ද්‍රවිඩ සන්ධාන ඉල්ලීම් දුන්නොත්
උ/නැ පොලිසියත් ඉවත් කරන්න වෙයි

- ජනාධිපති

ෂමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩු

ද්‍රවිඩ සංධානය ඉදිරිපත් කළ ඉල්ලීම් දුන්නේ නම් ඔවුන් පොලිසිය ද උතුරු නැගෙනහිරින් ඉවත් කරන්නැයි ඉල්ලන්නේ යෑයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මාධ්‍යවේදීන් අමතා පැවසීය. ද්‍රවිඩ සංධානය උතුර නැගෙනහිර ඒකාබද්ධ කරන ලෙස හා එකී ප්‍රදේශවලින් ආරක්‍ෂක හමුදා ඉවත් කරන්නැයි ඉල්ලා සිටි නමුත් තමා එම ඉල්ලීම් ප්‍රතික්‍ෂේප කළ බව කියා සිටියේය.

පොලිස්‌ බලතල යම් පිරිසකට ලබා දීමෙන් රටේ නැවතත් අර්බුදයක්‌ මතුවනු ඇතැයි ද කියා සිටි ඒ මහතා තමා එවන් බලතල පළාත් සභාවලට ලබා දෙන්නේ නැතැයි පැවසීය.

කොටි බෙදුම්වාදීන්ගෙන් ශ්‍රී ලංකාවට තවමත් තර්ජනයක්‌ එල්ලවී තිබෙන බව ද රාජපක්‍ෂ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

 
Powered By -