රැස්‌වීමකට සැරසිලි කරමින් සිටියදී
වැල්ලම්පිටියේත් දේශපාලන ගැටුමක්‌


ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඇන්ටන් ප්‍රනාන්දු

වැල්ලම්පිටිය උමගිලිය ක්‍රීඩාංගණයේ සැරසිලි කරමින් සිටි ජෙනරාල් සරත් ෆොන්සේකාගේ පාක්‍ෂිකයන් පිරිසක්‌ හා ප්‍රබල දේශපාලන පක්‍ෂයක සාමාජිකයන් පිරිසක්‌ අතර පෙරේදා (13 වැනිදා) රාත්‍රි 11.30 ට පමණ ඇති වූ ගැටුමකින් දෙපාර්ශ්වයේම අයට තුවාල සිදු වී ඇතැයි පොලිසිය පවසයි.

මෙම ගැටුමින් ප්‍රබල දේශපාලන පක්‍ෂයේ බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකුට අයත් වෑන් රථ තුනකට ද දැඩි අලාභහානි සිදු වී ඇතැයි උසස්‌ පොලිස්‌ නිලධාරියෙක්‌ "දිවයින" ට පැවැසීය.

 
Powered By -