ආනයනය කරන පළතුරු සඳහා ප්‍රතිපත්තියක්‌ අවශ්‍යයි

ලකී වෛද්‍යසේaකර - අම්බලන්තොට අතිරේක

එතෙරින් ආනයනය කරනු ලබන පළතුරුවලට ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ නොකළ හොත් දේශීය පළතුරුවලට අපල කාලයක්‌ උදාවනු ඇතැයි හම්බන්තොට දිස්‌ත්‍රක්‌කයේ පළතුරු වගාකරුවෝ පවසති. සබරගමු පළාතේ පලතුරු වගාකරුවන්ද මෙම මතය දරති.

ඇඹිලිපිටිය වලව කලාපය කෙසෙල් රජදහන නමින් හඳුන්වනු ලබන කලාපයක්‌ද ඇතැයි පවසන වලව ප්‍රදේශයේ පළතුරු වගා කරුවෝ මෙන්ම හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ වගාකරුවෝද දැනට ශ්‍රී ලංකාව පළතුරු වලින් ස්‌වයංපෝෂිත බැවින් පිටරටින් පළතුරු ගෙන් වීම වහාම නවතා දැමීම හෝ අවම කිරීමට අදාළ අංශ පියවර ගත යුතුබව පවසති. මේ අතර වලව කලාපයේ පමණක්‌ දැනට කෙසෙල් වගාකරුවෝ 8500 ක්‌ පමණ සිටින බව ළඟදී කරන ලද සමීක්‍ෂණයකදී හෙළිවී ඇත.



උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
                                                                                  223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.

Powered By -