විශ්‍රාමික ජෙනරාල්ගේ ඇද වැටීම

* වඩුක්‌කොඩෙයි ප්‍රඥප්තිය බිඳ වැටෙයි

* කොටි වෙබ් අඩවි කම්පා වේ

* හිටපු ජෙනරාල්ට කේළම කිව්වේ බොම්බඩියර්

* එන්.ජී.ඕ. සංවිධාන සලිත වෙයි

* නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම හා කොන්දක්‌ ඇතැයි හඳුන්වාගත් මාධ්‍ය කණ්‌ඩායම දෙලොවක්‌ අතර

* බටහිර තානාපති අරමුණු සුන් වේ

-ෆොන්සේකා සමග එකඟ වූ ගිවිසුම සම්පන්දන් මට පෙන්නුවා"


- එම්. කේ. සිවාජිලිංගම්

S
ivajilingam states Sampanthan showed me the agreement with Fonseka

අපි වෙනසක්‌ ඇති කළ යුතුයි.

- මනෝ ගනේෂන්

W
e need to bring change - Mano ganeshan

ජනරාල්ට ද්‍රවිඩයන් බලය පවරනවා. ලන්ඩනයේ ඉන්ඩිපෙන්ඩන්ට්‌ පුවත්පත

Tamils may hand power to general The Independent

ශ්‍රී ලංකාවේ මීළඟ ජනාධිපති වන්නේ ෆොන්සේකායි.

- ද ඔස්‌ටේ්‍රලියන් පුවත්පත

ද්‍රවිඩ ඡන්දවලින් මහින්දව ගෙදර යෑවීමට හැකි වෙනවා.

- ෆොන්සේකා

ජනාධිපති වුණාම අපි උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීමට සාකච්ඡා පවත්වනවා.

- ආර්. සම්පන්දන් ද්‍රවිඩ සංධාන නායක

Tamils votes indipensable to send Mahinda home when Fonseka is elected president -  We will certaninly hold talks will him to unite north and east
- R.  Sampanthan



ඔහු ඇතුළු වූ දොරෙන්ම ආපහු පිටතට ගියේ යෑයි ඕමාර් කයියම් නමැති සුප්‍රසිද්ධ කවියා වරක්‌ කියා සිටියේය.

විශ්‍රාමික ජනරාල් සරත් ෆොන්සේකාට සිදු වූයේද එයයි. පසුගිය බදාදා දිනවල මෙරට ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රතිඵලවලින් වත්මන් ජනාධිපතිවරයා ජයගත් බව සටහන් වෙත්ම බටහිර තානාපතිවරු විදේශ අරමුදල් මත යෑපෙන එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම - ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ කළ ජර්මනියේ ෙ-.ඩී.එස්‌. සංවිධානය - මෙරට කොටි හිතවාදී විද්යුත් නාලිකාවක්‌ සහ කොළඹ කොටි හිතවාදීහු දැඩි ලෙස කම්පනයට පත්වූහ.

පසුගිය මැයි 19 වැනිදා කොටි ඝාතක සමාගම සමූලඝාතනය වීමත් සමග කොටි ජාත්‍යන්තර ජාලය ඇද වැටුණා. එහෙත් ද්‍රවිඩ සන්ධානය සහ ජනරාල්වරයා අතර සම්බන්ධකම් ඇතැයි ජනරාල්ට ඡන්දය දෙන ලෙස ප්‍රකාශ වීමත් සමගම අළු ගසා දැමූ කොටි යළි කරළියට පැමිණියහ.

ද්‍රවිඩ සන්ධානයේ නායක ආර්. සම්පන්දන් පසුගිය සෙනසුරාදා නල්ලූර්හි පැවැති දේශපාලන රැලියකදී මේ සබඳතාව සනාථ විය. අපි කළ ඉල්ලීම්වලට මහින්ද එකඟ වූයේ නැහැ. එහෙත් ෆොන්සේකා අපේ ඉල්ලීම්වලට සාධාරණයක්‌ ඉටු කිරීමට එකඟ වුණා. ඔහු ජනාධිපති වුණාම උතුරු නැගෙනහිර එක්‌ කිරීමට අපි සාකච්ඡා කරනවා. එම සාකච්ඡාවලින් පසු අපේ අරමුණු ඉටුකර ගැනීමට බටහිර ප්‍රජාව ප්‍රමුඛ ජාත්‍යන්තර රටවල සහාය පතනවා යයි සම්පන්දන් මේ රැලියේදී කියා සිටියේය.

W
e will seek the help of the international countries including the western world achieving our goals in the talks with sarath Fonseka

සම්පන්දන් මෙම ප්‍රකාශය කරන අවස්‌ථාවේ විදේශ මාධ්‍ය ඒජන්තවරු කොළඹ සිට තොරතුරු විකාශනය කරමින් ද්‍රවිඩයන් ජනරාල්ට බලය ලබාදෙන බවද කියා සිටියහ. මෙයට සමගාමීව සම්පන්දන් ලන්ඩනයේ ටෙලිග්‍රාප් පුවත්පත අමතමින් ජනතාවට අවශ්‍ය වී ඇත්තේ ජනාධිපතිව ඉවත් කරලීම යෑයිද කියා සිටියේය.

මේ අතර හිටපු ජනරාල්වරයා අතිශයෝක්‌තියෙන් යුත් ප්‍රකාශ කරනු ලැබීය.

තමා ඡන්ද ලක්‌ෂ 10 කින් ජයගන්නා බව හෙතෙම සඳහන් කළේය. එසේම අතිරේක ඡන්ද සියයට 10 කින්ද තමාට ජය ලැබෙන බව ඔහු පළ කළේය.

පොලිසියේ සහ හමුදාවේද රජයේ සේවකයන්ගේද සියයට අසූවක්‌ තමාට ලැබෙන බවත්, මින්නේරිය කඳවුරේ ඡන්ද 195 කින් 192 ක්‌ද, 51 වැනි බලසේනාවේ ඡන්ද 80 න් 72 ක්‌ද හිමිවන බවත් තමාගේ හඳහන මහින්දට වඩා හොඳ බවත් හිටපූ ජනරාල්වරයා පැවසූ බව ස්‌විස්‌ කොටි වෙබ් අඩවිය විසින් දක්‌වා ඇත. S
arth Fonseka mention his horoscope was many times gazed by Mahinda Rajapaksha

මේ හිටපු ජනරාල්ගේ ප්‍රකාශය ජාත්‍යන්තර කොටි ජාලය විසින් මුළුමණින්ම පිළිගත්හ. ඒ අනුව ස්‌විට්‌සර්ලන්තය, ඕලන්දය සහ ජර්මනිය යන රටවල ජනමත විචාරණයක්‌ පැවැත්වූ කොටි ජාත්‍යන්තර ජාලය ඊළම් ප්‍රජාවගෙන් සියයට 99 ක්‌ ශ්‍රී ලංකාවේ ඊළම් රාජ්‍යයක්‌ පිහිටුවීමට එකඟ බව කියා සිටියහ.

ඒ වන විට හිටපු ජනරාල්වරයාගේ තවත් ප්‍රකාශයක්‌ යුරෝපා කොටි වෙබ් අඩවියේ පළ විය. එහි මෙලෙස සඳහන් වේ.

මා බලයට පත්වුණාම යුරෝපා රටවලට ගොස්‌ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා ශ්‍රී ලංකාවට එරෙහිව කර ඇති යුද අපරාධ චෝදනා ගැන කරුණු දක්‌වනවා.

Fonseka said that when he takes power he would visit European countries and would give a detail explanations and war crimes

මේ විශ්‍රාමික ජනරාල්වරයා යුරෝපා රටවලට ගොස්‌ සාවද්‍ය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා සාවද්‍ය යුද අපරාධ චෝදනා ගැන ප්‍රතිචාර දැක්‌වීමට තීරණය කළේ ඇයි?

ඔහු සිය ජනාධිපතිවරණ මෙහෙයුම හෙවත් එස්‌.එෆ්. මෙහෙයුම ආරම්භ කළේ ආරක්‌ෂක ලේකම් ගෝඨාභය රාජපක්‌ෂ විසින් මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට කොටින්ව විනාශ කරන ලෙස නියෝග කළ බව මාධ්‍යවේදියකු තමාට පැවසූ බවට දැක්‌වූ ප්‍රකාශයකිනි.

මේ "කේලම" කී මාධ්‍ය අඳ බාලයා බොම්බඩියර් නමින් හඳුන්වන්නෙකි. බොම්බඩියර් පසුගිය දින කීපය තුළ මාධ්‍ය ලැයිස්‌තුවක්‌ද සකස්‌ කරමින් සිටි බව අනාවරණය විය.

මේ අතර විශ්‍රාමික ජනරාල්වරයා මුළු යුද හමුදාවම තමාගේ අණසකට යටත් යෑයි අදහස්‌ කළේය. 27 වැනිදා රජය නීති විරෝධී ක්‍රියා කළහොත් යුද හමුදාව නිසි ප්‍රතිචාරය දක්‌වන බවද ඔහු කියා සිටියේය.

The Govt. will get the right answer from the army.

එහෙත් පසුගිය 27 වැනිදා ඔහුට හමුදාවේ සහාය නොලැබිණ. හිටපු ජනරාල්ගේ සහායකයන් වූ බ්‍රිගේඩියර්වරයකු ඇතුළු හිටපු කමාන්ඩෝ භටයන් 19 ක්‌ ආරක්‌ෂක අංශ අත්අඩංගුවට පත්වී තිබුණි. එසේම 27 වැනි දහවල් කොළඹ සුපිරි හෝටලයක සිටි හමුදාවෙන් පැනගිය තවත් සෙබළුන්, භටයන්ද අත්අඩංගුවට ගැනුණි.

මෙලෙස හිටපු ජනරාල්වරයා බලයෙන් ඇද වැටෙද්දී ඔහුගේ සහායට සිටි පාර්ශ්වයන්ගේ අරමුණුද සුන්විය. මෙරට ජාතික ආරක්‌ෂාව බිඳ දමා ජනරාල්වරයා බලයට එනු ඇතැයි අතිශයින්ම බලාපොරොත්තු වූ පිරිස මෙසේය.

* කොළඹ කොටි හිතවාදී මාධ්‍ය

* විදෙස්‌ අරමුදල් ලබන සාම වෙළඳුන්

* නිදහස්‌ මාධ්‍ය ව්‍යාපාරික කණ්‌ඩායම

* ජාත්‍යන්තර කොටි ජාලය

* රාජ්‍ය මාධ්‍ය ආයතනවල කොන්දක්‌a ඇතැයි හඳුන්වාගත් මාධ්‍ය කණ්‌ඩායම

(මේ කිසිවෙක්‌ ප්‍රභාකරන් විනාශ කළ යුතු යෑයි එදා කියා සිටියේ නැත.)

* ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධකරුවන් කිරීමට සැලසුම් කළ ජර්මනියේ ෙ-.ඩී.එස්‌. නම්වූ කොටි හිතවාදී මාධ්‍ය සංවිධානය හා රංජිත් ලොග් බිලර් කණ්‌ඩායම.

* තේරීම ඇත්තේ ඝාතන නියෝග දුන් මිනිසා සහ ඝාතන සිදුකළ මිනිසා අතර යෑයි පැවසූ උතුරේ මාධ්‍ය

* කොළඹ බටහිර ඇතැම් තානාපතිවරු

* මඩ වෙබ් අඩවි

මෙවර ජනාධිපතිවරණයෙන් සිය ස්‌වයංපාලන අරමුණු ඉටුකර ගැනීමට හැකිවනු ඇතැයි කොටි ජාත්‍යන්තර ජාලය විශ්වාස කළහ. මෙම අපේක්‌ෂාව ඉටුකරදීමට ශ්‍රී ලංකාවෙන් පැනගිය විවිධ කොටි හිතවාදී හමුදා නිලධාරීන්ද උත්සාහ කළහ. මෙයට සති තුනකට පෙර ස්‌විඩනයේ ස්‌ටෝරේ නගරයේ සැඟවී සිටින හිටපු නාවික නිලධාරියක්‌ අප අමතා 27 වැනිදා මම ලංකාවට එනවා. එදාට බලාගත හැකියි කුමක්‌ද වන්නේ යෑයි කියා වහසිබස්‌ දෙඩීය. එහෙත් අද මේ අසරණයාට සිදුවී ඇත්තේ ස්‌විඩනයේ දේශපාලන රැකවරණ පැතීමටය.

මොහු කොටි හිතවාදීන් සමග දැඩි සබඳකම් පැවැත්වූවෙකි. ඊට අදාළ ලිපි ලේඛන ද අප සතුව පවතී. ජෙනරාල් යටතේ ආරක්‍ෂක ලේකම්වීමට උදම් ඇනූ මේ හිටපු නාවික නිලධාරියා අද කබලෙන් ලිපට වැටී ඇත. මේ අතර මෙවර ජනාධිපතිවරණය 2005 පැවැති ජනාධිපතිවරණයට වඩා විශේෂත්වයක්‌ දරන්නේ නැඟී සිටීමට උත්සාහ කළ කොටි බලවේග ජනතාව විසින් රටේ ජාතිය ආරක්‍ෂාව උදෙසා පරාජය කිරීමෙනි.

ස්‌විට්‌සර්ලන්තයේ සිට ලොව පුරා යෑවුqණු විද්යුත් පණිවුඩ හා වෙනත් අභිරහස්‌ ක්‍රමවේදයන් ද ජනාධිපතිවරණයට එක්‌වී තිබුණි. ජනවාරි 26 වැනිදා මෙරට ජනතාව පරාජය කළේ කොටි හිතවාදීන් පමණක්‌ නොව 1971 හිටපු කැරැලිකරුවන් කණ්‌ඩායමයි. මේ හැර ඇතැම් මහාචාර්යවරු දකුණු කොරියාවේ මිනීමරු ආඥදායක සැන්ග් යුන්ග් නමැති හමුදා ජනරාල්වරයා නිසා දකුණු කොරියාවේ සංවර්ධනය ඇති වූ බව පවසමින් මෙරට හිටපු ජෙනරාල්වරයා දේශපාලනයට ඒම ගැන ප්‍රශ්නයක්‌ නැතැයි කියා සිටියහ.

එහෙත් සැන් යුන්ගිව ඝාතනය වූයේ ඔහුගේම බුද්ධි නායකයාගෙන් මේ සියල්ලටම වඩා හිටපු ජෙනරාල්වරයාගේ එස්‌. එෆ්. මීඩියා නමැති මාධ්‍ය ඒකකයෙන් ප්‍රකාශයට පත් වූ යුද්ධයෙන් විපතට පත් වූ ජනතාවට සහන සැලසීමේ කරුණු කීපයකින් මියගිය ගෞරවනීය සෙබළුන් අවමානයට ලක්‌ කළේය.


මේ එකී කරුණුයි.

1. අධි ආරක්‍ෂක කලාප ඉවත් කෙරේ.

2. සියලුම අතුරු කණ්‌ඩායම් විසුරුවා හැරේ.

3. ආරක්‍ෂක හමුදා කඳවුරු නැවත ස්‌ථාන ගත කෙරේ.
High  security zones to be dismantled in keeping with the relocation of the security forces

3. 2002 පෙබරවාරි 21 සහ 22 යන දිනවල අත්සන් කළ ව්‍යාජ සටන් විරාම ගිවිසුම තුළින් කොටි ඝාතන කණ්‌ඩායම ඉල්ලා සිටියේ ද මෙම ඉල්ලීමය.

ජනාධිපති හමුවීමට පැමිණි සම්පන්දන් ප්‍රමුඛ කණ්‌ඩායමද මෙම ඉල්ලීම් ඉදිරිපත් කළ නමුත් ප්‍රතික්‍ෂේප විය. එහෙත් විශ්‍රාමික ජනරාල්වරයා කොටි රූකඩය වූ ද්‍රවිඩ සංධානයේ ඉල්ලීමට එකඟ විය. මේ සතියේ ආරක්‍ෂක කරළිය දෙස විමර්ශන කරද්දී ජාත්‍යන්තර කොටි ජාලය විසින් ජනාධිපතිවරණය පිළිබඳ තීන්දුවක්‌ දෙමින් හිටපු ජනරාල්වරයා ජය ගන්නා බව කියා සිටියේය.

කොටින්ගේ මේ නිගමනය විදේශ මාධ්‍ය හා ඉතාලිය, බ්‍රිතාන්‍යය, ස්‌විට්‌සර්ලන්තය වැනි රටවල සිටින ඇතැම් ශ්‍රී ලාංකිකයන් විසින්ද පිළිගනු ලැබීය.

මේ අතර තමන්ට වන්නි මෙහෙයුම සඳහා රජය සැපයූවේ පතරොම් පමණක්‌ යෑයි විශ්‍රාමික ජනරාල්වරයා වරක්‌ කියා සිටියේය. එහෙත් රජය බර අවි සැපයූ බව මේජර් ජනරාල් ප්‍රසන්න සිල්වා අනාවරණය කළේය. මෙලෙස හිටපු ජනරාල් විවිධ ප්‍රකාශ කරද්දී විපක්‍ෂ නායකවරයා යුරෝපයේ ජී. ටී. වී. චන්ද්‍රිකා රූපවාහිනිය සමඟ සම්මුඛ සාකච්ඡාවක්‌ පවත්aවෙමින් මැතිවරණයෙන් පසු යාපනයේ යුද සේනාංක දකුණට කැඳවන බව කියා සිටියේය.
Accepted to  bring our troops to south  from Jaffna.

එහෙත් 27 වැනිදා දහවල් වනවිට එකී අරමුqණු බිඳවැටිණි. මුළු හමුදාවම තම අණසකට නතුවනු ඇතැයි තරයේ විශ්වාස කළ විශ්‍රාමික ජනරාල්වරයා කොළඹ සුපිරි හෝටලයකට කොටු වී සිටියේය. ඒ හෝටලය වට කළේ ඔහුම කලක්‌ අණ දුන් හමුදාවයි.

හිටපු ජනරාල්වරයා වන්නි මෙහෙයුමට උරදුන් හමුදා නිලධාරීන් තිදෙනකු සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ද හමුදාවට අමතක නොවේ.

ඒ මේජර් ජෙනරාල් ෂවේන්ද්‍ර සිල්වා වාගි ගාල්ලගේ සහ ප්‍රසන්න සිල්වාට එරෙහිවය.




ජාතික ආරක්‍ෂාවට කැප වූ ජනාධිපතිගේ විජයග්‍රහණය





කොටින් විසින් යොමු කර තිබූ යුද අපරාධ ලැයිස්‌තුවෙන් හිටපු

ජනරාල්ව ඉවත් කර තිබූ අයුරු.





- කීර්ති වර්ණකුලසූරිය

 
Powered By -


 උපාලි නිව්ස්‌පේපර්ස්‌ ප්‍රයිවට්‌ ලිමිටඩ්
 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.