අයථා ලෙස මුදල් ඉපයූ රාජ්‍ය නිලධාරීන් ගැන විමර්ශන

කීර්ති වර්ණකුලසූරිය

පසුගිය කාලයේ අයථා ලෙස මුදල් ඉපයූ බවට තොරතුරු ලැබී ඇති රාජ්‍ය හා සංස්‌ථා නිලධාරීන් ගැන රජය විමර්ශනයක්‌ අරඹා ඇත. දැනටමත් කොළඹ හතේ සුපිරි නිවසක්‌ හිමිකරගත් රාජ්‍ය නිලධාරියකු ගැන රජයට තොරතුරු ලැබී තිබේ.

මෙම රාජ්‍ය නිලධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා රජයේ බලධාරීන් වෙත චෝදනා එල්ලවී ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග පැවැසීය. අයථා ලෙස මුදල් ඉපයූ මෙම නිලධාරීන් ජනාධිපතිවරණ සමයේ ද්විත්ව රංගනයක යෙදී සිටි බවට ද රජය වෙත වැඩිදුරටත් වාර්තාවී තිබිණි.

 
Powered By -


        සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.