් e-කසෙe මධ්‍යස්‌ථාන 10 ක්‌ ස්‌ථාපනය කිරීමට බලාපොරොත්තු වෙමි.

*  විදේශ රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන් යොමුකරලීම සඳහා සුදුසු වැඩපිළිවෙළක්‌ සකස්‌ කරමි.

*  විරැකියාව අවම කිරීම අරමුණු කර ගනිමින් තරුණ තරුණියන් සඳහා ආර්ථික උත්පාදන අවස්‌ථාවන් උදාකරලීමට හැකිවන පරිදි රැකියා සහ ව්‍යවසායකත්ව කළමනාකරණ මධස්‌ථානයක්‌ ස්‌ථාපනය කරමි.

*  මෙම අවශ්‍යතාව සපුරාලීම සඳහා විදේශ ශ්‍රම වෙළෙඳපොළේ අවශ්‍යතාවන්ට සහ ඉල්ලුමට සරිලන පරිදි ජාත්‍යන්තර පිළිගැනීමක්‌ සහිත පාඨමාලා සහ සහතික පත්‍ර මෙන්ම තෘතියීක අධ්‍යාපන වැඩසටහන් හඳුනාගෙන ඒ වෙත තරුණ තරුණියන් යොමුකරවන්නට අපේක්‌ෂා කරමි.

*  ග්‍රාමීය තරුණ තරුණියන්ට උසස්‌ වැටුප් සහිත රැකියාවක්‌ ලබා ගැනීම සඳහා අවශ්‍ය පුහුණුව ලබා දෙනු පිණිස ගිණුම්කරණයේ හා තාක්‍ෂණික අංශයේ කුසලතා ඇති 25,000 ක්‌, පරිගණක අංශයට උනන්දු වන 25,000 ක්‌, සංචාරක ක්‍ෂේත්‍රයට 25,000 ක්‌, ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ 25,000 ක්‌, සෞඛ්‍ය ක්‍ෂේත්‍රයට යොමු වීමට කැමති 15,000 ක්‌, රූපලාවන්‍ය ක්‍ෂේත්‍රයේ 10,000 ක්‌ හා වෙනත් විවිධ විශේෂ කුසලතා සහිත 25,000 ක්‌ වශයෙන් 150,000 කින් යුත් ශ්‍රම සංවිතයක්‌ මෙම වසර තුළදී මම ගොඩනගමි.

*  රටේ සෑම පවුලකින්ම අවම වශයෙන් එක්‌ තරුණයෙකුට හෝ තරුණියකට තම සුදුකම්වලට සරිලන ලෙස රාජ්‍ය අංශයේ හෝ පෞද්ගලික අංශයේ නොඑසේ නම් විදේශ රැකියා වෙළෙඳපොළ තුළ ඉහළ වැටුපක්‌ සහිත රැකියාවක්‌ ලබාගැනීමට අවශ්‍ය මැදිහත්වීම සහ සම්බන්ධීකරණය සිදු කිරීමට කටයුතු කරමි.

*  සුළු පරිමාණ විදේශ ආයෝජනයන් සෘජුවම ගමට ගෙන යැමේ යාන්ත්‍රණයක්‌ ලෙස "කර්මාන්ත ගම්මාන" සංකල්පය හඳුන්වාදීමට අපේක්‌ෂා කරමි. විවිධ කුසලතා සහිතව හස්‌ත කර්මාන්තයේ සහ සාම්ප්‍රදායික නිමැවුම්කරණයේ නියුතු තරුණ කාර්මිකයන්ගේ නිමැවුම් ආයෝජන මණ්‌ඩලයේ සහ ගම නැඟුම වැඩසටහනේ සම්බන්ධීකරණය මගින් මැදිහත් ව්‍යාපාරිකයන් නොමැතිව විදේශ වෙළෙපොළ වෙත අපනයනය කිරීමට හැකි යාන්ත්‍රණයක්‌ ගොඩනැගීමට මෙමගින් අපේක්‌ෂා කරමි. විශේෂයෙන්ම විදේශ විනිමය සෘජුවම ගමට ගලා යන මෙම කර්මාන්ත ගම්මාන මගින් රටේ ආර්ථිකයේ වැදගත් අංගයක්‌ බවට පත් කිරීම මාගේ අරමුණයි.

*  ගම්බද තරුණ තරුණියන් ගේ ක්‍රීඩා, කලා, සහ සංස්‌කෘතික කුසලතා ඉහළ නැංවීම සඳහා තරුණ සේවා සභාවේ කටයුතු පුළුල් ලෙස ප්‍රතිසංවිධානය කරමි. ඒ යටතේ අන්තර් ජාතික තරුණ හුවමාරු වැඩසටහනක්‌ ආරම්භ කිරීම තුළින් අපේ තරුණ තරුණියන්ගේ දැනුම සහ අත්දැකීම් පුළුල් කිරීමට කටයුතු කරමි.

ක්‍රීඩාවේ සුව දිවියෙන් ලොවක්‌ දිනන්නට

නූතන ලෝකයේ ක්‍රීඩාව යනු සමාජයේ ජව සම්පන්න තරුණයන්ට පමණක්‌ අයත් වූවක්‌ නොව බාල මහලු සැම දෙනාටම විවෘත වූවකි. නිරෝගීත්වය, මානසික වර්ධනය සහ සාමුහිකත්වය යන මේ සියල්ලම ක්‍රීඩාව සමග එකිනෙකට සම්බන්ධය. එබැවින් ක්‍රීඩාව සංවර්ධනය කිරීම යනු අනාගත සමාජ පැවැත්ම සඳහා අත්‍යාවශ්‍ය වන්නාවූ ආයෝජනයක්‌ බව මම විශ්වාස කරමි. එබැවින් ක්‍රීඩාව තුළින් පුද්ගලයා වර්ධනය කිරීම සඳහා ක්‍රීඩා ක්‍ෂේත්‍රයට සුවිශේෂි ශක්‌තියක්‌ ලබා දීමට මම ක්‍රියා කරන්නෙමි.

*  සෑම පළාතකම මහා පරිමාණයේ ක්‍රීඩා මධ්‍යස්‌ථාන ඉදිකිරීමට කටයුතු කරන්නෙමි.

*  ක්‍රීඩා සහ සංචාරක ක්‍ෂේත්‍ර අතර සමීප සම්බන්ධයක්‌ ඇති නිසා ක්‍රීඩාව වර්ධනය කිරීම තුළින් සංචාරක ක්‍ෂේත්‍රයට ශක්‌තියක්‌ ලබා දීමට කටයුතු කරන්නෙමි.

*  ජාත්‍යන්තර ක්‍රීඩා සැණකෙළි විවිධ ක්‍රීඩා වෙනුවෙන් සංවිධානය කිරීමෙන් අප රටේ ක්‍රීඩා මට්‌ටම ඉහළ තත්ත්වයකට ගෙන ඒමට කටයුතු කරන අතරම ශ්‍රී ලංකාවේ යහපත් දේශගුණය උපයෝගී කරගෙන අප රට ජාත්‍යන්තරව ඉහළ පිළිගැනීමකට ලක්‌ කිරීමට කටයුතු කරන්නෙමි.

*  මලල ක්‍රීඩා, ඊතල විදීම, වෙඩි තැබීම, මේස පන්දු ක්‍රීඩාව, බැඩ්මින්ටන් ක්‍රීඩාව වැනි ක්‍රීඩා තුළින් ශ්‍රී ලංකාවට ගෞරවයක්‌ හිමි වන ලෙස ඔලිම්පික්‌ පදක්‌කම් ඉදිරි වසර කිහිපය තුළදී ලබා ගැනීමට විශේෂ දිරි ගැන්වීමක්‌ ලබා දෙන්නෙමි.

*  සියලු ක්‍රීඩා ක්‍ෂේත්‍රයන්ට අයත් පුහුණු කරුවන් පුහුණු කිරීම සඳහා දේශීය මධ්‍යස්‌ථානයක්‌ ගොඩ නගමි.

*  සෑම මූලික රෝහලකට ක්‍රීඩා සෞඛ්‍ය ඒකකයක්‌ ආරම්භ කරමි.

අහස - පොළව සයිබර් අවකාශයෙන්

ජය ගන්නා අනාගත පරපුරක්‌

අනාගතයට ඔබින ජය ගන්නා ගුරු සිසු පිරිසක්‌

ඉතිහාස පොත කියවන විට අතීතය ගැන අභිමානයක්‌ නොදැනෙන, මුල් පොත කියවනවිටම මවු බස එපා කරවන, ඉංගී්‍රසි පොත කියවනවිට දෙවන බස තිත්ත වන, පෙළපොත්, විෂය නිර්දේශ සහ පාසල්වල නාමකරණ වෙනස්‌ කිරීම්වලට පමණක්‌ සීමා වූ අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණ ගණනාවක්‌ අපි පසු කර සිටිමු. එහෙත් දේශීයත්වයේ මුල් සිඳුණු පරපුරක්‌ නිර්මාණය වීමත් අධ්‍යාපනය නිමා කිරීමටත් පෙර රට හැර යන උගතුන් බිහි වීමත් හැර අන් ප්‍රතිඵලයක්‌ මම එම ප්‍රතිසංස්‌කරණවලින් නොදැක්‌කෙමි.

ඒ වෙනුවට නිර්මාණශීලී ශ්‍රී ලාංකිකයෙකු බිහි කිරීම සඳහා වන ආකල්පමය වෙනස්‌කම් පදනම් කරගත් නිසි සැලැස්‌මක්‌ සහිත ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්‌කරණයක්‌ මම යෝජනා කරමි.

පෙර ළමාවිය සංවර්ධනය

පෙර පාසල දරුවා සෙනෙහසින් වෙන් කරන ස්‌ථානයක්‌ වෙනුවට සෙනෙහස නංවන ස්‌ථානයක්‌ විය යුතුය. දේශීයත්වය පිළිබඳ හැගීම, සාමූහිකත්වය හැසිරීම සහ නිවැරදි ශික්‍ෂණය දරුවන්ට හුරු කිරීම පූර්ව ළමා විය සංවර්ධන වැඩසටහනේ අරමුණ විය යුතුය.

*  ළමා ලේකම් කාර්යාලය ළමා ආරක්‍ෂක අධිකාරිය මෙන් පුළුල් බලතල සහිත අධිකාරියක්‌ බවට පත් කරමි. රට පුරා ව්‍යාප්ත රජයේ සහ පෞද්ගලික අංශයේ පෙර පාසල්, පූර්ව ළමා විය මධ්‍යස්‌ථාන සහ දිවා සුරැකුම් මධ්‍යස්‌ථාන සම්බන්ධයෙන් ඉහත අරමුණු ජය ගැනීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය, ක්‍රියාත්මක කිරීම සහ නියාමනය කිරීමේ වගකීම එම අධිකාරියට පවරමි.

*  එකී නියාමනයන්ට අනුව ළදරු පාසල් පවත්වා ගෙන යැම සඳහා රජයේ ආධාර මුදලක්‌ ලබා දීම සහතික කරමි.

පාසල් අධ්‍යාපන

පසුගිය වසර කීපය දෙස බලන විට පෙනෙන බරපතලම කරුණ නම් සාමාන්‍ය පෙළ සමත් වීමට නොහැකිවීමෙන් සහ විශ්වවිද්‍යාලවලට ප්‍රවේශ වීමට නොහැකි නුපුහුණු ශ්‍රමිකයන් ලක්‍ෂ තුනක්‌ වාර්ෂිකව රැකියා වෙළෙඳපොළට එක්‌ වන බවයි. මෙම අයගේ වගකීම අපේ වගකීමක්‌ නොවේ යෑයි කියන්නට මා සූදානම් නැත.

පාසල් අධ්‍යාපන ක්‍රමය අරමුණු ගත විය යුත්තේ ඉදිරි සංවර්ධන දශකය සඳහා නොව සියවසක්‌ දුර යා හැකි අයුරිණි. වර්තමානයේ අධ්‍යාපනය සඳහා දරුවකු ගත කරන කාලය කොතෙක්‌ දුරට අනාගතය සඳහා ඵලදායි ද යන්න නැවත සලකා බැලිය යුතු යෑයි මම සිතමි. දරුවන් සිය අනාගතය තුළ අතරමං නොවන පරිදි පාසලේ පන්ති ප්‍රමාණය සහ විභාග රටාව සංශෝධනය කිරීම සඳහා පියවර ගන්නෙමි.

*  දැනට අවුරුදු 14 දක්‌වා වන අනිවාර්ය අධ්‍යාපන වයස අ.පො.ස. (සාමාන්‍ය පෙළ) හෝ අවුරුදු 16 දක්‌වා දීර්ඝ කරමි.

*  උසස්‌ අධ්‍යාපන අවස්‌ථා පුළුල් වන පරිදි පාසල්වල පන්ති සංඛ්‍යාව සහ විභාග රටාව ප්‍රතිශෝධනය කරමි.

*  මවුබස ජාතියක අනන්‍යතාව සහ නිර්මාණශීලිත්වයේ උල්පත බැවින් අධ්‍යාපනයේ මාධ්‍යය මවුබස විය යුතුය. එබැවින් මූලික අධ්‍යාපනයේ සිට උපාධිය දක්‌වා ස්‌වභාෂාවෙන් අධ්‍යාපනය ලැබීමට පුද්ගලයෙකුට ඇති අයිතිය මම තහවුරු කරමි.

*  අධ්‍යාපනය ලැබීමට මෙන්ම ක්‍රීඩාවට ද දරුවකුට ඇති අයිතිය මම සුරකමි.

*  යම් දරුවකු දක්‍ෂ වන්නේ සෞන්දර්ය විෂයයන්ට හෝ භාෂාවට නම් එකී කුසලතා අඩුවක්‌ නොමැතිව වර්ධනය කර ගැනීමේ පහසුව සලස්‌වමි.

*  තොරතුරු තාක්‍ෂණය, පරිගණක සහ සන්නිවේදනය, තාක්‍ෂණික ක්‍රියාකාරකම්, ඵලදායිතාව වැනි අංශ කෙරෙහි ද පාසල් මට්‌ටමේ සිටම යොමු වීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කරමි.

භාෂා අධ්‍යාපනය සඳහා නූතන භාෂාගාර

නූතන ලෝකයේ අභියෝගවලට මුහුණ දීම සඳහා ඉංගී්‍රසි භාෂාව ඉතා හොඳින් හැසිරවීමේ හැකියාව අත්‍යවශ්‍ය සාධකයකි. එම හැකියාව සමාජයේ ටික දෙනකුට නොව සියලු දෙනාටම ලැබිය යුතුය. ඒ සඳහා වඩාත් ආකර්ෂණීය සහ ඵලදායී වූ භාෂා ඉගැන්වීම සඳහා වන නූතන තාක්‍ෂණික භාවිතයන්ගෙන් යුත් ක්‍රමවේදයන් හඳුන්වා දෙන්නෙමි.

*  සියලු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ භාෂාගාර විශ්විවිද්‍යාල ඇතුළු සෑම උසස්‌ අධ්‍යාපන ආයතනයකම පිහිටුවන්නෙමි. අනාගතයේදී විශ්වවිද්‍යාලවලින් පිටවන සෑම උපාධිධාරියකුම ඉංගී්‍රසි භාෂාව හැසිරවීමේ ප්‍රවීණයන් බවට වසර තුනක්‌ තුළදී පත් කරමි.

*  සෑම අධ්‍යාපන කොට්‌ඨාසයකට එක්‌ භාෂා මධ්‍යස්‌ථානයක්‌ බැගින් ස්‌ථාපනය කරමි. එමගින් ඉංගී්‍රසි පමණක්‌ නොව සිංහල දෙමළ සහ වෙනත් භාෂා හැදෑරීමේ අවස්‌ථාව ද සැමට සලසන්නෙමි.

*  දැනට අධ්‍යාපන ලබන කිසිදු දරුවකුට අසාධාරණයක්‌ නොවනු පිණිස ඉංගී්‍රසි, ගණිතය, විද්‍යාව යන විෂය ත්‍රිත්වයට බලපාන ගුරු හිඟය ඉදිරි වසර දෙක තුළදී මුළුමණින්ම නිමා කරන්නෙමි. විෂය නිසි අයුරින් හැදෑරීම සඳහා අවශ්‍ය නූතන ක්‍රමවේදයන් පිළිබඳ දැනුම එම ගුරුවරුන්ට ලබා දෙන්නෙමි.

*  යම් දරුවකු සියලු විෂයයන්ගෙන් අසමත් වීම වැනි තත්ත්වයන් දරුවාගේ පමණක්‌ නොව ඔහුගේ පවුල් පරිසරයේත් පාසල් පද්ධතියේත් ගැටලුකාරිත්වයේ ප්‍රතිඵලයක්‌ සේ සලකා එබඳු දරුවන් සඳහා වෙනම සුපරීක්‍ෂණ ක්‍රමවේදයන් දියුණු කරමි.

*  වතුකරයේ සහ තර්ජිත ගම්මානවල විද්‍යාගාර සහ පුස්‌තකාල පහසුකම් සහිත පාසල් පද්ධතියක්‌ ස්‌ථාපනය කරමි.

*  ද්‍රවිඩ මාධ්‍යයෙන් විද්‍යාව ගණිතය වැනි විෂයයන් ඉගැන්වීම සඳහා අදාළ සුදුසුකම් ඇති වතුකරයේ තරුණ තරුණියන් 1000 කට කඩිනම් ගුරු පුහුණුවක්‌ ලබා දෙන්නෙමි.

*  පාසල්වලට ඇතුළත් කරන කිසිම ළමයෙකුට ආර්ථික හේතු මත පාසලෙන් ගිලිහී යැමට ඉඩකඩ නොතබමි. ළමා සංවර්ධන සහ කාන්තා අභිවෘද්ධි අමාත්‍යංශය යටතේ ඇති ළමා සුරැකුම් අරමුදල තර කොට ශිෂ්‍යත්ව ලබා දීමේ ක්‍රමය පුළුල් කරමි.

*  දරුවන් හොඳ පාසල්වලට ඇතුළත් කර ගැනීමේ දෙමාපිය අපේක්‍ෂාවන් සපුරා ගැනීමට හැකි වන පරිදි අතිශයින් දියුණු පාසල් 1000 ක්‌ රටපුරා ඇති කරමි.

*  යුද්ධයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව අධ්‍යාපන කටයුතු අඩාල වූ උතුරු, නැගෙනහිර හා තදාසන්න පළාත්වල අධ්‍යාපන නංවාලීම සඳහා කඩිනම් පාසල් සංවර්ධන ව්‍යාපෘතියක්‌ ක්‍රියාවට නංවමි.

*  ජාත්‍යන්තර පාසල් විධිමත් ලෙස ලියාපදිංචි කිරීම පාලනය සහ අක්‍රමිකතා මගහැරීම මගින් එම පාසල් තෝරා ගන්නා දරුවන්ගේ යහපත සහතික කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ වෙනම දෙපාර්තමේන්තුවක්‌ ආරම්භ කරමි.

*  පිරිවෙන් අධ්‍යාපනය නැංවීම සඳහා වඩවඩාත් රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන්නෙමි.

*  නව අධ්‍යාපන ප්‍රතිපත්තියට ගැළපෙන පරිදි වෘත්තියවේදීත්වය, ශාස්‌ත්‍රීය කුසලතා වර්ධනය සහ ගුරු අභිමානය නංවනු පිණිස විශේෂ වෘත්තීය සංවර්ධන වැඩසටහනක්‌ ක්‍රියාවට නංවමි.

*  විදුහල්පතිවරුන් හා අනෙකුත් අධ්‍යාපන සේවාවන් හි වෘත්තීය තත්වය නංවාලීමට පියවර ගන්නෙමි. සෑම විදුහල්පති වරයකුටම පශ්චාත් උපාධි හැදැරීම සඳහා අවශ්‍ය පහසුකම් සලසන්නෙමි.

*  අධ්‍යාපන අමාත්‍යාංශයේ, පළාත් සභා අධ්‍යාපන පරිපාලන ව්‍යqහයේ හා ජාතික මට්‌ටමේ අධ්‍යාපන ආයතනයන්ගේ කාර්යක්‌ෂමතාව, ඵලදායිතාව හා යහ පාලනය තහවුරු කරමි.

බුද්ධිය සඳහා විශ්වවිද්‍යාලය

රටක ජයග්‍රහණයන් පදනම් වන්නේ මානව සම්පත් ඵලදායීව හා කාර්යක්‍ෂමව සංවිධානය කිරීම මත බව මම තදින් විශ්වාස කරමි. ඒ සඳහා දැනුම නිපදවන හා සමාජය තුළ බෙදා හරින කේන්ද්‍රස්‌ථානය වන්නේ විශ්වවිද්‍යාලයයි. ක්‍ෂිතිජයට ඉහළින් ලෝකය දැකිය හැකි මිනිසකු හැදීම විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ අරමුණ විය යුතු යෑයි මම හැම විටම සිතමි. විශ්වවිද්‍යාල යනු රැකියා සඳහා කාර්මිකයින් සපයන යන්ත්‍රාගාර නොවිය යුතුය. එබැවින් පසුගිය සිව් වසර තුළ අලුතින් විශ්වවිද්‍යාල ගොඩනැගීමෙන් මානව සම්පත් සැපයීමෙන් සහ අඩුපාඩු සම්පුර්ණ කිරීමෙන් දේශීය විශ්වවිද්‍යාල පද්ධතිය සංවර්ධනය කිරීම උදෙසා ඇවැසි ශක්‌තිය හා ධෛර්යය මම ලබා දුන්නෙමි.

*  දකුණු ආසියාවේ අනෙකුත් රටවල් අතරින් දැනුමේ කේන්ද්‍රයක්‌ බවට මෙරට පත් කිරීමේ මහඟු අවස්‌ථාව දැන් අපට උදාවී තිබේ. එය නිසි ලෙස ප්‍රයෝජනයට ගනිමින් දේශීය සහ ජාත්‍යන්තර දැනුමේ පර්යේෂණ සහ පුහුණු මධ්‍යස්‌ථානයක්‌ බවට මෙරට පත් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාකාරී සැලැස්‌මක්‌ සකස්‌ කර මෙම වසර තුළදීම ක්‍රියාවට නංවමි.

*  මේ සඳහා ව්‍යqහාත්මක අවශ්‍යතාවන් සපයා ගැනීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පුළුල් ප්‍රතිසංවිධානයකට ලක්‌ කරමි.

*  දේශන, පැවරුම් සහ විභාගවලට සරසවි සිසුවා කොටු කර තැබෙන වර්තමාන රටාව වෙනුවට නිදහස්‌ චින්තනයට, පුළුල් සංවාදයට සහ රසාස්‌වාදයට අවකාශ සලසන්නා වූ අධ්‍යාපන රාමුවක්‌ නිර්මාණය කිරීම අත්‍යවශ්‍ය බව මම විශ්වාස කරමි.

*  සෑම විශ්වවිද්‍යාලයකම තොරතුරු තාක්‍ෂණ පීඨයක්‌ ආරම්භ කරමි.

*  නව දැනුම ලබා ගැනීම සඳහා ඇවැසි උසස්‌ තාක්‍ෂණික සහ වෘත්තීය පුහුණු විද්‍යායතන ක්‍රමයක්‌ ද හඳුන්වා දෙන්නෙමි. ඒවායේ පාඨමාලා සෘජුවම ඉහළ ඉල්ලුමක්‌ සහිත දෙස්‌ විදෙස්‌ රැකියා වෙළෙඳ පොළ පදනම් කරගෙන සකස්‌ කිරීමට උපදෙස්‌ දෙන්නෙමි.

*  මෙම ආයතනවල ඉගෙනුම ලබන දරුවන් සඳහා නව "ඩිජිටල් ශිෂ්‍යත්ව" ක්‍රමය හඳුන්වා දෙන්නෙමි.

*  වෘත්තීය මට්‌ටමේ සියලු උසස්‌ අධ්‍යාපන ආයතනවල ගුණාත්මකභාවය ඉහළ දැමීම හා පාලනය කිරීම සඳහා පාලන කොමිෂන් සභාවක්‌ ස්‌ථාපනය කරමි.

*  උසස්‌ පෙළ සමත් වුවත් විශ්වවිද්‍යාලයට නොතේරුණු ප්‍රමුඛතා ලේඛනයේ ඊළඟ 20,000 සඳහා දුරස්‌ථ අධ්‍යාපනය මගින් උපාධියක්‌ ලබා ගැනීමට අවස්‌ථාව සලසන්නෙමි.

*  බාහිර උපාධි සම්බන්ධයෙන් පවතින විභාග සහ ප්‍රතිඵල ප්‍රමාද වීම වැළැක්‌වීමේ ක්‍රමවේදයක්‌ හඳුන්වා දෙන්නෙමි. විකල්පයක්‌ ලෙස විවෘත විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අවස්‌ථා රට පුරා ප්‍රචලිත කරමි.

*  අප රටේ තරුණ තරුණියන්ට අලුත් රැකියා මාර්ග උත්පාදනය කිරීම සඳහා ජාත්‍යන්තර ආයතනවලින් පිහිටුවන වාණිජ සේවාවන් සපයන ආයතන (ඊමිසබැss ඡරදජැss ධමඑsදමරජසබට (ඊඡධ) විවිධ නරගවල පිහිටුවීමට කටයුතු සංවිධානය කරන්නෙමි.

*  විශ්වවිද්‍යාල අධ්‍යාපනයෙහි ගුණාත්මකභාවය වර්ධනය කිරීමෙහි ලා කටයුතු කරන කථිකාචාර්යවරුන්ට පශ්චාත් උපාධිය හැදැරීම සඳහා ශ්‍රී ලංකාව තුළ මෙන්ම ප්‍රමුඛ විදේශ විශ්වවිද්‍යාල, පර්යේෂණ ආයතන තුළ ක්‍රමවත් අවස්‌ථා ලබා දෙන්නෙමි.

*  විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ විධායක නිලධාරීන් සඳහා වන සප්ත වාර්ෂික නිවාඩු ලබාගැනීම පහසු කරවන අතර එකී කාලය තුළ රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හෝ සංස්‌ථා සහ මණ්‌ඩලවල උපදේශක කටයුතුවල නියෑළීමට හැකි වන පරිදි නව පරිපාලන නීතියක්‌ සම්පාදනය කරමි.

*  විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සඳහා නව නිවාස යෝජනා ක්‍රමයක්‌ හඳුන්වා දෙන්නෙමි. සෑම විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුටම අවශ්‍ය නේවාසිකාගාර පහසුකම් රජය මගින් සපුරමි.

*  විශ්වවිද්‍යාලවල මහපොළ ලැබීම සඳහා ඇති දෙමව්පියන්ගේ ආදායම් සීමාව රුපියල් 250,000 සිට රුපියල් 400,000 දක්‌වා ඉහළ නංවමි. එමගින් දැනට ශිෂ්‍යත්ව නොලබන එහෙත් ලැබිය යුතු බොහෝ දෙනෙකුට සෙත සැලසෙනු ඇත.

*  විශ්වවිද්‍යාල සිසුන්ගේ දේශපාලනය කිරීමේ අයිතිය මම පිළිගනිමි. එහෙත් සුළුතරයකගේ දේශපාලන වුවමනා එපාකම් වෙනුවෙන් සමස්‌ත ශිෂ්‍ය ප්‍රජාවගේම අයිතිවාසිකම් යටපත් කිරීමට මම කිසිසේත් ඉඩ නොතබමි.

*  නවක වධය නමින් සිදුවන අති අමානුෂික ක්‍රියාවලිය මුළුමනින්ම විශ්වවිද්‍යාල තුළින් අතුගා දමමි.

*  සුදුසුකම් සපුරා ඇති පිරිවෙන්වලට ද බෞද්ධ දර්ශනය, පාලි සහ සංස්‌කෘත පිළිබඳ උපාධි පිරිනැමීමේ අවස්‌ථාව සලසමි. රාජකීය පණ්‌ඩිත විභාගයට ද උපාධියට සමාන තත්ත්වයක්‌ ලබා දෙන්නෙමි.

පෙර අපරදිග වෙදකම සමව ගත්

නිරෝගී සුව සම්පන්න මිනිස්‌ කැළක්‌

සැමට නිරෝගී බවේ පරම සතුට

මාගේ ජනතාවට ලබා දිය හැකි පරම ලාභය "ආරෝග්‍යා පරමා ලාභා" යන බුදු වදනින් පසක්‌ කළ නිරෝගී කමයි. එම බුද්ධ වචනය තේමා කොට ගනිමින් ශ්‍රී ලාංකීය ප්‍රජාවට නිරෝගී දිවි පෙවතකට හිමිකම් ලැබීමට ඇති මාර්ග විවර කර දීමට මම කටයුතු කරමි. ඒ සමගම තම සේවය උපරිම කැපවීමකින් යුතුව ඉටු කළ ද සුළු අතපසු වීමක්‌ හේතුවෙන් සමාජයේ විවිධ චෝදනාවන්ට අපවාදයන්ට ලක්‌ වන සෞඛ්‍ය ක්‌ෂේත්‍රයේ වෛද්‍යවරුන්ගේ සිට අනෙකුත් සියලුම සේවක මණ්‌ඩල වෙත මාගේ ගෞරවය පුද කරමි.

*  විසි එක්‌ වන සියවසේ දෙවන දශකයේ වේගවත් ආර්ථික සංවර්ධනයක්‌ ඉලක්‌ක කර ගනිමින් නූතන රාජ්‍යයක්‌ කරා ගමන් කරන මෙම අවස්‌ථාවේදී ඊට සරිලන පරිදි නිරෝගී සක්‍රීය ශ්‍රම බලකායක්‌ බිහිකිරීමට සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තුළ සාර්ථක ප්‍රජා සෞඛ්‍ය සංවර්ධන ක්‍රියාවලියක්‌ ආරම්භ කිරීම මූලික අවශ්‍යතාවක්‌ බවට පත්ව ඇති අතර ඊට අවශ්‍ය සියලුම පසුතලයන් වහා නිර්මාණය කරමි.

*  ලෝකයේ රටවල් අතරින් නිදහස්‌ සෞඛ්‍ය සේවය සාර්ථකවම ක්‍රියාවට නංවන රටක්‌ ලෙස ජාත්‍යන්තර ප්‍රජාව හඳුනාගන්නා අප රටේ සෞඛ්‍ය ක්‌ෂේත්‍රය තවදුරටත් භෞතිකමය, තාක්‌ෂණික, මානව සම්පත් සහ ආකල්පමය වශයෙන් ශක්‌තිමත් කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නෙමි.

*  වේගයෙන් දූෂණයට ලක්‌වන පාරිසරික තත්ත්වයන් හේතුවෙන් රෝගී වන ප්‍රජාව ඉන් වළකා ගැනීම සඳහා මධ්‍යම පරිසර අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යංශය එක්‌වී ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරන අතර ඊට අවශ්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කරමි.

*  ලංකාවේ උපදින සෑම දරුවෙකුගේම ජීව දත්ත ගොනුවක්‌ ජන සභා ලේකම් කාර්යාලයේ පවත්වාගෙන යා යුතුය. ඒ අනුව වාර්ෂිකව රටේ උපදින සියලුම දරුවන්ගේ සෞඛ්‍යමය වර්ධන ප්‍රවණතා පරීක්‍ෂණය කර රජය විසින් මැදිහත් වීමක්‌ ලබා දිය යුතු අංශ හඳුනා ගන්නෙමි.

*  කිසියම් පුද්ගලයෙක්‌ විදේශගත වුවද අන්තර්ජාල හරහා ඕනෑම හදිසි අවස්‌ථාවකදී රෝගියා ගැන තොරතුරු අන්තර්ජාලයෙන් ලබා ගැනීමට හැකි වන පරිදි මෙම වැඩසටහන පුළුල් කරමි.

*  මාතෘ සහ ළදරු මරණ අනුපාතිකයන් තව දුරටත් අඩු කිරීම සඳහා තිරසාර වැඩපිළිවෙළක්‌ නිර්මාණය කර ඇති අතර ඒ යටතේ ගර්භණි මව්වරුන්, ළදරුවන් සහ ළමුන් සඳහා වන විශේෂ සෞඛ්‍ය ආරක්‍ෂණ වැඩසටහනක්‌ දියත් කරමි.

*  ළමාවියේ මන්ද පෝෂණයට හෝ ඌණ පෝෂණයට ලක්‌ වන දරුවන් එම තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා අවශ්‍ය සියලුම කිරි, බෙහෙත්, විටමින් ආහාර ද්‍රව්‍ය ජන සභාව හරහා නිසි පරිදි ලබා දීමට කටයුතු කරමි.

*  නව යෞවනයේදී මත්පැන්, මත් ද්‍රව්‍ය ඖෂධ වර්ග භාවිතයන්ට තරුණ තරුණියන් යොමු වීම වැළැක්‌වීම සඳහා දීප ව්‍යාප්ත වැඩ සටහනක්‌ ක්‍රියාත්මක කරමි. අතිරේක පන්ති, ක්‍රීඩා මධ්‍යස්‌ථාන මේ පිsළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් සඳහා යොදා ගනිමි.

*  සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ කාන්තා රෝග නිවාරණය පිළිබඳ වෙනමම අංශයක්‌ ආරම්භ කරමි.

*  හෘදයාබාධ ඇතුළු මානසික විවේකය අවශ්‍ය රෝගීන් සඳහා සාම්ප්‍රදායික රාමුවෙන් පරිබාහිරව නිදහස්‌ පරිසරයක පිහිටි එළිමහන් උද්‍යාන රෝහලක්‌ පළාතකට එක බැගින් පිහිටුවීමට අපේක්‍ෂා කරමි.

*  මැලේරියාව, ජලභීතිකාව, ක්‍ෂය රෝග වැනි තත්ත්වයන් පාලනය කිරීම සම්බන්ධයෙන් අප ලබා ඇති විශිෂ්ටත්වය තවදුටත් ඉදිරියට ගෙන යමින් ඉදිරි වසර තුළ මදුරුවන්ගෙන් බෝවන ඩෙංගු වැනි වාහක රෝග මුළුමණින්ම අප රටින් තුරන් කිරීම අරමුණු කරගත් වඩා පුළුල් ක්‍රමවේදයක්‌ සකස්‌ කරමි.

*  ඒ යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය, පළාත් සෞඛ්‍ය අංශ, පරිසර අමාත්‍යාංශය සහ පළාත් පාලන ආයතන මනාව සම්බන්ධීකරණය වන අන්තර් පාර්ශ්වීය ක්‍රමවේදයක්‌ සහ සමාජ සජීවීකරණ වැඩපිළිවෙළක්‌ හඳුන්වා දෙන්නෙමි.

*  කොළඹට පමණක්‌ සීමා වී ඇති විශේෂඥ රෝහල් සෑම පළාතකටම දෙක බැගින් ස්‌ථාපනය කරමි.

*  ඉදිරියේදී අපට මුහුණ දීමට සිදුවන වැඩහිටි ජනගහනය පිළිබඳ ගැටලුවලට සෞඛ්‍ය අංශයෙන් පිහිට විය යුතු ආකාරයන් නිසි පරිදි හඳුනාගත යුත්තෙමි. ඒ අනුව වැඩිහිටියන්ගේ මානසික සුවය, ආරක්‍ෂා කිරීමට විශේෂ සෞඛ්‍ය මධ්‍යස්‌ථානය රට පුරා අරඹමි.

*  නූතන වෛද්‍ය විද්‍යාවේ දියුණු තාක්‌ෂණික සහ විශේෂඥ වෛද්‍ය සේවය ශ්‍රී ලංකාවේ පුරා පිහිටි මාතෘ නිවාස, ග්‍රාමීය රෝහල්, පර්යන්ත ඒකක සහ දිසා රෝහල් දක්‌වා ගෙන යැමට ඇති බාධක වහා හඳුනාගෙන ඒවා අවම කිරීමට හැකි ප්‍රායෝගික යාන්ත්‍රණයක්‌ නොඩනඟමි.

*  පිළිකා වැනි බෝ නොවන රෝග මුළුමණින්ම පාලනය කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහාත් අවශ්‍ය ක්‍රිsයාකාරී වැඩ සැලැස්‌මක්‌ ඉදිරිපත් කිරීම පිණිසත් ස්‌වාධීන විද්වතුන්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක්‌ පත් කරමි. මාස හයක්‌ තුළ අදාළ කටයුත්ත නිම කිරීමට සලස්‌වමි.

*  තවද මෙම ක්‍ෂේත්‍රයේ අවශ්‍ය සෞඛ්‍ය විද්‍යාත්මක, ජාන විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක පරික්‍ෂණ ක්‍රම හා පරීක්‍ෂණ සඳහා මූල්‍යාධාර සපයමි.

*  මහරගම පිළිකා රෝහලේ ඉදිකිරීමට නියමිත "හෝප් වාට්‌ටු ව්‍යාපෘතිය" 2010 වර්ෂය තුළ නිම කිරීමට අයවැය මඟින් රුපියල් කෝටි 40 ක්‌ වෙන් කරමි. පිට පළාත්වලින් එම රෝහලට පැමිණෙන රෝගීන් හා ඔවුන්ගේ ඥාතීන් සඳහා නවාතැන් පහසුකම් වැඩි කිරීමේ ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කරමි.

*  දැනට සාර්ථකව ක්‍රියාත්මක වන ඒඩ්ස්‌ රෝග මර්දන වැඩපිළිවෙළ තවදුරටත් ශක්‌තිමත් කරමි.

*  ඖෂධ වර්ගවල මිල පහත හෙළීම සඳහා අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග සියල්ලම පාහේ මෙරට තුළ නිෂ්පාදනය කිරීමටත් ප්‍රමිතියෙන් බාල ඖෂධ ගලා ඒම වැළැක්‌වීම සඳහා ලියාපදිංචි කිරීමේ ක්‍රමවේදය ශක්‌තිමත් කිරීමටත් ඖෂධ නියාමන අධිකාරියේ ක්‍රියාකාරීත්වය ප්‍රතිසංවිධානයට ලක්‌ කරමි.

*  හෙද සේවය සඳහා ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කරන්නෙමි. එමගින් හෙද සේවයේ ඇති ගැටලු නිරාකරණය කර ගැනීමට කටයුතු කරමි.

*  ග්‍රාමීය සෞඛ්‍ය නැංවීම සඳහා අතිවිශාල සේවාවක්‌ සිදු කරන රජයේ පවුල් සෞඛ්‍ය සේවාව වෙනම සේවයක්‌ බවට පත් කිරීමට කටයුතු කරමි. එමඟින් ඔවුන්ගේ සේවා අභිමානය සහ කාර්යක්‍ෂමතාව ඉහළ නැංවීමටත් මහජනතාවට උපරිම සේවාවක්‌ ලබා දීමටත් කටයුතු සම්පාදනය කරන්නෙමි.

පෙරදිග වෙදකම

*  පෙර අපරදිග වෙදකම සමානව සලකමි. සම අවස්‌ථා ලබා දෙමි.

*  සෞඛ්‍ය ආරක්‍ෂණය ඉහළ නැංවීම පිණිස දේශීය වෛද්‍ය ක්‍රමයන්හි ද සහය ලබා ගැනීම සඳහා එම අංශයේ පර්යේෂණ අවස්‌ථා පුළුල් කරමි.

*  දේශීය බෙහෙත් නිෂ්පාදනය සඳහා අවශ්‍ය ඖෂධ වගාව දිරි ගන්වමි. දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම රට තුළ ව්‍යාප්ත කිරීමට අවශ්‍ය පියවර ගන්නෙමි.

*  සංචාරක කර්මාන්තය ප්‍රචලිත ප්‍රදේශවල දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම නැංවීමට පියවර ගන්නෙමි.

*  සාම්ප්‍රදායික දේශීය වෛද්‍යවරුන් සඳහා විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ හඳුන්වා දෙන්නෙමි.

*  දේශීය වෛද්‍යවරුන්ගේ වැටුප බටහිර වෛද්‍යවරුන්ගේ වැටුප හා සමාන වන පරිදි දීමනාවකින්, එලෙස සමාන කිරීමට පියවර ගන්නෙමි.

දේශීය සම්පතින් හා දැනුමෙන්

විදේශයන්ද ජය ගන්නා දේශීය ව්‍යවසායකත්වයක්‌

අපි වවමු රට නඟමු

කෘෂිකර්මයේ නව පිම්මක්‌

වැව සහ කෙත - වැව ඉස්‌මත්තේ දාගැබ - ඒ අපට උරුම අපේ සමාජ පදනමයි. මම එම සමාජ පදනමට අයත් මිනිසෙක්‌මි. එබැවින් මම මහ පොළොවට ගරු කරමි. ගහට කොළට ආදරය කරමි. මගේ මුතුන් මිත්තෝද මේ පොළොවෙහි ගහ කොළ වගා කළහ.

වසර හතරකට පෙර දේශීය කෘෂිකර්මයට සහ ගොවි ජනතාවට ලැබී තිබුණේ කුඩම්මාගේ සැළකිලිය. සියලුම ආහාර ද්‍රව්‍ය පිටරටින් ආයතනය කරන තත්ත්වයකට පත් වී තිබිණි. වී ගොවියා, හේන් ගොවියා, එළවලු ගොවියා සහ කිරි ගොවියා ඇතුළු සියලුම ගොවීන්ද, ධීවරයන් ද මුළුමණින්ම නොසලකා හැර තිබිණි. ගොවිතැන් කටයුතු සඳහා අවශ්‍ය පොහොර, බීජවල මිල අධිකව පැවති අතර ගොවියාට ලැබුණු මිල ඉතා පහත මට්‌ටමක පැවතිණි.

වෙල් ලක්‍ෂයේ කුඹුරු උඩින් බ්‍රිතාන්‍යයන් අසුන් පැන්නූ තැන්සිට ණය ගෙවා ගත නොහැකිව ගොවීන් වස බී සිය පණ නසා ගත් අඳුරු ආගාධය දක්‌වා වන කෘෂිකර්මයේ මෙම අවාසනාවන්ත ඉතිහාසය මම හොඳින් දනිමි.

"කෙතට අරුණැල්ල" මහින්ද චින්තනයෙන් මා ඔබට ඉදිරිපත් කළ ප්‍රතිපත්තිය "අපි වවමු - රට නගමු" වැඩසටහන යටතේ ක්‍රියාවට නංවා ඇත. කෘෂි අංශයෙන් මෙතෙක්‌ අප ලබා ඇති ප්‍රගතිය යුද්ධය නිම කිරීම තරම්ම අගනා බව මම විශ්වාස කරමි.

නැවතත් කෘෂි ව්‍යාප්ත සේවාව ගමට

එ.ජා.ප. ආණ්‌ඩුව යටතේ අහිමි කරන ලද ගම්මට්‌ටමේ කෘෂි ව්‍යාප්ති සේවය නැවත ඇති කරමි. එමගින් ගොවියාට තාක්‍ෂණික වශයෙන් සමීපව සහයෝගය ලබාදීමේ රජයේ වගකීSම නිවැරදිව පණ ගන්වමි.

ගොවියාට ඉඩම්

* ගොවි පවුල් 100,000 කට ඉඩම් ලබාදීමේ මහින්ද චින්තන වැඩ සටහන යටතේ මේ වන විටත් ඉඩම් කට්‌ටි 20,195 ක්‌ ලබා දී ඇති අතර තවත් ඉඩම් කට්‌ටි 32,063 ක්‌ සඳහා අවසර පත්‍ර ලබා දී ඇත. තවත් ඉඩම් කට්‌ටි 38,727 කට දීමනා පත්‍ර නිකුත් කර ඇත. මෙම ක්‍රියාවලිය තවදුරටත් ශක්‌තිමත් කර සෑම ගොවියෙකුටම ඉඩම් කැබැල්ලක්‌ ලබාදීමට හෝ භුක්‌ති විඳින ඉඩමේ අයිතිය තහවුරු කිරීමට කටයුතු කරමි.

*  මොරගහකන්ද කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතීන් යටතේ අලුතින් ඉඩම් හෙක්‌ටයාර් 5000 ක්‌ ලබාදෙන්නෙමි. ඒ යටතේ පවුල් 2700 ක්‌ පදිංචි කිරීමට දැනටමත් සියල්ල සූදානම් කර ඇත.

*  උතුරු සහ නැගෙනහිර පළාත් දෙකේ ඉඩම් අහිමි ගොවි පවුල් 10000 කට නොමිලේ ඉඩම් ලබා දෙන්නෙමි.

අඳ ගොවි අයිතිය

*  ලංකාවේ අඳ ගොවීන්ගේ ඉදිරි පරම්පරාවන් මුහුණ දී සිටින අවිනිශ්චිතතාවන් සඳහා තිරසාර විසඳුමක්‌ සැපයිය යුතු බව මගේ විශ්වාසයයි. ඒ සඳහා අවශ්‍ය නීති රීති නොපමාව සකස්‌ කරමි.

බීජ නිෂ්පාදනය

විවිධ විදේශ බලවේගවලට නතු වී අභාවයට පත්වෙමින් තිබුණු දේශීය බීජ නිෂ්පාදනය මා බලයට පත් වූ පසු රජයේ බීජ ගොවිපොළ මෙන්ම ගොවියන් ද සම්බන්ධ කරගෙන යළි ආරම්භ කළෙමි.

*  වගාව සඳහා අවශ්‍ය සියලුම බීජ වර්ග රට තුළ නිෂ්පාදනය කිරීමට හැකි වන පරිදි ප්‍රධාන කෘෂි පර්යේෂණ මධ්‍යස්‌ථාන මුළුමණින්ම නවීකරණය කරමි.

*  රජයේ සියලුම ගොවිපොළවල් බීජ නිෂ්පාදනයට යොමු කරවන්නෙමි. එසේම, සහිතික කළ බීජ නිෂ්පාදන සඳහා පුද්ගලික අංශයට ද, ගොවි සංවිධානවලට ද, ගොවීන්ට ද සහන සලසන්නෙමි.

*  වියළි කලාපයේ ජල හිඟතාවට ඔරොත්තු දෙන සහ කෙටි කලෙකින් අස්‌වනු ලැබෙන බීජ වර්ග ගවේෂණය සඳහා පර්යේෂණ ආයතන ශක්‌තිමත් කරමි.

*  එළවළු භෝග වගාව සඳහා අවශ්‍ය බීජ නිෂ්පාදනය දෙගුණයකින් ඉහළ නංවමි. විශේෂයෙන්ම ගුණාත්මක බවින් යුතු වැඩි අස්‌වැන්නක්‌ සඳහා දෙමුහුන් එළවළු භෝග වර්ග හඳුන්වා දෙන්නෙමි.

වගාවට පොහොර

පොහොර කි. ග්‍රෑ. 50 ක මල්ලක්‌ ලෝක වෙළෙඳ පොළේ රුපියල් 9000 කට අධික මිලක පවතිද්දීත්, කුඹුරු සහ එළවළු ගොවියාට රුපියල් 350 බැගින් පොහොර මල්ල ලබා දුන්නේ දේශීය ගොවියා සුරකිනු පිණිසය.

*  දැනට රජය මගින් රුපියල් 350 ට ලබාදෙන පොහොර මල්ලක සෑම ගොවියෙකුටම විවෘත වෙළෙඳ පොළෙන් ලබා ගත හැකි වන පරිදි පොහොර සහනාධාරය බෙදා හැරීම වෙනස්‌ කෙරේ. ඒ අනුව දැනට පොහොර බෙදාහැරීමේදී ඇතිවන අක්‍රමිකතා අවසන් කළ හැකිය. එපමණක්‌ නොව සෑම ගොවියෙකුටම දැනට වී සහ එළවළුවලට පමණක්‌ සිමාවී ඇති පොහොර සහනාධාර ක්‍රමය අනෙකුත් භෝගවලට ද රුපියල් 350 ට ලබාගත හැකි වන සේ ප්‍රතිසංවිධානය කරමි.

*  කාබනික පොහොර භාවිතය සහ නිෂ්පාදනය තවදුරටත් දිරි ගන්වමි.

*  පොහොර සහ රසායනික දියර භාවිතය පරිසර හිතකාමී අයුරින් සිදුකිරීමට අවශ්‍ය නීති රාමුව ශක්‌තිමත් කරමි.

*  කෘෂි රසායන හා පොහොර අලෙවි සල් සඳහා විධිමත් පුහුණුවක්‌ ලත් කෘෂි රසායන සංයෝජකයන් පත් කිරීම අනිවාර්ය කිරීම සඳහා නීති සම්පාදනය කරමි. මෙමගින් උගත් තරුණ තරුණියන් 7000 කට පමණ නව රැකියා අවස්‌ථාවන් උදා කරන්නෙමි.

වී වගාව

වී වගාව අපේ ගොවියාගේ රක්‍ෂාව නොවේ. ජීවිතයයි. සිතුම් පැතුම්, සිරිත්a විරිත්, විනෝදය, විවේකාස්‌වාදය පදනම් කර ගත් සමස්‌ත සංස්‌කෘතියම වී ගොවිතැනයි.

කිලෝවක්‌ රුපියල් 13-14 ට වත් විකුණා ගැනීමට නොහැකිව තිබුණු වී කිලෝවකට රුපියල් 28-30 ක සහතික මිලක්‌ ලබා දීමෙන් සහ නිෂ්පාදන පිරිවැය අඩුකිරීමෙන් ගොවියාගේ ලාභ පරතරය ඉහළ මට්‌ටමකට ගෙන ඒමට හැකිවීම ගැන මම අතිශයින් සතුටු වෙමි.

*  2001-2004 රජයෙන් ගොඩ කිරීමට ක්‍රියා කළ කුඹුරු ඉඩම්, "පුරන් කුඹුරු අස්‌වැද්දුම" යටතේ නැවත වගා කිරීම ආරම්භ කර ඇත. ඒ යටතේ දැනටමත් අක්‌කර 150,000 ක්‌ අස්‌වද්දා ඇති අතර තවත් අක්‌කර 150,000 නැවත අස්‌වැද්දීමට ඉලක්‌ක කරමි.

සතියකට පමණක්‌ සීමාවී තිබූ ආහර ප්‍රමාණය 20% කින් දැනටමත් ඉහළ දමා ඇති අතර එම ප්‍රමාණය තවත් 20% කින් ඉහළ දැමීමට ක්‍රියා කරමි.

* සහල්වල ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් වී මෝල් ආරම්භ කිරීම පිණිස පෞද්ගලික අංශයට ආරාධනා කරමි.

ගොවි සමුපකාරය

* ගොවියා නිතර අතරමැදියාගේ බලපෑම්වලට ලක්‌වීම වැළැක්‌වීම සඳහා නිෂ්පාදනය අරමුණු කර ගත් ගොවි සමුපකාර ක්‍රමයක්‌ ආරම්භ කරමි. ගොවියා මුහුණපාන අලෙවි ප්‍ර්‍රශ්න යෙදවුම් සහ උපකරණ ලබා ගැනීමට ඇති ගැටලුවලට මෙමගින් සහනයක්‌ සැලසෙනු ඇත.

* ගොවි බැංකු ක්‍රමය තවදුරටත් ශක්‌තිමත් කර ගොවියාට අවශ්‍ය සියලු ණය ගොවි බැංකු ක්‍රමය මගින් ලබාදීමට කටයුතු කරමි.

* වී සහ අනෙකුත් ආහාර භෝග අවාරයේදී වෙළෙඳ පොළට නිකුත් කිරීමේ වාසිය ගොවියාට ලබාදීම සඳහා ගෘහ මට්‌ටමෙන් කුඩා ගබඩා සකස්‌ කිරීමේ වැඩපිළිවෙළක්‌ ගොවි මහතුන්ට හඳුන්වා දෙමි.

කෘෂි තොරතුරු හුවමාරුව

* ගොවියාගේ අනෙක්‌ ප්‍රධානතම ප්‍රශ්නය නම් වෙළෙඳපොළයි. මෙම ප්‍රශ්නය විසඳීම සඳහා තොරතුරු තාක්‌ෂණයේ සහාය ලබා ගන්නෙමි. තොරතුරු හුවමාරුව පුළුල් කිරීම සඳහා දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්‌ථාන 550 ම තොරතුරු තාක්‌ෂණයෙන් බල ගන්වමි.

* ජාතික කෘෂි තොරතුරු හුවමාරු මධ්‍යස්‌ථානයක්‌ ආරම්භ කරමි.

නව තාක්‌ෂණය

කෘෂිකර්මයට නව තාක්‌ෂණය හඳුන්වාදීම සහ කෘෂිකර්මය ආශ්‍රිත නිෂ්පාදන සඳහා දිරිදීම මගින් කෘෂිකර්මය නවයුගයට ගැලපෙන ලෙස විවිධාංගීකරණය කරමි.

* කෘෂි නිෂ්පාදනවල අගය එකතු කිරීමේ ව්‍යාපාර සහ විදේශ වෙළෙඳපොළට පිවිසීමට අවශ්‍ය සහාය ලබාදීම සඳහා පසු අස්‌වනු තාක්‌ෂණය ආයතනය සහ අපනයන සංවර්ධන මණ්‌ඩලය ප්‍රතිසංවිධානය කොට ශක්‌තිමක්‌ කරමි.

* නව තාක්‌ෂණය යොදා ගැනීමේ ආරම්භයක්‌ වශයෙන් වියළි කලාපයට බිංදුවාරි ක්‍රමය ව්‍යාප්ත කරමි. දැනටමත් මෙවැනි කට්‌ටල 5,000 ක්‌ හඳුන්වාදී ඇත. උගත් තරුණ ගොවීනට තවත් කට්‌ටල 15,000 ක්‌ ඉදිරි වසර 3 තුළදී ලබා දෙන්නෙමි.

* නව තාක්‌ෂණය යොදා ගනිමින් වැඩි වටිනාකමකින් යුත් ගුණාත්මක භෝග වගා කිරීම, සැකසීම සහ අපනයනය කිරීම සඳහා සුළු ගොවියා වෙනුවෙන් කේන්ද්‍රීය ගොවිපළ ක්‍රමය හඳුන්වා දෙන්නෙමි.

* අපනයන භෝග වගාකරුවන් දිරිමත් කිරීම සඳහා දැනට හඳුන්වා දී ඇති "කෘෂි අපනයන ප්‍රවර්ධන කලාප" රට පුරා ව්‍යාප්ත කරමි. ඒ යටතේ දේශීය ගොවියා අපනයන ව්‍යාපාරිකයන් බවට පත්කර අතරමැදි සම්බන්ධතාවකින් තොරව ජාත්‍යන්තර වෙළෙඳපොළ සමග සෘජුව ගනුදෙනුකරුවෙක්‌ බවට පත් කරන්නෙමි.

එළවළු සහ පළතුරු වගාව නැංවීම

මෙම අංශයේ කැපී පෙනෙන වර්ධනයක්‌ අත්පත් කර ගැනීමට අපි සමත්වී සිටිමු.

* 2006-2008 කාලය තුළ පමණක්‌ ගුණාත්මක පළතුරු පැළ 200,000 ක්‌ බෙදාදී ඇති අතර ඉදිරියේ සෑම වසරකම පැළ ලක්‍ෂයක්‌ බැගින් බෙදා දෙන්නෙමි.

* අස්‌වනු නෙළීමේදී එළවළුවලින් විශාල ප්‍රමාණයක්‌ අපතේ යන බැව් මම දනිමි. එළවළු සහ පළතුරු ඇසුරුම් තාක්‌ෂණය තවදුරටත් දියුණු කිරීම මගින් මෙම වගාකරුවන්ගේ ආදායම නැංවීමට කටයුතු කරමි.

* ගොවියා විසින් වෙළෙඳ පොළට ගෙන එන අස්‌වනු නිසි පරිදි අලෙවි කර ගැනීමට නොහැකි වන අවස්‌ථාවලදී ඒවා ඉවත විසි කර යන බවද මෙම දනිමි. එම තත්ත්වය වළක්‌වාලීම සඳහා එළවළු තෙල් නිෂ්පාදන කර්මාන්තශාලා දෙකක්‌ වැලිමඩ සහ නුවරඑළිය ප්‍රදේශවල ස්‌ථාපනය කරමි. පෞද්ගලික අංශයට මෙම කර්මාන්තය සඳහා ප්‍රවේශවීමට අවශ්‍ය නිසි දිරි ගැන්වීම් ලබා දෙන්නෙමි.

පළතුරු සහ එළවළු මාස කීපයක්‌ ආරක්‍ෂා සහිතව තැබිය හැකි ශීතාගාර ක්‍රමයක්‌ ක්‍රියාවට නංවමි. පෞද්ගලික අංශය මම ක්‍ෂේත්‍රය කෙරෙහි වඩ වඩාත් නැඹුරු කර ගැනීම සඳහා අවශ්‍ය ආකර්ශනීය වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක කරන්නෙමි.

අතිරේක භෝග වගාව

මා බලයට පත් වන අවස්‌ථාව වන විට දේශීය වශයෙන් නිෂ්පාදනය කළ හැකි බඩ ඉරිඟු, මුං කව්පි උඳු, තල, කුරක්‌කන්, මිරිස්‌, ලූණු සහ අර්තාපල් වැනි භෝග විශාල වශයෙන් පිටරටින් ආනයනය කිරීම නිසා දේශීය ගොවියාට ඒවා අලෙවි කර ගැනීමට නොහැකි තත්ත්වයක්‌ උදාවී තිබිණි. මෙම ආනයනය සීමා කිරීම නිසා අදගොවියාට ඉතා හොඳ මිලක්‌ මේ වන විට ලබා ගැනීමට හැකිවී තිබේ. මෙම වගාවන් ප්‍රවර්ධනය කිරීමට පියවර ගන්නෙමි.

*  වී මෙන්ම බඩ ඉරිඟු ද සහතික මිලට මිලදී ගෙන ආරක්‍ෂණ තොගයක්‌ පවත්වාගෙන යැමට අවශ්‍ය පියවර ගන්නෙමි.

*  එක්‌ ගමක්‌ - එක්‌ භෝගයක්‌" යටතේ ගැනෙන ගම්මානවල ඒවාට අවශ්‍ය නව තාක්‌ෂණය හා විදේශ වෙළෙඳපොළට ප්‍රවේශ ලබාදීම සඳහා සුළු ගොවි සමාගම් පිහිටුවීමට කටයුතු කරමි.

* කජු, තල්, ඉඟුරු, බුලත්, උක්‌ ඇතුළු අතිරේක භෝග වගාවන් සංවර්ධනය කරමි. මෙම අංශයන්හි නිෂ්පාදකයන්ටද පොහොර සඳහා සහනදායී මිල ක්‍රමයක්‌ හඳුන්වා දෙන්නෙමි.

ක්‍ෂීර විප්ලවය

කිරි ගොවියාට සවිය

රටෙහි ශ්‍රම බළකායෙන් 30% ක්‌ කෘෂි සහ පශු නිෂ්පාදන ක්‍ෂේත්‍රයට අයත් වෙද්දී කිරි සහ කිරි ආශ්‍රිත නිෂ්පාදන ආනයනය කිරීම සඳහා වාර්ෂිකව විදේශ රටවලට ඇදී යන විදේශ විනිමය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටි 30 කට ආසන්නය. පසුගිය කාලවලදී රජයට අයත් කිරි නිෂ්පාදන ආයතන විකුණා දැමීම සහ දේශීය කිරි කර්මාන්තයට දිරි නොදීම මීට හේතුවයි.

* ඉදිරි වසර පහ තුළදී දැනට සිටින 340,000 ක්‌ පමණ වන දේශීය කිරි ගව සම්පත දෙගුණයක්‌ කරමි. ඒ සඳහා දැනටම ආරම්භ කර ඇති කිරි දෙනුන් බෝ කිරීමේ ගොවිපොළ සංඛ්‍යාව ඉහළ නැංවීමට පියවර ගනිමි.

* පශු සම්පත් සංවර්ධන මණ්‌ඩලයේ මූලිකත්වයෙන් රජයේ වතු සමාගම්වලට අයත් වතුවල කිරි දෙනුන් 50,000 ක සංචිතයක්‌ ආරම්භ කරමි.

* සත්ව ආහාර නිෂ්පාදනය ඉහළ දමමි. ඒ වෙනුවෙන් තෘණ වගාව සහ බඩ ඉරිඟු වගාව ව්‍යාප්ත කරමි. කිරි ගොවි සංවිධාන තවත් දිරිමත් කොට එමගින් ගොවීනට අවශ්‍ය සේවාවන් සැපයීම පුළුල් කරමි.

* අවශ්‍ය අතිරේක සතුන් ප්‍රමාණය ආනයනය කිරීම සඳහා නොමුහුන් සහ දෙමුහුන් එළදෙනුන්, එළුවන් සහ බැටළුවන් ආනයනය කිරීමේදී සහ කිරි නිෂ්පාදන සඳහා උපකරණ ආනයනය කිරීමේදී මෙතෙක්‌ පැවැති සියලු බදු ඉවත් කරන්නෙමි.

* නිදහස්‌ උතුරු සහ නැගෙනහිර පළාත්වල මෙම කර්මාන්තය දියුණු කිරීම සඳහා අවශ්‍ය යටිතල පහසුකම් වර්ධනය කරමි. සතුන් ලබා දීම සහ සත්ව ආහාර නිෂ්පාදනය කිරීම දිරි ගන්වන අතර වෙළෙඳ පොළ ද සපයා දෙන්නෙමි. විශේෂයෙන්ම මෙම ප්‍රදේශවල එළුවන් බෝ කිරීමටද මුල්තැන ලබා දෙමි.

* ජාතික පශු සම්පත් මණ්‌ඩලය, මිල්කෝ සමාගම, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව සහ පශු පර්යේෂණ ආයතනය මගින් සපයන සේවාවන් ඉහළ නැංවීම සඳහා එම ආයතනවලට නව තාක්‌ෂණික ක්‍රම හඳුන්වාදී සම්පූර්ණයෙන්ම නවීකරණය කරමි.

* දේශීය සහ නැවුම් කිරි පානය සම්බන්ධයෙන් වන සමාජ ආකල්පවල විශාල වෙනසක්‌ සිදුවිය යුතු බව මගේ විශ්වාසයයි. ඒ සඳහා පාසල් මට්‌ටමේ සිට ඉහළට දැනුවත් කිරීමේ වැඩසටහනක්‌ දියත් කරමි.

සයුරු සම්පත රටේ සමෘද්ධියට

දශක හතරක පමණ කාලයක්‌ මහාද්වීපික තටාකයේ අපේ රටට උරුම ප්‍රදේශ තෝරා ගැනීම සඳහා සිදු වූ පමාවූ ක්‍රියාදාමය එදා මා ධීවර ඇමැතිවරයා ලෙස සිට ආරම්භ කර මා ජනාධිපති වූ විට නිම කර එක්‌සත් ජාතීන්ගේ සංවිධානයට නිසි ලෙස භාරදීමට හැකිවිය. එමගින් අපේ අයිතිය පැහැර හැර ඇති ප්‍රදේශය දැන් රට මෙන් විසි තුන්ගුණයකි. එහි සියලු සම්පත් ඉදිරියේදී ලැබෙන්නේ අපේ දරුවන්ට බව මම සතුටින් සිහිපත් කරමි.

එසේ නමුත් 2005 වන විට අප සතුව පැවතියේ අපට හිමිව තිබූ මුහුදු ප්‍රදේශයෙන්ද 1/3 කි. ත්‍රස්‌තවාදය පරාජය කිරීමත් සමස්‌ත මුහුදු ප්‍රමාණයම භුක්‌ති විඳීමට සියලු ශ්‍රී ලාංකිකයන්ට හැකිවී ඇත.

එබැවින් මෙම මුහුදු සම්පත අපතේ නොහැර එහි උපරිම ප්‍රතිඵල නොවලහා ලබා ගැනීම සඳහා මහින්ද චින්තනයේ ඉදිරිපත් කළ වැඩපිළිවෙළ තවදුරටත් ශක්‌තිමත් කර ඉදිරියට ක්‍රියාවට නංවමි.

* අපේ ධීවරයා නෙළා ගන්නා මත්ස්‍ය අස්‌වැන්න උපරිම කිරීම සඳහා අවශ්‍ය නූතන ක්‍රමවේදයක්‌ හඳුන්වා දෙන්නෙමි. මත්ස්‍ය සහ එළවළු පළතුරු කල් තබා ගැනීම සඳහා මහ පරිමාණ ශීතාගාර 10 ක්‌ ඉදිකරමි.

* ඈත මුහුදේ ගමන් කළ හැකි බහුදින ධීවර යාත්‍රා රට තුළම නිෂ්පාදනය කරමි. ඒ සඳහා දියුණු තාක්‌ෂණය සහ නාවික හමුදාවේ සහයද ලබා ගන්නෙමි.

බහුදින යාත්‍රා සඳහා ලක්‍ෂ 100 කට නොවැඩි සහන පොලී ණය ක්‍රමයක්‌ හඳුන්වා දෙන්නෙමි.

* ඈත දියඹේ ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් සඳහා මවු යාත්‍රා ක්‍රමය හඳුන්වා දෙන්නෙමි. ඒ අනුව ධීවර යාත්‍රා සඳහා අවශ්‍ය ඉන්ධන, ආහාර පාන සපයන මවු යාත්‍රාව මගින් ඈත මුහුදේ ලබා ගන්නා මත්ස්‍ය අස්‌වැන්න නොපමාව වෙරළට රැගෙන ඒමේ කාර්යය ඉටු කෙරෙනු ඇත.

* උතුරේ හා නැගෙනහිර මුහුදු සීමාවේ සාගර සම්පත් නෙළීම ඉදිරි මාස කිහිපය තුළදී වඩා වැඩි වේගයකින් සිදු කෙරෙන විට ධීවර කර්මාන්තය හා බැඳි වෙනත් කර්මාන්තවලටද නව ජීවයක්‌a එක්‌ කෙරෙනු ඇත.

* ඒ අනුව අතිරේක මත්ස්‍ය අස්‌වනු අපතේ යැම වැළැක්‌වීම සඳහා ජාඩි හා කරවල කර්මාන්තයන් නංවා එම නිෂ්පාදනයන් සඳහා දේශීය හා විදේශීය වෙළෙඳපොළ ප්‍රවේශයන් පුළුල් කර දෙන්නෙමි.

* අපේ ධීවරයාගේ මත්ස්‍ය අස්‌වැන්නේ උපරිම ඵල ලබා ගැනීම සඳහා සෘජු පරිභෝජනයට අමතරව මසුන් ටින් කිsරීමේ කර්මාන්තයද දියුණු කළ යුතුය. ඒ සඳහා දේශීය ආයෝජකයන් දිරිගන්වන අතර ඔවුන්ට මෙම කර්මාන්තය සඳහා නිෂ්පාදන උපකරණ ගෙන්වීම සඳහා වන බදු සහන ලබා දෙන්නෙමි.

*  තවමත් මත්ස්‍ය සම්පත් නෙළීමෙන් එහා එතරම් ප්‍රයෝජනයක්‌ නොගන්නා මහ සයුරින් උපරිම ඵල නෙළා ගැනීම සඳහා විශ්ව විද්‍යාල සහ අනෙක්‌ පර්යේෂණ ආයතනවල සහය ලබා ගන්නෙමි. සම්පත් ගවේෂණය සඳහා දියුණු පරිගණක සහ සන්නිවේදන තාක්‌ෂණය භාවිත කරන්නෙමි.

*  කුඩා ධීවරයන් සඳහා වන ඉන්ධන සහනය දිගටම ලබා දෙන්නෙමි.

වැවිලි කර්මාන්තයේ නව පුනරුදයක්‌

තේ, පොල්, රබර් ඇතුළු අනිකුත් නිෂ්පාදන සහ ඒ ආශ්‍රිත කර්මාන්ත ක්‍ෂේත්‍රයේ නව පිබිදීමක්‌ ඇතිවූයේ පසුගිය සිව් වසර කාලය තුළදීය.

විනාශ මුඛයට ඇද දමා තිබු පොල් කර්මාන්තය යළි නඟා සිටුවීම සඳහා පොල් වගා ඉඩම් කට්‌ටි කිරීම නතර කිරීම සඳහා අවශ්‍ය නීති සකස්‌ කිරීමද මෙම ප්‍රතිඵලවලට උපකාරී විය.

කුරුඳු වගාව මෙන්ම ඒ ආශ්‍රිත වටිනාකම් එක්‌ කළ භාණ්‌ඩ ගම්මිරිස්‌, අපනයනය ඇතුළු අනෙකුත් සුළු අපනයන භෝග පිළිබඳවද උනන්දුවක්‌ රට තුළ ඇති කරවන ලදී. එමෙන්ම මහින්ද චින්තනයේ සඳහන් කර ඇති පරිදි දේශීය වටිනාකම එකතු කරමින් අගය වැඩි කළ භාණ්‌ඩ නිෂ්පාදනය සහ අපනයනයට මෙම භෝග වගාවන්හි නියෑලුණු අපේ රටේ දේශීය ව්‍යාපාරිකයන් පරිවර්තනය කළෙමි.

කුඩා වතු හිමියන් තුළ ඉහළ ඵලදායීතාවක්‌ ඇති කරමින් වැවිලි කර්මාන්ත ක්‌ෂේත්‍රයේ ගාමක බලවේගයක්‌ බවට පත්කිරීමට අපි සමත් වූයෙමු. මෙම මාවතේ තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට මම යෝජනා කරමි.

*  තේ මිශ්‍රණය සහ ඇසුරුම් වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකාව තේ අලෙවියේ කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත් කරන්නෙමි.

*  ක්‍ෂණික තේ ප්‍රචලිත කරමින් තවදුරටත් තේ ජනප්‍රිය කරවන ප්‍රතිපත්තිවලට අනුබල ලබා දෙන්නෙමි.

*  තේ, පොල් සහ රබර් ඇතුළු අනෙකුත් අපනයන භෝග වගා සඳහා වැඩි ඵලදායිතාවක්‌ ඇති උසස්‌ ආරයේ පැළ වර්ග හඳුන්වා දෙමි.

*  කෝපි සහ ගම්මිරිස්‌ වැනි කුළුබඩු වර්ග මෙන්ම වෙනත් සාම්ප්‍රදායික නොවන භෝග විදේශ වෙළෙඳ පොළ සඳහා වගා කිරීමට සහ සැකසීමට දිරි දෙන්නෙමි.

*  සියලුම අපනයන භෝග සඳහා සහනාධාර ක්‍රමයක්‌ හඳුන්වා දෙන්නෙමි.

කුරුඳු වගා සංවර්ධනය හා පර්යේෂණය සඳහාත් වැඩපිළිවෙළක්‌ නිර්මාණය කරමි. විශේෂයෙන්ම මෙම ක්‌ෂේත්‍රයේ ඇති ශ්‍රම හිඟය මඟහැරීමට අදාළ පුහුණුව ලබාදීමේ ක්‍රමවේදයක්‌ සකස්‌ කරමි. මෙම කර්මාන්තය සඳහා රාජ්‍ය අනුග්‍රාහකත්වය ලබා දෙන්නෙමි.

*  පසු අස්‌වනු සැකසීම සඳහා අවශ්‍ය නූතන තාක්‌ෂණික උපකරණ දේශීයව නිෂ්පාදනය කර අඩු මිලට ලබා දෙන්නෙමි.

*  සියලු වැවිලි භෝගයන් සඳහා පොහොර සහනාධාරය පුළුල් කරමි.

*  කල්බදු ක්‍රමය යටතේ ක්‍රියාත්මක වන වතු සමාගම්වල ඵලදායීත්වය ඉහළ නංවා ඒවායේ සේවය කරන්නන්ගේ සේවා සුරක්‌ෂිතතාව සහ ආදායම් තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා ජෛව විවිධත්වය සහ ජල සම්පත් සුරැකෙන පරිදි පරිසර හිතකාමීව දිගුකාලීන ආයෝජනයකට යොමු කරවන්නෙමි.

ආ මඟ වඩාත් අධිෂ්ඨානශීලීව පෙරටම

කර්මාන්ත සංවර්ධනය සඳහා හැටේ දශකයේ මුල් භාගයේ සිට ක්‍රියාත්මක කෙරුණේ රාජ්‍ය ආයෝජන පදනම් කරගත් කර්මාන්ත සංවර්ධන ක්‍රමවේදයකි. ඒ යටතේ දේශීය කර්මාන්ත ක්‌ෂේත්‍රයේ මහා පරිමාණ වර්ධනයක්‌ ඇතිවීම ආරම්භ විය.

1977 න් පසු ක්‍රියාත්මක වූ විවෘත ආර්ථික ප්‍රතිපත්තිය යටතේ පුද්ගලික ආයෝජන ප්‍රවර්ධනය තුළින් කර්මාන්ත සංවර්ධනය කිරීමට උත්සාහ කරන ලදී. ඒ යටතේ එතෙක්‌ ගොඩනැඟෙමින් තිබුණු දේශීය ආර්ථික පුනරුදය යටපත් වී විදේශ ආයෝජකයන් රටේ ආර්ථීකය අත්පත් කරගැනීම ආරම්භ විය.

2005 දී මා බලයට පත්වන විට අපේ රටේ කාර්මීකකරණය පත්ව තිබුණේ විපරීතකරණයකටය. ඒ අනුව ඉල්ලීමකින් තොරව අප මත පැටවුණු විජාතික කර්මාන්තකරණය වෙනුවට දේශීය කර්මාන්තකරණය නැංවීම සඳහා මම පියවර ගත්තෙමි.

එහි ප්‍රතිඵලයක්‌ ලෙස ජාත්‍යන්තර තලයට යන මහ පරිමාණ නිෂ්පාදන කර්මාන්තකරුවන් කීපදෙනකු වත් රට තුළ බිහිවීම මට අපමණ සතුටකි. තවදුරටත් එම කර්මාන්තකරුවන් නඟා සිටුවීම සඳහා අවශ්‍ය දිරිය ශක්‌තිය ලබා දෙන්නට ඇප කැපවන අතර ඉදිරි කාලය තුළ එබඳු කර්මාන්තකරුවන් 200 ක්‌ ගොඩනංවන වැඩසටහන ඉදිරියටම ගෙන යන්නෙමි.

ව්‍යවසායක ඉදිරි මඟට දිරි දීමක්‌

*  ආයෝජන මණ්‌ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය, සංචාරක අධිකාරිය, අපනයන සංවර්ධන මණ්‌ඩලය, පරිසර අධිකාරිය සහ මහවැලි අධිකාරිය යන ආයතන හය සම්බන්ධීකරණය කර මෙහෙයවන ආයතනික සහ නීතිමය ව්‍යqහයක්‌ මම ඉතා ඉක්‌මණින් ආරම්භ කරමි. ආයෝජන ඇරැඹීම ප්‍රමාද කරන හෝ කල්ගත වන ක්‍රමවේදයන් අවම කර ගැනීම සඳහා වන ක්‍රියාවලියක්‌ එමගින් වහාම දියත් කරමි.

*  එම ආයතනය මගින් ආයෝජනය සඳහා වන ඕනෑම යෝජනාවක්‌ පිළිබඳ රජයේ අවසන් තීරණය මාස තුනක කාලයක්‌ ඇතුළත ලබාදීමට කටයුතු කරමි. උද්ගත වන සෑම නෛතික සහ ප්‍රායෝගික ගැටලුවක්‌ම විසඳීමේ බලතල ව්‍යාපෘති සඳහා "පහසුකම් සපයන්නා" වශයෙන් මෙම ආයතනික ව්‍යqහයට පවරමි.

*  රුපියල් කෝටි 2500 ක ප්‍රාග්ධනයකින් යුත් ආනයන-අපනයන බැංකුවක්‌ ස්‌ථාපනය කරමි. විදේශ වෙළෙඳ පොළ ජය ගැනීමට වෙර දරන දේශීය ව්‍යවසායකයන්ට මෙමගින් අවශ්‍ය පහසුකම් සපයන්නෙමි.

*  අප රටේ බදු ගෙවන්නන් මුහුණපා සිටින ප්‍රශ්න සහ සංකීර්ණතාවන් හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක්‌ ඉතා ඉක්‌මණින් ක්‍රියාත්මක කරමි. ඒ අනුව පවතින බදු ක්‍රමය සරල කර පුද්ගල ආදායම් බදු අනුපාතය මෙන්ම වැට්‌ බදු හා නිෂ්පාදන බදු අනුපාතයන්ද මෙම වසරේ අයවැයේ සිට පහත දැමීමට කටයුතු කරමි.

*  සංවර්ධනය සඳහා තොරතුරු තාක්‌ෂණය, නැනෝ තාක්‌ෂණය, ඩිජිටල් තාක්‌ෂණය ඇතුළු සියලු ආකාරයේ දැනුම් ධාරාවන් භාවිතයට ගැනීම සඳහා තාක්‌ෂණික ක්‍රමෝපායන මධ්‍යස්‌ථානයක්‌ නිර්මාණය කරමි.

*  ලෝක ආර්ථික අවපාතය හේතුවෙන් සමහර දේශීය ව්‍යාපාර ක්‌ෂේත්‍රයන්හි ඇතිවූ පීඩනයට පත්වූවන්ට සහනයක්‌ ලෙස උගස්‌ කොට ඇති නිශ්චල සහ චංචල දේපොළ වෙන්දේසියට ලක්‌ නොකිරීමට වසර දෙකක කාලයක්‌ ලබා දෙන්නට මම කටයුතු කරමි. එසේ කිරීමෙන් බැංකුවට සිදුවන යම් අලාභයක්‌ ඇත්නම් එම අලාභය පියවීම සඳහා අදාළ බදු සහන ලබා දීමට මම කටයුතු කරමි.

*  ලෝක ආර්ථික අවපාතය හේතුවෙන් වැසී ගිය කර්මාන්ත ශාලා සහ වී මෝල් නැවත විවෘත කර ඒවා වැඩිදියුණු කිරීමට අවශ්‍ය ණය කපාහැරීම් හා අලුත් ණය මුදල් සැපයීම් සඳහා "කර්මාන්ත පුනර්ජීවන අරමුදලක්‌" පිහිටුවමි. බැංකු හා මූල්‍ය ආයතන දිරි ගැන්වීමට මහ බැංකු බැඳුම්කර සහ ප්‍රති මූල්‍ය පහසුකම් සපයන්නෙමි.

*  "රාජ්‍ය අංශයට" සහ "පෞද්ගලික අංශයට" අමතරව "සමුපකාර අංශය" ද සමගාමීව ශක්‌තිමත් කර පුළුල් කිරීමට මෙතෙක්‌ ගෙන ඇති පියවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් සමුපකාර ක්‍රමය මූල්‍යමය වශයෙන් කළමනාකරණ හැකියාවෙන් මෙන්ම වෘත්තීය මට්‌ටමෙන් සංවර්ධනය කරමි. ඉදිරි සංවර්ධන ක්‍රියාවලියේදී මෙම අංශ තුනම එක සමාන "පෙර ගමන්කරුවන්" වශයෙන් ක්‍රියා කරනු ඇත.

*  "මව්බිම දිනවමු" තේමාව යටතේ රටට නව වැඩ සංස්‌කෘතියක්‌ හඳුන්වා දෙමි. එමගින් කාර්යක්‍ෂමතාව සහ ඵලදායීත්වය ඉදිරි හය වසර තුළදී 50% කින් ඉහළ නංවමි.

*  කර්මාන්ත ක්‌ෂේත්‍රයේ වර්ධනයට ප්‍රවීණ බුද්ධිමතුන් ගෙන් යුත් කාර්ය සාධන බලකායක්‌ පිහිටුවමි.

සංචාරක කර්මාන්තය

*  සංචාරක කර්මාන්තය සඳහා කඩිනම් සංවර්ධන වැඩසටහනක්‌ හඳුන්වා දෙන්නෙමි. ඒ යටතේ 2016 වර්ෂය වන විට වසරකට සංචාරකයන් ලක්‍ෂ 25 ක්‌ මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය වන යටිතල පහසුකම් සහ අනෙකුත් අවශ්‍යතා සපුරාලන වැඩපිළිවෙළක්‌ දියත් කරන්නෙමි.

*  හෝටන්, සංචාරක නිවස්‌න සහ නිවාඩු නිකේතන නවීකරණය කර ගැනීම සඳහා මධ්‍ය පරිමාණයේ ව්‍යාපාරිකයන්ට රුපියල් කෝටි 10 ක්‌ දක්‌වා වන ණය මුදලක්‌ ලබා ගත හැකි මූල්‍ය ක්‍රමවේදයක්‌ සකසන්නෙමි.

*  තරු හතේ හෝටල් ආරම්භ කිරිම සඳහා කීර්තිමත් හෝටල්කරුවන්ට ආරාධනා කරමි.

*  ආයෝජන මණ්‌ඩලයේ මග පෙන්වීම යටතේ අලුතින් හෝටල් කාමර 50,000 ඉදිකිරීම සඳහා පෞද්ගලික අංශය දිරිමත් කරමි.

*  හෝටල් කර්මාන්තයට අදාළ උපකරණ නිෂ්පාදනය සඳහා දේශීය කර්මාන්තකරුවන්ට අවශ්‍ය පහසුකම් සපයා දෙන්නෙමි. සංචාරකයන්ට පහසු මිලට ලබා ගත හැකි සුවපහසු සහිත කුඩා

නිවාස ආරම්භ කිරීම සඳහා සංචාරක ප්‍රදේශවල වෙසෙන අයට අවස්‌ථාව සහ දිරිදීම් සපයන්නෙමි.

*  200 ක්‌ පමණ දෙනාට එකවර ප්‍රතිකාර ලැබිය හැකි දේශීය ආයුර්වේද මධ්‍යස්‌ථාන 4 ක්‌ ප්‍රධාන සංචාරක ප්‍රදේශවල ඉදිකිරීම සඳහා එම අංශයේ යෙදෙන්නන්ට ආධාර සපයන්නෙමි.

*  කෘෂිකර්මය පදනම් කර ගත් සංචාරක කර්මාන්තය සහ පරිසර හිතකාමී සංචාරක කර්මාන්තය නැංවීමට මුල් තැන දෙන අතර ඒ සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ ගොවිපොළ යොදා ගන්නෙමි.

*  ජපානය, තායිලන්තය වැනි රටවලින් පැමිණෙන ආගමික සංචාරක කර්මාන්තය ඉහළ නැංවීම සඳහා සියලුම බෞද්ධ සිද්ධස්‌ථාන වැඩි දියුණු කරමි. ආසියාවට විශේෂිත වූ සංස්‌කෘතික වැදගත්කමකින් යුත් සංචාරක මධ්‍යස්‌ථානයක්‌ මෙරට පිහිටුවමි.

ඇඟලුම් කර්මාන්තය

*  ඇඟලුම් කර්මාන්තය සඳහා නව වෙළෙඳපොළ හඳුන්වා දෙන්නෙමි. ඒ තුළින් ඇඟලුම් අපනයන අගය 2016 වන විට දෙගුණ කිරීම සඳහා සියලු කටයුතු සකස්‌ කරමි.

*  මෙම ක්‍ෂේත්‍රයේ තිස්‌වසරක්‌ තිස්‌සේ අප සතු උසස්‌ ප්‍රාගුණ්‍යය භාවිත කොට තත්ත්වයෙන් උසස්‌ නිමි ඇඳුම් නිර්මාණය කරන්නන්ට අවශ්‍ය උපරිම සහාය ලබා දෙන්නෙමි.

*  සංචාරකයින් සඳහා යොමුවුණු නවීන සුපිරි ඇඟලුම් වෙළෙඳ මධ්‍යස්‌ථාන දෙකක්‌ කොළඹ සහ කටුනායක ආරම්භ කරමි.

දේශීය ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ පිබිදීම

පසුගිය කාලය තුළ මහත් වර්ධනයක්‌ අත්පත් කරගත් ක්‍ෂේත්‍රයක්‌ ලෙස හැඳින්විය හැක්‌කේ ඉදිකිරීම් කර්මාන්තයයි. රට පුරා සිදුවුණු ඉදිකිරීම්වල දී මුල් තැන ලබා දුන්නේ දේශීය ඉදිකිරීම් කර්මාන්ත කරුවන්ටය.

යුද්ධය නිමා වීම නිසා සංචාරක කර්මාන්තයට පුනර්ජීවනයක්‌ ලැබෙමින් පවතී. සංචාරක කර්මාන්තය සඳහා හෝටල් කාමර 50,000 කින් පමණ සමන්විත හෝටල් පද්ධතියක්‌ ඉදිකිරීමට සැලසුම් කර තිබීම නිසාත් ජාතික සහ පළාත් මහ මාර්ග සියල්ලේම ඉදිකිරීම් සහ ප්‍රතිසංස්‌කරණ කඩනමින් සිදුකර අවසන් කිරීමට තීරණය කර ඇති නිසාත් පානීය ජල සම්පාදන යෝජනා ක්‍රම රැසක්‌ ඉදිකිරීම නිසාත් විදේශ ආධාර ද සහිතව නිවාස ලක්‍ෂ 6 ක්‌ පමණ අලුතින් ඉදිකිරීමට සැලසුම් කර ඇති නිසාත් දේශීය ඉදිකිරීම් කර්මාන්තයට නව යුගයක්‌ උදා වනු ඇත.

*  විදේශ තරගකරුවන්ගෙන් ඇති වන අහිතකර බලපෑම වැළැක්‌වීම සඳහා රජයේ සියලු ඉදිකිරීමේ කටයුතුවලට 15% ක ආරක්‍ෂණයක්‌ දේශීය ඉදිකිරීම් කර්මාන්තකරුවන්ට ලබා දෙන්නෙමි.

*  දේශීය ඉදිකිරීම් කර්මාන්තයේ නියෑලෙන අයට ඉදිකිරීම් ව්‍යාපෘති ලබා ගැනීමට ආධාරවනු පිණිස විශේෂ බැංකුවක්‌ කර්මාන්තකරුවන් සඳහා හඳුන්වා දෙන්නෙමි.

*  මෙම කර්මාන්තයට අහිතකර ලෙස බලපා ඇති වක්‍ර බදු සියල්ල සරල කර අඩු බදු අනුපාතයක්‌ හඳුන්වා දෙන්නෙමි.

දැව හා ලී බඩු නිෂ්පාදන කර්මාන්තය

*  මෙම ක්‍ෂේත්‍රයේ නිෂ්පාදකයින් දැව හා දැව භාණ්‌ඩ ප්‍රවාහනය කිරීම, තාක්‌ෂණය, ආදේශක භාණ්‌ඩ මගින් එල්ල වන අභියෝග හා වෙළෙඳපොල ඇතුළු දැව හා ලී බඩු නිෂ්පාදකයන් මුහුණ පා සිටින ගැටලු අවම කිරීම සඳහා සම්බන්ධව ඇති නීති රීති විධිමත් කිරීමට පියවර ගනු ලැබේ.

ස්‌වර්ණාභරණ කර්මාන්තය

* ස්‌වර්ණාභරණ නිෂ්පාදනය සඳහා රත්තරං මිලදී ගැනීමේදී සහ මැණික්‌ සහ ස්‌වර්ණාභරණ කර්මාන්තයේ යෙදෙන්නන් මුහුණ දෙන ප්‍රශ්න සම්බන්ධයෙන් පූර්ණ ඇගයීමක්‌ කොට එම ප්‍රශ්න නිරාකරණය කිරීමට කටයුතු කරන්නෙමි.

අනෙකුත් ප්‍ර්‍රධාන කර්මාන්ත

*  සහල් පලතුරු සහ එළවළු මත පදනමේ වන නව දේශීය ආහාර කර්මාන්ත ශාලා 25 ක්‌ ඉදි කොට දේශීය අවශ්‍යතාවෙන් 75% සම්පූර්ණ කර ගැනීමටත් 2016 වන විට වසරකට අපනයනය හරහා ඩොලර් කෝටි දසදහසක විදේශ විනිමයක්‌ උපයා ගැනීමටත් කටයුතු කරමි.

*  සීනි කර්මාන්තශාලා දෙකක්‌ අලුතින් ආරම්භ කිරීම සඳහා දැනට භාවිතයට නොගන්නා අක්‌කර 25000 ක පමණ බිම් ප්‍රමාණයක්‌ උක්‌ වගාව සඳහා ලබා දෙන්නෙමි. එමගින් 2016 වන විට රටේ සීනි අවශ්‍යතාවෙන් 75% ක්‌ නිෂ්පාදනය කරන්නට කටයුතු කරමි.

*  කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලේ සිමෙන්ති කර්මාන්තශාලා දෙක සංවර්ධනය කර සිමෙන්ති අවශ්‍යතාවෙන් 75% ක්‌ රට තුළම නිපදවන්නට අවශ්‍ය සියලු කටයුතු දියත් කරන්නෙමි.

*  පරන්තන් ඇතුළු විවිධ ප්‍රදේශවල රසායන කර්මාන්තශාලා ආරම්භ කරන්නෙමි.

*  ලුණු කර්මාන්තය සංවර්ධනය කරන අතර ඒ හා බැඳුණු රසායන කර්මාන්ත සංවර්ධනයට අවශ්‍ය සියලු දිරිදීම් සිදු කරමි.

සුමක ව්‍යාපාරිකයන්

විසල් අරමුණු කරා යා හැක්‌කේ අපේ නැගී එන ව්‍යාපාරිකයන් ආරක්‌ෂා කොට ඉදිරියට යැමට දිරි දීමෙන් පමණි. ඒ සඳහා අවශ්‍ය සියලු පහසුකම් දේශීය මධ්‍ය සහ කුඩා ව්‍යාපාරිකයන්ට ලබාදීමට අවශ්‍ය පියවර ගන්නෙමි.

*  සෑම වසරකදීම කුඩා ව්‍යාපාරිකයන් 5000 ක්‌ මධ්‍ය පරිමාණ මට්‌ටමකටද මධ්‍ය පරිමාණ ව්‍යවසායකින් 200 ක්‌ මහා පරිමාණ මට්‌ටමකටද ගෙන යැමේ ක්‍රියාවලියක්‌ 2010 පටන් ක්‍රියාත්මක කරන්නෙමි.

*  සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාරවලට සහන පොලිය යටතේ රුපියල් ලක්‍ෂ 100 ක්‌ දක්‌වා සහන ණය මුදලක්‌ ලබාදෙමි.

*  දේශීය ව්‍යවසායකත්වය දිරි ගැන්වීම සඳහා සෑම දිස්‌ත්‍රික්‌කයකම කුඩා සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්ව මධ්‍යස්‌ථාන පිහිටුවීමට වැඩ පිළිවෙළක්‌ දියත් කරන්නෙමි.

*  නිෂ්පාදන අලෙවිය පහසු කරවීම සඳහා පළාත් පාලන ආයතන මට්‌ටමින් නව අලෙවි මධ්‍යස්‌ථාන 100 ක්‌ වසර දෙකක්‌ ඇතුළත ගොඩනංවන්නෙමි.

*  හස්‌ත කර්මාන්ත ශිල්පීන්ගේ කර්මාන්ත ආරක්‍ෂා කිරීම සඳහා ශිල්ප අත්කම් ගම්මාන පිහිටුවීමට කටයුතු කරමි.

*  හස්‌ත කර්මාන්තකරුවන් ගේ ශිල්ප හුවමාරු ක්‍රමයක්‌ ඇති කරමි.

*  ස්‌වයං සේවා සැපයීම්වල යෙදෙන ශිල්පීය කොටස්‌වලට අයත් සැමට රක්‌ෂණ ක්‍රමයක්‌ හඳුන්වාදී ඔවුන්ගේ අනාගතය සුරක්‍ෂිත කරමි.

රටට බරක්‌ නැති වීරියවන්තයන්ට අතහිත

ගම් මට්‌ටමේ සිට නගරය දක්‌වා විශාල පිරිසක්‌ තම දෑතේ වෙර වීරියෙන් ජීවිතය ගොඩ නගා ගන්නා බව මම දනිමි. මේ පිරිස හැම විටම එදිනෙදා ජීවිකාව ගැන විනා අනාගත දියුණුවක්‌ ගැන නොසිතන මානසික මට්‌ටමෙන් මුදාගත යුතුව ඇත. ඒ සඳහා අවශ්‍ය වටපිටාව මම සකස්‌ කර දෙන්නෙමි.

*  දෛනික පදනම් මත එදිනෙදා ජීවිකාව ගොඩනගන්නා කුඩා පරිමාණයේ වෙළඳුන්, සංචාරක වෙළෙඳුන් වෙනත් සේවා සහ ස්‌වයං රැකියාවල යෙදෙන පිරිස්‌වල ජීවනෝපායේ සුරක්‍ෂිතතාවය තහවුරු කිරීමටත්, ඔවුන්ට අවශ්‍ය වෙනත් සේවා සැපයීම සඳහාත්, "දෛනික ස්‌වයං රැකියාකරුවන්ගේ කාර්යාංශයක්‌" ආරම්භ කරන්නෙමි.

*  මෙම ස්‌වයං රැකියාලාභීන් අතරේ දැනට ක්‍රියාත්මක ඉතා ඉහළ දෛනික පොළී පදනම මත ප්‍රතිපාදන සපයා ගැනීමේ ක්‍රමය වෙනුවට, මාසික අඩු පොළී පදනමක්‌ මත දිනපතා මුදල් සැපයෙන සහ අයකර ගනු ලබන බැංකු ක්‍රමයක්‌ නොපමාව හඳුන්වා දෙන්නෙමි.

*  ස්‌වයං රැකියා නියුක්‌තිකයන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීම පහසු කරනු පිණිස සුළු වෙළඳුන්ට විශේෂිත වූ ආර්ථික මධ්‍යස්‌ථානයක්‌ සෑම නගරයකම ජනාකීර්ණ ප්‍රදේශවල ස්‌ථාපනය කරන්නෙමි.

සාහිත්‍ය කලාවේ, ප්‍රාසාංගික වේදිකාවේ ප්‍රබෝධයේ සුවිසල් යුගයක්‌

උසස්‌ වින්දනයක්‌ ඇති තැනැත්තා නිවුණු මනසින් ලෝකය දකින්නෙකි. කිසියම් රටක ඇති කලාව සහ සංස්‌කෘතිය විසින් ද එම සමාජයේ අතීත ශ්‍රී විභූතිය මෙන්ම අනාගතය සඳහා පෙරමගද කියන්නෙමි. රටවල් ගෝලීය සංස්‌කෘතිය සමග බද්ධවීමේ වේගය වැඩි වන විට බොහෝ දෙනා කල්පනා කරනු ලැබුවේ ඒ ඒ රටවලට ආවේණික සංස්‌කෘතීන් සහ කලාවන් අභාවයට යනු ඇති බවය. එහෙත් බොහෝ විට සිදුවන්නේ දේශීය සංස්‌කෘතීන් තව තවත් ශක්‌තිමත් වීමය. ලෝකයේ ඉතා විශිෂ්ටතම සංස්‌කෘතියකට උරුමකම් කියන රටක නායකයා ලෙස කලාවේත් සංස්‌කෘතියේත් චිරජීවනය සහ සුරක්‍ෂාව සඳහා මම නිබඳව කැප වන්නෙමි.

මහින්ද චින්තනයේ එන උසස්‌ සංස්‌කෘතික ජීවිතයක්‌ අත්පත්කර දීමේ අරමුණ ක්‍රියාවට නැංවීම සඳහා "ජාතික සංස්‌කෘතික නියාමන මණ්‌ඩලයක්‌" පත් කරමි. ඒ සඳහා එම ක්‍ෂෙත්‍රයේ ප්‍රවීණයන් පත් කරන්නෙමි.

*  සියලු කලා මාධ්‍යයන්ගේ නිසි ප්‍රමිතීන් ඇති කිරීමට සහ දියුණුව ඇති කිරීම සඳහා ජාතික සංස්‌කෘතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කරමි.

*  දේශීය කලාවන් හා පාරම්පරික ශිල්ප ක්‍රම ජාත්‍යන්තර තත්ත්වයට ගෙන යැම සඳහා අවශ්‍ය දිරි ගන්වන වැඩ සටහනක්‌ සකසමි.

*  දේශීය තරුණ නිර්මාණකරුවන් සඳහා වෙනමම අධිකාරියක්‌ පිහිටුqවමි.

*  සියලුම කලාකරුවන් සඳහා ජීවිත රක්‌ෂණ ක්‍රමයක්‌, සෞඛ්‍ය රක්‌ෂණ ක්‍රමයක්‌ මෙන්ම ඔවුන්ගේ දායකත්වයද සහිත විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ ආරම්භ කරමි.

*  ප්‍රාසාංගික කලාව, ටෙලි නාට්‍ය කලාව සහ චිත්‍රපටි කලාව වැනි අංශයන්වලට අදාළ දැනුම මෙන්ම පුහුණුවක්‌ ලබාදීම සඳහා පළාත් මට්‌ටමෙන් පුහුණු ආයතන ස්‌ථාපනය කරමි.

*  පිළිගත් සම්මාන උළෙලවලදී ජාත්‍යන්තර සම්භාවනාවට පාත්‍රවන නිර්මාණවලට සහ නිර්මාණකරුවන්ට මුදල් ත්‍යාග සහ සම්මාන පිරිනැමීමේ වැඩසටහනක්‌ අරඹමි.

*  පොත පත කියවීම සමාජය තුළ ව්‍යාප්ත කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙළක්‌ ආරම්භ කරමි. උසස්‌ ගණයේ සාහිත්‍ය සහ විෂය දැනුම ආශ්‍රිත පොතපත රජය විසින් මිලට ගෙන මුද්‍රණය කොට පහසු මිලට මහජනතාව අතර බෙදා හැරීම සඳහා ජාතික ග්‍රන්ථ ප්‍රකාශන වැඩපිළිවෙළ නැවත ආරම්භ කරමි.

*  සියලුම සංස්‌කෘතික උරුමයන් හානියට පත් වන්නට නොදී ආරක්‍ෂා කර ගැනීම සඳහා ඉදිරිපත් වන දේශීය ආයතන සහ ආගමික සිද්ධස්‌ථානවලට අවශ්‍ය ආධාර සැපයීමේ වැඩසටහනක්‌ නොපමාව ආරම්භ කරමි.

නූතන ජනමාධ්‍ය ප්‍රවේශයක්‌

වර්තමානයේ ජනමාධ්‍යවේදය නූතන සන්නිවේදනයේ දියුණුව විසින් අතික්‍රමණය කරනු ලැබ ඇත. අන්තර්ජාලය, චන්ද්‍රිකා තාක්‌ෂණය ඇතුළු අති නවීන තොරතුරු තාක්‍ෂණික ක්‍රමවේදයන් හරහා තොරතුරු රැස්‌ කිරීම සහ බෙදා හැරීම කඩිනම් කර තිබේ. එහි නිසි ඵල ලැබීම සඳහා ලංකාවේ කිසිදු ජනමාධ්‍ය ආයතනයකට හෝ ජනමාධ්‍යවේදියකුට කිසිදු බාධාවක්‌ සිදු නොවන ලෙස කටයුතු කළ අතර දේශපාලන පක්‍ෂ ආගමික හෝ භාෂාමය සංවිධාන විසින් අයදුම්කර තිබූ මාධ්‍ය බලපත්‍ර සීමා පැනවීමකින් තොරව ලබාදීමෙන් ඒ බැව් සනාථ වේ. විවේචන හෝ එම මාධ්‍ය භාවිතය සම්බන්ධයෙන් පසුගිය රජයන්හිදී මෙන් කිසිදු පාලන කොන්දේසියක්‌ නොපැනවූවෙමි. මගේ විශ්වාසය නම් හුදු දේශපාලන එදිරිවාදිකම් වෙනුවෙන් මාධ්‍ය භාවිත කරනවා වෙනුවට රටේ කීර්තිනාමය, සංවර්ධනය, ජාතිකත්වය සහ සමාජ සදාචාරයට හානි නොවන අයුරින් කටයුතු කිරීම. ස්‌වපාලනයෙන්ම කළ යුත්තක්‌ බවයි. එබැවින් දියුණු මාධ්‍ය සදාචාරයක්‌ සඳහා මගේ පිළිවෙත නම් සියලු මාධ්‍යවේදීන් දැනුමෙන් සහ අත්දැකීමෙන් සන්නද්ධ කිරීමයි.

ශ්‍රී ලංකාව ලෝකයේ අපකීර්තිමත් රාජ්‍යයක්‌ ලෙස හුවා දැක්‌වීම සඳහා විවිධ වුවමනා එපාකම් මත පවත්වාගෙන යනු ලබන ලෝක ජනමාධ්‍ය ක්‍රියාවලිය වෙනුවට රටේ කීර්තිය ඉහළින් ඔසවා තබනු පිණිස හා සත්‍ය තොරතුරු ලෝකයට ගෙන යැම සඳහා ප්‍රමුඛතාව දෙන යාන්ත්‍රණයක්‌ සකස්‌ කරමි.

*  රටේ ජාතික සංවර්ධන ක්‍රියාවලියේදී මාධ්‍යවේදීන්ගේ අදහස්‌ යෝජනා මෙන්ම දෙස්‌ විදෙස්‌ සංවර්ධන තොරතුරු හා දැනුම නිරන්තරයෙන් ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීම සඳහා අවශ්‍ය කරනු ලබන පහසුකම් වෙනුවෙන් රාජ්‍ය අනුග්‍රහය ලබාදෙන්නෙමි.

*  ජනමාධ්‍යවේදීන්ගේ දැනුම හා තාක්‍ෂණික හැකියාවන් වර්ධනය කිරීම සඳහා ජාතික ජනමාධ්‍ය උසස්‌ අධ්‍යාපන ආයතනයක්‌ ආරම්භ කරමි.

* ජනමාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර දැනුම සහ අත්දැකීම පුළුල් කර ගැනීම සඳහා ජනාධිපති අරමුදල යටතේ ශිෂ්‍යත්ව ක්‍රමයක්‌ ඇතුළත් කරමි.

* වෘත්තීය ජනමාධ්‍යවේදීන්ට අවශ්‍ය කරනු ලබන කැමරාවක්‌ පරිගණකයක්‌ මෙන්ම ගමන් පහසුව සඳහා මෝටර් සයිකලයක්‌ ලබාදීම සඳහා තීරු බදු සහන යටතේ කටයුතු කරන අතරම වසර 15 කට නොඅඩු වෘත්තීමය පළපුරුද්දක්‌ හා අත්දැකීමක්‌ ඇති අයට තීරු බදු සහන යටතේ වාහනයක්‌ ලබාදීමට කටයුතු කරන්නෙමි.

*  මාධ්‍යවේදීන් සඳහා කොළඹට ආසන්න ප්‍රදේශයක නව නිවාස යෝජනා ක්‍රමයක්‌ ආරම්භ කරමි.

*  මාධ්‍යවේදීන්ගේ විශ්‍රාම වැටුප් ක්‍රමය මෙම වසරේ සිට ක්‍රියාත්මක කරමි.

මිනිසුන් හැර යන රටක්‌ වෙනුවට පැමිණෙන රටක්‌

එතෙර වෙසෙන්නන් මවුබිමේ සහායට

අපේ රටේ ඇත්තන් රට හැර යන ගමන් සාහිත්‍ය ඇරඹෙන්නේ යටත් විජිත අවධියේදීය. බ්‍රිතාන්‍යයන්ගේ ආර්ථික කටයුතු සමග අනුගත වී අත්පත් කරගත් ආර්ථික සමෘද්ධිය මගින් බ්‍රිතාන්‍ය පරිපාලන ව්‍යqහයට ඇතුල්වීම සඳහා උසස්‌ අධ්‍යාපනය හැදෑරීමට එංගලන්තයට යෑවූහ. ඉන් පසුව ඉහළ සමාජ පන්තියේ මෝස්‌තරයක්‌ ලෙස පැවති රට හැරයැම මහා ප්‍රවාහයක්‌ බවට පත් වන්නේ උතුරු නැගෙනහිර පලාත්වල ත්‍රස්‌තවාදී ගැටුම් ආරම්භ වීමත් සමගය. 1983 කළු ජුලිය විසින් අතිවිශාල දමිළ ජනතාවක්‌ රටින් නෙරපා හැරීමට බලපෑ අයුරින්ම 1987-89 කාලයේ පැවැති ජ. වි. පෙ. විසින් මෙහෙය වූ භීෂණ සමය මගින් ඒ හා සමාන පිරිසක්‌ දකුණෙන් නෙරපා හරින ලදී. තිස්‌ වසරක්‌ තිස්‌සේ ගැටුම් අඛණ්‌ඩව පැවතීම නිසාත් පෙර පරම්පරාවල දරුවන් හා උසස්‌ අධ්‍යාපනය සඳහා විදේශගත වූවන් නැවත නොපැමිණි පිරිස මිලියන දෙකකට ආසන්නය.

කෙසේ නමුත් ලෝකයේ ප්‍රධාන නගරවල නගර නිර්මාණ කාර්යයේ සිට අභ්‍යවකාශ තරණය දක්‌වා වන සියලු ක්‍ෂෙත්‍රයන්හි ශ්‍රී ලාංකික විශේෂඥයන් හා බුද්ධිමතුන් සේවය කරන බව මම දනිමි. දැන් ඔවුනට නැවත මවු රට පැමිණ රටේ සංවර්ධනයට දායකවීමට කාලය එළඹ තිබේ.

*  චීනය, ඉන්දියාව ඇතුළු ලෝකයේ බොහෝ රටවල් තම සංවර්ධන මාවතේ තීරණාත්මක සංධිස්‌ථානය පසු කිරීම සඳහා වෙනත් රටවල ජීවත් වන ස්‌වදේශීය බුද්ධිමතුන්ගේ සහාය ලබා ගෙන තිබේ. මම ද එම ආදර්ශය අනුව යමි. ඔබ සැමට ලංකාවට පැමිණ මේ තීරණාත්මක හැරවුම් ලක්‍ෂයේදී මවු බිමට සේවය කරන්නට යෑයි මම ආරාධනා කරමි.

*  විදේශගතව ජීවත්වන ප්‍රජාවේ ගැටලු හඳුනාගෙන ඒවා නිරාකරණය කිරීම සඳහාත්, මෙරටට පැමිණ ජීවත්වීම සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කිරීම සඳහාත් විදේශගතව ජීවත්වන්නන් වෙනුවෙන් වෙනම කාර්යංශයක්‌ පිහිටුවමි.

*  අවුරුදු 5 කට වඩා වැඩි කාලයක්‌ එසේ ජීවත් වූ හා දේශීය බැංකුවලට මුදල් එවා ඇති සැමට තමන් එරට පාවිච්චි කළ වාහනය හෝ තීරුබදු සහන යටතේ වාහනයක්‌ ආනයනය කිරීම සඳහා බලපත්‍රයක්‌ ලබා දෙන්නෙමි.

*  විදෙස්‌ රටවල ජීවත් වන ශ්‍රී ලාංකිකයන් එම රටේ පුරවැසිභාවය ලබා ගැනීමෙන් අනතුරුව නැවත ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය අයදුම් කිරීමේදී අය කරන මුදල 50% කින් අඩු කරමි.

*  විදෙස්‌ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන්ට අවශ්‍ය ගමන් බලපත්‍ර ඇතුළු අනිකුත් අත්‍යාවශ්‍ය ලියකියවිලි ලබා ගැනීමේදී පවතින සංකීර්ණ ක්‍රියාවලිය ලිහිල් කොට එම කටයුතු වේගවත් කිරීමට කටයුතු කරන්නෙමි.

*  ආයෝජන සඳහා මෙම ලාංකිකයන් දේශීය බැංකුවලට එවන විදේශ මුදල් සඳහා ආකර්ශනීය ප්‍රසාද දීමනා ක්‍රමයක්‌ සකස්‌ කිරීමට මහබැංකුවට පවරමි.
 

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.