සංස්‌කරණය : නාරද නිශ්ශංක

මම ස්‌වාධීනව ගොඩනැගුණු කලාකාරියක්‌
සේම්ණි ඉද්දමල්ගොඩ

මෙරට රංගන ක්‌ෂේත්‍රය තුළ ප්‍රතිභා පූර්ණ නිළියන් අතර ප්‍රමුඛතම නාමයක්‌ ලෙස සේමිණී දිනූෂා ඉද්දමල්ගොඩ හඳුන්වා දිය හැකිය. වසර පහළොවක පමණ ක්‌ෂේත්‍රයේ අත්දැකීම් ඇති ඇය රූපවාහිනියේ පමණක්‌ නොව වේදිකාවේත් සිනමාවේත් පෑ පෙළහර ඉතාමත් දැකුම්කළුය. කෙසේ නමුත් ඇය ගැන මේ දිනවල වැඩි දෙනා කතා කරන්නේ ශෆ්ෆ්‍රdස්‌ අධ්‍යíණය කළ සිනමා නිර්මාණයක්‌ වන "සුදු හංසි" හි රඟන චරිතය නිසයි. මේ සංවාද සටහන ඒ ඔස්‌සේ ගොඩනගන ලද කතා බහකිනි.

වසර පහළොවක්‌ ගෙවුණු තැන ඔබේ රංගනය ගැන අද කතා කරන්නේ "සුදු හංසි" චිත්‍රපටය හරහා.

සුදු හංසි සම්භාව්‍යය පස්‌වෙනි මණ්‌ඩලයේ චිත්‍රපටයක්‌. මගේ සිනමා ජීවිතේ ප්‍රධාන චරිතයකින් සම්බන්ධවෙන පස්‌වෙනි චිත්‍රපටය. ඉතාමත් සීමිත චරිත කිහිපයක්‌ රඟපාලා තියෙන නිසා මගේ සිනමා දිවියේ ලොකු වෙනසක්‌ මේ චරිතය හරහා ඇති වේවි. මටත් දැනෙනවා මම සාර්ථකව චරිතය කළා කියලා. මොකද මගේ චරිතයේ අඩංගු හැම දෙයක්‌ම ඒ චරිතයට අත්‍යවශ්‍ය දේවල්. එහෙම නැතුව කිසිම දෙයක්‌ බලෙන් ඔබ්වලා නැහැ. නමුත් චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක කටයුතු වලදී සිදුවුණු යම් යම් අසාධාරණකම් නිසා මම එදා රඟපාපු ප්‍රධාන චරිතයට ලැබිය යුතු වෙළෙඳ වටිනාකමක්‌ අද ලැබිලා තියනවද කියලා මට සැකයි. ඒ ගැන චිත්‍රපටය නරඹපු හිතවතුන් ප්‍රේíකයින් මට දුරකථනයෙන් කතා කරලා අහනවා සේමිණී ඔයාද චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපාන්නේ කියලා. ඇත්තටම එහෙම ඇහෙද්දි පුංචි දුකක්‌ දැනෙනවා.

ඒ කියන්නේ රංගන ශිල්පිණියක්‌ ලෙසට සමාජගතවීමේ දී ඔබට ලැබිය යුතු ස්‌ථාවරත්වය ලැබිලා නැහැ කියන එකද?

නැහැ. මම කවදාවත් එහෙම හිතන්නේ නැහැ. මොකද මේ වසර පහළොව තුළ ක්‌ෂේත්‍රයේ ලැබුනු අද්දැකීම් එක්‌ක සර්ව සම්පූර්ණ ගැහැණියක්‌ ලෙසට කෙළින් හිටගන්න විශාල පන්නරයක්‌ මේ හරහා මට ලැබුණා. ඒ අතින් ගත්තහම ගැහැණියක්‌ ලෙසට සමාජය සමග ගනුදෙනු කරන්නේ කොහොමද? ඒ පරිසරය තුළ ස්‌වාධීනව කටයුතු කිරීම පිළිබඳව විවිධාකාර මිනිසුන් සමග අදහස්‌ හුවමාරු කර ගැනීම පිළිබඳව සහ කොහොමද ඒ සියල්ලට මුහුණ දෙන්නේ කියන දේවල් ගැන අත්දැකීම් ලැබුවා. මම හිතන්නේ මේ අත්දැකීම් සම්භාරය නිසා තමයි සුදු හංසි චිත්‍රපටයේ චරිතය තුළින් මට වෙන අසාධාරණය ගැන අවබෝධයක්‌ ලබා ගන්න හැකි වුණේ. ඒ නිසා ඒ කනගාටුව චරිතය ගැන මිසක්‌ සමස්‌ථ ක්‌ෂේත්‍රය ගැන නෙමෙයි.

මේ දවස්‌වල ක්‌ෂේත්‍රය තුළ ඔබේ අලූත් තොරතුරු ගැන යම් පැහැදිලි කිරීම්මක්‌ කළොත්?

මේ දවස්‌වල සුදත් රෝහණගේ ස්‌වයංජාත ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. එහි පබිළිනාගේ චරිතය තමයි මම රඟපාන්නේ. ඒ ඇරෙන්න ඇන්ඩෲ සහ දීප්ති ෆොන්සේකා අධ්‍යíණය කරන "දමයන්ති" ඒකාංගික ටෙලිනාට්‍යයේ රූගත කිරීම් කරනවා.

ඔබ වේදිකාව, සිනමාව, ටෙලිනාට්‍ය මේ ක්‌ෂේත්‍ර තුනම නියෝජන කරන කලා ශිsල්පිණියක්‌. වේදිකාව හා ඔබේ සම්බන්ධය ගැන කතා කළොත්?

මගේ මුල්ම වේදිකා නාට්‍යය වුණේ "මම ඉපදුණේ ඊයේ නෙමෙයි" එම්. ශෆීර් මහත්මාගේ. ඊළගට පුංචි ආදර බලකිරීමක්‌. මේ නාට්‍යයට 2000 වසරේ හොඳම වේදිකා නාට්‍ය නිළියට හිමි සම්මානය මට ලැබුණා. වේදිකාවට සම්බන්ද වෙන්න මූලික වුණේ රංගනය ගැන අධ්‍යයනය කරන්න හොඳම පාසල කියලා දැණුන නිසා. මේ වන විට වේදිකාවෙන් ආව රංගන ශිල්පීන් ගත්තොත් උපන් හැකියාවෙන් රංගන වරම් ලැබුණු ශිල්පීන්ට වඩා ඔවුන් තුළ යම් කිසි ගැඹුරක්‌ තියෙනවා. ඒ වගේම ඒක සජීවී මාධ්‍යයක්‌. මිනිසුන් එක්‌ක ළඟින්ම ඉන්න පුළුවන්. අනිත් එක සැබෑ දíයෙක්‌ට ඇරෙන්න වේදිකාවේ ඉන්න අමාරුයි. පසු කාලෙදි නාට්‍ය කිහිපයකට සම්බන්ධ වුණා. ඒත් ඒවා නිර්මාණය වුණේ රාජ්‍ය නාට්‍ය උලළෙට ගොඩ වැඩිකරගන්න මිසක්‌ පැවැත්මක්‌ ඇතිව නෙමෙයි. ඒ නිසා ඒක විනිශ්චය මණ්‌ඩලයක්‌ දකිනවා විතරයිs. ප්‍රේíකයාට දකින් ලැබෙනනේ නැහැ. ඒ නිසා දැන් මටත් හිතෙනවා ඒ කරන කැපකිරීම් අපරාදේ කියලා. නැත්නම් මම ගොඩක්‌ ආස කරන සහ ගෞරව කරන මාධ්‍යයක්‌ වේදිකාව.

වසර පහළොවක්‌ පුරා පැමිණි මේ ගමන් මග දිහා නැවත හැරී බැලීමක්‌ කළොත්. ඔබ තෘප්aතිමද්ද?

ඇත්තටම ඔව්. 2001 වර්ෂයේ දී "ඉර බටු තරුව" ටෙලිනාට්‍යයේත් ආරම්භ වුණ මගේ රංගන ජීවිතේ තුළ අද වෙනකම් මම තෝරගන්න චරිත එකකට එකක්‌ වෙනස්‌. ඒ වගේමයි ටෙලිනාට්‍යය නිළියක්‌ ලෙසත් සිනමා නිළියක්‌ ලෙසත් විශාල නිර්මාණ ප්‍රමාණයට සම්බන්ධ වුණ කෙනෙක්‌ නෙමෙයි. නමුත් ඒ කරපු ටික මතක හිsටින නිර්මාණ වෙලා තියෙනවා. සමහර රංගන ශිල්පීන් එක චරිතයකට කොටු වෙනවා. නමුත් කවදාවත් මම චරිතයකට කොටුවුණ නිළියක්‌ නෙමෙයි. ඒ වගේම "යර්ස්‌ බොස්‌" ටෙලිනාට්‍ය මාලාව හරහා හාස්‍ය උත්පාදක නාට්‍යයකට සම්බන්ධ වෙන්න ලැබුණා.

රංගනයෙන් බැහැරව නිර්මාණාත්මක අංශය වෙත යොමු වුණේ නැද්ද?

එක ටෙලිනාට්‍යයක්‌ එම්. සිවදාසන් මහතාගේ අධ්‍යíණයෙන් යුතුව මම නිෂ්පාදනය කලා. ඒ තැනට එන්න ගොඩක්‌ම මූලික වුණේ අපි වෙනත් නිර්මාණයකට සම්බන්ධ වෙද්දි නළු නිළියන් විදිහට අපේ වටිනාකම මුදල මත දෝලනය වෙනවා. ඒකට මම ටිකක්‌ විරුද්ධයි. ඒ නිසා මට පොඩි ආසාවක්‌ ආවා එහෙම නැතුව නිර්මාණයක්‌ කරන්න. කොහොම වුණත් වසර තුනක්‌ වෙනවා එහි වැඩ ඉවර කරලා. විකාශනය කරන එක තමයි ගැටළුවක්‌ වෙලා තියෙන්නේ.

ටෙලිනාට්‍යය ක්‌ෂේත්‍රය තුළ අද රංගන ශිල්පිණියකට තිබෙන ඉල්ලූම මොනවගේද?

දැන් ටෙලිනාට්‍ය ක්‌ෂේත්‍රයේ දíයින්ට ඇත්තටම වැඩ ගොඩක්‌ අඩුයි. ඒකට ප්‍රධාන දේ බිහිවෙන හොඳ නිර්මාණ අඩුයි. අනික අඩු මුදලට නවක ශිල්පීන් බොහෝ පිරිසක්‌ ක්‌ෂේත්‍රයේ සිsටිනවා. ඒ නිසා සිනමාවට සිදු වුණු කඩාවැටීම හෙට අනිද්දා වෙද්දි ටෙලිනාට්‍ය ක්‌ෂේත්‍රයටත් සිද්ධ වෙයි.

ඔබේ සහෝදර නළු නිළියන් හා කලාකරුවන් දේශපාලනය වෙනුවෙන් අද පෙනී සිටිනවා. ඔබට එහි හැඟීමක්‌ නැද්ද?

දේශපාලනය කියන්නේ මම කතා කරන්නවත් අකමැති මාතෘකාවක්‌. මම ඔය තරගයේ කොතනකවත් නැහැ. මොකද මට අනුන්ගෙන් ලබාගන්න ඕන දේවල් හරි සීමිතයි. මොකද මම විසින් ඇති කරගෙන තියෙන ස්‌වාධීන දේවල් මත ගොඩ නැගුණු කලාකාරිණියක්‌. ඒ නිසා කාගෙවත් අතකොළුවක්‌ වෙන්න මම යන්නේ නැහැ.

ඡන්දය අයිතිවාසිකමක්‌ වුණත් කලාකරුවා කියන පුද්ගලයාට දේශපාලනය සුදුසුද?

හැම කෙනෙක්‌ගෙම මූලික අරමුණ තමන්. ඒක අපේ රටේ සමාජයේ හැටියක්‌. පොදු ජනතාව ගැන හොයන්නේ දෙවනුව. ඒක එක එක්‌කෙනාගේ පෞද්ගලික කැමැත්ත. මම නම් දකින්නේ දේශපාලනය ගැන අබමල් රේණුවක්‌වත් නොදන්න අය තමයි ඔය පස්‌සේ දුවන්නේ. මොකද පෞද්ගලික අරමුණු ඉෂ්ඨ කරගන්න. නැතුව රටට ඇති ආදරක්‌ නිසා නෙමෙයි. ඒ නිසා ඔය එක එක්‌කෙනා කරන්නන්වාලේ එක එක්‌කෙනා පස්‌සේ අනාචාරයේ දුවන එකට මම විරුද්ධයි. පැහැදිලිව කියයුතු දෙයක්‌ තමයි ඔය හැමෝම කවුරු පස්‌සේ දිව්වත් අන්තිමට තමන්ට තමන් විතරයි.

ලක්‌මිණී අතුකෝරල
ඡයා - සුජාතා ජයරත්න




 

 
Powered By -