2010 ජනවාරි 15 සිකුරාදා

 

    Advertising Rates
    Subscription Rates
    Submit Your Opinion
    Divaina Editor
    Webmaster


ඡන්ද නීති කඩන
චණ්‌ඩින්ට වරදී

ජනාධිපතිවරණය සම්බන්ධව මැර ක්‍රියා කිරීමට පෙළඹෙන පුද්ගලයන් සහ ඒ සඳහා උසිගන්වනු ලබන පුද්ගලයන් ලැබෙන පැමිණිලි සහ සාක්‍ෂි අනුව ඔවුන්ගේ පක්‍ෂය බලය හා තරාතිරම නොබලා නීතිය ඉදිරියට ගෙන එන බව පොලිස්‌පති මහින්ද බාලසූරිය මහතා "දිවයින"ට ප්‍රකාශ කළේය.

 


ද්‍රවිඩ සන්ධාන පිරිසක්‌
ඉන්දියාවට යති

මෙම ද්‍රවිඩ සංධාන කණ්‌ඩායමට ඉන්දීය රජය විසින් ඇරයුම් කර ඇතැයි ද වාර්තා වේ.



ලොව පුරා හින්දු බැතිමත්තු
ඊයේ (14 දා) අති උත්කර්ෂවත් අන්දමින් තෛපොංගල් උත්සවය සැමරූහ. ඊට සමගාමීව විපක්‍ෂයේ ජනාධිපති පොදු අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කොළඹ රාජකීය විද්‍යාල මාවතේ කාර්යාලයේදී විශේෂ තෛපොංගල් උත්සවයක්‌ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වූ අයුරු ඡායාරූපයෙන් දැක්‌වේ.
ඡායාරූප - නිශාන් එස්‌. ප්‍රියන්ත


ගුරුවරුන් දෙදෙනකුගේ තැපැල් ඡන්ද හොරට දාලා
මැතිවරණ ඉතිහාසයේ ප්‍රථම වතාවට තැපැල් ඡන්ද ව්‍යාජ ලෙස සලකුණු කිරීමේ සිද්ධිය මාතලෙන් වාර්තා වී තිබේ.




  • ද්‍රවිඩ සන්ධාන ඉල්ලීම් දුන්නොත්
    උ/නැ පොලිසියත් ඉවත් කරන්න වෙයි

    - ජනාධිපති
    ද්‍රවිඩ සංධානය ඉදිරිපත් කළ ඉල්ලීම් දුන්නේ නම් ඔවුන් පොලිසිය ද උතුරු නැගෙනහිරින් ඉවත් කරන්නැයි ඉල්ලන්නේ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍යවේදීන් අමතා පැවසීය. ද්‍රවිඩ සංධානය උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන ලෙස හා එකී ප්‍රදේශවලින් ආරක්‍ෂක හමුදා ඉවත් කරන්නැයි ඉල්ලා සිටි නමුත් තමා එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළ බව කියා සිටියේය.
     

  • පෞද්ගලික අංශයේත් වැටුප් වැඩි කිරීමට
    මා පියවර ගන්නවා

    - ජෙනරාල් සරත් ෆොන්සේකා
    රටේ දැනට පවතින ජීවන වියදම සැලකිල්ලට ගෙන සියලු රාජ්‍ය සේවකයන් සඳහා රුපියල් 10,000 ක වැටුප් වැඩිකිරීමට තීරණය කළා සේ ම ව්‍යාපාර ක්‍ෂේත්‍රය සමඟ සාකච්ඡා කොට පෞද්ගලික අංශයට වැටුප් වැඩි කරන බව හෙතෙම කීය.

 
  • වසර 63 ක හෙළ සිනමා ඉතිහාසයේ
    සැබෑ නොවූ සිහිනය චිත්‍රපට සංරක්‍ෂණාගාරය

    ඉතිහාසය වනසා දැමීම තරම් මතු පරපුරට
    කරන තවත් අපරාධයක්‌ නොමැති තරම්ය.
    මේ අපරාධය අපේ ජාතික සිනමාව කෙරෙහි
    ද සිදුවෙමින් පවතින්නේ මෑතක සිට නොවේ.
    ශ්‍රී ලාංකේය සිංහල සිනමා වංශ කතාවට මෙම
    21 වැනිදාට වසර 63 ක්‌ සම්පූර්ණ වෙයි. එහෙත්
    මෙම වසර 63 ක ඉතිහාසය මතු පරපුරට
    අද ආරක්‍ෂා වී ඇත්ද?
     

  • මම ස්‌වාධීනව ගොඩනැගුණු කලාකාරියක්‌
    සේම්ණි ඉද්දමල්ගොඩ

    දේශපාලනය කියන්නේ මම
    කතා කරන්නවත් අකමැති මාතෘ
    කාවක්‌. මම ඔය තරගයේ කොතනක
    වත් නැහැ. මොකද මට අනුන්ගෙන් ලබාගන්න
    ඕන දේවල් හරි සීමිතයි. මම විසින් ඇති
    කරගෙන තියෙන ස්‌වාධීන දේවල් මත ගොඩ
    නැගුණු කලාකාරිණියක්‌. ඒ නිසා කාගෙවත්
    අතකොළුවක්‌ වෙන්න මම යන්නේ නැහැ.

  • මා මෙවර ලබන්නේ
    ජයග්‍රහණයක්‌ නොව විජයග්‍රහණයක්‌

    අපි තනතුරු පස්‌සේ ගියේ නැහැ. ජනතාව තමයි අපිට තනතුරු ලබා දුන්නේ. නමුත් සමහරුන්ට මේ සියල්ලට වඩා වැදගත් කෙටි මාර්ගයෙන් බලයට ඒම. එතකොට ඔවුන්ට යාළු මිත්‍රකම් කළගුණ සියල්ල අමතක වෙනවා. ඒවා හොඳ දේවල් නොවුණට ලෝකයේ තිබෙන සාමාන්‍ය දේවල්.

  • යෞවනයේ මහා ක්‍රිකට්‌ මංගල්‍යය අද ඇරැඹේ
    අනාගත ක්‍රිකට්‌ ලෝකය දිග් විජය කරන්නට පෙර යොවුන් වියේදීම සමකාලීනයන් සමග උරෙන් උර ගැටී පන්නරය ලබන්නට සැරසෙන යෞවනයන්ගේ මහා ක්‍රිකට්‌ මංගල්‍යය අද (15 දා) රටවල් 16 ක සහභාගිත්වයෙන් නවසීලන්තයේදී ආරම්භ වෙයි.


 

Kapruka Shopping |  News

                                                            
                                                                                 උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
                                                                                  223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.

Powered By -