රජයේ රෝහල්වල අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග 5ක්‌ හිඟයි

ඒමන්ති මාරඹේ

රජයේ රෝහල්වල අධි රුධිර පීඩනය, කොලෙස්‌ටරෝල් ඇතුළු රෝගාබාධයන් සඳහා ලබා දෙන අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග පහක්‌ මේ දිනවල හිඟව පවතින බව රෝහල් ආරංචි මාර්ග පැවසීය. ඇටෝවැස්‌ටටීන්, ලොසාටන් එනලප්‍රිල්, ක්‌ලොපිඩොග්‍රෙල් හා ඇටෙනාලොල් යන බෙහෙත් වර්ග මෙසේ හිඟව පවතින බව එම ආරංචි මාර්ග කීවේය.

මේ සම්බන්ධව විමසූ විටදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස්‌ මහතා කියා සිටියේ මෙම බෙහෙත් වර්ග ඇතුළු අත්‍යවශ්‍ය බෙහෙත් වර්ග හතළිහක්‌ මෙම දිනවල රජයේ රෝහල්වල හිඟව පවතින අතර එම බෙහෙත් වර්ග සියල්ල ඉදිරි සතිය ඇතුළතදී මෙරටට ගෙන්වීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.

 
Powered By -