එස්‌. අයිලා 530කට අයි. පී. තනතුරු

හේමන්ත රන්දුණු

පොලිස්‌ දෙපාර්තමේන්තුවේ උප පොලිස්‌ පරීක්‍ෂකවරුන් 530 දෙනකු පොලිස්‌ පරීක්‍ෂක ශ්‍රේණිය සඳහා උසස්‌ කර ඇත. මෙම නිලධාරීන්ගේ උසස්‌වීම් පසුගිය 2007 වර්ෂයේ සිට බලපැවැත්වෙන ආකාරයට ක්‍රියාත්මක කර ඇති බව ද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පැවැසීය.

උසස්‌වීම් ලබාදීම සඳහා පැවැති ජ්‍යෙෂ්ඨතා සහ කුසලතා පරීක්‍ෂණයෙන් ඉහළම ලකුණු ලබාගත් නිලධාරීන්ට සහ අසාධාරණයට ලක්‌ව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරූ නිලධාරීන්ට මෙසේ උසස්‌වීම් ලැබී ඇත.

මෙම උසස්‌වීම් ලැබීමෙන් පසු ස්‌ථාන මාරුවීම් රැසක්‌ ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇති බව ද පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග කියා සිටියේය.
 

 
Powered By -


       සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.