සංස්‌කරණය : නාරද නිශ්ශංක

වසර 63 ක හෙළ සිනමා ඉතිහාසයේ
සැබෑ නොවූ සිහිනය චිත්‍රපට සංරක්‍ෂණාගාරය


ජනවාරි 21 වැනිදාට සිනමාවට වසර 63 යි

ජයන්ත ධර්මදාස

ජාතික චිත්‍රපට සංස්‌ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා චිත්‍රපට සංරක්‍ෂණාගාරයක අවශ්‍යතාව ඔහු සංස්‌ථාවට පත් වූ මුල් යුගයේ සිට අවධාරණය කළ පුද්ගලයෙකි. මේ නිසා වත්මන් පාලන සමයේ ඔහු වරෙක ලංකාවේ චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ පිහිටුවීම සඳහා අවශ්‍ය කරුණු සොයා බලා වාර්තාවක්‌ ලබා ගැනීම ප්‍රවීණ සිනමාකරුවකු වූ ධර්මසේන පතිරාජයන්ව ඉන්දියාවට යෑව්වේය. ඒ අනුව චිත්‍රපට සංරක්‍ෂණාගාර නරඹා පතිරාජයන් වාර්තාවක්‌ ද පිළියෙළ කර චිත්‍රපට සංස්‌ථාවට බාර දුන්නේය. අන්තිමේ සංස්‌ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතාට සිදුවී ඇත්තේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩාවැටීම වැනි වැඩකි. එම සංචාරය අනුමැතියකින් තොරව ගිය බව පවසමින් මීට පෙර සංස්‌කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තැනැත්තා එම සංචාරයට වැය වූ මුදල් අනුමත කිරීම ප්‍රතික්‍ෂේප කර තිබේ. අන්තිමේ ඊට වැය වූ මුදල ජයන්ත ධර්මදාස මහතාට තම පෞද්ගලික මුදලින් ගෙවන්නට සිදුවිය.

තිස්‌ස නාගොඩවිතාන

"චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ නිසි ලෙස හදනවා නම් ඊට වඩාත් කැමැති කෙනෙක්‌. මොකද මම පැරණි චිත්‍රපටවල ඉමහත් ආදරයක්‌ දක්‌වන කෙනෙකු නිසා. මම මිලදී ගෙන තිබෙන චිත්‍රපට වැඩි ප්‍රමාණයක මට ඇත්තේ රූපවාහිනී ප්‍රදර්ශන අයිතිය පමණයි. නමුත් මට අයිති චිත්‍රපට යම් ප්‍රමාණයක්‌ තිබෙනවා. චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ හදනවා නම් ඊට අයිති චිත්‍රපට පිටපත බැගින් වුව මම දෙනවා. ඒවගේ වටිනාකමට අදාළ ගෙවීමක්‌ මට ලැබුණොත්. ඉන්දියාව වගේ රටවල අදාළ නිෂ්පාදකවරුන්ගෙන් සංරක්‍ෂණාගාරය චිත්‍රපට පිටපත් මිලදී ගෙන සුරකිනවා. රූපවාහිනී ප්‍රදර්ශන අයිතිය තිබෙන චිත්‍රපට නම් ඊට දීමට මට බලයක්‌ නැහැ. ඒවා ඒවායේ අයිතිකරුවන්ගෙන් අවසර ගත යුතුයි. කෙසේ වෙතත් අපේ චිත්‍රපට අනාගත පරපුරට සංරක්‍ෂණය කළ යුතුයි කියන මතයේ මම හැමදාම ඉන්න කෙනෙක්‌.


චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ නොමැතිකමින් අද පරපුරට දැකගන්නට නොමැති "සුර චෞරයා" චිත්‍රපටයේ රූප රාමුවක ගාමිණී සහ සන්ධ්‍යා රඟපෑ අවස්‌ථාවකි.

ප්‍රථම සිංහල චිත්‍රපටය කඩවුණු පොරොන්දුව හි රගපෑ එඩී - රුක්‌මණී (මෙම චිත්‍රපටයද අද නරඹන්නට අංගසම්පූර්ණ පිටපතක්‌ නැත)

ඉතිහාසය වනසා දැමීම තරම් මතු පරපුරට කරන තවත් අපරාධයක්‌ නොමැති තරම්ය. මේ අපරාධය අපේ ජාතික සිනමාව කෙරෙහි ද සිදුවෙමින් පවතින්නේ මෑතක සිට නොවේ. ශ්‍රී ලාංකේය සිංහල සිනමා වංශ කතාවට මෙම 21 වැනිදාට වසර 63 ක්‌ සම්පූර්ණ වෙයි. එහෙත් මෙම වසර 63 ක ඉතිහාසය මතු පරපුරට අද ආරක්‍ෂා වී ඇත්ද?

අපේ සිනමාවේ එදා මෙදාතුර තිරගත වූ සිනමා සිත්තම් මතු පරපුරට දැක බලා ගන්නට ආරක්‍ෂා කරනු සඳහා ජාතික චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ ඉදිකර දෙන ලෙස සිනමා මාධ්‍යයට ලැදි විද්වතුන් පෙන්වා දුන්නේ මෙයට දශක පහකටත් පෙර සිටය.

ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌, ඩී. බී. නිහාල්සිංහ, කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා, මහාචාර්ය සුනිල් ආරියරත්න, තිස්‌ස අබේසේකර, ධර්මසේන පතිරාජ, ගාමිණී ෆොන්සේකා වැනි සිනමාවේදීන් වරින්වර මේ උදෙසා කළ ඉල්ලීම් අපි වරින් වර "දිවයින" සිනමා කලා සංග්‍රහය මගින් අනාවරණය කළෙමු.

චිත්‍රපට සංරක්‍ෂණාගාර අප අසල්වාසී ඉන්දියාවේ මෙන්ම ලෝකයේ සෙසු රටවල ආරම්භ කර ඇත්තේ බොහෝ කලකට පෙරය. අපේ රටේ චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ පිහිටුවිය යුතුය යන යෝජනාව 1962 පළමු වරට පත් කෙරුණු චිත්‍රපට කර්මාන්තය පිළිබඳ සොයා බැලූ පළමු චිත්‍රපට කොමිෂන් සභා වාර්තාවෙන් ද පෙන්වා දී තිබිණි.

නමුත් ඒ යෝජනාව ක්‍රියාත්මක නොවීමේ හේතුවෙන් අපේ සිනමාවේ ප්‍රථම කතානාද චිත්‍රපටය වූ "කඩවුණු පොරොන්දුව" (1947 ජනවාරි 21 දා මුල්වරට තිරගත වූ) දා සිට තවත් බොහෝ සිනමා කෘති අද ජාතියට අහිමි වී ගොසිනි. ඇතැම් චිත්‍රපටයක ඇත්තේ කොටස්‌ කිහිපයක්‌ පමණි.

තවද කඩවුණු පොරොන්දුව හා දෙවන සිංහල චිත්‍රපටය වූ "අශෝකමාලා" හි පිටපත් දෙකක්‌ කොළඹ ගරාවැටුණු සිනමාහලක අබලන් වැසිකිළි කාමරයක තිබී සොයාගත් අන්දම ආචාර්ය ඩී. බී. නිහාල්සිංහයන් වරෙක අනාවරණය කළේය. පසුව එම පිටපත් යොදා එම චිත්‍රපට යළිත් නැරඹිය හැකි තත්ත්වයට ප්‍රතිසංස්‌කරණය කෙරුණු නමුත් එම පිටපත්වලට හෝ නිසි ආරක්‍ෂාව නොලැබීම නිසා අද වුව එම චිත්‍රපටවල අංග සම්පූර්ණ පිටපත් අපට නැරඹීම දුෂ්කර කාර්යයක්‌ වී තිබේ.

චිත්‍රපට සංරක්‍ෂණාගාරයක අවශ්‍යතාව 1950-1960-1970 දශකවල නිරතුරුවම පෙන්වා දුන් අග්‍රගණ්‍ය සිනමාකරු ආචාර්ය ලෙස්‌ටර් ඡේම්ස්‌ පීරිස්‌ "දිවයින" ට වරෙක පැවැසුවේ එම අවශ්‍යතාව ඉටු නොවීමේ වේදනාබර හැඟීමෙන් ද යුතුවය. අපේ ජීවිත කාලය තුළ මුද්‍රිත මාධ්‍යවලින් මේ ගැන අපි අනන්තවත් කිව්වා. ඒත් පලක්‌ වුණේ නැහැ. ආණ්‌ඩු කීපයකටම අපි මේ ගැන පෙන්වා දුන්නද ක්‍රියාත්මක කෙරුණේ නැහැ. කවදාහරි අපි මේ ලෝකයේ නැති දවසට චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ හැදේවි. හැබැයි එතකොට අපේ චිත්‍රපට ඉතිරි ටිකත් විනාශවෙලා තියේවි.

ලෙස්‌ටර් අධ්‍යක්‍ෂණය කළ "සංදේශය" චිත්‍රපටයේ අංග සම්පූර්ණ පිටපතක්‌ හෝ අද අපට මෙහි නරඹන්නට ඉතිරි නැත. වෙනත් රටක (චෙකෝස්‌ලොවෙකියාවේ) තිබෙන එහි පිටපතක්‌ මුදල් ප්‍රශ්නයක්‌ නිසා ලබාගැනීමට උගහට වී ඇති බව ද ලෙස්‌ටර් වරෙක මා හා පැවැසුවේය. සංරක්‍ෂණය නොවීම නිසා අපේ සිනමාවේ මුල් යුගයේ තිරගත වූ චිත්‍රපට මෙන්ම කැලෑ හඳ, ධීවරයෝ, ආත්මපූජා, චණ්‌ඩියා, අදට වැඩිය හෙට හොඳයි, සුර චෞරයා ඇතුළු තවත් චිත්‍රපට විශාල ප්‍රමාණයක්‌ අද පරපුරට දැකගන්නට නැත. ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්‍ෂවරයකු වූ දිවංගත කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මියයැමට මාස කිහිපයකට පෙර දිනක්‌ "දිවයින" කාර්යාලයට ආවේ තමන් සමඟ ටී. සෝමසේකරන් සම අධ්‍යක්‍ෂණය කළ පිරිමියෙක්‌ නිසා හා තමන් අධ්‍යක්‍ෂණය කළ සැනසුම කොතනද? චිත්‍රපට දෙකක්‌ කිසියම් තැනක තිබේ නම් සොයාදෙන ලෙස පුවත්පත මගින් පුවතක්‌ පළ කර සහයෝගය දෙන ලෙස ඉල්ලීමටය.

චිත්‍රපට ආරíd නොවීමේ ෙ€දවාචකය හැමදාමත් වචනවලට සීමා වූණා. තිස්‌ස නාගොඩවිතනයන් වැනි අය නිසා පැරණි චිත්‍රපට යම් තරමකට සංරíණය වුණා. රංජන් ද සිල්වාගේ ග්‍රැමෆොaන් තැටි එකතුව නිසා චිත්‍රපට ගීත වල හඬපට සංරíණය වුණා යයි මෙරට සිනමාව එකලූ කළ චිත්‍රපට ගීත පොත් පෙළ ලියූ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් වරෙක සඳහන් කර සිටියේය.

1988 වසරේද "දිවයින" ට අදහස්‌ දැක්‌වූ ආචාර්ය ඩී. බී. නිහාල්සිංහ කළ ප්‍රකාශයකින් උපුටාගත් ඡේද කිහිපයක්‌ අපි මෙලෙස පළකරමු.

සිංහල චිත්‍රපට සංරක්‍ෂණය කර ආරක්‍ෂා කරන්න අපි වෙහෙසන විට චිත්‍රපට සංස්‌ථාව බිහිවී තිබුණේත් නැහැ. එවකට මම රජයේ චිත්‍රපට අංශයේ සේවය කළා. අපේ චිත්‍රපට සංරක්‍ෂණය කිරීමේ වැඩපිළිවෙළක්‌ මුලින්ම ඇරඹුණේ රජයේ චිත්‍රපට අංශයෙන් යෑයි කීවොත් එය නිවැරැදිය. මෙම කටයුත්ත සඳහා එකල චිත්‍රපට අංශයේ පුස්‌තකාල ප්‍රධාන ගුණදාස වීරකෝන් මහතා විශාල සේවයක්‌ කළා. ප්‍රථම සිංහල චිත්‍රපටය කඩවුණු පොරොන්දුව පිටපතක්‌ තිබෙන තැනක්‌ සොයාගන්න අතිමහත් යුද්ධයක්‌ කළා. විවිධ ලිපින සොයා ගියා. අන්තිමේ ජෙමිනි සර්කිට්‌ අයිතිකරුගේ ගෙදර වැසිකිළි කාමරයක මේ චිත්‍රපටයේ පිටපතක්‌ තිබෙන බව ආරංචි වෙලා එහි ගියා. මුල් කොපියේ දිරාගිය පැරණි කොටස්‌ එකතු කළා. රසායනාගාරයට යවා සුද්ධ කර එය ප්‍රතිසංස්‌කරණය කළා. ඒ අනුව කඩවුණු පොරොන්දුවේ රීල්ස්‌ එකතු කර යළිත් පෙන්වීමට හැකි පිටපතක්‌ අපි හැදුවා.

ඊට පසුව "අශෝකමාලා" ත් සොයා ගත්තේ ඒ පිළිබඳ ලද ආරංචියක්‌ අනුවයි. කොළඹ පැරණි සිනමාහලක ගබඩා කාමරයක අහුමුල්ලක එහි පිටපතක්‌ තිබෙන බවට ලද ආරංචිය අනුව ගුණදාස වීරකෝන් මහතා එම චිත්‍රපටයේ පිටපත සොයා ගන්නත් විශාල මහන්සියක්‌ ගත්තා. ඔහුට දැනගන්නට ලැබුණේ එම පිටපත විනාශ වී ඇති බවයි. මේ ආරංචියෙන් අධෛර්යයට පත් නොවූ වීරකෝන් සිලෝන් තියටර්ස්‌ සමාගමේ ගබඩාව පිරික්‌සන්න අවසර ලබාගත්තා. චිත්‍රපට රීල්ස්‌ දහස්‌ ගණනක්‌ පරීක්‍ෂා කළ වීරකෝන්ගේ උත්සාහය සාර්ථක වුණා. හදිසියේම අශෝකමාලාවේ දිරා ගිය කොපියක්‌ රැගෙන වීරකෝන් ආවේ යුද්ධයකින් ජයගත්තකු ලෙස සතුටකින්. අපිටත් විශාල සතුටක්‌ ඇතිවුණා. වීරකෝන් සොයාගත් එම චිත්‍රපට දෙකේම සුන්බුන් රජයේ චිත්‍රපට අංශයේ රසායනාගාර ප්‍රධානියාව සිටි ඩෙන්සිල් සිල්වා ඇතුළු කාර්ය පිරිසගේ පරිශ්‍රමයත් සහයත් ඇතිව අපි එම චිත්‍රපට පිටපත් යළි නැරඹිය හැකි තත්ත්වයට සකස්‌ කළා. 1972 චිත්‍රපට සංස්‌ථාව බිහි වූ පසු එය බාර කෙරුණු එම චිත්‍රපටවලට නිසි ආරක්‍ෂාව ලැබුණේ නැහැ. සමහරු විවේක කාලවල ආවට ගියාට එම චිත්‍රපට නරඹා තිබෙනවා.

මේ චිත්‍රපටවල වැදගත් කොටස්‌ ද ඇතුළත් කර විසිපස්‌ වසරක සිංහල සිනමාව නම් කෙටි වාර්තා චිත්‍රපටයක්‌ ද වරෙක නිහාල්සිංහයන් විසින් නිර්මාණය කළේය. ඒ වගේම දවසක්‌ මම වාද්දුවේ වින්ස්‌ සිනමාහල ළඟින් යන කොට එහි "කපටි ආරක්‍ෂකයා" චිත්‍රපට තිරගත වෙමින් තිබුණා. (එය තෙවන සිංහල චිත්‍රපටයයි) ඒ කාලයේ සංස්‌ථාවේ සාමාන්‍යාධිකාරි ලෙස මම කටයුතු කළා. මම සිනමාහලට ගිහින් එම චිත්‍රපටයේ දුවන පිටපත පරීක්‍ෂා කළා. කපටි ආරක්‍ෂකයා මුල් නෙගටිව් පිටපත එහි ප්‍රදර්ශනය කරන්නයි තිබුණේ. මම ඒ වෙලාවේම නියෝග කළා. මෙම නෙගටිව් පිටපත සංස්‌ථාවට බාරදීලා වෙන පිටපතක්‌ ගෙනැවිත් පෙන්වන ලෙස. ඊට පසු එහි මුල් පිටපතෙන් අපි අමතර පිටපත් පවා මුද්‍රණය කළා.

අශෝකමාලා චිත්‍රපටයේත් අමතර පිටපත් අපි මුද්‍රණය කර රට පුරා ප්‍රදර්ශනය කළා. නිහාල්සිංහ යුගය අපේ ජාතික සිනමාවේ ස්‌වර්ණමය යුගයයි. එහි කතා දෙකක්‌ නැත. ඔහු එදා සංස්‌ථාවේ සාමාන්‍යාධිකාරී ධුරය ද හොබවමින් වෙර දැරූ සංරක්‍ෂණාගාරය සිහිනයක්‌ම බවට පත්වුණේ අතිශයින්ම ෙ€දජනක ලෙසිනි. දළුගම සරසවි චිත්‍රාගාරයේ යළි ප්‍රතිසංස්‌කරණය කර විවෘත කළදා එවක ජනාධිපතිවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා ප්‍රතිඥවක්‌ දුන්නේය. (1992 අප්‍රියෙල් 23 වැනිදා) එනම් ඉතා කඩිනමින් චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ ලබාදෙන බවය. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ හදිසි අභාවයෙන් ඉක්‌බිතිව එම පොරොන්දුවත් ක්‍රියාත්මක වීම ඇනහිටියේය. ඉන් ඉක්‌බිතිව 1994 පොදුජන එක්‌සත් පෙරමුණ රජය බලයට පත්වීම උදෙසා දුන් ප්‍රතිපත්ති ප්‍රකාශනය චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ පිහිටුවන බවට දුන් ප්‍රතිඥව ඉටුනොවීම හා ඉන් ඉක්‌බිතිව වත්මන් ජනාධිපතිතුමන් ද වරෙක මේ සඳහා අවශ්‍ය පියවර ගත්තේය.

බලධාරීන්ට කලකට පෙර දුන් උපදෙස්‌ දී තිබිණි. මේ අනුව කෙසේ වෙතත් අද චිත්‍රපට සංරක්‍ෂණාගාරය ජාතික චිත්‍රපට සංස්‌ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතා චිත්‍රපට සංරක්‍ෂණාගාරයක අවශ්‍යතාව ඔහු සංස්‌ථාවට පත් වූ මුල් යුගයේ සිට අවධාරණය කළ පුද්ගලයෙකි. මේ නිසා වත්මන් පාලන සමයේ ඔහු වරෙක ලංකාවේ චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ පිහිටුවීම සඳහා අවශ්‍ය කරුණු සොයා බලා එතෙර රටවල සංරක්‍ෂණාගාරවල කටයුතු පරීක්‍ෂා කර වාර්තාවක්‌ ලබා ගැනීම ප්‍රවීණ සිනමාකරුවකු වූ ධර්මසේන පතිරාජයන් ඉන්දියාවට යෑව්වේය. ඒ අනුව චිත්‍රපට සංරක්‍ෂණාගාර නරඹා පතිරාජයන් වාර්තාවක්‌ ද පිළියෙළ කර චිත්‍රපට සංස්‌ථාවට බාර දුන්නේය. අන්තිමේ සංස්‌ථාවේ සභාපති ජයන්ත ධර්මදාස මහතාට සිදුවී ඇත්තේ වඳින්න ගිය දේවාලය ඉහේ කඩාවැටීම වැනි වැඩකි. එම සංචාරය තම අනුමැතියකින් තොරව ගිය බව පවසමින් මීට පෙර සංස්‌කෘතික අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තැනැත්තා එම සංචාරයට වැය වූ මුදල් අනුමත කිරීම ප්‍රතික්‍ෂේප කර තිබේ. අන්තිමේ ඊට වැය වූ මුදල ජයන්ත ධර්මදාස මහතාට තම පෞද්ගලික මුදලින් ගෙවන්නට සිදුවිය. පතිරාජයන් මේ සඳහා ලබාදුන් වාර්තාව ජාතික චිත්‍රපට සංස්‌ථාව සතුව තිබෙන බව අපි දනිමු.

1983 ජාතිවාදී කලබල සමයේ හැඳල විජය චිත්‍රාගාරය ඇතුළු චිත්‍රාගාරවලට ගිනි තැබීමෙන් එම චිත්‍රාගාරවල තැන්පත් කර තිබූ චිත්‍රපට රාශියක්‌ ගිනි රකුසාට බිළිවිය. විජය කුමාරතුංග, නීල් රූපසිංහ, රවීන්ද්‍ර රන්දෙණිය, බැප්ටිස්‌ ප්‍රනාන්දු, ගාමිණී ෆොන්සේකා වැනි කලාකරුවන් එදා එම විපත්තිදායක මොහොතේ ඉතිරිව තිබූ චිත්‍රපට මූලික හා ද්‍රවිඩ සිනමාකරුවන් බේරාගැනීමට කළ සටන ද මේ මොහොතේ මට සිහිපත් වෙයි. සුර චෞරයා, චණ්‌ඩියා, ආත්ම පූජා, සංදේශය වැනි චිත්‍රපටවල පිටපත් විනාශ වූයේ ද එම ෙ€දවාචකයේදීය. මේ අතර පැරණි සිංහල චිත්‍රපට අද පරපුරට දැකගැනීමට අවස්‌ථාව සලසා දෙමින් සුවිශේෂ කාර්යභාරයක්‌ ඉටුකරනුයේ තිස්‌ස නාගොඩවිතාන මහතාය.

තිස්‌ස නාගොඩවිතාන, වෝල්ටර් ප්‍රනාන්දු (මියගිය) කණ්‌ඩම්බි ඇතුළු දෙතුන් දෙනකු එම කාර්යයේ නිරතව සිටිති. තිස්‌ස නාගොඩවිතානයන් අපට පැවැසුවේ "චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ නිසි ලෙස හදනවා නම් ඊට වඩාත් කැමැති කෙනෙක්‌. මොකද මම පැරණි චිත්‍රපටවල ඉමහත් ආදරයක්‌ දක්‌වන කෙනෙකු නිසා. මම මිලදී ගෙන තිබෙන චිත්‍රපට වැඩි ප්‍රමාණයක මට ඇත්තේ රූපවාහිනී ප්‍රදර්ශන අයිතිය පමණයි. නමුත් මට අයිති චිත්‍රපට යම් ප්‍රමාණයක්‌ තිබෙනවා. චිත්‍රපට සංරක්‍ෂණාගාරයක්‌ හදනවා නම් ඊට අයිති චිත්‍රපට පිටපත බැගින් වුව මම දෙනවා. ඒවගේ වටිනාකමට අදාළ ගෙවීමක්‌ මට ලැබුණොත්. ඉන්දියාව වගේ රටවල අදාළ නිෂ්පාදකවරුන්ගෙන් සංරක්‍ෂණාගාරය චිත්‍රපට පිටපත් මිලදී ගෙන සුරකිනවා. රූපවාහිනී ප්‍රදර්ශන අයිතිය තිබෙන චිත්‍රපට නම් ඊට දීමට මට බලයක්‌ නැහැ. ඒවා ඒවායේ අයිතිකරුවන්ගෙන් අවසර ගත යුතුයි. කෙසේ වෙතත් අපේ චිත්‍රපට අනාගත පරපුරට සංරක්‍ෂණය කළ යුතුයි කියන මතයේ මම හැමදාම ඉන්න කෙනෙක්‌.

නාරද නිශ්ශංක








 

 
Powered By -