සන්ධාන ලැයිස්‌තුවෙන් හෙළ උරුමය දිස්‌ත්‍රික්‌ක 5 කට

අකිත පෙරේරා සහ අම්පාර - ජයරත්න ගෝනපීනුවල

ඉදිරි පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානය යටතේ ජාතික හෙළ උරුමයෙන් දිස්‌ත්‍රික්‌ක 5 ක්‌ සඳහා අපේක්‍ෂකයන් පස්‌ දෙනකු තරග කරන අතර එම පක්‍ෂයේ පාර්ලිමේන්තු කණ්‌ඩායම් නායක අතුරලියේ රතන හිමි ගම්පහින් ද, ඇමැති පාඨලී චම්පික රණවක මහතා කොළඹින් ද තරග කරනු ඇත.

ඉහත දිස්‌ත්‍රික්‌කයන්ට අමතරව කළුතර, කුරුණෑගල, නුවර යන දිස්‌ත්‍රික්‌කයන් සඳහා ද ගිහි අපේක්‍ෂකයන් ඉදිරිපත් කිරීමට ජාතික හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව තීරණය කර ඇතැයි එම පක්‍ෂයේ ප්‍රකාශකයෙක්‌ "දිවයින"ට පැවසීය.

මැතිවරණය සඳහා අනෙකුත් දිස්‌ත්‍රික්‌කවලින් තරග කිරීමට අවශ්‍ය යෑයි තවත් භික්‍ෂුන් වහන්සේලා කිහිප නමක්‌ ද අයෑදුම් කර ඇතත් පසුගිය 2 වැනිදා රැස්‌වූ පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවේදී දිස්‌ත්‍රික්‌ක පහකට පමණක්‌ තරග කළ යුතු යෑයි තීරණය කර තිබේ.
 

 
Powered By -


       සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.