සූර්යග්‍රහණය පියවි ඇසින් බලන්න එපා!

ජගත් කණහැරආරච්චි

උදා වූ දශකයේ ප්‍රථම සූර්යග්‍රහණය අද (15 දා) පෙරවරුවේ ශ්‍රී ලංකාවට දර්ශනය වේ. මෙය පියවි ඇසින් නොබලන ලෙසත්, නැරඹීම සඳහා ආරක්‍ෂිත උපක්‍රම භාවිත කරන ලෙසත් ආතර් සී ක්‌ලාක්‌ තාරකා විද්‍යා පර්යේෂණ මධ්‍යස්‌ථානය ජනතාවට අවවාද කරයි. වළයාකාර සූර්ය ග්‍රහණයක්‌ ලෙස ශ්‍රී ලංකාවේ උතුරු දෙසට බරව වඩාත් හොඳින් නිරීක්‍ෂණය කළ හැකි මෙම සූර්යග්‍රහණය කොළඹ ප්‍රදේශය ඇතුළු දකුණු භාගයට පෙරවරු 11.12 ට ආරම්භ වී උපරිම දර්ශනය පස්‌වරු 1.19 ට ද, ග්‍රහණය අවසානය පස්‌වරු 3.06 ට ද සිදුවන බව ආතර් සී. ක්‌ලාක්‌ මධ්‍යස්‌ථානයේ තාරකා විද්‍යාඥ ආචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන් කරයි.

ආරච්චිකට්‌ටුව හා යාපනය පුස්‌තකාලයේදී විශේෂ කඳවුරු දෙකක්‌ මේ සඳහා පැවැත්වෙන බව ද සඳහන් කරන එම මධ්‍යස්‌ථානය ග්‍රහණ ඡායාරූප වෙබ් අඩවිය ඔස්‌සේ විකාශය කිරීමට ද කටයුතු යොදා ඇත.

 

 
Powered By -