ලසන්ත ඝාතනය ගැන හිටපු හමුදා
ප්‍රධානීන් දෙදෙනකුගෙන් ප්‍රශ්න කරයි


නෝමන් පලිහවඩන

සන්ඩේ ලීඩර් පත්‍රයේ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීමේ සිද්ධිය පිළිබඳව හමුදාවේ හිටපු ප්‍රධානීන් දෙදෙනකුගෙන් දැන් ප්‍රශ්න කරගෙන යන බව ජ්‍යෙෂ්ඨ හමුදා ප්‍රධානියෙක්‌ "දිවයින" ට පැවැසීය. මෙම හිටපු හමුදා ප්‍රධානීන් දෙදෙනා හෙළිකරන තොරතුරු අනුව ඉදිරි දිනවලදී හමුදා සේවයේ යෙදී සිටින පුද්ගලයන් පවා නීතියේ රැහැනට කොටුවිය හැකි බව හමුදා බුද්ධි අංශ ප්‍රකාශකයෙක්‌ පැවැසීය.

මේ අතර ලසන්ත වික්‍රමතුංග මහතා මරුමුවට පත්වූ දවසේ මෙම හමුදා නිලධාරීන් ජංගම දුරකථනවලින් ඇමතූ පුද්ගලයන් පවා සොයා බලා යන බව හමුදාව කියයි.

මෙම සැකකරුවන්ගෙන් විශේෂ පොලිස්‌ කණ්‌ඩායම් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යයි.

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.