|

වැඩි අස්‌වැන්නක් ලබාදෙන
ලොකු ළුEනු සහ රතු ළුEනු ප්‍රභේද දෙකක්
වැඩි අස්‌වැන්නක් ලබාදෙන ලොකු ළුEනු සහ රතු ළුEනු ප්‍රභේද
දෙකක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී ඇත.
දඹුලු සිලෙක්‌ෂන් Daපඉමකම Seකැජඑසදබ නමින් හඳුන්වනු ලබන ලොකු
ළුEනුq ප්‍රභේදය මේ සමගින් හඳුන්වා දී ඇති අතර, එම ළුEනු
ප්‍රභේදය දඹුල්ල ප්‍රදේශයේ වගා කෙරෙන ලොකු ළුEනු ප්‍රභේදයක්
වැඩි දියුණු කිරීමෙන් නිපදවන ලද දේශීය ප්‍රභේදයක් වේ.
හෙක්‌ටයාරයකට ටොන් හතළිස් හතරක් පමණ උපරිම අස්‌වැන්නක්
ලබාදෙන මෙම නව ප්‍රභේදයේ අස්‌වැන්න දින අනූවත් සියයත් අතර කාලය
තුළදී ලබාගත හැකිය. මෙහි හැඩය බල්බගත ගෝලාකාර තරමක් පැතලි
හැඩයකින් යුක්‌ත වන අතර, එය තරමක් රතු පැහැයට හුරු යෑයි
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
බල්බයේ හැඩය සහ ප්‍රමාණය මධ්‍යස්‌ථ පැහැයෙන් ඒකාකාරීය.
ළුEණුවලට වැළඳෙන ඇන්ට්‍රැක්‌නෝත් දිලීර රෝගය පැහැයෙන්
ප්‍රතිරෝධතාවක් මෙම ළුEනු ප්‍රභේදයෙන් අත්වෙන බව කෘෂිකර්ම
දෙපාර්ත මේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ජිනාදරී ද සොයිසා මහත්මිය
පැවසුවාය.
"එමෙන්ම කින්නවේලි නමින් හඳුන්වනු ලබන නව රතුළුEනු ප්‍රභේදය
උතුරු පළාතේ වගාව සඳහා නිර්දේශිත කරන ලද්දකි. හෙක්‌ටයාරයකට
ටොන් දහහතක සාමාන අස්‌වැන්නක් ලබාගත හැකි අතර මෙම ප්‍රභේදයේ
රතුළුEනු ප්‍රභේදය තද රෝස පැහැතිය.
එමෙන්ම මෙම රතුළුEනු ප්‍රභේදය ප්‍රසන්න ගතියකින් යුක්‌ත බවත්,
එය වැඩි සැර ගතියක් නැති බවත් කෘෂිකර්ම දෙපාර්ත මේන්තු=වේ
අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වැඩිදුරටත් සඳහන් කළාය.
|