රාජ්‍ය නිලධාරීන් ඡන්ද කොමසාරිස්‌ගේ උපදෙස්‌ කඩලා
පැෆරල් සංවිධානය


අමිල අබේරත්න

රාජ්‍ය නිලධාරීන් මැතිවරණ කොමසාරිස්‌වරයාගේ උපදෙස්‌ උල්ලංඝනය කර ඇති බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්‌ටිආරච්චි මහතා පැවැසීය.

ඒ මහතා එසේ පැවසුවේ 13 වැනිදා කොළඹ සිනමන් ලේක්‌ සයිඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.

17 වැනි සංශෝධනය හරහා ස්‌වාධීන මැතිවරණ කොමිසම ස්‌වාධීන අධිකරණ කොමිසම, ස්‌වාධීන පොලිස්‌ කොමිසම පත් නොකර ඇති නිසා සුපිලිපන්න භාවයකින් යුතු මැතිවරණයක්‌ බලාපොරොත්තු නොවිය හැකි බව ඒ මහතා ප්‍රකාශ කළේය.

ඉදිරි දින 12 ඇතුළතදීවත් මැතිවරණයේ සුපිලිපන්නභාවය ආරක්‌ෂා කර ගැනීමට රාජ්‍ය නිලධාරීන්ගේ, පොලිස්‌ නිලධාරීන්ගේ හා මහජනතාවගේ සහාය මැතිවරණ කොමසාරිස්‌වරයාට ලබාදිය යුතු යෑයි ද ඒ මහතා පැවැසීය.

උතුරේ අවතැන් ජනතාවගෙන් බොහෝ පිරිසකට ඡන්ද අයිතිය අහිමිවී ඇති බව ද රජය ඒ සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක්‌ ගෙන නැතැයිද ඒ මහතා ප්‍රකාශ කළේය.

තාවකාලික හැඳුනුම්පත් නොලැබුණු උතුරේ ලක්‍ෂ 10 ක පමණ පිරිසක්‌ සිsටින බවත් ඒ සඳහා තාවකාලික හැඳුනුම්පත් භාර ගැනීමේ දිනය මේ මස 15 වැනිදා දක්‌වා දීර්ඝ කර ඇති බව ද ඒ මහතා පැවැසීය.

මෙම මාධ්‍ය හමුවට විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ අධ්‍යක්‍ෂ පාක්‍යසෝති සරවනමුත්තු, ට්‍රාන්ස්‌පේරයයි ඉන්ටර් නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ ෙ-. සී. වැලිඅමුණ සහ කැෆේ සංවිධානයේ අධ්‍යක්‍ෂ කීර්ති තෙන්නකෝන් යන මහත්වරුද සහභාගි වූහ.
 

 
Powered By -