ජෙනරාල්ගේ සුදුවැල්ල කාර්යාලයටත් මැර ප්‍රහාරයක්‌

දෙල්ගොඩ - ඩබ්ලිව්. ඩී. විතාන හා මාකොළ - සචිත්‍ර ඇල්වලගේ

ජනපති අපේක්‍ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ කොළඹ සුදුවැල්ල ප්‍රදේශයේ පිහිටි ජනපතිවරණ කාර්යාලයට ඊයේ (14 වැනිදා) අලුයම සුදු පැහැති වෑන් රථ දෙකකින් පැමිණි පිරිසක්‌ විසින් එයට පහර දී කඩාදමා විනාශ කර දමා ඇත.

මොවුන් විසින් එහි ප්‍රදර්ශනය කර තිබූ ජෙනරාල් සරත් ෆොනසේකා මහතාගේ කටවුට්‌ කඩා දමා බැනර් හා කොඩිවැල් ද කපා දමා කොඩි කණු ද රැගෙන ගොස්‌ තිබේ.

මෙයින් සිදු වූ අලාභය රුපියල් ලක්‍ෂයක්‌ පමණ වන බව කී කොළඹ දිස්‌ත්‍රික්‌ එ. ජා. පක්‍ෂ සංවිධායක නීතිඥ අජිත් පතිරණ මහතා මේ සිද්ධිය පිළිබඳව මරදාන පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබෙන බව ද "දිවයින" ට කීය.

 
Powered By -