o

 
 
 
 
 

 

ජෙනරාල්ගේ ප්‍රකාශය ගැන කරුණු කීමට
ඇමැති මහින්ද සමරසිංහ ජිනීවා යයි

තුෂාරී කළුබෝවිල

ආපදා කළමනාකරණ හා මානව හිsමිකම් ඇමැති මහින්ද සමරසිංහ මහතා ඊයේ (08 වැනිදා) ජිනීවා බලා පිටත් විය. මැතිවරණ සමයේදී හිටපු හමුදාපතිවරයා විසින් සිදු කරන ලද සුදු කොඩි කතාව සම්බන්ධයෙන් මානව හිමිකම් කවුන්සිලයට රජයේ නිවැරදි බව දක්‌වමින් කරුණු ඉදිරිපත් කිරීම සඳහා සමරසිංහ මහතා ජිනීවා ගොස්‌ ඇති බව එම අමාත්‍යංශය පවසයි. ජිනීවාහිදි මානව හිමිකම් කවුන්සිලයේ මහ කොමසාරිස්‌ නවනීදම් පිල්ලෙයි මහත්මිය හමුවී කරුණු ඉදිරිපත් කිරීමට නියමිත අතර ඉන් අනතුරුව උතුරේ නැවත පදිංචිකිරීම් සම්බන්ධයෙන් සරණාගත මහ කොමසාරිස්‌ ඇන්ටෝනියෝ ගුඩරස්‌ මහතා වෙත කරුණු දැක්‌වීමට ද ඇමැතිවරයා සුදානමින් සිටී.
 

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.