ජෙනරාල්ගේ මහා පාවාදීමට එරෙහිව
අද කළුතරදී නීතිඥවරු උද්ඝෝෂණයක


මාතෘ භූමියෙන් LTTE ත්‍රස්‌තවාදය අතුගා දමා දිනාගත් නිදහස තහවුරු කිරීම සඳහාත්, ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහාත් එළඹෙන ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ජය තහවුරු කිරීම සඳහා ප්‍රාදේශීය වශයෙන්ද නීතිඥවරු ක්‍රියාකාරීව සහභාගිවී ඇති බව සාමාන්‍ය ජනතාවට ඒත්තු ගැන්වීම සඳහාත් ජනාධිපති අපේක්‍ෂක සරත් ෆොන්සේකාගේ මහා පාවාදීම එළිදරව් කරමින් විශ්‍රාමික හමුදාපතිවරයෙකුගේ විකාර දේශපාලන උන්මාදය ජනතාවට හෙළිදරව් කිරීම සඳහාත් කළුතර දිස්‌ත්‍රික්‌ ශ්‍රී ලංකා නිදහස්‌ නීතිඥ සංවිධානය 2010.01.15 වන දින පස්‌වරු 4.00 ට කළුතර නගරයේදී දැවැන්ත උද්ඝෝෂණයක්‌ හා අත්පත්‍රිකා බෙදා හැරීමේ වැඩසටහනක්‌ සංවිධානය කර ඇත. මෙම වැඩසටහන සඳහා කොළඹ, ගල්කිස්‌ස, හෝමාගම, කැස්‌බෑව, මොරටුව, රත්නපුර යන අධිකරණයන්හි නීතිඥවරුද සහභාගි වෙති.

 
Powered By -