පාර්ලිමේන්තුව අද විසුරුවයි!

අනුර බාලසූරිය

ඉදිරි මහ මැතිවරණය සඳහා පාර්ලිමේන්තුව අද (09 දා) මධ්‍යම රාත්‍රියේදී විසුරුවා හැරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා රුසියානු නිල සංචාරය නිමවා අද දිවයිනට පැමිණීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරෙනු ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.

සයවැනි පාර්ලිමේන්තුවේ නිල කාලය ලබන අප්‍රේල් 22 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇතත් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයට යැමට රජය අදහස්‌ කර ඇත.

මහ මැතිවරණය බොහෝ දුරට ලබන සිංහල අලුත් අවුරුද්ට පෙර පැවැත්වීමට නියමිත බව ද දැනගන්නට ඇත.

 
Powered By -


      සීමාසහිත උපාලි පුවත්පත් සමාගම
           නො. 223, බ්ලූමැන්ඩල් පාර, කොළඹ 13.