ශ්‍රී ලංකාවට එරෙහි
විදේශ බලවේගවල දෙබිඩි මුහුණුවර

මාධ්‍ය පාර්ශ්වයන් පැවසූ කේලමක්‌ නිසා 2010 වසරේ ශ්‍රී ලංකා හමුදාවට ලැබෙන විදේශ පුහුණුවීම් සියල්ල නතර විය. කොටි ත්‍රස්‌තවාදය මර්දනය කළ මෙරට හමුදාවට එරෙහිව මාධ්‍ය පාර්ශ්ව මෙලෙස ෙද්‍රdaහී ක්‍රියාදාමයක නිරතවෙද්දී චාරුලතා හොග් සහ ඇලන් කීනන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා වෙනත් ආණ්‌ඩු උසි ගන්වමින් ශ්‍රී ලංකා රජයේ හැසිරීම ගැන ඔවුන්ට බලපෑම් කළ හැකි යෑයි කියා සිටියි. එසේම ජාත්‍යන්තර ප්‍රජාව රජයට එරෙහිව ක්‍රියාකළ යුතු යෑයි ඇලන් කීනන් නමැත්තා සඳහන් කර ඇත. (ණැeබ්බ saසා එයෑ සබඑeරබ්එසදබ්ක ජදපපමබසඑහ ජ්බ අදරන aට්‌සබිඑ එයසි) යුරෝපා සංගමය විසින් ජී.එස්‌.පී. ප්ලස්‌ (වරණීය බදු) බදු සහනය නතර කිරීමට ක්‍රියාකර ඇත්තේ මෙවන් පසුබිමක්‌ මතය.

"ඊශ්‍රායලයේ අභ්‍යන්තර කටයුතු ගැන සෙවීමට කිසිදු රටකට හිමිකමක්‌ නැහැ." - බෙන්ජමින් නෙතන්යාහු ඊශ්‍රායල් අගමැති

රුසියාවේ කටයුතු ගැන ක්‍රියා කරන්නේ රුසියාවයි. වෙනත් රටකට මැදිහත්වීමට අපි ඉඩ තබන්නේ නැහැ. - ව්ලැඩිමීර් පුටින් රුසියානු අගමැති

අපේ සොල්දාදුවන්ට එරෙහිව කිsසිම රටකදී ක්‍රියා කිරීමට ඉඩදිය නොහැකියි. - ජෝර්- බුෂ් හිටපු ඇමරිකානු ජනාධිපති එක්‌සත් ජාතීන්ගේ සංවිධානය හෝ වෙන කිසිම රටක්‌ ශ්‍රී ලංකාව යුද අපරාධ සිදු කළ බව කියමින් පැවැත්වීමට සූදානම් වන පරීක්‍ෂණයකට මම ඉඩ නොතබන්නෙමියි ආරක්‍ෂක ලේකම්වරයා මෙයට දින කීපයකට පෙර පවසා තිබිණි.

ආරක්‍ෂක ලේකම්වරයා මේ ප්‍රකාශය කිරීමට පෙර බ්‍රිතාන්‍යයේ විදේශ ඇමැති ඩේවිඩ් මිලිබෑන්ඩ් ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා යුද හමුදාව ද්‍රවිඩයන් ඝාතනය කිරීම නතර කළ යුතු යෑයි පවසනු ලැබීය. ඩේවිඩ් මිලිබෑන්ඩ් මේ ප්‍රකාශය කළේ ඔහුගේම රටේ හමුදා ඇෆ්ගන් සිවිල් ජනතාව ඝාතනය කරද්දීය.

මෙලෙස බ්‍රිතාන්‍ය දේශපාලකයන් ද්විත්ව රංගනයක යෙදෙන අවස්‌ථාවේ මානව හිමිකම් වෙළෙන්දන් හා ඔවුන්ගේ සගයන් දැන් ශ්‍රී ලංකාවට එරෙහිව බටහිර ආණ්‌ඩු දැඩි බලපෑම් එල්ල කළ යුතු යෑයි කියා සිටියි.

මෙලෙස ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර බලපෑම් එල්ල කළ යුතු යෑයි කියා සිටින්නේ ඉන්දියාවේ හිටපු අගමැති රජිව් ගාන්ධිව කොටි සංවිධානය ඝාතනය නොකළ බව පැවසීමේ කොන්ත්‍රාත්තුව භාරගෙන සිටි චාරුලතා හොග් නමැත්තියයි.

අද ඇය බ්‍රිතාන්‍යයේ එන්.ජී.ඕ. සංවිධානයක්‌ වූ චැතැම් හවුස්‌ සංවිධානයේ ආසියානු එAකකයේ ක්‍රියාකාරිනියකි. ජාත්‍යන්තර ප්‍රජාවට මේ සඳහා ක්‍රියා කළ හැකියි. ශ්‍රී ලංකාවට බලපෑම් එල්ල කළ යුතුයි යෑයි චාරුලතා හොග් ජර්මානු බොයිෂ්වෙල් ගුවන්විදුලිය අමතමින් කියා සිටියාය. (ඔයෑ සබඑeරබ්එසදබ්ක ජදපපමබසඑහ ය්s a රදකැ එද චක්‌හ aබා ජදමකා dසසෙබසඑeකහ aචචකහ චරුssමරු දබ Sරස ඛ්බන්)

රටේ එAකාධිපති පාලනයක්‌ ආරම්භවීම පෙනෙන බවද තවදුරටත් පවසන ඇය ඉදිරි කාලය තුළ විරුද්ධ පක්‍ෂය හා මාධ්‍ය මර්දනයට ලක්‌වන්නේ යෑයි දන්වා ඇත.

ශ්‍රී ලංකාවට එරෙහිව මෙවන් ප්‍රකාශ කරන චාරුලතා හොග් කවුදැයි ඉන්දීය ජනතා පක්‍ෂයේ නායක සුබ්‍රමනියම් ස්‌වාමි මෙයට වසර කීපයකට පෙර අනාවරණය කර තිබිණි.

ප්‍රභාකරන්ගේ නියෝග මත කොටි සංවිධානයේ ක්‍රියාකාරීහු රජිව් ගාන්ධි ඝාතනය කළ බව අනාවරණය වී තිබියදී චාරුලතා හොග් එය ඇමරිකානු සී.අයි.ඒ. සහ ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි සේවාවේ ක්‍රියාවක්‌ බවට දැක්‌වීමට ක්‍රියා කළාය.

චාරුලතා හොග් කොටින්ගේ අරමුදල් මත ක්‍රියා කළා යෑයි සුබ්‍රමනියම් ස්‌වාමි තවදුරටත් පැවසුවේය.

මෙලෙස රජිව් ගාන්ධි ඝාතනයෙන් ප්‍රභාකරන් බේරා ගැනීමට උත්සාහ කළ චාරුලතා හොග් මෙරට මාධ්‍ය නිදහස ගැන හඬ නැගීම විහිළුවක්‌ නොවේද? ඇයත් සමග ඉන්ටර්නැෂනල් ක්‍රයිසස්‌ ගෲප් නමැති විදෙස්‌ සංවිධානයේ ශ්‍රී ලංකා ව්‍යාපෘති අධ්‍යක්‍ෂ යෑයි හඳුනා ගන්නා ඇලන් කීනන් නමැත්තා ද ජර්මානු ගුවන්විදුලිය අමතමින් රජය විරුද්ධවාදීන්ගෙන් පලිගන්නා බවට චෝදනා කර ඇත.

එහෙත් මේ කිසිවෙක්‌ ඇතුළු මාධ්‍ය පාර්ශ්වයන් ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව සිදුකර ඇති විනාශකාරී ක්‍රියාදාමය ගැන පවසන්නේ නැත.

බ්‍රිතාන්‍ය හමුදාව ඇෆ්ගන් සිවිල් වැස්‌සන්ට ප්‍රහාර එල්ල කර ඔවුන් මරා දමද්දී චාරුලතා හොග් සහ ඇලන් කීනන් නිහඬය.

එසේම ජර්මනියේ කොටි හිතවාදී ෙ-. ඩී. එස්‌. මාධ්‍ය සංවිධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව චැනල් ෆොa රූපවාහිනිය සඳහා සාවද්‍ය වීඩියෝ පටයක්‌ ලබාදීමෙන් ශ්‍රී ලංකා යුද හමුදාව යුද අපරාධකරුවන් කිරීමට උත්සාහ කළේය.

තවත් මාධ්‍ය පාර්ශ්වයන් පැවසූ කේලමක්‌ නිසා 2010 වසරේ ශ්‍රී ලංකා හමුදාවට ලැබෙන විදේශ පුහුණුවීම් සියල්ල නතර විය. කොටි ත්‍රස්‌තවාදය මර්දනය කළ මෙරට හමුදාවට එරෙහිව මාධ්‍ය පාර්ශ්ව මෙලෙස ෙද්‍රdaහී ක්‍රියාදාමයක නිරතවෙද්දී චාරුලතා හොග් සහ ඇලන් කීනන් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව හා වෙනත් ආණ්‌ඩු උසි ගන්වමින් ශ්‍රී ලංකා රජයේ හැසිරීම ගැන ඔවුන්ට බලපෑම් කළ හැකි යෑයි කියා සිටියි.

එසේම ජාත්‍යන්තර ප්‍රජාව රජයට එරෙහිව ක්‍රියාකළ යුතු යෑයි ඇලන් කීනන් නමැත්තා සඳහන් කර ඇත.

යුරෝපා සංගමය විසින් ජී.එස්‌.පී. ප්ලස්‌ (වරණීය බදු) බදු සහනය නතර කිරීමට ක්‍රියාකර ඇත්තේ මෙවන් පසුබිමක්‌ මතය.

මෙලෙස විදේශ එන්.ජී.ඕ. ක්‍රියාකාරීහු ශ්‍රී ලංකාවට එරෙහිව යළි කුමන්ත්‍රණකාරී මෙහෙයුමක්‌ දියත් කරන අවස්‌ථාවේ කොටි ජාත්‍යන්තර ජාලයට සම්බන්ධ එලින් ගැන්ඩර් ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මිලයට ගැනීමෙන් වළකින්නැයි ඉල්ලමින් ඇමරිකාව, බ්‍රිතාන්‍ය, කැනඩාව සහ ඔස්‌ටේ්‍රලියාව වැනි රටවල මෙහෙයුමක්‌ දියත් කර ඇත.

එලින් ගැන්ඩර් මෙහිදී ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකා හමුදාව ද්‍රවිඩයන් 25000 ක්‌ ඝාතනය කර ඇතැයි සඳහන් කර තිබේ.

මෙයට සමගාමීව ඔස්‌ටේ්‍රලියානු මන්ත්‍රී ජෝන් මර්සි ඊයේ ප්‍රකාශයක්‌ කරමින් ශ්‍රී ලංකාවේ සිදුවී ඇති යුද අපරාධ සම්බන්ධයෙන් එක්‌සත් ජාතීන්ගේ සංවිධානය පරීක්‍ෂණයක්‌ කළ යුතු බවත් ශ්‍රී ලංකා රජය ඊට සහාය දැක්‌විය යුතු බවත් පවසා ඇත.

මේ ඉල්ලීම්වලින් සනාථ වන්නේ විදේශ බලවේග එකම දම්වැලකට සම්බන්ධ වී ශ්‍රී ලංකාවට එරෙහිව තවදුරටත් ක්‍රියා කිරීමය.

කෙසේ වෙතත් ආරක්‍ෂක ලේකම්වරයා මේ විදේශ බලවේගවල ඉල්ලීම් එකහෙළාම ප්‍රතික්‍ෂේප කර ඇත. මේ අතර ඇමරිකානු ජනාධිපති බරක්‌ ඔබාමා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වෙත සංදේශයක්‌ එවමින් මානව හිමිකම් උල්ලංඝනයවීම් හා මාධ්‍ය මර්දනය ගැන කියා සිටියි.

එහෙත් නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පතේ මාධ්‍යවේදිනී ජූඩි තොරතුරු හෙළි නොකිරීමේ වරදට ඇමරිකානු අධිකරණය විසින් සිරගෙට යෑවීමේ සිද්ධිය බරක්‌ ඔබාමාට අමතක වී ඇත.

එසේම ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්‌තානයේ හා ඉරාකයේ සිදු කළ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් ගැන මෙතෙක්‌ ප්‍රකාශයක්‌ කිරීමට ඔබාමා ක්‍රියා කළේද?

ඉරාකයේ සිවිල් වැසියන් ඝාතනයට සම්බන්ධ ඇමරිකානු බ්ලැක්‌වෝටර් ආරක්‍ෂක සමාගම පවා එකී චෝදනාවලින් නිදහස්‌ විය.

මේ නිසා බරක්‌ ඔබාමාත් ද්විත්ව රංගනයේ යෙදෙන්නකු නොවන්නේද?

මේ තත්ත්වය මැද පසුගිය නිදහස්‌ දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්‌ කාර්යාලයේ ශ්‍රී ලංකා ධජය පිළිස්‌සීම සඳහා කොටි ත්‍රස්‌තවාදියකු ගත් උත්සාහය ව්‍යර්ථ විය.

එහෙත් බ්‍රිතාන්‍ය රජය එA සම්බන්ධයෙන් කිසිම ප්‍රකාශයක්‌ කළේ නැත.

කීර්ති වර්ණකුලසූරිය

 

 
Powered By -


         සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.