මා මෙවර ලබන්නේ
ජයග්‍රහණයක්‌ නොව විජයග්‍රහණයක්‌
ඉතිහාසයේ කවදාවත්
රාජපක්‌ෂලාට දූෂණ චෝදනා නැහැ


ප්‍රශ්නය - ඔබගේ දේශපාලන ඉතිහාසයේදී ඔබ සමඟ සමීප මිතුරන් වී සිටි බොහෝ දෙනෙක්‌, අවසානයේදී ඔබේ දේශපාලන විරුද්ධවාදීන් වී තිබෙනවා. ඔබගේ විවාහයේ දෙවැනි මනමාලයා වූ අනුර බණ්‌ඩාරනායක, ඔබගේ ආණ්‌ඩුව පරදවන්නට අයවැයේදී විපක්‍ෂයේ වාඩි වුණා. ඔබගේ බිරිඳ බැලීමට ඔබ සමඟ ගිය මිතුරා වූ සරත් නන්ද සිල්වා, අද ඔබට එරෙහිව දේශපාලන වේදිකාවේ, එසේම ඔබ විසින්ම හමුදාපති ලෙස පත් කළ වසර හතරක්‌ ඔබට සැලියුට්‌ ගැසූ, සතියේ සෑම බදාදා දිනයේම ඔබ සමඟ දිවා ආහාරය ගත් සරත් ෆොන්සේකා අද ඔබේ ප්‍රධාන ප්‍රතිවාදී අපේක්‍ෂකයා. ඔබේ සමීප මිතුරන් ඔබේ ප්‍රධාන දේශපාලන සතුරන් බවට පත්වන්නේ ඇයි?

පිළිතුර - මම ඒක ඒ තරම්ම බරපතල කාරණයක්‌ ලෙස ගණන් ගන්නේ නැහැ. අද මිතුරෝ හෙට හතුරෝ වෙනවා. සමහර වෙලාවට කෙනකුගේ පෞද්ගලික අවශ්‍යතාවන් ඉස්‌මතු කරගන්න බැරි වුණාම ඒ සඳහා මිත්‍රත්වය ප්‍රශ්නයක්‌ වෙනවා. එකට ඉඳලා කට්‌ටිය වළට වැටුණහම ලංකාවේ අය එළියට එන්න දෙන්නේ නැතුව පහළට අදිනවා කියලා කතාවක්‌ තියෙනවානේ. එක එක වර්ගයේ මිත්‍රයෝ ඉන්නවා. මේ අයට ටික දවසක්‌ යනකොට වෙන බලාපොරොත්තු ඇති වෙනවානේ. ඒ බලාපොරොත්තුව සඳහා අලුත් මිතුරන් හම්බු වෙනවා. අපිටත් අලුත් මිතුරෝ හම්බු වුණානේ. හැබැයි, සමහර මිත්‍රයෝ තමන් ගැන අධිතක්‌සේරුවෙන් බලයට ඒම සඳහා පහසු මාර්ග හොයනවා. බලය සඳහා කෙටි මාර්ග නැහැ. මම අවුරුදු හතළිහක්‌ කැපවීම් කරලයි මෙතැනට ආවේ. පාරේ ගිහිල්ලා, හිරේ ගිහිල්ලා දුක්‌විඳලා, පක්‍ෂයෙන් පවා කැපිලි කෙටිලිවලට ලක්‌වෙලා තමයි මෙතැනට ආවේ. අපි තනතුරු පස්‌සේ ගියේ නැහැ. ජනතාව තමයි අපිට තනතුරු ලබා දුන්නේ. නමුත් සමහරුන්ට මේ සියල්ලට වඩා වැදගත් කෙටි මාර්ගයෙන් බලයට ඒම. එතකොට ඔවුන්ට යාළු මිත්‍රකම් කළගුණ සියල්ල අමතක වෙනවා. ඒවා හොඳ දේවල් නොවුණට ලෝකයේ තිබෙන සාමාන්‍ය දේවල්.

ප්‍රශ්නය - ජනාධිපතිතුමනි, ඔබට හා ඔබේ පවුලට එරෙහිව අද බොහෝ දූෂණ චෝදනා එල්ල වෙනවා. සුවිශාල නිවාස, හෝටල්, ආරෝග්‍යශාලා, ඉඩම්, සුඛෝපභෝගී යාන වාහන, ව්‍යාපාර ආදිය රාජපක්‍ෂ පවුලට අයත් බව කියෑවෙනවා. මේ චෝදනාවට ඔබගේ පිළිතුර කුමක්‌ද?

පිළිතුර - ඉතිහාසයේ කිසිම දවසක රාජපක්‍ෂවරුන්ට ඔය චෝදනා එල්ල වී නැහැ. අපි මේ රටේ ජනතාවගේ දේවල් කිසිවක්‌ හොරා ගත්ත අය නෙවෙයි. එහෙම දෙයක්‌ කරලා තියෙනවා කියලා ඔප්පු කළහොත් මේ දේශපාලනය අපි එදාට නිමා කරනවා. අපිට හැමදාම මේ වගේ ඔප්පු කරන්නේ නැතිව කටකතා හැදුවා. අපි මේ රටේ ජනතාව අතරින් මතුවෙච්ච මිනිස්‌සු නිසා අපි ඒ ජනතාවගේ දුක හඳුනන සිනහව හඳුනන අය. අපිට කරන්න කිසිම චෝදනාවක්‌ නැති කොට, ජනතාව අපිව හැමදාම දිනවන කොට බොරු කටකතා ඇරලා අපිට කතා හදනවා. නමුත් අද ජනතාව ඒ සියල්ල බොරු බව දන්නවා. එහෙම එකක්‌ හරි ඔප්පු කෙරුවොත් අපි මේ දේශපාලනය ඉවර කරලා ගෙදර යනවා.

පසුගිය කාලේ කොච්චර රාජ්‍ය ආයතන වික්‌කද? අපි ඒවා කළාද? රාජ්‍ය ආයතන කීයක්‌ පසුගිය වසර ගණනාව තුළ වික්‌කද? අපි පසුගිය වසර හතර තුළ එහෙම කළාද? ආණ්‌ඩුවට ආදායම් ලැබුණු ස්‌කාගාර සංස්‌ථාව වික්‌කා. මේ ආදායම් ලැබීම ප්‍රතිපත්තියක්‌ ලෙස වැරැදියි. නමුත් මේක එක්‌කෙනකුට වික්‌කාට පස්‌සේ ඔහු අනිත් අයට ඒ වෙළ¹ම කරගෙන යන්න දෙන්නේ නැතුව ඒකාධිකාරයක්‌ ගොඩනඟාගෙන තිබෙනවා. කොළඹ ගෑස්‌ සමාගම ඒකාධිකාරියක්‌ ලෙස පුද්ගලීකරණය කළා. එයාර් ලංකා ගුවන් සේවය, රක්‍ෂණ සංස්‌ථාව ආදී ලාබ ලබපු ආයතන වික්‌කා. ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක විකුණන්න පිඹුරුපත් හදලා තිබුණා. ඒ වගේ දේවල් තමයි මීට පෙර ආණ්‌ඩු කරලා තිබුණේ. අපි රාජ්‍ය දේපළ එක අංශුවකින්වත් අඩු කළේ නැහැ. පුද්ගලික අංශයේ වැටෙන්න ගිය ව්‍යාපාර පවා රාජ්‍ය කළමනාකාරිත්වය යොදවා අපි වැටෙන්න නොදී බේරා ගත්තා. ඒවා තමයි අයථා ලෙස මුදල් උපයන මාර්ග බවට පත් වුණේ. සමහරු ඒ වගේ බොරු චෝදනා කරලා මගෙන් සමාව ගත්තා. මේ වාගේ චෝදනාවක්‌ කරපු කබිර් හෂීම් උසාවියෙන් දඩ කාලා, මගෙන් ඇවිල්ලා සමාව ගත්තා. එහෙම තමයි අන්තිමට චෝදනාකාරායන්ට වූයේ.

ප්‍රශ්නය - යුද හමුදාවට භාණ්‌ඩ විකිණීම පිළිබඳ ප්‍රතිවාදී අපේක්‍ෂක සරත් ෆොන්සේකාටත් ඔබේ පාර්ශ්වයෙන් එවැනි චෝදනා එල්ල වෙනවා.

පිළිතු=ර - එතැන තමයි වෙනස තියෙන්නේ, අපි චෝදනා එල්ල කරන්නේ සාධක ඇතිව. අද මෙතැන තියෙන්නේ පිsට්‌ පොකට්‌ න්‍යාය. පිට්‌පොකට්‌කාරයා පොකට්‌ එකට ගහලා දුවන්නේ වෙන කෙනකුට හොරා කිය කියානේ. අද ඒ අයගේ හොරකම් එළිවෙලා තියෙනවා. ඒ ගැන විවාදයට පවා එන්න කියලා අපේ මන්ත්‍රීවරු අභියෝග කළාම ඒ අය එතැනට එන්නේ නැතුව මාරු වෙලා යනවා.

හයිකෝප් චෝදනාව ගැන අපි දැන් පරීක්‍ෂණ කරනවා. ඒක උසාවියට යයි. ඒ අයම දැන් ඒ චෝදනා පිළිගෙන තිබෙනවා. මම දේශපාලනයට ඇවිල්ලා, අවුරුදු හතළිහයි. මම ඒ අවුරුදු හතළිහේම කටයුතු කළේම විවෘතව. මෙයා අවුරුදු හතරක්‌ම හිsටියේ හමුදාවේ. ඒ වගේ තැනක සිදුවන දේවල් ඒ සමාජය තුළ හැර අනිත් කිසි තැනක කියෑවෙන්නේ නැහැ. මෙයා දේශපාලනයට ආවාම තමයි මේ තොරතුරු අපිට ආවේ. එතැනදී අපි මේ ගැන සොයා බලා, ලියවිලි, සාධක ඇතිවයි, චෝදනා ගොනු කළේ. නැතුව බොරු කට කතා ගොත ගොතා අපි ගියේ නෑ. අපි ජනතාව ඉදිරිපිට සංවාද කරන්නත් කතා කළා. කොහොම වුණත් අපි ඒ ගැන පූර්ණ පරීක්‍ෂණයක්‌ සිදු කරනවා.

ප්‍රශ්නය - සරත් ෆොන්සේකා මහතාගේ ඉදිරිපත් වීම ඔබට අභියෝගයක්‌ ද?

පිළිතුර - කිසිම අභියෝගයක්‌ නැහැ. එයා මම පත් කරපු නිලධාරියෙක්‌. දෙපාර්තමේන්තු ප්‍රධානියෙක්‌. නිලබල ධුරාවලිය බැලුවාම ඔහු සිsටින්නේ මට වඩා තනතුරු 20 ක්‌ පහළින්. ඔහු මට වගකිව යුතුව සිටි කෙනෙක්‌. ඉතිං එහෙම කෙනා මට කොහොමද අභියෝගයක්‌ වෙන්නේ.

2006 දී මෙයාගේ වෙබ් අඩවිය විවෘත කර තිබෙනවා. එයාගේ දුවයි ඒක කළේ. මට හිතෙන්නේ මේක ඔහුගේ ඔලුවේ තිබිලා තියෙනවා. වාසනාවකට මට පාකිස්‌තානයේ සුල්ෆිකාර් අලි භූතෝට වෙච්ච දේ වුණේ නැහැ. එදා ඔහුත් හමුදාපතිව සිටි සියා උල්හක්‌ අතින් මැරුම් කෑවා. මම එච්චර අවාසනාවන්ත වුණේ නැහැ.

ප්‍රශ්නය - ශ්‍රී ලංකා යුද හමුදාව කුමන්ත්‍රණයක්‌ ඇති කිරීම සඳහා කටයුතු කරමින් සිටින බැවින් ඔබ විසින් ඉන්දියාවෙන් ඒ සඳහා ආධාර ඉල්ලා සිටියාද?

පිළිතුර - ඒක අමූලික බොරුවක්‌.

ප්‍රශ්නය - ඔබගේ ජනාධිපති ධුරයේ කාලය නිමවීමට තව වසර දෙකක්‌ තිබෙනවා. එසේ තිබියදී වසර හතරකින් ජනාධිපතිවරණයක්‌ පැවැත්වීමට ඔබ තීරණය කළේa ඇයි?

පිළිතුර - මට ජනාධිපති ලෙස උතුරෙන්a ඡන්ද ලැබුණේ නැහැ. ඒ පළාතේ ඡන්දය පාවිච්චි කිරීමේ නිදහස ප්‍රභාකරන් විසින් උදුරා ගෙන තිබුණා. දැන් අපි නිදහස්‌ රටක්‌. මගේ යුතුකමක්‌ තිබෙනවා. මේ මුළු රටේම ජනතාවගේ නායකයා වන්න. ඒකයි, ප්‍රජාතන්ත්‍රවාදය ස්‌ථාපිත කිරීම. අනික්‌ අතින් මගේ නව වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරවීම.

ප්‍රශ්නය - ජනාධිපතිතුමනි, ඔබ මාධ්‍යයේ මිත්‍රයෙකු වශයෙනුයි සලකන්නේ. නමුත් ඔබ ජනාධිපති ලෙස කටයුතුකළ වසර හතරක කාලය තුළ ප්‍රධාන කර්තෘවරයකු ඝාතනය වුණා. තවත් ප්‍රධාන කර්තෘවරයකුට කැපුම්, කෙටුම් තුවාල සිදු කළා. මාධ්‍යවේදීන්ට සිදු කරන පහරදීම් හේතුවෙන් අවසානයේ බොහෝ පිsරිසක්‌ විදේශගත වී සිටිනවා. මෙහි වගකීම ඔබ පවරන්නේ කාටද?

පිළිතුර - මම ඒ වගකීම් එදාම බාර ගත්තා. එදාත් මම ඒක කිව්වා. අදත් කියනවා. මම ඒ දේවල් කාගෙවත් පිටඋඩ දාන්නේ නැහැ. ඒ චෝදනා ආවේ මගේ හමුදාපතිවරයාට. මගේ යටතේ සිටින අය මම රකින්න ඕනේ. අද එයා මාත් එක්‌ක තරග කරනවා කියලා මම ඔහු පාවා දෙන්න සූදානම් නැහැ. ඔහු පමණක්‌ නොවෙයි මා යටතේ වැඩ කරපු කිසිම කෙනෙකු මම පාවා දෙන්නේ නැහැ.

එයා නම් එයා යටතේ හිටපු හමුදාව පාවා දුන්නා. ජෝෂප් මයිකල් පෙරේරා, රනිල් වික්‍රමසිංහ ලසන්තගේ ඝාතනය ගැන එදා චෝදනා කළේ aකාටද? මේවා කරපු අය කවුද කියලා, මාධ්‍ය ක්‍ෂේත්‍රයේ අය දන්නවනේ. මාධ්‍යය මේ ඇත්ත දැනගෙනත්, ප්‍රකාශ කරන්aන බයවෙලා හිටියා. මාධ්‍ය නිදහස ගැන කතා කරන අය මතක තියාගන්න ඕනේ තව දෙයක්‌ තියෙනවා. පසුගියදා ලංකාදීප පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක්‌ සම්බන්ධව විපක්‍ෂ නායකවරයා ප්‍රසිද්ධියේ ඒ පත්‍රයට තර්ජනය කළා. ඒ මාධ්‍යවේදිනිය මරණ තර්ජන කරලා. දැන් ඇය රැකියාවෙනුත් ඉවත්වෙලා. මේවාට කෑගහන්න අද මාධ්‍ය ඔස්‌කාර්ලා නැත්තේ මොකද? බැරි වෙලාවත් මගේ කටින් මේ වචනය කිය වුණා නම්, අද එන්. ජී. ඕ. කාරයෝ කී දෙනෙක්‌ විරෝධතා පවත්වනවාද?

මම පැහැදිලිවම එක දෙයක්‌ මතක්‌ කරන්න කැමැතියි. පසුගිය කාලයේ කරපු යුද්ධවලදී, ඒ සියලුම ආණ්‌ඩු මාධ්‍යයන්ට වාරණ පැනෙව්වා. බලධාරීන් පත් කළා. අපි කොටි ත්‍රස්‌තවාදීන් පරදවන්නට යුද්ධ කරද්දීත් මාධ්‍යයට කිසිම වාරණයක්‌ පැනෙව්වේ නැහැ. අපිs විජයග්‍රාහී යුද්ධයක්‌ කරමින් මාධ්‍යය සමග වැඩ කළේ එහෙමයි. මෙයාල මේ විපක්‍ෂයේ ඉඳන් මාධ්‍යයට තර්ජන කරන හැටි කොහොමද? මෙයාලට බලය ආවොත් කොහොම කරයිද? අපිට ඔච්චර ගහද්දී අපි පත්තරවලට තර්ජනය කළාද? මගේ කාලේ මාධ්‍යයන්ට හිරිහැර කරපුවා දැන් එළියට එනවා. ඊයේ පෙරේදා එක්‌කෙනෙක්‌ ටිකක්‌ හෙළි කළාලු. ඒ මනුෂ්‍යයාවත් සුදු වෑන් එකක්‌ ඇවිත් උස්‌සන් යන්න හදලා.

ප්‍රශ්නය - ආසියාවේ ෙඓශ්චර්යයක්‌ බවට ශ්‍රී ලංකාව පත් කරන බව ඔබගේ මහින්ද චින්තන ඉදිරි දැක්‌ම ප්‍රතිපත්තිය ප්‍රකාශයේ සඳහන් වෙනවා. ඒ ඉලක්‌කය ගැන සඳහන් කළහොත්.

පිළිතුර- අපි මේ යන ගමන අනුවයි ඒ ඉලක්‌කය හදා ගත්තේ. බෝම්බ වෙඩි වරුසා මැද්දේ ලෝකයේ කිසි කෙනෙක්‌ හැරිලාවත් බලපු නැති රටක්‌ විදිහටයි ශ්‍රී ලංකාවේ නම පැවතුණේ. අපි ඒ තිස්‌ වසරක කැලැල මේ රටෙන් ඉවත් කළා. දැන් මුළු ලෝකයම මේ රට දිහා බලාගෙන ඉන්නවා. ලෝකයේ වැඩිම වේගයෙන් දියුණුවන කොටස්‌ වෙළඳපොළ තියෙන්නේ මේ රටේ. සංචාරකයන්ට ලෝකයේ යා හැකි හොඳම රට ලෙස නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත මේ රට නම් කළා. වසර හතරක අපි ගිය ගමනෙන් මෙතැනට රට ගෙනාවා. විවෘත ආර්ථිකය මේ රටට ගෙනාවේ 1977. ඒ අය මොනවාද මේ රටේ කරපු ව්‍යාපෘති. එක ගුවන් පාලමක්‌ හැදුවද? පාලම් හැදුවද? විදුලිබලාගාර ඉදිකරමින්, නව වරාය, ගුවන් තොටුපළ ආදිය ඉදිකරමින් මේ රට සංවර්ධනය කරා මේ වසර හතරේ රැගෙන ගියාද නැද්ද? අනාගතය දිහා බලලා සැලසුම් කරලා තමයි මේ වැඩ අපි කළේ.

මේ විදිහට අපි ගිය ගමන ලබන වසර කිහිපය තුළ මේ රට ආසියාවේ ෙඓශ්චර්යක්‌ බවට පත්කරන්න පුළුවන් තැනට ගෙනැල්ලා තිබෙනවා.

ප්‍රශ්නය - මීට වඩා ආකර්ෂණීය පොරොන්දුවක්‌ සරත් ෆොන්සේකා මහතා තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදී දී තිබෙනවා.

පිළිතුර - ඔව්. නමුත් මම කියන්නේ කරන්න පුළුවන් දේවල් විතරයි. මටත් රුපියල් දහදාහ ගානේ පඩි වැඩි කරන්න කියලා පොරොන්දු දෙන්න පුළුවන්. සල්ලි අච්චු ගහලා ඒක කරන්නත් පුළුවන්. හැබැයි කඩේට ගිහිල්ලා බඩු මල්ලක්‌ ගන්න සල්ලි ගෝනියක්‌ අරගෙන යන්න වෙයි. රුපියල් දහයේ බුලත් විටක්‌ ගන්න සල්ලි මිටි ගණන් අරගෙන යන්න වෙයි. සිම්බාබ්වේ රට පත්වෙච්ච තත්ත්වයට මේ රටත් පත් වෙයි. මම ලැහැස්‌ති නැහැ ඒ වගේ බොරු මායාවන් ජනතාවට මවා පාලා රටත්, ජනතාවත් අනාථ කරන්න.

ප්‍රශ්නය - දෙමළ සන්ධානය සමග සරත් ෆොන්සේකා පාර්ශ්වය අත්සන් කළ ගිවිසුමක්‌ ගැන මේ දිනවල සඳහන් වෙනවා. දෙමළ සන්ධානයේ මන්ත්‍රීවරු ඔබ හමුවීමටත් පැමිණියා. තීරණාත්මක මැතිවරණයකදී, ඔවුන්ගේ සහාය ඔබ ලබානොගත්තේ ඇයි?

පිළිතුර - වසර තිහක්‌ රටේ ජනතාව දුක්‌විඳලා රණවිරුවන්ගේ සිවිල් ජනතාවගේ ජීවිත දහස්‌ ගණනක්‌ බිලිදීලා, ආබාධිත වෙලා මේ රට යළි ඒකීය රාජ්‍යයක්‌ ලෙස තහවුරු කළාට පස්‌සේ, එල්. ටී. ටී. ඊ. ය බලාපොරොත්තු වෙච්ච ඊළාම් රාජ්‍යය වෙනත් ආකාරයකින් දෙන්න මට වුවමානවක්‌ නැහැ. මේ යුද්ධය ඉවර කරලා මාස කීපයකින් මේ තත්ත්වය ඇතිවෙන්නේ අලුත් ඊළාම්වාදී, බලාපොරොත්තු ඇති කරගෙන කටයුතු කරන පිරිසකට රට පාවලා දෙන්න බැහැනේ. මට ලැබෙන පුද්ගලික වාසිය ද රටට ද කියන එකේදී මට වැදගත් වෙන්නේ මම දණබිම තියලා වදින මේ මගේ මාතෘ භූමියයි. මගේදිවි හිමියෙන් මම ඒක කිසිම දෙයකට පාවා දෙන්නේ නැහැ. අවුරුදු තිහක්‌ තිබ්බ යුද්ධය, ලෝකයේ සියලු බලවතුන්ට නොනැමී, මම නිමා කර මේ රට එක්‌සේසත් කළා. එහෙම කරපු මම මේ රට කිසි කෙනකුට කිසිම දේකට පාවා දෙන්නේ නැහැ. දෙමළ සන්ධානයේ අය මාත් එක්‌ක කතා කරන්න ඇවිල්ලා මට සහයෝගය දීම සඳහා කොන්දේසි ඉදිරිපත් කළා. උතුර හා නැගෙනහිර දෙපළාත එක්‌ කිරීම, එම පළාත්වල ස්‌වයංපාලනයක්‌ ස්‌ථාපිත කිරීම, සියලුම හමුදා කඳවුරු එම පළාත්වලින් ඉවත් කිරීම, සියලුම එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස්‌ කිරීම කොන්දේසි ඒ අය ඉදිරිපත් කළා. මම ඒ අයට බැහැ කිව්වා. ඒ කොන්දේසි කිසිවක්‌ මට පිළිsගන්න බැහැ කිව්වා. රට බෙදන්න වෙන නිසා අපි අයින් කරපු ඒ පිරිස, අනිත් පැත්තෙන් පිළිගත්තා. නමුත් මගේ ප්‍රතිපත්තිය මම කිසි ලෙසක වෙනස්‌ කරන්නේ නැහැ.

ප්‍රශ්නය - ජනාධිපතිවරණයේදී මැතිවරණ ප්‍රචණ්‌ඩ ක්‍රියා බොහොමයක්‌ සිදුවන බව විරුද්ධ පක්‍ෂය පවසනවා. විරුද්ධ පාර්ශ්වයේ කටවුට්‌ කැඩීමේ සිට, ඝාතන තෙක්‌ ඒවා දුරදිග ගොස්‌ තිබෙනවා. මෙම සතියේ මුලදී තංගල්ලේදී එක්‌ පුද්ගලයකු වෙඩි තබා මරා දමා තිබෙනවා. මෙය මැඩ පැවැත්වීමට ඔබ කටයුතු නොකරන්නේ ඇයි?

පිළිතුර - මම කටවුට්‌ ගලවන්න කියලා, පොලිසියට නියෝග කළා. මැතිවරණ කොමසාරිස්‌තුමාට මගේ ලේකම්තුමා ඒ ගැන සඳහන් කරලා ලියුම් දෙකක්‌ දැම්මා. පොලිස්‌පතිතුමාටත් යෑව්වා. එහෙම ගහලා, හොර කරලා ඡන්ද ජයග්‍රහණය කිරීම මගේ සම්ප්‍රදාය නෙවෙයි. මම ඒ වැඩේ කවදාවත් කළේ නැහැ. තංගල්ලේ සිදුවූ ඝාතනය, දෙශපාලන හේතුවක්‌ නිසා සිදුවූ දෙයක්‌ නෙමෙයි. ඒ මිනීමරුවා ගැන දැන් පොලිසිය සොයාගෙන තිබෙනවා. මේ මැරිලා තියෙන්නේ ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ කෙනෙක්‌. ඒ අයගේ ගෙවල්වල ගහලා තියෙන්නේ මගේ පිංතූරේ.

රුපියල් පන්දාහක මුදලක්‌ ලබා ගන්නයි, කණ්‌ණාඩි ගන්නයි තමයි මේ කෙනා ගිහිල්ලා තියෙන්නේ. ගිය බස්‌ එකෙත් ගහලා තිබිලා තියෙන්නේ මගේ පිංතූරේ. සම්පූර්ණයෙන්ම මේක පුද්ගලික ප්‍රශ්නයක්‌.

ප්‍රශ්නය - ආරක්‍ෂක මාණ්‌ඩලික ප්‍රධානී ධුරයෙන් සමුගෙන ෆොන්සේකා මහතා ඔබ සමඟ නිල වශයෙන් අවසන් හමුවීම සිදු කරන විට ඔබ ඔහු අමතා කර තිබූ ප්‍රකාශයක්‌ මාධ්‍යයේ වාර්තා කර තිබුණා. ගිහිල්ලා, ආයි මං ගාවටම එන්න" 26 වැනිදායින් පසුව ඔහු ඔබ ළඟට ආවොත්......

පිළිතුර - ඔව්. එයා ආයි එනවා. එයාට එන්නත් පුළුවන්. හැබැයි, එයා මට කරපු සියලු වැරැදි ෙද්‍රdaහිකම්වලට මට සමාව දෙන්න පුළුවන්. අපේ රණවිරුවන් ජීවිතයෙන් වන්දි ගෙවමින් ලබාගත්ත මේ ජයග්‍රහණය පාවා දෙන්න කරපු ෙද්‍රdaහි කර්තව්‍යය තමයි මට තියෙන එකම ගැටලුව.

සාකච්ඡා කළේ - මනෝඡ් අබයදීර, අනුර බාලසූරිය

 
Powered By -