|
|
|
|
|

මල් ඇත - කරල් නැත
නාඋල බෝංචි ෙඛදවාචකය
දේශගුණික විපර්යාසයක් ද?
නිලධාරීන්ගේ "අතේ රෝලක් ද?"
ගෝලීය
උණුසුම ඉහළ යැම නිසා සිදුව ඇති දේශගුණික වෙනස්‌වීම හේතුවෙන්
පරිසරයට මෙන්ම ජීවීන්ට විඳින්නට සිදුව ඇති අනිසි ප්‍රතිවිපාක
පිළිබඳ අපි නිරතුරුවම කතා කරමු. හිම කඳු (ග්ලැසියර) දියවීම,
මුහුදු මට්‌ටම ඉහළ යැම, වෙරළබඩ ප්‍රදේශ හා දූපත් මුහුදු
බත්වීම, ගංගා - ඇළ - දොළට කරදිය මිශ්‍රවීම මගින් පානීය සහ
ගොවිතැන් සඳහා පවතින ජලය දූෂිත වීම, අකල් වැසි ඇතිවීම, චණ්‌ඩ
මාරුත හට ගැනීම, වැස්‌සේ සහ අකුණු ගැසීමේ තීව්‍රතාව වැඩිවීම,
ගංවතුර, නියඟ වැනි ආන්තික කාලගුණික තත්ත්වවලට මුහුණ දීමට
සිදුවීම, පාංශු ඛාදනය, ජෛවවිවිධත්වය හායනයට ලක්‌වීම වැනි
පුළුල් පරාසයක විහිදුණු බලපෑම් රැසකට මුහුණ දෙන්නට දැනටමත්
ලෝවැසියන්ට සිදුව ඇත. එසේම බෝග වගාවන්හි ඵලදාව අඩු වී හෝ නැති
වී ආහාර හිඟයට (අර්බුදයකට) ලොව පත්වීමද දේශගුණික වෙනස්‌වීමෙන්
අපේක්‍ෂිත තවත් ෙ€දවාචකයකි.
මෙවන්
කරුණු කාරණා ගැන අප මෙතෙක් හදාරමින් පමණක් සිටියේ නම් එවන්
බලපෑම්වල ප්‍රායෝගික තත්ත්වය අත්විඳීමටද අපට දැන් දැන්
අවස්‌ථාව උදාවෙමින් පවතී. ලොව පුරා රටවල ඇතිවන චණ්‌ඩ මාරුත හා
ගංවතුර මෙන්ම පසුගියදා දෙලක්‍ෂයක ජනතාව මිහිදන් කරමින් හයිටියේ
ඇති වූ භූකම්පනයද දේශගුණික වෙනස්‌කම් නිසා ඇති වූ ෙ€දවාචකයක්
ලෙස විද්‍යාඥයෝ අනුමාන කරති. මන්ද ග්ලැසියර් දියවීම හේතුවෙන්
පෘථිවියේ ගුරුත්වය වෙනස් වී මෙවන් භූකම්පන හටගැනීමට හැකි බවට
දැන් අනාවැකි පළවන නිසාය.
එහෙත් ශ්‍රී ලාංකිකයන් වන අපට මෙවන් දේශගුණික විපර්යාසවල
ප්‍රතිඵල අත්විඳින්නට තවමත් හැකිව ඇත්තේ ඉතාමත් සුළු වශයෙනි.
විටෙක ඇදහැළෙන ධාරාණිපාත වර්ෂාවක්, ගංවතුර තත්ත්වයක් හෝ වැසි
රටාවේ වෙනස්‌වීමක් හැරෙන්නට තදබල දේශගුණික විපර්යාසයක්
මෙතෙක් අපට අත්විඳින්නට සිදුවූයේ නැති තරම්ය.
එනමුදු ලෝක කාලගුණ හා දේශගුණ විද්‍යාඥයන්ගේ අවධානය ශ්‍රී ලංකාව
දෙසට යොමුකෙරෙන වැදගත් නිර්දේශයක් ඉකුත්දා කෘෂිකාර්මික
විද්‍යාඥයන් පිරිසක් විසින් නිකුත් කරන ලද බවට මාධ්‍ය වාර්තා
පළ විය. ඒ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ නාඋල ප්‍රදේශය ආශ්‍රිතව මෙවර
මහකන්නයේදී වගා කර ඇති බෝංචි වගාවන්හි ඵල හට නොගැනීම
සම්බන්ධයෙනි.
නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයට අයත් ගම්මාන රැසක් මෙරට
බෝංචි වගාව කෙරෙහි ප්‍රචලිතව සිටින අතර, මෙම ගම්මානවල බෝංචි
ඇතුළු එළවළු වගා කටයුතු සිදුරකෙරෙන්නේ දශක ගණනාවක සිටය. පහත රට
බෝංචි වගාව සම්බන්ධව පුරෝගාමී මෙහෙවරක යෙදෙන නාඋල බෝංචි
ගොවියෝද ඒ පිළිබඳ විශේෂඥ දැනුමක් ඇත්තෝ වෙති. අගෝස්‌තු -
සැප්තැම්බර් වැනි වියළි මාසවලදී පටන් බිම් සකස් කරමින් මහ
කන්නයේදී වැස්‌සත් සමග බිජුවට වපුරා දින 45 කින්, 60 කින්
අස්‌වනු ලබාගැනීම සඳහා බෝංචි වගාව කෙරෙහි දක්‌වන්නේ අසීමිත
සැලකිල්ලක් හා සෙනෙහසකි. ජාතික කෘෂිකාර්මික ආර්ථිකයට සැලකිය
යුතු සේවාවක් ඉටුකරන මේ බෝංචි ගොවියෝ දඹුල්ල නගරය කෘෂිකාර්මික
පුරවරයක් (නොනිදන නගරයක්) බවට පත්කළෝ බව බොහෝ දෙනෙක්
නොදන්නා කරුණකි.
එනමුත් මෙවර මහ කන්නයේදී බෝංචි වගාව නාඋල ප්‍රදේශයේදී අසාර්ථක
වූ බව මාධ්‍ය වාර්තා කළේ ගොවියන්ගේ මැසිවිලි මැද්දේය. ඒ මෙවර
බෝංචි වගාවේ බලාපොරොත්තු වූ ඵල (කරල්) හට ගැනීම සිදුනොවීමයි.
මේ නිසා වගාකරුවෝ මහත් දුෂ්කරතාවට පත්වූ අතර සුවිසල් ආර්ථික
පාඩුවක්‌ද විඳින්නට ඔවුන්ට සිදුවිය. බෝංචි කිලෝවක වෙළෙඳපොළ මිල
රුපියල් 150 - 200 දක්‌වා ඉහළ යැමට මේ බිඳවැටීම හේතුවී ඇති බවට
සැකයක් නැත. වැලිමඩ බෝංචිවලින් අනතුරුව එළවළු වෙළෙඳපොළ සැරසෙන
නාඋල බෝංචි වගාව මේ අනුව මෙවර බිංදුවට කඩා හැලුනේය. මල් හට
ගත්තත් ඵල හට නොගත් මේ හේතුව කුමක්‌ද යන්න කෘෂිකාර්මික
බලධාරීන්ට සොයන්නට සිදුවූයේ මෙම ප්‍රවෘත්ති දිගින් දිගටම
ජනමාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමත්, ගොවියන්ගේ අදෝනා කෘෂිකාර්මික
ව්‍යාප්ති නිලධාරීන්ට සෘජුව අසන්නට ලැබුණු නිසාත් ය. ඒ අනුව
මීට හේතුව කමක්‌ද යන්න දැන් සමාජය හමුවේ තබන්නට කෘෂිකාර්මික
විද්‍යාඥයන් පියවර ගෙන ඇත. ඒ අනුව ඔවුන් පවසා ඇත්තේ දේශගුණික
තත්ත්වයේ ඇති වූ වෙනස්‌වීම් මත නාඋල බෝංචි වගාවන්හි කරල් හට
නොගත් බවයි.
බෝංචි වගාවේ මල් හට ගත් කාලයේ සිටම මෙවර මහ කන්නයේදී මෙම
ප්‍රදේශයට පැවැති අසාමාන්‍ය දැඩි වර්ෂාව නිසා මල්වල පරාග
සේදීයැමත්, පරාගනය අවම වීමත් නිසා අස්‌වනු අඩු වී ඇති බවද
ඔවුහු පෙන්වා දෙති. මෙම තත්ත්වයට දරුණු ලෙස ලක්‌ව ඇත්තේ කේ.
ඩබ්. ජී. නමැති බෝංචි ප්‍රභේදය බවද අනෙකුත් බෝංචි
ප්‍රභේදයන්ගේද අස්‌වනු අඩු වූ බවද නිලධාරීන්ගේ නිගමනයයි. මීට
පෙරද මෙවැනිම තත්ත්ව ඇති වූ අවස්‌ථා වාර්තා වී ඇති බවත්,
දේශගුණික විපර්යාස පාලනය කළ හැකි සාධකයක් නොවන බැවින් සමහර
බෝගවල මල් සහ කරල් හට ගැනීමට සෘජුවම බලපෑම් කරන බවත් පෙන්වා
දෙන එම විද්‍යාඥයෝ මේ පිළිබඳ ගොවීන් අවධානයෙන් පසුවිය යුතු
බවත්, නාඋල ප්‍රදේශයේ බෝංචි වගාව අසාර්ථක වූයේ වෙනත් කරුණක්
නිසා නොව මෙම දේශගුණික බලපෑම් නිසා බවත් පෙන්වා දෙති.
මෙම කරුණු දැක්‌වීම සත්‍ය නම්, ගෝලීය උණුසුම ඉහළ යැම හා
සම්බන්ධ දේශගුණික විපර්යාසවල තවත් වැදගත් ප්‍රායෝගික
අත්දැකීමක් අපට ඇස්‌පනාපිට ප්‍රදර්ශනය වේ. එහෙත් කෘෂිකාර්මික
ක්‍ෂේත්‍රයේ සිදුවන දහසකුත් එකත් දුර්වලකම් අතර, ව්‍යාජ බීජ
වර්ග හඳුන්වාදීමේ හා ඒවා අත්හදාබැලීම් කරන්නට ගොස් ගොවීන්ගේ
කරපිටින් එහි ප්‍රතිඵල නිගමනය කරන්නට බාල වර්ගයේ, බාල තත්ත්වයේ
බීජ හඳුන්වාදීමකින් තමන්ගේ නමත් තමන්ගේ දෙපාර්තමේන්තුවත්
ගලවාගන්නට මෙහිදී කෘෂිකාර්මික පර්යේෂකයන් උත්සාහ දරන්නේද
යන්නත් මෙහිදී දෙවැනි පරීක්‍ෂණයක් සිදුකිරීම යහපත්ය යන්න අප
යෝජනා කරන්නේ දේශගුණික විපර්යාස පිළිබඳ අවසන් තීන්දු තීරණ
ගැනීමට හා එහි සහතික නිකුත් කිරීමට කෘෂිකාර්මික පර්යේෂකයන්
පමණක් බලතල ලබාදීම සුදුසු නොවන නිසාය.
ජගත් කණහැරආරච්චි
නිමල් කණහැරආරච්චි
|
|
|
|