කොල්ලකරුවන් ගැන තොරතුරු ලැබෙමින් පවතිනවා

ලක්‍ෂ 72 කොල්ල කෑ අය අද හෙටම
අත්අඩංගුවට ගන්නවා

ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට කියයි


ඇන්ටන් ප්‍රනාන්දු - ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ භූමියේ ඇති ස්‌වයංක්‍රීය (ටෙලර්) මුදල් යන්ත්‍රයේ තැන්පත් කිරීමට ගෙනා රුපියල් ලක්‍ෂ 72 ක මුදල කොල්ල කා පලාගිය සන්නද්ධ කොල්ලකරුවන් පිළිබඳ තොරතුරු පොලිසිය වෙත ලැබෙමින් පවතින බවත් අද හෙටම ඔවුන් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවනු ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරියකු ඊයේ (14 දා) "දිවයින"ට පැවැසීය.

පසුගිය 12 වැනිදා ටෙලර් යන්ත්‍රයේ ගබඩා කිරීම සඳහා මුදල් රැගෙන ආ අවස්‌ථාවේ ලංකා බැංකු කළමනාකාරිණියගෙන් එම මුදල කොල්ලකා තිබේ.

ආයුධ සන්නද්ධව යතුරු පැදි තුනකින් පැමිණි කොල්ලකරුවන් තිදෙනකු මෙම කොල්ලකෑම සිදුකර තිබෙන අතර එම අවස්‌ථාවේ බැංකු කළමනාකාරියගේ ආරක්‍ෂාවට පැමිණි බැංකු නිලධාරීන් නිරායුධව පැමිණ ඇති බවත් පොලිස්‌ පරීක්‍ෂණ වලදී අනාවරණය වී තිබේ.
 

 
Powered By -