ජෙනරාල්ගේ බෑනාට එරෙහි අවි චෝදනාව අසත්‍යයක්‌
- මංගල සමරවීර


ප්‍රභාත් විතාන

ජෙනරාල් සරත් ෆොන්සේකාගේ බෑනා ව්‍යාජ අත්සන් යොදා අවි ගෙන්වූ බවට කරන චෝදනාව අසත්‍යයක්‌ යෑයි එක්‌සත් ජාතික පෙරමුණේ සම මාධ්‍ය ප්‍රකාශක මංගල සමරවීර මහතා පැවැසීය.

මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණය ප්‍රචාරණය වෙලා තියෙන්නේ මූත් හොරා මාත් හොරා කියන එකයි. තමන් වගේම සරත් ෆොන්සේකා මහතාත් හොරකම් කරන බව පෙන්වීමට ඉතාමත්ම බාල අන්දමේ ප්‍රචාරණ ව්‍යාපාරයක්‌ ක්‍රියාත්මක කරන රාජපක්‍ෂ ආණ්‌ඩුව සරත් ෆොන්සේකා මහතාත් දූෂිතයෙක්‌ බවට පෙන්වන්න හදනවා යෑයි මංගල සමරවීර මහතා පැවසීය.

ඒ සඳහා රජයේ වියදමින් මේ වන විට විවිධ ආකාරයේ පුද්ගලයන් යොදවා තියෙන බවත් සමරවීර මහතා කියා සිටියේය.

මංගල සමරවීර මහතා මේ බරැ9ව පැවසුවේ

(13 වැනිදා) පෙරවරුවේ රාජගිරියේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

එහිදී වැඩිදුරටත් කරුණු දැක්‌වූ මංගල සමරවීර මහතාá

උපුල් ඉලංගම්ගේ නමැති මහත්මයෙක්‌ හෝටලයකට ගෙන්නා පෙරේදා ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ පැවැත්වුවා. මේ චෝදනා ඉදිරිපත් කරන්න ඇවිත් සිටින පුද්ගලයා කවුද? මේ උපුල් ඉලංගම්ගේ කියන පුද්ගලයා ආණ්‌ඩුවේ මුදල්වලින් තමයි ලංකාවට ඇවිත් තියෙන්නේ. වොෂිංටන් නුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ මුදල්වලින් මොහු ඇවිත් තියෙන්නේ. මේ සඳහා මොහුට ඇමරිකානු ඩොලර් මිලියන 2.5 ක්‌ දෙනවා කියල තියෙනවා. ඒ කියන්නේ රුපියල් කෝටි 25 ක්‌. රජයේ ආරක්‍ෂාව ඇතුව රජයේ වාහන පාවිච්චි කරමිනුයි මොහු මේ මඩ ව්‍යාපාරය ගෙනියන්නේ. මේ චෝදනාව කුමක්‌ද? පසුගිය සතියේ පුවත්පත්වල දැන්වීමක්‌ පළ කර තිබුණා සරත් ෆොන්සේකා මහතාගේ අවි ගනුදෙනුවට සම්බන්ධයි කියලා. ඒක දැන්වීමක්‌ නොවෙයි, කැලෑ පත්තරයක්‌ කිව්වොත් නිවැරැදියි.

සරත් ෆොන්සේකා මහතාට මේ සමාගමට කිසිම සම්බන්ධයක්‌ නෑ. ධනුන තිලකරත්නගේ නමින් ඇමරිකාවේ ලියාපදිංචිවූ හයිකෝප් ඉන්ටර්නැෂනල් ආයතනය ලංකා හමුදාවට උපකරණ ලබාදීමට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි වී තිබෙනවාද කියා රටට කියන්න කියලා මම ආරක්‍ෂාක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අභියෝග කරනවා. මේ ප්‍රකාශය මම ඉතා වගකීමෙන් යුතුවයි ප්‍රකාශ කරන්නේ.

ශ්‍රී ලංකාවට ආයුධ ගෙන්වන ආයතන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුයි. හයිකෝප් ඉන්ටර්නැෂනල් ආයතනය ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලියාපදිංචිවෙලා නෑ. ඒ අය ශ්‍රී ලංකා හමුදාවට අයුද තියා පැන්සලක්‌වත් ගෙන්වා නෑ. ඊළඟට සැප්රෝ ඉන්ටර්නැෂනල් කියන ආයතනයත් මේ ආයුද ගෙන්වීමට සම්බන්ධයක්‌ නෑ. එහි හිමිකරු දකුණු ඇමරිකානු ජාතිකයෙක්‌. ධනුන තිලකරත්න මහතා මේ ආයතනයෙන් වැටුප් ලබන සේවකයෙක්‌.

2005 නොවැම්බර් මාසයේ හයිකෝප් ඉන්ටර්නැෂනල් යූ එස්‌ සමාගම ඔක්‌ලහෝමා නගරයේ ලියාපදිංචි කරන විට ධනුන තිලකරත්න සරත් ෆොන්සේකා මහතාගේ බෑණා නොවෙයි. ඔහු ෆොන්සේකා මහතාගේ බෑණා වන්නේ 2007 ජුලි 08 වැනිදායි.

අනෝමා ෆොන්සේකා මහත්මියට 2001 වසරේ ග්‍රීන්කාඩ්පත හිමිවෙනවා. පසුව සරත් ෆොන්සේකා මහතාටත් ග්‍රීන්කාඩ් එක හිමිවෙනවා. ඒක පුරවැසිකමක්‌ නොවෙයි. ඒක ඒ රටේ රැකියාවක්‌ කළ හැකි වීසා එකක්‌. ඔය බැසිල් රාජපක්‍ෂවලට වගේ රටදාලා ගිහින් කියාවක්‌ කරන්න පුළුවන්. නමුත් ග්‍රීන්කාඩ් තියාගෙන සරත් ෆොන්සේකා මහතා යුද්ධයෙන් පැනල ගියෙ aනෑ. එතුමා යුද්ධය කර කර මැරිල ඉපදුන කෙනෙක්‌. අවසාන මොහොත දක්‌වා සිටියා. එතුමා ග්‍රීන් කාඩ් එක වෙනුවෙන් තමාගේ දුවගේ ස්‌වාමිපුරුෂයාගේ ලිපිනය ඉදිරිපත් කර තියෙනවා. ඒක තියෙන වැරැද්ද මොකක්‌ද? ඒකෙ වරදක්‌ අපි දකින්නේ නෑ. එතුමාට වෙනම ගෙයක්‌ ඇමරිකාවේ තිබුණ නම් ඒ කුමක්‌දැයි කියා සොයා බලන්න ඕනෑ ඔය චෝදනා කරන අය. තමුන්නාසේdගේ දරුවනුත් පිටරටවල ජීවත්වෙනවා නම් තමුන්නාන්සේලා ඒ රටට යනව නම් දාන්නේ ඒ දරුවන් සිටින ලිපිනයන් තමයි. වෙන කාගෙවත් ලිපිනයන් දාන්නේ නෑ.

දැන් මෙතන මේ අය ජනතාව තුළ ලොකු ප්‍රශ්නයක්‌ හදන්න හදනවා හයිකෝප් ඉන්ටර්නැෂනල් කියන සමාගමයි හයිකෝප් ප්‍රයිවට්‌ ලිමිටඩ් කියන සමාගමයි එකක්‌ කියලා. මේක වුවමනාවෙන්ම දැන දැන කවලම් කරන් නහදනවා. මොකද මේ හමුදාවට ස්‌කෑනර්, ජෙනරේටර් වගේ දේවල් සපයා තිබෙන්නේ ශ්‍රී ලංකාවේ ලියාපදිංචි හයිකෝප් ප්‍රයිවට්‌ ලිමිටඩ් කියන සමාගමයි. ඒ සමාගමට හයිකෝප් ඉන්ටර්නැෂනල් කියන සමාගමේ කිසිම සම්බන්ධයක්‌ නෑ.

හයිකෝප් කියන නම ගූගල් වෙබ් අඩවියට ගොස්‌ නිරීක්‍ෂණය කළහොත් ලෝකය පුරා හයිකෝප් නමින් සමාගම් 110 ක්‌ පමණ එක එක රටවල්වල තියෙනවා. එහෙම නම් මේ අය මොකක්‌ද මේ කතා කරන්නේ? දැන දැන ජනතාව නොමඟ යෑවීමේ තුට්‌ටු දෙකේ කුමන්ත්‍රණයක්‌ මේ කරන්නේ.

2009 නොවැම්බර් මාසය වන විට අපි සරත් ෆොන්සේකා මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට තීන්දු කර අවසන්. ඒ නිසා ධනුන තිලකරත්න මහතාත්, ඔහුගේ බිරිඳත් තමන්ගේ පියාගේ මැතිවරණ ව්‍යාපාරයට සම්බන්ධවීමට අවශ්‍ය නිසා ලංකාවට එනවා. ඇමරිකාවේ මාස ගණනක්‌ සිටීමට නොහැකිවන නිසා හයිකෝප් ඉන්ටර්නැෂනල් සමාගමේ ලියාපදිංචි නියෝජිතයෙක්‌ පත් කරනවා. ඒක ඇමරිකාවේ ඕනෑම නිත්‍යානුකූල සමාගමක්‌ කරන දෙයක්‌. තමන් නැති අතරේ ඒ ව්‍යාපාරයේ කටයුතු ඉදිරියට ගෙනයැමටයි මේ නියෝජිතයා පත් කරන්නේ. නමුත් ලියාපදිංචි පුද්ගලයෙක්‌ පත් කළත් හයිකෝප් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති ලෙස කටයුතු කරන්නේ ධනුන තිලකරත්න මහතාමයි. යම්කිසි ආකාරයට ඔහුට මේ තත්ත්වය වසන් කිරීමට වුවමනාවක්‌ තිබුණා නම් ඒ තනතුරෙන්ද ඉවත්වෙන්න තිබුණා.

ධනුන තමයි එදත් අදත් හයිකෝප් ඉන්ටර්නැෂනල් සමාගමේ සභාපති. දැන් කියනවා රුවින්ද ගුණරත්නගේ අත්සන මාරුකරල කියලා. ඒකත් වසන් කරලා තියෙන්නේ මේ ආණ්‌qව. මෙන්න මේ ආකාරයෙන් තමයි අද මුළු රටම නොමඟ යෑවීම සඳහා රාජපක්‍ෂලා මේ මඩ ව්‍යාපාරය නින්දිත ලෙස ගෙන යන්නේ.

මම නැවතත් කියනවා හයිකෝප් ඉන්ටර්නැෂන් කියන සමාගම ආරක්‍ෂාක අමාත්‍යාංශයේ ලියපාදිංචිවෙලා නැහැ කියලා. ඒ විතරක්‌ නොවෙයි මේක මහා වංචාවක්‌ සෙ පෙන්වීමට හදනවා. සරත් ෆොන්සේකා මහතා මේවාට සම්බන්ධයි කියා පෙන්වන්න හදන මේ පව්කාරයන්ට හෙන ගහන්න ඕනෑ. මේ වගේ බොරු හදන අයට හෙන ගහන්න ඕනෑ. ඇත්තටම ඉදිරියේදී හෙණ ගහන හැටි අපට බලාගන්න පුළුවන්වේවි.

මෙතැන තියෙන්නේ ජනතාව නොමඟÊයවලා රාජපක්‍ෂ පවුලේ තියෙන මහා වංචා දූෂණ වසන් කර ගැනීමෙක්‌ ක්‍රියාවලියක්‌ පමණයි කියලා පැහැදිලිව වගකීමෙන් මම කියනවා. මම මේ කියපු කාරණා බොරු බවට හැකිනම් ඔප්පු කරන්න කියලා ආරක්‍ෂක ලේකම් ඇතුළු රාජපක්‍ෂ පවුලට අභියෝග කරනවා.

මෙහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදරාජ රාජපක්‍ෂ හා බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී නීතිඥ ශිරාල් ලක්‌තිලක මහතාද අදහස්‌ දැක්‌වීය.

 
Powered By -