පින්ලන්ත කතගේ මරණය පිළිබඳ වැඩිදුර විභාගය අද

ගාල්ල - එස්‌. කේ. කළුආරච්චි, ගාල්ල විශේෂ - ලලිත් චාමින්ද

හික්‌කඩුව ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටියදී මියගොස්‌ සිටි පින්ලන්ත ජාතික කාන්තාවගේ මරණය පිළිබඳ 03 දා මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‌ෂණය පැවැත්වූ ගාල්ල වැඩබලන මහෙස්‌ත්‍රාත් ඒ. පී. ජී. සරත්චන්ද්‍ර මහතා මෙම මරණය පිළිබඳ සැක මතුවීම නිසා වැඩිදුර විභාගය අද (5 දා) දක්‌වා කල්තැබීය.

සිද්ධියෙන් මියගොස්‌ සිටියේ ඒ. ආජා ක්‍රිස්‌ටි කරීනා (65) නමැති පින්ලන්ත ජාතික කාන්තාවකි.

ඉකුත්දා හික්‌කඩුව ප්‍රදේශයේ හෝටලයක්‌ තුළදී මෙම විදේශීය කාන්තාව මියගොස්‌ තිබුණි.
 

 
Powered By -