2010 පෙබරවාරි 05 සිකුරාදා
රට එක්‌සේසත් කළා සේම සියලූ ජාතීන්ගේ හදවත් එක්‌සේසත් කරනවා 62 වැනි නිදහස් දින සමරුවේදී ජනාධිපති කියයි අපි මේ මව්බිමෙන් එක බිම් අඟලක් තබා පස් පිඩැල්ලක් පාවා දෙන්නේ නෑ. බලය රැක ගන්න එක පියවරක් හෝ ආපස්‌සට ගන්න සූදානම් නෑ. ඒ වගේම රට වෙනුවෙන් ඕනෑම දුෂ්කර තත්ත්වයක් හමුවේ පියවර දහයක් වුවත් ඉදිරියට යන්න අපි සූදානම්.
ඉදිරි දින කීපයේදී පොලිසියේ 100 කට මාරු දේශපාලන කටයුතුවලට දායක වී ඇති බවට ලත් තොරතුරු මත ඉදිරි දින කීපයේදී පොලිස් නිලධාරීන් 100 කට අධික සංඛ්‍යාවක් මාරු කෙරෙන බව ආරංචි මාර්ග දක්‌වයි. මොවුන් අතර සෘජුව සම් බන්ධ වූ නියෝජ්‍ය පොලිස්‌පතිවරුන් දෙදෙනකු සිටින බවට හෙළි වී ඇත.
ජෙනරාල්ගේ බෑනා පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා හමුදා බුද්ධි අංශ ප්‍රකාශකයෙක් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා මැතිවරණ වේදිකාවේදී ප්‍රකාශ කර තිබුණේ දනුන තිලකරත්න මහතා මැතිවරණයෙන් පසු නීතියේ හමුවට ඉදිරිපත් කරන බවය.
උඩරට ප්‍රදේශයේ බෝංචි සහ තක්‌කාලිවල තොග මිල අඩුවෙලා උඩරට ප්‍රදේශයේ මේ දිනවල වගාකර ඇති ප්‍රධානතම එළවළු වර්ග දෙක වූ බෝංචි හා තක්‌කාලිවල තොග මිල ඉතාමත් පහත බැසීම නිසා තම අතකර රන්බඩු බැංකුවලට උගස්‌කර හා විවිධ වානිජ ආයතන වලින් වගා ණය ගෙන එළවළු වගා කළ ගොවිහු එම ණය ගෙවා ගත නොහැකිව මහත් දූෂ්කර තාවයකට පත්ව සිටිති.
ප්‍රේමයේ චමත්කාරය රාගයෙන් අඳුරු කිරීම බලවත් අපරාධයක්! "ගොළු හදවතින් එදා ඔබට හමු වූ "සුගත්" (වික්‍රම බෝගොඩ) කියූ කතාවක්
"ඇය සැබවින්ම සුගත්ට ආදරය කළාය. සුගත් බාල කාලයේදීම ඇය නිහාල් නමැති ඥතියාට විවාහ කර දෙන්නට මව්පියන් තීරණය කර තිබිණි. එය සෘජුව සුගත්ට පවසා තමා අත් විඳිමින් සිටින චමත්කාරයෙන් අත් මිදෙන්නට ඈ නොකැමති වූවාය. පාසලෙන් අස්‌වී යන දිනයේ ඇය සුගත් ගෙන් සමුගත්තේ වැළපෙන හදවතින්ය. දම්මි සුගත් ගේ ජීවිතය සමග සෙල්ලම් කළාය.
හමුදාව ජෙනරාල්කරණයෙන් ගලවා ගැනීම! මෙම හමුදා කුමන්ත්‍රණයේ ඇති භයානක තත්ත්වය නම් යුද හමුදාවේ මාණ්‌ඩලික ප්‍රධානි ස්‌වේච්ඡා බලසේනා සේනාවිධායක , නියෝජ්‍ය මණ්‌ඩලික ප්‍රධානි යුද උපකරණ පාලක ජෙනරාල් සේනාංකාධිපති බලසේනාධිපති අණදෙන නිලධාරි වැනි වගකිව යුතු උසස් තනතුරු හොබවන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු රැසක් ඊට සහභාගි වී ඇති බවට තොරතුරු හෙළිවීමය.
අන්තර් පළාත් තරගාවලිය හෙට සිට මෙවර තරගාවලියේදී බස්‌නාහිර උතුර තිලිණ කණ්‌ඩම්බි විසින්ද, බස්‌නාහිර දකුණ ටී. එම්. ඩිල්ෂාන් විසින්ද, කඳුරට කුමාර් සංගක්‌කාර විසින්ද, රුහුණ උපුල් තරංග විසින්ද, වයඹ ජෙහාන් මුබාරක් විසින්ද සහ ඒකාබද්ධ කණ්‌ඩායම හාන්ස් ප්‍රනාන්දු විසින්ද මෙහෙයවනු ලබයි.
උපාලි නිව්ස්‌පේපර්ස් ප්‍රයිවට් ලිමිටඩ් 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.