"ඡන්ද පත්‍රිකා පැහැර ගත්තැයි"
බොරු පැමිණිලි කළ තැපැල් සේවකයා අත්අඩංගුවට


සිරිල් විමලසුරේJද්‍ර, යටිනුවර - සුධර්මා ගුණතිලක

පිරිසක්‌ විසින් තමාට පහර දී නිළ ඡන්ද පත්‍රිකා පැහැර ගන්නා ලද බවට ව්‍යාජ පැමිණිල්ලක්‌ කිරීමේ සිද්ධියක්‌ සම්බන්ධයෙන් දන්තුරේ තැපැල් සේවකයෙක්‌ කඩුගන්නාව පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

බදාදා (13 දා) පස්‌වරුවේ යටිනුවර උඩවල ප්‍රදේශයේ නිළ ඡන්ද පත්‍රිකා බෙදා දෙමින් සිටියදී නාඳුනන කල්ලියක්‌ තමා බියගන්වා ඡන්ද පත්‍රිකා 69 ක්‌ පැහැර ගෙන ගිය බව තැපැල් සේවකයා පොලිසියට පැමිණිලි කර ඇත.

පැමිණිල්ල පරීක්‍ෂා කළ කඩුගන්නාව පොලිසිය නිළ ඡන්ද පත්‍රිකා 69 සඟවා තිබියදී සොයා ගන්නා ලදී.

ඉන් පසුව පොලිසියට ව්‍යාජ පැමිණිල්ලක්‌ කළැයි තැපැල් සේවකයා කඩුගන්නාව පොලිසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

කඩුගන්නාව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍ර. පො. ප. රෝහාන් වනිගසේකර මහතා වැඩිදුර පරීක්‍ෂණ පවත්වන අතර, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට ද කටයුතු කරගෙන යයි.

 
Powered By -