හමාස්‌ ප්‍රධානියකුගේ ඝාතනය
ඊශ්‍රායලය කළේ නම් එරට අගමැතිට විරුද්ධව
වරෙන්තුවක්‌ නිකුත් කරනවා


- ඩුබායි රජය ජෙරුසලම

පසුගියදා ඩුබායි හෝටලයක විදුලිසර වද්දවා පසුව විෂ සහිත රෙද්දකින් හුස්‌ම හිරකර ඝාතනය කර දැමූ හමාස්‌ සංවිධානයේ ප්‍රධානියකු වන මහමුඩ් අල් මැබෝහා මොසාඩ් සංවිධානයෙන් කළ බවට ඔප්පු වුවහොත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක්‌ නිකුත් කරන බවට ඩුබායි රජය ප්‍රකාශ කර සිටියි.

මෙම මරණය පිළිබඳව අදහස්‌ දැක්‌වූ ඩුබායි රජයේ පොලිස්‌ ප්‍රධානි දහි කල්තාබ් ටමිම් කියා සිටියේ මෙම මරණය සිදු කර ඇත්තේ මොසාඩ් සංවිධානය විසින් අනුගමනය කරන ක්‍රියා පිළිවෙළට බවයි.

පොලිස්‌ ප්‍රධානි ටමිම් තවදුරටත් කියා සිටියේ මැබෝහා ඝාතනය කිරීමට ඊශ්‍රායල් රජය තීරණය කළේ නම් ඊට අනිවාර්යයෙන්ම ඊශ්‍රායල් අගමැතිවරයා අත්සන් කළ යුතු බවය.

පසුගිය කාලය පුරාම හමාස්‌ සංවිධානයේ ප්‍රධානීන් ඝාතනය කිරීම් සම්බන්ධයෙන් ඊශ්‍රායලය චෝදනා ලැබ සිටින අතර මෙම ඝාතන ගාසා තීරයෙහි සහ වෙනත් මැද පෙරදිග රටවලදී සිදුවී ඇත.
 

 

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.