සරසවි සිසු අර්බුදවලට විසඳුම් සෙවීමට
විශේෂ කමිටුවක්‌ පත් කරනවා

ජෙනරාල් සරත් ෆොන්සේකා කියයි

විශ්වවිද්‍යාල සිසුන් මුහුණදී සිටින අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා උගත් බුද්ධිමත් කණ්‌ඩායමකින් සමන්විත කමිටුවක්‌ පත්කරන බව ජනාධිපතිධුර අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ (14 දා) පෙරවරුවේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් සහ සිසුන් පිරිසක්‌ ඒ මහතාගේ කාර්යාලයේදී හමුවූ අවස්‌ථාවේ සරත් ෆොන්සේකා මහතා කියා සිටියේ ජනාධිපති යටතේ පවතින විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සම්බන්ධයෙන් රටේ විශ්වවිද්‍යාල ප්‍රජාවගේ කිසිදු පැහැදීමක්‌ නොමැති බවයි.

විශ්වවිද්‍යාල සඳහා සුදුසුකම් ලබන සිසුන්ගෙන් ඉතා සීමිත පිරිසකට පමණක්‌ විශ්වවිද්‍යාලවලට ඇතුළුවීමට ලැබෙන අවස්‌ථාව ඉදිරියේදී වෙනස්‌ කරන බව සඳහන් කළ සරත් ෆොන්සේකා මහතා ඒ සඳහා ලබන 26 වැනිදා තමා ජනාධිපතිධුරයට පත්වූ වහාම විශේෂ කමිටුවක්‌ පත්කරන බවද කියා සිටියේය.
 

 
Powered By -