ජෙනරාල් සරත් ෆොන්සේකා මඩ දේශපාලනයේ
පහත්ම තැනට වැටිලා

ගෝඨාභය රාජපක්‍ෂ

මාතලේ විශේෂ - නිමල් ගුණතිලක

වෛරී පලිගැනීමේ දේශපාලනයේ නියුතු ජෙනරාල් සරත් ෆොන්සේකා මඩ දේශපාලනයේ පහත් තත්ත්වයට පත්ව සිටින්නේ යෑයි ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා (12 දා) මාතලේදී පැවැසීය.

මේ රටේ විශ්වසනීය වෙනසක්‌ සඳහා දේශපාලනයට පිවිසුනා කියන පොදු අපේක්‌ෂක යුද පිටියට ජවයක්‌ දුන් ශවේන්ද්‍ර සිල්වා සිරගත කරන බවත්, විමල් වීරවංශ මහතාට කටු ලෙවකන්නට සලස්‌වන බවත් කියා තිබෙනවා. මාව සිර කූඩුවක හිටගෙන ඉන්නට සලස්‌වන බවත් පසුගියදා ප්‍රකාශ කළා. මේ විශ්වාසනීය දේශපාලනයේ වෙනසදැයි විමසීය.

මට හෝ මගේ පවුලේ උදවියගේ නමින් මෙරට හෝ පිටරට බැංකුවක මුදල් තැන්පත් කර තිබේදැයි සොයන්න මම ලිපියක්‌ වුණත් දෙන්න සූදානම්.

1936 සිට රාජපක්‍ෂ පවුල රාජ්‍ය පාලන තන්ත්‍රයට සම්බන්ධ වී සිsටින්නේ. රාජපක්‍ෂ පවුල රටට සේවයක්‌ කළා මිස දූෂණය, වංචාව සිදුකර නැහැ. බලය ලබා ගැනීමේ පටු අරමුණින් ඇතැම් අය සිදු කරන ප්‍රකාශ රට අස්‌ථාවර කිරීමට, අවදානම් තත්ත්වයට පත් කිරීමට බලපා තිබෙනවා කීය.

මාතලේ පුරහලේදී මාතලේ සහ රත්තොට ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීම සඳහා පැවැති හමුවේදී ආරක්‌ෂක ලේකම්වරයා මේ බව කීය.

නාගරික සංවර්ධන ඇමැති රෝහණ දිසානායක, මධ්‍යම පළාත් මහාමාර්ග ඇමැති බන්දුල යාලේගම, ඡේ. ආර්. පී. සූරියප්පෙරුම යන මහත්වරු ද සහභාගි වූහ.


 

 
Powered By -